තම ‘චරිත’ අහිමි වූ නළු නිළියෝ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තම ‘චරිත’ අහිමි වූ නළු නිළියෝ

    චරිතයට හරියටම ගැලපෙන නළු නිළියන් තෝරා ගන්න එක සංකීර්ණ දෙයක්. ඔවුන්ගෙන් උපරිම රංගනය ලබා ගැනීමත් සෑහෙන අභියෝගයක්. මේ සියල්ලටම වඩා වැඩි අභියෝගයක් වෙන්නේ ඔවුන් දිගටම කතාමාලාව තුළ රඳවා ගන්න එක. විවිධ හේතූන් නිසා නළු නිළියන් චරිත අත හැර දමා යනවා. ඒ වගේම සමහර නළු නිළියන්ව ඉවත් කරන්නත් අධ්‍යක්ෂවරුන්ට සිදු වෙනවා.
    චිත්‍රපට මාලාවක හෝ කතා මාලාවක එකම චරිතයක් සඳහා මේ විදියට විවිධ නළු නිළියන් යොදා ගැනීම කතා රසය අඩු කරනවා වගේම ප්‍රේක්‍ෂකයන් අතරමං කරවනවා.
    සමහරවිට ඔබත් නිරීක්ෂණය කරල ඇති සමහර චිත්‍රපට වල මේ විදියට එකම චරිතය සඳහා යොදා ගත් විවිධ නළු නිළියන්ව. මේ ඒ වගේ නළු නිළියන් කිහිප දෙනෙක් ගැනයි.
    Gloria Foster වෙනුවට Mary Alice

    Matrix චිත්‍රපට මාලාවේ Oracle ගේ චරිතයට පණ පෙවූ ග්ලෝරියා ෆොස්ටර් ඔබට මතක ඇති. ඇය ඉතා විශිෂ්ඨ අයුරින් චරිතයට සාධාරණය ඉටු කළ පළමු චිත්‍රපට දෙක වූ The Matrix හා Matrix Reloaded චිත්‍රපට සදහා රංගනයෙන් දායක වූවා. නමුත් තෙවන චිත්‍රපටය වූ Matrix Revolution රූපගත කිරීමට පෙර දියවැඩියා රෝග තත්වය නිසා ඇය මෙලොවින් සමු ගත්තා. ඒ වෙනුවට Matrix Revolution සඳහා රංගනයෙන් දායක වුනේ මේරි ඇලිස් නම් රංගන ශිල්පිනියයි. මේ වෙනස පැහැදිලි කිරීමට පිටපත පවා වෙනස් කෙරුණු බව සදහන් වනවා. ඒ සඳහා Satiගේ දෙමව්පියන් ඇයව Matrix තුලට රැගෙනයාම නිසා Oracle ගේ සැබෑ ස්වරූපය නැති වී ඒ වෙනුවට වෙනත් ස්වරූපයක් ලැබූ බව චිත්‍රපටය තුලදී දැකගන්න පුළුවන්.
    01-680x354.png

    Gloria Foster(වමේ) Mary Alice (දකුණේ)
    Credits – https://www.therichest.com


    Kirstie Alley වෙනුවට Robin Curtis

    සුප්‍රකට Star Star Trek කතා මාලාවේ ලුතිනන් Saavik ගේ චරිතය මුලින් රඟපෑ Kirstie Alley හට එම චරිතය අහිමි වුනේ ඇය එම චරිතය රඟපෑම වෙනුවෙන් ලැබෙන මුදල ප්‍රමාණවත් නොවන බව පැවසීම නිසා. ඒ වගේම රඟපෑම් කාලසටහන සම්බන්ධයෙන් ඇති කරගත් ගැටුමුත් මෙයට හේතු වුනා. ඒ වෙනුවට Star Trek III හි එම චරිතය සඳහා Robin Curtis යොදා ගැනීමට Star Trek අධ්‍යක්ෂවරයාට සිදු වුනා.
    Image2-680x441.jpg

    Kirstie Alley (වමේ) Robin Curtis (දකුණේ)
    Credits – https://www.therichest.com


    Edward Norton වෙනුවට Mark Ruffalo

    2008 දී තිරගත වූ The Incredible Hulk චිත්‍රපටයේ සුපිරි වීරයාගේ චරිතය රඟපෑ Norton ම 2012 දී තිරගත වූ The Avengers චිත්‍රපටයේ ද ඒ හා සමාන චරිතය රඟපානු ඇතැයි ප්‍රේක්‍ෂකයන් බලාපොරොත්තු වුනත් එය ඉටු වුනේ නැහැ. එම චරිතය සඳහා තෝරා ගනු ලැබුවේ Ruffalo ව. අඩුම තරමින් මේ සඳහා නෝර්ටන්ට ආරාධනා කළේ වත් නැහැ. ඒ නෝටන්ගේ අයහපත් හැසිරීම නිසා බවයි කියවෙන්නේ.
    Image3-680x503.jpg

    Edward Norton (වමේ) Mark Ruffalo (දකුණේ)
    Credits – https://www.therichest.com/world-entertainment/15-actors-who-were-replaced-in-the-sequel-and-why/


    Judith Hoag වෙනුවට Paige Turco

    1990 දී තිරගත වූ ඉතාමත් සාර්ථක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට මාලාවක් වූ Teenage Mutant Ninja Turtles හි රඟපෑ April O’Neil නම් වාර්තාකාරිනියගේ චරිතය රඟපෑ Judith Hoag එම චරිතයට විශාල සාධාරණයක් ඉටු කළත් එම චිත්‍රපට මාලාවේ ඊළඟ අදියරට ඇයට කැඳවීමක්වත් ලැබුනේ නැහැ. එයට හේතුව ඇය දිගින් දිගටම දිගු වේලාවක් රඟපෑමට සිදුවීම, රඟපෑමේදී සිදුවන අනතුරු ආදිය පිළිබඳව මැසිවිලි නැඟිම නිසා බවයි කියවෙන්නේ. කෙසේ නමුත් ඇය වෙනුවට එම චරිතයට තෝරා ගත් Paige Turco ට ප්‍රේක්ශකයන්ගේ වැඩි මනාපයක් ලැබුණේ නැහැ. නැවතත් ජූඩිත් ව එම චරිතයට යොදා ගන්නා ලෙස ඔවුන් ඉල්ල සිටියත් නිශ්පාදකයින් එය සිදු නොකළේ නැවත නැවතත් ප්‍රේක්‍ෂකයින් අතරමන් කිරීම සිදු නොකළ යුතු යැයි සිතූ නිසාවෙන්.
    Image4-680x375.jpg

    Judith Hoag (වමේ) Paige Turco (දකුණේ)
    Credits –
    https://www.therichest.com


    Verne Troyer වෙනුවට Warwick Davis

    හැරී පොටර් චිත්‍රපට මාලාවේදීත් එකම චරිතය සඳහා විවිධ නළු නිළියන්ව යොදා ගත්තා. මෙම චිත්‍රපටයේ Griphook නම් ගොබ්ලින්වරයාගේ චරිතය රඟපෑ Verne Troyer වෙනුවට Warwick Davis ව යොදා ගැනීමට චිත්‍රපට නිශ්පාදකවරුන් පියවර ගත්තා. ඒ Verne Troyer මෙම චරිතය රඟපාන විටත් මෙම චරිතය සඳහා හඬකැවීම් කළේ Warwick Davis වීම නිසා. ඒ වන විට මහාචාර්ය Filius Flitwickගේ චරිතයද රඟපෑ Warwick Davisව ගොබ්ලින්වරයා ගේ චරිතය සඳහා යොදා ගත්තේ රඟපෑම සහ හඬකැවීම වෙනස් පුද්ගයින් දෙදෙනෙකු ලවා කරවීමට වඩා එකම පුද්ගලයා ලවා සිදු කිරීම පහසු වූ නිසා.
    Image5-680x452.jpg

    Verne Troyer (වමේ) Warwick Davis (දකුණේ)
    Credits – https://www.therichest.com


    Aaliyah වෙනුවට Nona Gaye

    The Matrix චිත්‍රපට මාලාවේ Zee ගේ චරිතය මුලින් රඟපෑ Aaliyah වෙනුවට Nona Gaye යොදා ගැනීමට සිදු වුනේ Aaliyah ගුවන්යානා අනතුරකින් ජීවිතක්‍ෂයට පත් වීම නිසා. ප්‍රසිද්ධ ගායිකාවක ද වූ ආලියා සහ තවත් 8 දෙනෙක් රැගත් ගුවන්යානය බහමාස් හී දී අනතුරට පත් වුනේ 2001 දී. මෙම අවාසනාවන්ත සිදු වීමෙන් පසු Aaliyah ගේ චරිතය ඇයට සමාන රූපයක් සහිත ගායිකාවක වූ Nona Gaye ට භාර දෙනු ලැබුවා.
    Image6-680x504.jpg

    Aaliyah (වමේ) Nona Gaye(දකුණේ)
    Credits – https://www.therichest.com


    Rachelle Lefevre වෙනුවට Bryce Dallas Howard

    Twilight චිත්‍රපට මාලාවේ පලමු චිත්‍රපට දෙක වන Twilight සහ New moon හි වික්ටෝරියා නම් වැම්පයර්වරියගේ චරිතය රඟපෑ Rachelle Lefevre වෙනුවට එහි තෙවන චිත්‍රපටිය වන Eclipse හි Bryce Dallas Howard ව යොදා ගන්නවා. මෙයටත් පැහැදිලි හේතුවක් දැක්වෙන්නේ නැහැ. නිෂ්පාදක කණ්ඩායම පවසන්නේ Rachelle ට රූගත කිරීමේ කාලසටහනේ ගැටළු තිබූ බවයි.
    Image7-680x452.jpg

    Rachelle Lefevre (වමේ) Bryce Dallas Howard (දකුණේ)
    Credits – https://www.therichest.com


    Jennifer Smith වෙනුවට Jessie Cave

    හැරී පොටර් චිත්‍රපට මාලාවේ Lavender Brown ගේ චරිතය රඟපෑ Jennifer Smith කළු ජාතික නිළිය වෙනුවට Jessie Cave යොදා ගැනීමට සිදු වුනේ The Half Blood Prince හි දී Lavender Brown සුදු පැහැ සමක් ඇති අයෙකු ලෙස විස්තර කිරීම නිසා.
    Image8-680x495.jpg

    Jennifer Smith (වමේ)Jessie Cave (දකුණේ)
    Credits – https://www.therichest.com


    Josh Dallas වෙනුවට Zachary Levi

    Thor චිත්‍රපටියේ Fandral ලෙස රඟපෑ Josh Dallas වෙනුවට Zachary Levi යොදා ගැනීමට Thor: The Dark World චිත්‍රපටියේ දී සිදු වෙනවා. ඒ Once upon a time හි රූපගත කිරීමට Josh ට සහභාගී වන්නට වූ නිසා.
    චිත්‍රපටිය මුලින් රූගත කිරීමේදී Fandral ගේ චරිතය සඳහා යොදා ගන්නට නියමිතව සිට ඇත්තේ Zachary ව. නමුත් වෙනත් රූගත කිරීමක් නිසා ඔහු යොදා ගන්නට නොහැකි වූ නිසායි Josh ව යොදාගෙන ඇත්තේ. නමුත් පසුව එම රූගත කිරීම අවසන් වූ බැවින් සහ Josh යොදාගත නොහැකි වූ බැවින් Zachary ව එම චරිතය සඳහා යොදා ගැනීමට හැකිව තිබෙනවා.
    Image9-680x506.jpg

    Josh Dallas (වමේ) Zachary Levi (දකුණේ)
    Credits – https://www.therichest.com


    Richard Harris වෙනුවට Michael Gambon

    හැරී පොටර් චිත්‍රපට මාලාවේ මහාචාර්ය Dumbledore ගේ චරිතයේ වෙනස්වීම හැරී පොටර් රසිකයන් හොඳින්ම නිරීක්‍ෂණය කර ඇති. මහාචාර්ය Dumbledore ගේ චරිතය මුලින් රඟපෑ Richard Harris වෙනුවට Michael Gambon ව යොදා ගැනීමට සිදු වන්නේ Richard Harris ගේ අභාවයත් සමඟයි.
    Image10-680x415.jpg

    Richard Harris (වමේ) Michael Gambon (දකුණේ)
    Credits – https://www.therichest.com


    Katie Holmes වෙනුවට Maggie Gyllenhaal

    Batman Begins හි Katie Holmes ගේ චරිතය වෙනුවට පසුව Maggie Gyllenhaal ව යොදා ගත්තා. ඒ The Dark Knight හි දී. මෙයට හේතුව අපැහැදිලි වුවත් සමහරුන්ගේ මතය වන්නේ Katie Holmesගේ එවක සැමියා වූ Tom Cruise ඇය Christian Bale සමඟ රඟපානවාට අකැමති වූ නිසා ඇය එම චරිතය අත්හල බවයි.
    Image11-680x417.jpg

    Katie Holmes (වමේ) Maggie Gyllenhaal (දකුණේ)
    Credits – https://www.therichest.com


    Rachel Weisz වෙනුවට Maria Bello

    The Mummy කතා මාලාවේ The Mummy සහ The Mummy Returns හි Evelyn O’Connellගේ චරිතය රඟපෑ Rachel Weisz වෙනුවට එහි තුන්වන අදියර වූ The Mummy: Tomb of the Dragon Emperor හි දී Maria Bello ව යොදා ගනු ලැබූවා. නමුත් මෙයට පැහැදිලි හේතුවක් ඉදිරිපත් වී නැහැ. ඇතැමුන් ගේ අදහස Rachel දිගු කාලයක් රූගත කිරීම් සඳහා නිවසෙන් බැහැරව සිටීමට අකැමති වූ නිසා චරිතය අත්හල බවයි. තවත් සමහරුන්ට පවසන්නේ Rachel පිටපතට අකැමති වූ නිසා එම චරිතය අත්හල බවයි.
    Image12-680x454.jpg

    Rachel Weisz (වමේ) Maria Bello (දකුණේ)
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්‍රොෆෙසර් අල්බුස් පර්සිවෙල් වුල්ෆ්‍රික් බ්‍රයන් ඩම්බල්ඩෝ :(