තමා නිවැරදිකරු බව හිටපු පොලිස්පති අධිකරණයට කියයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍හාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම සහ රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනාවලට තමා නිවැරදි කරු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (22) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පූර්ව තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනිමට පියවර නොගත් බවට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද ආරම්භ වීමෙන් අනතුරුවයි.

    ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොණු කර ඇති චෝදනා 855 ක් කියවාදීම පළමුවෙන් සිදුකෙරුණා

    නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂදීන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි මෙම නඩුව විභාග කෙරෙනවා.

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිවද මෙලෙස චෝදනා 855 ක් ගොණු කර ඇති අතර එම නඩු විභාගය අද පස්වරු 01 ට ආරම්භ වීමට නියමිතයි.