තරබාරුව මට්ටු කරන උපක්‍රම
1. ශරීරය
2. මනස
3. ප්‍රාණය
මේ තුනෙන් ශරීරය යනුවෙන් අපේ මේ ශරීරයත්,මනස යනුවෙන් අපේ සිතත්, ප්‍රාණය යනුවෙන් ජීවයත් අදහස් කෙරෙන්වා.
අපි දැන් බලමු මේ ප්‍රාණය, මනස, ශරීරය සදහා කොහොමද ධාතු වැදගත් වෙන්නේ කියලා.
1. ශරීරයේ පෝෂණය ඇති කරන්නේ මේ ධාතූන් විසින්.
2. මනසේ සමබර තාවය ඇති කරන්නේ මේ ධාතූන් විසින්. ඒකනේ කුසගින්නේ ඉන්නා කෙනෙකුට ආහාරයක් පළමුව දී පසුව බණ කීමට ක්‍රියා කළේ අපේ බුදුරජාණන් වහන්සේ.
3. ප්‍රාණය යනුවෙන් මෙහිදී අදහස් කළේ ජීවය පවත්වා ගැනීම.
මෙතැනදි,
1. ශාරීරික ධාතූන් වන්නේ සප්ත ධාතූන්
2. මානසික ධාතූන් වන්නේ රජස්, තමස්, සත්ව කියන තුන.
3. ප්‍රාණ ධාතූන් වශයෙන් ගන්න තියන්නේ වා, පිත්, සෙම්, සහ මහාභූත පංචකය.
දැන් බලමු ශරීරයේ පෝෂණය ඇති කර ගන්නා පිළිවෙළ.
මෙහිදී ප්‍රධාන කරුණු දෙකක් වැදගත් වෙනවා.
1. ධාතුන්ගෙන් පරිපූර්ණ සමබර ආහාරයක් ගැනීම.
2. ශරීරයේ නිසි කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සදහා ව්‍යායාම නිසි පරිදි සිදු කිරීම.
දැන් අපි බලමු ධාතු නිසි ලෙස පෝෂණය කරන ආහාර මොනවද කියලා.
"ප්රානීණාං පුනර්මූලමාහාරඃ" මෙකෙන් කිය වෙන්නේ සත්වයන්ගේ පැවැත්මට මුල ආහාරයයි. එනම්,
(මම මෙතැන් සිට කෙළින්ම ආහාර වට්ටෝරු අනුව කියන්නම්. මම හිතනවා එය ඔබට ඉතා ප්‍රයෝජනවත් කියලා.)
ධාන්‍ය - හැම දෙනෙක්ම ඉතා වැඩියෙන් ආහාරයට ගත යුතුය.
බාර්ලි, තිරිගු, වී, - ඇඟ නිවෙන, ශීත ගුණය ඇති කරන, මුත්‍ර කාරක (ඇති කරන) ගුණ ඇත.
මුං, මෑ, කඩල, පරිප්පු, උඳු, කොල්ලු, තල - මාංශජනකයි එනම් මාංශ ධාතු වර්ධකයි. මස් වෙනුවට ධාන්‍ය පාවිච්චිය හොදයි.
මින් උඳු ඉතා වටිනා ආහාරයකි. පුරුෂ මෙන්ම ස්ත්‍රී ධාතු (ඩිම්භ ශුක්‍රාණු වර්ධනයට හිතයි.)මව් කිරි වර්ධනයටද උඳු ඉතා ගුණයි.
මින් කොල්ලු සෙම් අධික අයට ඉතා ගුණයි.
තල - කකුල්වල කොරල සෑදෙන ගැහැණු ළමුන්ට, යටි පතුල් පැලීමට, දත් නිසි ලෙස වර්ධනයට, කෙස් වර්ධනයට, සිහි බුද්ධිය ඇති වීමට (ගැහැණු ළමුන්ට
) ඉතාම ගුණයි.
මෑ බී විටමින් ඉතා අධිකයි.
දැන් මම පොඩි රහසක් කියන්නම්. කොල්ලු තමයි කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටත් ඇඟේ අනවශ්‍ය මේදය අඩුකර ගැනීමට ඇති හොදම ධාන්‍ය වර්ගය. කොල්ලු කුඩුකර ඇඟ ගෑමටද සුදුසුයි. කඳ බීමට මෙන්ම උයා කෑමටද සුදුසුයි. තැම්බීමේදී ටික වෙලාවක් වැඩියෙන් තම්බාගත යුතුය.
ක්ෂුද්‍ර ධාන්‍ය - අමු, මෙනේරි, තණ මීට ඇතුළත්ය. බත් වෙනුවට ආහාරයට ගත හැකිය. මුත්‍ර රෝගීන්ට ඉතා හිතයි. ඉතා සැහැල්ලු බැවින් අධි රුධිර පීඩනය සහ දියවැඩියා රෝගීන්ට මෙන්ම කොලෙස්ටරෝල් වැඩි අයටත් හොදයි.
තණ හාල්ද ඉතා වටිනා අධි රුධිර පීඩනය සමනය කරන ආහාරයකි.
ව්‍යංජන පිණිස ගත හැකි එළවළු, සහ කොළ වර්ග.
ප්‍රධාන වර්ග පහකි.
1. කොළ - තම්පලා, කටු තම්පලා, කූර තම්පලා, සුළුකූර, කතුරු මුරුංගා, කංකුං, ( මව් කිරි වර්ධනයට ඉතා ගුණයි.) මුගුනුවැන්න- දියවැඩියාවට හිතයි, මව්කිරි වර්ධනයටද යෝග්‍යයි. මුත්‍ර රෝගීන්ට හිතයි. නිවිති - සියලුම ධාතු පෝෂණය කරයි, ශරීරයේ රුධිර වර්ධනයට ඉතා අවශ්‍යයි. සාරණ - දියවැඩියා රෝගීන්ගේ ශරීරයේ ඉදිමුම් ගතියට හිතයි. කතුරු මුරුන්ගා ඉතා පෝෂ්‍යදායකයි. ගෙඳ, කොහොඹ පලා - දියවැඩියා අයට කලාතුරකින්වත් දෙනවා නම් ගුණයි. පෙනෙර කොළ, හීරැස්ස, මඩු දළු, සලාද කොළ, කලුකැම්මේරිය, කොහිල දළු,
2. මල් - කතුරුමුරුංගා - (රහසෙන් කොල්ලන්ට විතරයි... ස්වප්න දෝෂයට හිතයි.) කෙසෙල් මුව දියවැඩියා රෝගීන්ට හිතයි.,මුරුංගා මල්
3. ගෙඩි/ කරල් - බණ්ඩක්කා - මෙන්න බඩු දිය වැඩියාවත් එක්ක එන ලිංගික දුබලතා සදහ ඉතා ගුණයි. තිබ්බටු, එළබටු, කොස් - පොලොස් දෙකම දියවැඩියාවට හිතයි, බෝන්චි, දඹල කරල්,මෑකරල්, පුහුල්, දියලඹු මේවාද ශරීරයේ ගිනියම නිවන මුත්රකාරකයන්ය. තියඹරා - පිපිඤ්ඤා මෙන්ය. බ්ලෙන්ඩ් කර බීමකට නම් ඉතා සුදුසුයි. කරවිල මමද සතියකට සැරයක් කරවිල අනිවාර්ය්යෙන්ම කමි. දියවැඩියා නො එයි කිසිදා. වැටකොළු මගේ ප්‍රියතම ආහාරයකි. පතෝල, තුබ කරවිල,
4. දඬු - ඔබ පුදුම වෙයි මේ ගැන මම නම් මේක කාලා තියනවා. කෙසෙල් බොඩ මාළුව. ඉතාම ගුණයි. තරබාරුව නැති කරනවා පමණක් නෙමෙයි රුධිරයේ ශුද්ධියත් ඇති කරනවා. තල දඩු, පුහුල් දඩු, ලූනුමල් දඩු මුත්‍ර රෝගීන්ට ඉතාම ගුණයි.
5. අල සහ හතු වර්ග - රාබු, ස්ථූලභාවයෙන් පෙලෙන අයට එතරම් ගුණ නැත.එකක් පමණ කියන්නම්. හිරිතල් - ශුක්රධාතු වර්ධකයි.
( ඉතා විශාල ගණනක් තිබුණත් මම මෙහිදී තරබාරුව ගැන පමණක් සැලකිලිමත් වෙමි. ඔබට අවශ්‍ය නම් වෙනත් දිනක ඒ අවශ්‍ය දේ ගැනත් ලියන්නම්. ඒ ගැන ඉල්ලීමක් කරන්න.)
පලතුරු
පලතුරු කියන්නේ අධික තරබාරුව ඇති කෙනෙක්ට ඉතාම ප්‍රයෝජනවත් දෙයක්. හැබැයි පලතුරු ආහාරයට ගන්නකොට පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනව නම් හොදයි.
ඔබගේ ආහාරයෙන් යම් පමණ ප්‍රමාණයක් ඉවත් කරන්න. දැන් ඒ පමණට ගැලපෙන්න පලතුරු ප්‍රමාණයක් ආහාරයට ගන්න. මේක ඉතාම වටිනා දෙයක්. මේ නිසා ආහාර ගන්න ප්‍රමාණය ඔබ නොදැනීම අඩු වෙනවා. හැබැයි ඔබේ ආහාරයේ පරිමාව එකමයි. එවිට අනවශ්‍ය ලෙස බඩගිනි දැනෙන්නේ නැහැ.
කෙසෙල් ගෙඩි - ඉදුණු කෙසෙල් පලතුරක් ලෙස ඉතාම වටිනා දෙයක්. සුවදැල් සහ කෝලිකුට්ටු ඉතා ගුණදායකයි. පෝෂ්‍ය ගුණය වැඩියි. ආනමාලු සිසිල් කාරකයි. ඇබුල් කෙසෙල් ආහාර දිරවීමේ ශක්තිය ඇති කරයි. අමතර ආහාරයක් ලෙස ඉතාම ගුණයි. අහාරයක් වෙනුවටද ගත හැක. උදාහරණ ලෙස අධික රාජකාරී කටයුතුවල යෙදී සිටින ඔබට දිවා ආහාරය වෙනුවට කෙසෙල් ගෙඩියක් දෙකක් ගත හැක. ඉන් ශරීරයට අවශ්‍ය පෝෂණය නිතැතින්ම ලැබේ.
අඹ - ශුක්‍රාණු වර්ධනයට ඉතාමත් ගුණදායකයි. අක්මාවේ සහ ප්ලීහවේ රෝග ඇති අයට යෝග්‍යයි.
බෙලි - මේ පලතුරක් පමණක් නොව අංග සම්පූර්ණ ආහාර වේලකි. ඔබ අසා ඇති මේ කෙටි පදය " බෙලි දෙනකොට බඩ යනවා, බඩ යනකොට බෙලි දෙනවා" එනම් බෙලි නිසා මල වියලීම නැති කරන, මෙන්ම අධික මල පිටවීමත් (බඩ වේලීම, සහ බඩ බුරුල් කර යාමත්,) සුව කරනවා. කොටින්ම ඩුවල් ඇක්ෂන්.
දිවුල් - මෙහිත් පෝෂ්‍ය ගුණය අධිකයි. එනම් ආහාරමය අගය වැඩියි.
තව ඕනෑ තරම් පලතුරු ඇතත් මෙහිදී ආහාරමය ගුණය වැදගත් ආහාරයක් වෙනුවට ගත හැකි පලතුරු පමණක් මවිසින් ගන්නා ලදි. උදාහරණ පේර, නෙල්ලි, කොමඩු, තක්කාලි, දෙළුම්, දොඩම් මේවාද නිතර භාවිතයට සුදුසු පලතුරු වේ.
පාන වර්ග
මේ පානද මවිසින් මෙහි යොදනු ලබන්නේ ආහාරමය ගුණය වැඩි ඒවා පමණි. එනම් ආහාර වේලක් අතහැර ඒ වෙනුවට යොදාගත හැකි පානයන් පමණක් මෙහි යොදා ඇත.
ප්‍රධානම පානය පිරිසිදු ජලයයි.
කුරුම්බා, වෑවර, නෙල්ලි පානය (නෙල්ලි කෝඩියල් නම් නෙමෙයි.) අඹ, කොත්තමල්ලි සිසිල්ව ගෙන පානය, (මෙහිදී කොත්තමල්ලි වතුරෙන් අඹරා තුනී පෙරහනකින් පෙරා සීනි කපුරු ස්වල්පය බැගින් මිශු කර අවශ්‍ය පරිදි සිසිල් ජලය දා ගෙන පානය ඉතාම සුදුසුයි.
කැඳ වර්ග මේ ගැන වෙනම දිනකදී ලියන්නම්. දැනට කොළ කැඳ ලෙස පිරිමින්ට වැල්පෙනෙලත්, කාන්තාවන්ට හාතාවාරියත් ඉතාම ගුණ දායකයි.
කරපිංචා කොළ කැඳ මෙය අධික ස්ථූලතාවයෙන් පෙළෙන අයට ඉතාම හොදයි. සතියකට වරක්වත් ගත යුතුයි. දෙවරක් නම් වඩාත් හොදයි එයිට වැඩියෙන් ගැනීම නිරෝගී අයට නුසුදුසුයි. මින් අක්මාවේ ඇතිවන ෆැටි ලිවර් යන තත්ත්වය සහමුලින්ම සුව වේ. ( මා මෙය අත්හදා බලා ඇත. ඉතාම නිවැරදියි. දැන් අවුරුදු ගණන් තිබුණු අය සතියෙන් බලාපොරොත්තු තියන්න එපා. මාස කීපයක් කරන්න.)
තවත් දෙයක් කියන්න තියනවා ආහාරය ගැන ඒ ඔබ නිතර දකිනවා ඇති (අපේ ප්‍රවීණ බ්ලොග්කරු, මගේ බ්ලොග් ගුරු ) මාරයා මැතිතුමා මූණු පොතේ දි ඔහුගේ පාතරසය අතුළු අනෙක් රසයන් ඔක්කොමගේ ඡායාරූප පළ කරනවා. මම දකින විශේෂයක් තිබෙනවා ඔහුගේ ආහාර රටාවේ. මම ඔබටත් කියන්නේ අන්න ඒ ක්‍රමය පිළිපදින්න. බලන්න ඔහු හැම විටම බත් බෙදාගෙන තියන්නේ හරිම පොඩ්ඩයි. එළවළු මාළු පිනි ඊට වඩා බෙදාගෙන තිබෙනවා දකිනවා. ඒක ඉතාම නිවැරදි පිළිවෙළක්. ඔබත් එතුමාව අනුගමනය කරන්න.( හැබැයි අපිට නොපෙනෙන්න උන්දැ දීල අදිනවද දන්නේ නැහැ.)
තව පොඩි දෙයක් නුසුදුසු ත්‍රිත්වයක් තිබෙනවා ආහාරයේ. විශේෂයෙන් බ්ලොග් අවකාශ සිටින ඇඟ නොසොල්ලා සිටින මිතුරු මිතුරියන්ට මේ දේ ඉතාම වැදගත්. මේක අනුගමනය කරන්න.
නුසුදුසු ත්‍රිත්වය.
1. සීනි
2. මේද
3. දිය ලුණු
අධික තරබාරුව අඩු කිරීමටත් ඒත් එක්කම බඩජාරිකමට කෑමටත් පොඩි උපක්‍රමයක් තිබෙනවා. දැන් බලන්න අපි සතියකට ආහාර වේල් 21 ගන්නවනේ. ඔබ මම මේ කියන ආකාරයට ආහාර වේල් 18 ගන්න. ඉතිරි වේල් තුන බඩජාරි කමට කන්න.
ඉතාම කෙටියෙන් ආහාරය ගැන දැනට ඉවරයි. ඊළඟට ව්‍යායාම.
දැන් මේක දිගයිනෙ..... මොනවා කරන්නද මන්ද...
ඔන්න ඔහේ ලියලම දානවා.
ව්‍යායාමයට සුදුසු පුද්ගලයන්.
ඉතා වැඩි මේද ප්‍රමාණයක් නිතිපතා ආහාරයට ගන්නා අය. බ්ලොග් අවකාශ සිටින ඇඟ නොසොල්ලා සිටින මිතුරු මිතුරියන් පොදුවේ තමන්ගේ නීරෝගී පැවැත්ම අපේක්ෂා කරන්නන් නිතිපතා ව්‍යායාම කළ යුතු වේ.
ව්‍යායාමයට සුදුසු කාලය.
ශීත හා කාලයේදී තරමක් වැඩිපුරත් අනෙක් කාල වලදී සමාන කාලයකුත් ව්‍යායාම කළ යුතු වේ. සාමාන්‍ය වශයෙන් වැඩුනු කාන්තාවක් හෝ පුරුෂයෙක් ව්‍යායාම මිනිත්තු 45 පැයත් අතර කළ යුතුයි. වඩාත් සුදුසු වන්නේ, ඇවිදීම, බයිසිකල් පැදීම, බැඩ්මින්ටන් ක්‍රීඩාව, ආදියයි. මේ අතරට සතියකට වරක් පිහිනීමත් සුදුසු වේ. ( අනෙක් ව්‍යායාමයන් කරන අතර.)
ප්‍රයෝජන නම් අධික මේද ප්‍රමාණය ඉක්මනින් දිය වීම. හෘදයේ ක්‍රියාව ක්‍රමවත් වීම. කාන්තාවන්ගේ මාසික ක්‍රියා නිසි අයුරින් සිදු වීම. ආහාර ජීර්ණය මනාව සිදු වීම. නිසි දේහ පෞර්ෂ්‍යත්වයක් ඇති වීම.
ව්‍යායාමය නිසි අයුරු කෙරුන බව දැනගන්නේ සියුම්ව පටන් ගන්නා දහදිය දැමීම නොකඩවා සිදුවන විටය.
දැන් මානසික තත්ත්වය මේ ඉතාමත් සියුම්ව බැලිය යුත්තකි. මොන රෝගයක්වත් මානසිකත්වයෙන් තොරව ඇති වන්නේ නැත. ඒ නිසා හිත හදාගෙන් එන දෙයට මුහුණ දීමෙන් සහ ඉහත ක්‍රම අනුගමනය කිරීමෙන් යම් කිසි වර්ධනයක් හෙවත් ශරීරයේ ස්ථූලභාවය යම් තරමකට අඩු කර ගත හැකි බව මට නම් විශ්වාසයි. අඩු ගණනේ මාසයක්වත් දිගටම පිළිවෙළකට කිරීමෙන් යම් ප්‍රතිඵල අත්කරගත හැක. ඒ මාස තුනක් පමණ කිරීමෙන් නිති සහනයක් ලද හැක.
ඉහත අප කියූ ආකාරයේ ආහාර ගනිමින් නිතිපතා ව්‍යායාම කරමින්, සැහැල්ලු මනසකින් සිටින පුද්ගලයාගේ ත්රිදෝෂය ඉතා යහපත්ව ක්‍රියා කරන අතර, ආහාරයෙන් ශරීරයට ලැබෙන පෝෂණය හෙවත් පංචභූතාත්මක බලපෑම ඉතා යහපත් වේ. එවිට සියක් වසක් ලෙඩ නැතුව සිටීමේ හැකියාව ලැබෙනු ඇත.

) ඉතාම ගුණයි.මෑ බී විටමින් ඉතා අධිකයි.