තරහාව ඔබ සිතේ තබා ගෙන වෛර නොබඳින්න

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තරහාව ඔබ සිතේ තබා ගෙන වෛර නොබඳින්න

    දිනක් ගුරුවරියක් විසින් සිය පන්තියේ සිසුන් සමග ක්‍රියාකාරකමක් කිරීමට සිතුවා. ~

    ඇය සිසුන්ට මෙසේ පැවසුවා.

    "ඔබ සියලුදෙනාම හෙට පාසැලට පැමිනෙනවිට අර්තාපල් අල කිහිපයක් සහිත කුඩා බෑගයක් රැගෙන එන්න."

    ඇය මෙසේ ද පැවසුවා.

    "එමෙන්ම ඒ ඒ අර්තාපල් අලය ඔබ වඩාත්ම අකමැති සහ වෛර කරන අයගේ නම් ලියා බෑගය තුලට දමන්න අමතක කරන්න එපා."

    ඊලඟ දිනයේ පාසැලට පැමිනෙන විට ළමුන් සියලුදෙනාම ගුරුවරිය පැවසූ පරිදි තම තමන් වෛර කරන සහ අකමැති අයගේ නම් ලියූ අර්තාපල් සහිත මළු පාසැලට රැගෙන ආවා.

    සමහර ළමුන්ගේ බෑගය තුල අර්තාපල් දෙකක් ද, තවත් සමහරුන්ගේ බෑගයන් තුල හතරක් මෙන්ම එක් සිසුවෙකුගේ බෑගය තුල අර්තාපල් ගෙඩි දහසයක්ද ඇති බව ඔව්න් කතා උනා.

    සියලුදෙනාම ක්‍රියාකාරකම කල ඇති බව තහවුරු කරගත් ගුරුවරිය මෙසේ පැවසුවා.

    "දැන් ඔබගේ මේ අර්තාපල් මල්ල ඔබ යන සෑමතැනකටම රැගෙන යා යුතුයි සති දෙකක් පුරාවට."
    (වැසිකිලියට පවා)

    දිනෙන් දින ගතවුනා.

    නරක්වෙමින් තිබෙන අර්තාපල් වල දුර්ගන්දය සෑම තැනකම පැතිරී ගියා.

    සිසුන් මේ පිලිබඳව එකිනෙකාට පැමිනිලි කරන්නට උනා.

    අර්තාපල් ගෙඩි දහසයක් දැමූ සිසුවාට ද බෑගය නරක් වූ අර්තාපල් සමග යන සෑම තැනකම රැගෙන යන්නට සිදූවුනා.

    ගෙවල්වලින් සහ සිසුන් යන එන තැන්වලිනුත් ඔවුන්ට ලැබුනේ යහපත් ප්‍රතිචාරයක් නම් නෙවෙයි.

    සති දෙක අවසාන වන දිනයේ සිසුන් සැනසුම් සුසුම් හෙලුවා....

    එදින පන්තියට පැමිනි ගුරුවරිය සිසුන්ගෙන් මෙසේ ඇසුවා.

    "කොහොමද ඔබගේ හැඟීම පහුගිය සති දෙක පුරාවටම"

    මුහුණු ඇඹුල් කරගත් සිසුන් සියලුම දෙනා තමන් මුහුණදුන් අපහසුතා පිලිබඳව පැමිණිලිකරන්නට උනා.

    ඒ බර නරක් වූ සහ දුර්ගන්දය සහිත අර්තාපල් බෑග් යන සෑම තැනකටම ඔසවාගෙන යෑමට සිදුවීම පිළිබඳවයි.

    සිසුන් සියලුමදෙනාට සාවදානව ඇහුම්කන් දුන් ගුරුවරිය මෙසේ පැවසුවා.

    "ඔබ කිසිවකු පිලිබඳව වෛරය සිතේ තබාගෙන සිටින විටත් මෙන්න මේ වගෙයි."

    "ඔබට ඉතාමත් අපහසු උනා දුර්ගන්දය සහිත අර්තාපල් ඔබළග තබාගන්න.

    කිසිවකු පිලිබඳව වෛරය සිතේ තබාගෙන සිටින විටත් මෙන්න මේ වගෙයි.

    ඔබේ මනස ඔබ යන සෑම තැනකම වෛරය රැගෙන යනව.

    හරියට ඔබ ගඳගහන අර්තාපල් රැගෙන ගියාවගේ.

    අර්තාපල් වල දුර්ගන්දය සති දෙකකට දරාගන්න බැරි වුනු ඔබට ,
    කිසියම් පුද්ගයෙකු පිලිබඳව ඔබේ සිතේ පවතින වෛරය ජීවිත කාලයක් සිතේ තබාගෙන ඉද්දි කොයිවගේ වෙයිද කියල සිතල බලන්න."

    ...................................................................

    👉 සිතන්න...........

    අපි කොතරම් ප්‍රමාණයකට වෛර කරනවද එදිනෙදා ජීවිතයේ මුනගැසෙන අයට, අපේ ජීවිතේ සිටින අයට.. ?

    👉 ඒ දේවල් අමතක කරල දාන තරමට එයින් හොඳ ප්‍රතිපල ලැබෙන්නෙ තමන්ටමයි.

    👉 තවත් කෙනෙකුට සමාවදීම තමයි හොඳම පලිගැනීම වෙන්නෙ

    පලිගැනීමක් නොසිතා පළමු වරද නම් සමාව දෙන්න.
    දෙවෙනි වරටත් ඒ වරද ම නම් වරද අමතක කරන්න.
    තුන්වෙනි වරටත් ඒ වරද ම නම් වරද කළ අයවත් අමතක කරන්න.

    👉 ඒ වගේම ඒ වරද හෝ තරහාව ඔබ සිතේ තබා ගෙන වෛර නොබඳින්න ඉන් මතු, එය උසස්ම ආකල්පය වෙයි.. 👑


    අන්තර්ජාලයෙන් උපුටාගත්තේ.
     
    ...



    පලිගැනීමක් නොසිතා පළමු වරද නම් සමාව දෙන්න.
    දෙවෙනි වරටත් ඒ වරද ම නම් වරද අමතක කරන්න.
    තුන්වෙනි වරටත් ඒ වරද ම නම් වරද කළ අයවත් අමතක කරන්න.



    අන්තර්ජාලයෙන් උපුටාගත්තේ.


    ඔයා අහාලා නැද වදින්න වදින්න ගහන එකත් මෝඩයා ......
    ගහන්න ගහන්න වදින එකත් මෝඩයා කියන එක