තමිල්නාඩුවේ

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    tamilnadu.jpg


    තමිල්නාඩුවේ තිරුවල්ලුවාර් කවියාගේ
    ප්‍රතිමා 16ක්‌ රටපුරා


    ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තය එරට තිරුවල්ලුවාර් කවියාගේ ප්‍රතිමාව ස්‌ථාපිත කිරීමට ඉඩ දුන්නේ කර්නාටකයේ කවියකු වූ සර්වජනගේ ප්‍රතිමාවක්‌ තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ ස්‌ථාපිත කිරීමට ඉඩදීම නිසාය.

    එහෙත් තමිල්නාඩුවේ තිරුවල්ලුවාර් කවියාගේ ප්‍රතිමා 16 ක්‌ මෙරටට ගෙනවුත් රටපුරා ස්‌ථාපිත කිරීමට අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී රාධක්‍රිෂ්ණන් ක්‍රියාකරගෙන යයි.

    තිරුවල්ලුවාර් කවියාගේ ප්‍රතිමා කොළඹ, මාතලේ, හැටන්, නාවලපිටිය, රක්‌වාන, කට්‌ටපරිච්චාන්, මඩකලපුව, අම්පාර, පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, යාපනය යන නගරවල ස්‌ථාපිත කරන බව හෙතෙම ප්‍රකාශ කර තිබේ.

    මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් තිරුවල්ලුවාර් කවියාගේ ප්‍රතිමා රටපුරා ස්‌ථාපිත කිරීමට ඔහුට අවසරය ලැබුනේද හා මෙරට බහුතරයේ අදහස්‌ විමසුවේද යන්නයි.

    මේ අන්දමට මෙරට ශ්‍රේෂ්ඨ කවියකුගේ ප්‍රතිමාවක්‌ තමිල්නාඩුව පුරා ස්‌ථාපිත කිරීමට මහ ඇමැතිනි ජයලලිතා ඉඩදෙනු ඇතැයි කිවහැකිද?

    තිරුක්‌කුරල් ග්‍රන්ථයේ නිර්මාතෘ තිරුවල්ලුවාර් කවියාගේ ප්‍රතිමා 16 ක්‌ මෙරටට නිදහස ලැබීමෙන් වසර 68 කට පසු රටපුරා ස්‌ථාපිත කිරීමේ පසුබිම කුමක්‌ද?

    තිරුවල්ලුවාර් යනු මෙරට කවියකු නොවේ. එසේ නම් ඔහුගේ ප්‍රතිමා රටපුරා ස්‌ථාපිත කිරීම සාධාරණ යයි කීමට හේතුවක්‌ නැත.

    තිරුවල්ලුවාර් කවියාගේ ප්‍රතිමා තමිල්නාඩුවේ කන්‍යාකුමාරි සිට ප්‍රදේශ රැසක ඉදිකර තිබේ.

    මෙම ප්‍රතිමා 16 ක්‌ මෙරටට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත්තේ තමිල්නාඩුවේ වී. ජී. පී. ආයතනය මෙහෙයවන සන්තෝෂම්ය.

    මේ අන්දමට කේයස්‌, හක්‌ගල්ලේ පී. කේ. ඩී. සෙනවිරත්න වැනි ශ්‍රේෂ්ඨ කවීන්ගේ ප්‍රතිමාවක්‌ තමිල්නාඩුවේ ඉදිකිරීමට ඉඩදෙනු ඇතැයි කිසිසේත් සිතිය නොහැක.

    මේ අතර තිරුවල්ලුවාර් කවියාගේ ප්‍රතිමා මෙරටට ගෙනඒමේදී ආනයන බදු ගෙවීමට ක්‍රියාකරන බවද රාජ්‍ය ඇමැතිවරයා පවසා ඇත. එලෙස ගෙවීම්කරන්නේ ජනතාවගේ මුදල් වලින්ද?

    මේ අන්දමට දේශපාලනඥයන්ට ප්‍රතිමා ගෙනවිත් රටපුරා ස්‌ථාපිත කිරීමට ඉඩදිය යුතුද යන බරපතළ ප්‍රශ්නයක්‌ පැන නැගී ඇත.

    මේ අතර මෙම තිරුවල්ලුවාර් කවියාගේ ප්‍රතිමා මෙරටට ගෙන එන ලෙස යෝජනා කර ඇත්තේ යාපනයේ කේ. සචිතානන්දන් නැමැත්තෙක්‌ බව හෙළි වී ඇත. ඔහු වී.ජී.පී. ආයතනයේ සන්තෝෂම් සමග සාකච්ඡා කර උතුරු නැඟෙනහිර සඳහා ප්‍රතිමා හතරක්‌ ඉල්ලා ඇත.

    එහෙත් සන්තෝෂම් ප්‍රතිමා 16 ක්‌ ලබාදීමට එකඟ වී ඇත. ඒ අනුව සචිතානන්දන් විසින් රාජ්‍ය ඇමැති රාධාක්‍රිෂ්ණන්ගේ සහය පතා තිබේ. මේ පසුබිම මැද තමිල්නාඩුවේ සෑම කවියකුගේම ප්‍රතිමා රටපුරා ස්‌ථානගත කිරීමට ඉල්ලීමක්‌ කළහොත් රජය ඊට ඉඩ දෙන්නේද ? ශ්‍රී ලංකාව යනු තමිල්නාඩුවේ කොලනියක්‌ නොවන බව ද්‍රවිඩ දේශපාලකයන් අවධාරණය කළ යුතුය.

    මහා වංශය පවා වෙනස්‌ කිරීමට උතුරු මහ ඇමැති විග්නේශ්වරන් උත්සාහ කරද්දී තිරුවල්ලුවාර් ප්‍රතිමා 16 ක්‌ රට පුරා ස්‌ථාපිත කිරීම ට යැම පුදුමයක්‌ නොවේ.


    Divaina

    මොනවද බන් මේ රටට වේගෙන යන්නේ... ලංකාව ඉන්දියාවේ කොළනියක් කරන්න හදනවද? තවත් ආවඩපල්ලා සිංහල අම්මගේ ඉදලා පාවාදෙන මේ පොන්න හැතිකරේට. එදා යුද්ධයෙන් කරගන්න බැරි උන එක මේ පොන්න රැල ලස්සනට කරලා දෙනවා වගේ.. මේ හැත්ත බුරුත්තටම හෙන ගහලා අකුලෝලාම පල..
     
    Last edited:
    • Like
    Reactions: BlueBat

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    mokakda ban me ratata wenne. 2020 wenakota mona wei da manda :(

    2020 වෙද්දී ජාතික ගීයේ පද වෙනස් වෙලා තියෙයි. ජාතික කොඩියේ සිංහයා අයින් වෙලා තියෙයි. උතුරු පලාතේ සම්පූර්ණ බලතල දෙමල සංදානයට අයිති වෙලා තියෙයි. නැගෙනහිර පලාතත් මුස්ලිම් කොන්ග්‍රසයට අයිති වෙලා තියෙයි. සමහරවිට තව පලාතුත් මෙ විදියට රටින් වෙන් වෙලා කොටස් වෙලා ප්‍රාන්ත ක්‍රමයට තියෙයි. මේ ප්‍රාන්ත පලාත් වලට යන්න වෙනම අවසරයකුත් ගන්න වෙයි . සිංහලයා සුලුජාතිය වෙලා කටපුක වහගෙන ඉන්න වෙයි. රට ජාතිය ආගම ගැන කතාකිරීම තනහම් කරලා තහන්චි දාලා නීති දැඩි වෙලා තියෙයි. මේ හැමදෙයක්ම ඉල්ලගෙන ඇරන් තියාගන්නේ වෙන කවුරුත් නෙවෙයි බොලව්. මෝඩ සිංහල අපිමයි. ඒක මතක තියා ගනිල්ලා. මේ හැම දෙයකටම වග කියන්න ඕනත් අපිමයි.