තමිල්නාඩුවේ වියරුව

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තමිල්නාඩුවේ වියරුව

    tamil400.jpg




    " තමිල්නාඩුව වෙනම රටක්‌ බවට පත් කිරීම මගේ අභිලාශයයි - නාම්තමිලර් පක්‍ෂනායක සෙබස්‌තියන් සීමන්

    තමිල්නාඩුව වියරු වැටී ඇත. මෙයට වසර කීපයකට පෙර කොටි ගුවන්යානාවකින් තමන්ගේ නිවසට ප්‍රහාර එල්ල කරන බව කියා ඉන්දීය මධ්‍යම රජයේ දැඩි ආරක්‍ෂාවක්‌ ඉල්ලා සිටියේ මහ ඇමැතිනී ජය ලලිතා ජයරාම්ය. මේ පසුබිම මැද රජිව් ගාන්ධි ඝාතනය වුයේ තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුදුර්හිදීය. ගාන්ධි ඝාතනය වු දවසේ එකී ස්‌ථානය සමීපයේ හිටපු මහ ඇමැති කරුණානිදි විසින් පැවැත්වීමට සූදානම් කර තිබූ රැස්‌වීමක්‌ හදිසියේ අවලංගු කරනු ලැබීය. රජිව් ගාන්ධි ඝාතන සිද්ධිය විමර්ශනය කළ කණ්‌ඩායමේ ඡේෂ්ඨ නිළධාරියකු හෙළි කළේ රජිව් ඝාතනය කිරීමට පෙර කරුණානිදි මේ රැස්‌වීම අවලංගු කළ හේතූන් සම්බන්ධව විමර්ශන කණ්‌ඩායමේ ප්‍රධානියා වූ බී කාර්තිකේසන් විසින් කිසිදු විමර්ශනයක්‌ නොකළ බවයි. මේ නිසා රජිව්ගේ ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක්‌ යටපත් වී ඇතැයි හෙතෙම චෝදනා කළේය. මේ සම්බන්ධයෙන් කොන්ග්‍රස්‌ පක්‍ෂ නායිකා සෝනියා ගාන්ධි මෙතෙක්‌ ගත් පියවරක්‌ගැන වාර්තා වී නැත.

    මෙවන් තත්ත්වයක්‌ මැද දැන් තමිල්නාඩුවේ දේශපාලකයෝ කොටි ඝාතකයන් වෙනුවෙන් හඬ නැඟීමට ඉදිරිපත් වී සිටී. එය තවදුරත් සනාථ වන්නේ ප්‍රභාකරන්ගේ හිතවතුන් වූ වෛකෝ, රාම්දොස්‌, තොල්තිරුමාවලන්, සෙබෙස්‌තියන් සීමන් වැනි කොටි හිතවාදීන් සමග ජයලලිතාත් හිටපු මහ ඇමැති කරුණානිධි එක්‌වීමයි. මෙයට කළකට පෙර කරුණානිධිගේ පුත් ස්‌ටාලින් තවත් දෙදෙනෙකු සමග ජිනීවා නුවරට ගොස්‌ මානව හිමිකම් කොමසාරිස්‌ නවීපිල්ලේ හමුවී ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක්‌ භාරදුන්නේය. දැන් ස්‌ටාලින් ඇතුළු ඩී. එම්. කේ. පක්‍ෂයේ පිරිස ඝෝෂා කරන්නේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ගෙන් මානව හිමිකම් උල්ලංඝනය වී ඇති නිසා ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය බවයි. මෙයට සමානව ජයලලිතා කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ස්‌වයංපාලනයක්‌ හෙවත් ඊලාම් රජයක්‌ ආරම්භ කිරීමට ජනමත විචාරනයක්‌ පැවැත්විය යුතු බවයි. මෙය කොටි සංවිධානය පැවැති සමයේ ජාත්‍යන්තර ප්‍රජාව වෙත යොමු වු ඉල්ලීමකි. ජයලලිතාගේ මෙම ඉල්ලීමේ අනතුරුදායක තත්ත්වය නම් ඉන්දියාවද දෙකඩ කිරීමයි. ජිනීවා නුවරදී නාම් තමිලර් පක්‍ෂයේ නායක සෙබෙස්‌තියන් සීමන් ද පැවසුවේ ඉන්දියාවට තවදුරටත් තමිල්නාඩුව රදවා ගත යුතු නම් ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ ඇති කිරීමට සහය දිය යුතු බවයි. මෙහිදී ජයලලිතා ඉන්දීය මහ ආණ්‌ඩුව ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගෙන ඇත. ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාදක පනවන ලෙසත් ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌වරයා නවදිල්ලියෙන් පිටුවහල් කරන ලෙසත් ශ්‍රී ලංකාව මිත්‍ර දේශයක්‌ නොව සතුරු දේශයක්‌ ලෙස හඳුන්වන ලෙසත් ඇය ඉල්ලා තිබේ.

    එහෙත් ඉන්දියානු ආයෝජන අද ශ්‍රී ලංකාව පුරා බරපතල ලෙසින් ව්‍යාප්ත වී තිබේ. ටාටා, ලේලන්ඩ්, මරුති, මහේන්ද්‍ර, වැනි සමාගම්ද එයාටෙල් දුරකථන සේවාවද වෙනත් සමාගම් රැසක්‌ද අද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ. එසේම ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ කොටසක්‌ද ඉන්දියානු අයි. ඕ. සී. සමාගම මෙහෙයවයි. මෙයට අමතරව සුපිරි හෝටල් සංකීර්ණ කීපයක්‌ද ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ ස්‌ථාන ගත කර ඇත. එපමණක්‌ ද නොවේ මන්නාරමේ තෙල් doනියේ කලාපයක්‌ද ඉන්දියානු සමාගමකට ලැබී තිබේ.

    මේ නිසා ඉන්දීය රජය ජයලලිතාගේ ඉල්ලීම මත මේ සියලු ආයෝජන අහක්‌ කරගන්නේද? පසුගිය අතීතය පිළිබඳව විමර්ශනය කරන විට ඉන්දීය සාම හමුදාවට ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් ඝාතනය කළ බවට බරපතල අන්දමින් චෝදනා එල්ල වීය. මේ කිසිදු චෝදනාවක්‌ සම්බන්ධව ජයලලිතා හෝ කරුණානිධි හඬ නැගුවේ නැත. වැල්වැටිතුරේ ද්‍රවිඩ ගම්මානයක්‌ රොකට්‌ ප්‍රහාර මගින් මුළුමනින්ම වැනසූවේ ඉන්දීය ගුවන් හමුදාවයි. එසේම යාපනයේ රෝහලේ සිටි වෛද්‍යවරුන් සිව්දෙනෙකු ඇතුළු සාත්තු සේවා කණ්‌ඩායමේ 17 ක්‌ අමු අමුවේ ඝාතනය කළේද ඉන්දීය සාම හමුදාවයි. මේ සම්බන්ධව තමිල්නාඩු දේශපාලකයන් එදා නිහඬතාවය රැකි බව පැහැඳිලිය. ඊ. පී. ආර්. එල්. එµa. සංවිධානයේ නායක පත්මනාබ ඇතුළු 17 දෙනෙක්‌ ඝාතනය වූයේද තමිල්නාඩුවේ චෙන්නායි නගරයේදීය. මේ අවස්‌ථාවේ තමිල්නාඩුවේ පාලකයා වූයේ හිටපු මහ ඇමැති කරුණානිධියි. මේ ඝාතනය මෙහෙයවනු ලැබුවේ කොටි සංවිධානයයි. එහෙත් කොටින්ට එරෙහිව කරුණානිධි පියවරක්‌ ගත්තේද? රජිව් ගාන්ධි ඝාතක කණ්‌ඩායම නතර වී සිටියේද තමිල්නාඩුවේයි. එහෙත් තමිල්නාඩු පොලිසිය ඒ සම්බන්ධව විමර්ශන කළේ නැත. මෙවන් පසුබිමක්‌ මැද දැන් රජිව් ගාන්ධිගේ ඝාතකයෝ කොන්ග්‍රස්‌නායිකා සෝනිසා ගාන්ධි වෙත සමීප වී ඇත. ද්‍රවිඩ දේශපාලන නායකයන්ව ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය විසින් බිහිසුණු අන්දමින් ඝාතනය කරද්දී ජයලලිතාගේ හෝ කරුණානිධිගේ හඬක්‌ නැගුනේ නැත. තමිල්නාඩුව දෙකඩ කිරීමට අදහස්‌ කළ වීරප්පන් නැමැති මැරයාද පොලිස්‌ වෙඩි පහරින් මරුමුවට පත් වූහ. එහෙත් වීරප්පන් සම්බන්ධයෙන් ජයලලිතා හෝ කරුණානිධි කිසිදු ප්‍රකාශයක්‌ කළේ නැත. මේ නිසා තමිල්නාඩුවේ දැන් සිදු වන්නේ කුමක්‌ද යන්නද පැහැදිලිය.

    මෙයට සතිකීපයකට පෙර ගෝලිය ද්‍රවිඩ සංසදයේ කණ්‌ඩායමක්‌ චෙන්නායි නුවරට පැමිණ කොටි හිතවාදී සමග රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා තිබේ. එකී සාකච්ඡාව ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන ඊලාම් ආණ්‌ඩුව නැමැති සංවිධානයේ චෙන්නායි ශාඛාවේ පිරිසද සහභාගී වී තිබේ. එසේ නම් ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුව තුළ ගිනි අවුළුවා ඇත්තේ කවුරුන්දැයි පැහැඳිලිය. ගෝලීය ද්‍රවිඩ සංසදයේ මූලික අරමුණ බළලුන් ලවා කොස්‌ඇට බෑමයි. භාරතීය ජනතා පක්‍ෂයේ ජයලලිතාගේ සහ කරුණානිධිගේ ශ්‍රී ලංකා විරෝධී ක්‍රියාකලාපය විවේචය කරමින් පැවසූවේ වන්නි මෙහෙයුම දියත් වන සමයේ මොවුන් දෙදෙනා හඬක්‌ නොනැගුවේ මන්ද යන්නයි. මේ නිසා පැහැදිලි වන සැබෑ යථාර්ථය නම් අතිවිශාල මුදල් සම්භාරයක්‌ මත කොටි හිතවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ සිට විරෝධතා මෙහෙයවන බවයි. ඉන්දිය රජය මුම්බායි ප්‍රහාරයට වගකිවයුතු අප්සාල් ගුරු නැමැත්තාව එල්ලා මරා දැමීය. එසේම ඉන්දියාවේ අම්රිත්සාර්හි සීක්‌වරුන්ගේ පූජනීය දේවස්‌ථානය වූ රන් දෙවොල කාලිස්‌ථාන් ත්‍රස්‌තවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා බ්ලුස්‌ටාර් මෙහෙයුම දියත් කළේය. එහිදී ත්‍රස්‌තවාදීන් පමණක්‌ නොව ළමා ලපටීන් සහ කාන්තාවන් විශාල සංඛ්‍යාවක්‌ ඝාතනය වීය. එහෙත් මානව හිමිකම් සම්බන්ධව හඬක්‌ නැගුනේද? අඩු වශයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉන්දියාවට එරෙහිව යෝජනාවක්‌ පවා යොමු වුයේ නැත. මේ තත්ත්වය යටතේ රජිව් ගාන්ධි ඝාතකයෝ දැන් ඉන්දීය ආණ්‌ඩුවෙන් ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්‌තවාදීන් සම්බන්ධව යුක්‌තිය ඉල්ලා සිටී. එහෙත් ත්‍රස්‌තවාදීන්ට යුක්‌තියක්‌ දෙන්නේ නැතැයි. පැවසුවේද ඉන්දියාවේ ඇතැම් දේශපාලඥයන්ය.

    මේ පසුබිම යටතේ දැන් පැහැදිලි වන්නේ වසර ගණනකට පෙර නිහඬව සිටි තමිල්නාඩු දේශපාලකයන් ශ්‍රී ලංකාවට මුවාවී තමන්ගේ යටිඅරමුණු ඉටු කර ගැනීමට දරන උත්සාහයයි. ඊට ඉන්දීය රජය ගොදුරු විය යුතුද? මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රී ලංකාවට චෝදනා කිරීමට ඉන්දියාවට කිසිදු හිමිකම් නැත. කාෂ්මීරයේදී ඉන්දීය හමුදාව විසින් කාන්තාවන්ට අතවර කිරීම සම්බන්ධවත් මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් 800 එරෙහිව චෝදනා එල්ල වී තිබියදී ඉන්දියාවට එකී චෝදනාවලින් මිදීමට හැකි වේද? මේ අතර තමිල්නාඩුවේදී රජිව් ගාන්ධි ඝාතනය වීම සම්බන්ධව ඉන්දීය රජය කියන්නේ කුමක්‌ද? ජයලලිතාගේ සහ කරුණානිධිගේ වියරුව තුළින් තවදුරටත් පෙන්නුම් කරන්නේ රජිව් ගාන්ධි ඝාතනය වීම සාධාරණ ක්‍රියාවක්‌ බවයි. මේ නිසා දැන් යළිත් වරක්‌ රජිව් ගාන්ධි ඝාතනය වී ඇත. චෙන්නායි නුවර ලොයලා විදුහලේ සිසුන් පවසා ඇත්තේ අපි ඊළාම් අරගලය ඉදිරියටත් ගෙන යන බවයි. එසේ නම් ඔවුන්ද රජිව් ගාන්ධි ඝාතනය අනුතමක කරන බව පැහැඳිලිය. සිරිපෙරුම්බුදූර්¨හිදී රජිව් ගාන්ධිගේ සිහිවටනයද කඩා දැමු තමිල්නාඩු දේශපාලකයෝ දැන් මධ්‍යම ආණ්‌ඩුවෙන් ඉල්ලන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන ලෙසයි. ඉන්දීය මහ ඇමැතිවරණය නිසා නවදිල්ලි බලධාරීන් මෙම ඉල්ලීම් සම්බන්ධව විවිධ ප්‍රකාශ කරන බව පැහැදිලි වී තිබේ. මෙහිදී ඉන්දියාවද අවධාරණයට ලක්‌ විය යුතු කරුනු රැසක්‌ ඇත. නාගාලන්ත, බෝඩෝ සහ ඇසෑම් යන ප්‍රාන්ත අද බෙදුම්වාදය උදෙසා තරග වදී මේ නිසා තමිල්නාඩුවේ වියරුව මේ ප්‍රාන්ත වෙතද යොමුවීමේ ප්‍රවනතාවයක්‌ මතු වී ඇත.

    බෞද්ධ භික්‌ෂූන් වහන්සේලාට ද ශ්‍රී ලංකාවේ ආයතනවල කාර්යාලවලටද පහර දීම සහ දඹදිව වන්දනාවේ යන්නට විවිධ හිරිහැර තමිල්නාඩුවේදී සිදුවෙද්දී ලෝක ප්‍රජාව ශ්‍රී ලංකාවේ සංහිදියාව ගැන ප්‍රශ්න කරයි. එහෙත් මෙවන් තත්ත්වයක්‌ යටතේ සංහිදියාවත් ඇති කළ හැකිද? සංහිදියාව ගැන ඇමරිකාව බෙරිහන් දෙද්දී යාපනයෙන් පලවන කොටි හිතවාදී පුවත් පතක්‌ කියා සිටින්නේ ජනාධිපතිවරයාගේ හිස අවශ්‍ය බවයි. ඒ සඳහා රුපියල් බිලියනයක්‌ දීමට තමිල්නාඩු නීතිවේදී සංගමයක්‌ සූදානම් බවද එකී පුවත්පත තවදුරටත් හෙළි කර ඇත. මෙවන් තත්ත්වයක්‌ යටතේ කොටි සීමන් හෙවත් නාම්තමිලර් නායකයා ජිනීවා ගොස්‌ පවසන්නේ සිංහලයන් මුළුමනින්ම ඝාතනය කළ යුතු බවයි.

    එහෙත් ඒ ප්‍රකාශයට එරෙහිව කිසිදු බටහිර රටකින් විරෝධයක්‌ දැක්‌ වුණේ නැත. එසේ වූවත් ශ්‍රී ලංකාවේ දේශපාලකයෙකු ද්‍රවිඩයන් සම්බන්ධව ප්‍රකාශයක්‌ කළේ නම් ඊට විරෝධය දැක්‌වීමට ඇමරිකානු තානාපති කාර්යාලය බටහිර රටවල් මොහොතකින් ඉදිරිපත් වේ. මේ තත්ත්වය යටතේ දැන් රජයේ අවධානය යොමු විය යුත්තේ තමිල්නාඩුවේ වියරු දේශපාලනයයි. මොවුන්ට අවශ්‍ය වී ඇත්තේ 1983 දී ශ්‍රී ලංකාවේ ඇති වූ තත්ත්වයට සමාන තත්ත්වයක්‌ ඇති කර බහුතරය මුළුමනින්ම කුපිත කිරීමයි. ඊට සාධකයක්‌ ලෙස කිව හැක්‌කේ සීමන් නැමැත්තා ජිනවාහිදී සිංහලයන්ට දුටු තැන පහර දෙන ලෙස ප්‍රසිද්ධියේ කියා සිටීමය. මේ සම්බන්ධයෙන් රාජය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ද කට ඇර නැත. මේ තත්ත්වය මැද සහජීවනය ශ්‍රී ලංකාවේ ඇති විය හැකැයි සිතිය හැකිද? ජයලලිතා කරුණානිධිත් දේශාපාලන නාටකයක්‌ රඟ දක්‌වන බව යම් යම් පාර්ශව පැවසූවත් ඔවුන්ගේ පසුබිමේ සිටින්නේ කොටි ඩයස්‌පෝරාවයි. අතිවිශාල මුදල් සම්භාරයකට හිමිකම් කියන කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකාව බිඳ දැමීම සඳහා උසි ගන්වන්නේද තමිල්නාඩුවයි. මේ අතර ජයලලිතාගේ ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ සැළසුමට තමිල්නාඩුවේ නාම්තමිලර් පක්‍ෂනායක සෙබස්‌තියන් සීමන්ගේද සහය ලැබී තිබේ. ඔහු ජර්මනියේදී ජර්මානු කොටි සංවිධානයෙන් ප්‍රභාකරන්ගේ රුව සහිත සම්මානයක්‌ද ලබා ගත්තේය. මෙම තත්ත්වය මැද ඉන්දීය ජනතා පක්‍ෂයේ නායක සුබ්‍රමනියම් ස්‌වාමි පවසන්නේ ඉන්දියානු ජනතාව ශ්‍රී ලංකාවට එරෙහිව උසිගැන්වීමට ක්‍රියාකරණ කොටි හිතවාදියෙකු වූ වෛකෝ නැමැත්තාව අත්අඩංගුවට ගත යුතු බවයි. මෙලෙස තමිල්නාඩු කොටි හිතවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන අවස්‌ථාවේ අපේ අය කමළහසන්ගේත් රැජිනි කාන්ත්ගේත් චිත්‍රපටි මෙරටට ගෙන්වා කෙසෙල්ගස්‌ සිනමාහල් අසල පිහිටුවා එකී චිත්‍රපට තිරගත කිරීමට ක්‍රියා කරයි. මෙහිදී මේ චිත්‍රපට ශ්‍රී ලංකාවට ගෙන්වීම නතර කිරීමට වහාම පියවරක්‌ ගත යුතුය. කමළහසන්ගේ විශ්ව රූපම් චිත්‍රපටයෙන් මුස්‌ලිම්වරුන්ට අපහාස වන බව දක්‌වමින් විරෝධතා මතුවෙද්දී ශ්‍රී ලංකාවේදී මේ දක්‌වාම කමළහසන්ලාට එරෙහිව කිසිදු විරෝධතාවයක්‌ දැක්‌වීමට ක්‍රියා නොකරන්නේ මන්ද යන්න විශ්මයකි.

    මේ තත්ත්වය මැද තමිල්නාඩුවේ අරමුණ පැහැදිලිය ඒ ඊළම් රාජ්‍යය ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඉන් පසු එය තමිල්නාඩුවට ව්‍යාප්ත කිරීමයි. මෙයට වසර දෙකකට පෙර සෙබස්‌තියන් සීමන් පැවසූවේ තමිල්නාඩුව වෙනම රාජ්‍යයක්‌ විය යුතු බවයි. එසේ නම් තමිල්නාඩුවේ කොටි හිතවාදීන්ගේ මේ සැගවුණු න්‍යාය පත්‍රය ඉන්දීය රජයට නොපෙනේද?

    කීර්ති වර්ණකුලසූරිය


     

    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    Bump
    img.imageResizerActiveClass{cursor:nw-resize !important;outline:1px dashed black !important;} img.imageResizerChangedClass{z-index:300 !important;max-width:none !important;max-height:none !important;} img.imageResizerBoxClass{margin:auto; z-index:99999 !important; position:fixed; top:0; left:0; right:0; bottom:0; border:1px solid white; outline:1px solid black;}
     
    • Like
    Reactions: prasad9805