තරහ ගිය වෙලාවට කටින් පිටවෙන වචන ගැන සිය දහස් වාරයක් හිතන්න

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    උබටත් ඕකම අදාලයි නේද??
    රහත් නොව් උන ඔනෙම කෙනෙක්ට ඔක අදාලයි, රහත් උනත් සමහර රහතුන්ටත් වාසනා ගුන විදිහට සෑර පරුශ විදිහට කත කිරීම් තිබිල තියෙනව.

    පිළින්දිච්ඡ තෙරුන් පිළිබඳ කථාව.
    ─────────•••──────────

    ┏━━━━━━━━━━━━━━━━━━━━━━━━━┓
    අකක්කසං විඤ්ඤාපනිං ගිරං සච්චං උදීරයෙ

    යාය නාභිසජෙ කඤ්චි තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

    යම් වචනයෙකින් කිසිවකු කුප්වා ද, එබඳු, රළු නොවූ, දෙලෝ වැඩ හඟවන්නාවූ සබවස යමෙක් පවසන්නේ ද, එසේ වූ ක්‍ෂීණාස්‍රව පුද්ගලයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.
    ┗━━━━━━━━━━━━━━━━━━━━━━━━━┛

    "අක්කකසං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටිය දී පිළින්දිච්ඡ තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.

    උන්වහන්සේ එම වසලී - යම් වසලී - මේ ආදිය කියමින් ගිහියන්ට ද පැවිදි අයට ද වසල වාදයෙන් කථාකරමින් හැසිරෙයි. එක් දිනක් බොහෝ භික්ෂූන් වහන්සේලා මේ බව බුදුන් වහන්සේට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ පිළිදින්ච්ඡ තෙරුන් අමතා මෙය සැබෑදැයි විමසුහ. ස්වාමීනි එසේ යයි පැවසුවිට මෙම තෙරුන්ගේ පෙර විසූ කඳ පිළිවෙළ සිහිකර මහණෙනි පිළඳින්ච්ඡ තෙරුන්ට දොස් නොකියව. චෝදනා නො කරව මෙය පිළන්දිච්ඡ තෙරුන්ගේ දෝශයක් නොවේ. පිළන්දිච්ඡ තෙරුන් එක දිගට ජාති පන්සියයක්, කුල බ්‍රාහ්මණව උපන්හ. උන්වහන්සේ දිගුකලක් වසල වාදයෙන් හැසුරුනේය. රහතන් වහන්සේලා කර්කශ පරුෂ වචන. මම ගැටුම ඇති වචන නැත. වැඩි කාලයක් පුරුදු කළ හෙයින් මගේ පුතු මෙසේ කියයි. යනුවෙන් පවසා ධර්මය දේශනා කරන්නේ මේ ගාථාව පැවසුහ.

    සබ වසම කියනා

    හිත වැඩ පිණිස රඳනා

    කුපිත නො කරන දනා

    ඔහුම වේ මැයි නියම බමුණ

    එහි අකක්කසං පරුෂ නොවු, විඤ්ඤාපනිං අර්ථ දැක්වීම, හැඳින්වීම, සච්චං සිදුවු දෙය, සත්‍යය, නාභිසජෙති යාය. වචනයෙන් අනුන් කුපිත කිරීම වසයෙන් නොඇලේද. ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා මෙබඳුය. තමහං බ්‍රාහමණං වදාමි මම ඔහු බ්‍රාහ්මණ යයි කියමි.

    යම් වචනයකින් කිසිවෙකු කුපිත නොකෙරේද රුදුරු බවට නො පැමිණෙන්නේද? යහපත සලසන සැබෑ තෙපුල් යමෙක් කියන්නේද. ඒ තැනැත්තා බ්‍රාහ්මණ යයි මම කියමි. දේශනය අවසානයේ බොහෝදෙනෙක් සෝවාන් ඵලයට පත්වූහ.
    ------ Post added on Sep 24, 2023 at 10:02 AM
     
    • Like
    Reactions: NRTG and S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    රහත් නොව් උන ඔනෙම කෙනෙක්ට ඔක අදාලයි, රහත් උනත් සමහර රහතුන්ටත් වාසනා ගුන විදිහට සෑර පරුශ විදිහට කත කිරීම් තිබිල තියෙනව.
    එහෙම බෑ. උඹලා බණ අහනවානෙ, ඉතිං උඹලාට අංශුමාත්‍රයකවත් තරහක් එන්න බෑ බෑ බෑමයි 😂 සැරට වචනයක් කියන්න බෑ බෑ බෑමයි. 😂
    බණ අහන්නැති අය නම් මොන වැරැද්දක් කළත් ප්‍රශ්නයක් නෑ.

    (ඔන්න ඔහොම තමයි සමහරු හිතාගෙන ඉන්නෙ. 🤷)

    * Post එක නම් බැලුවෙ නෑ, මට facebook එකේ ඒවා පේන්නෑ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    5
    මනුස්සය දර්ම දානෙ දීල පිං රැස් කරනව වෙන්ඩෑ
    ශ්රේෂ්ඨතම දානය ධර්ම දානය වන්නේ ඇයි?

    "බුදු රජාණන් වහන්සේ කියනවා ලෝකයේ දානයන් අතරින් ශ්රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා.ධර්ම දානය නොදීම නිසා තමන්ට ධර්මය ලැබෙන්නෙ නැහැ හුඟක් වෙලාවට.සමහරුන්ට ධර්මය වැඩක්ම නැහැනෙ,තේරෙන්නෙ නැහැනෙ.නමුත් මනුස්සයො වෙලා ඉපදුනා.

    මනුස්සයො වෙලා ඉපදෙන්න කුසලයක් තියෙන්න ඕන.නැත්නම් මනුස්සයො වෙලා ඉපදෙන්නත් බැහැ.

    පෙර ජීවිතයේ මනුස්සයො වෙලා ඉපදිල ඉදල පින් දහම් කළා.බණත් ඇහුවා.ඒ නිසා මනුස්ස ජීවිතයක් ලැබුවා.නමුත් ඒගොල්ලො මේ ධර්ම දානය කියන එක දුන්නෙ නැහැ.අනුන්ට බණක් කියල දෙන්න,ධර්ම පොතක් දෙන්න වගේ දේවල් කළේ නැහැ.එහෙම වුණාමතමන්ට ධර්මය වැටහෙන්නෙ නැහැ.කොසොල් රජ්ජුරුවන්ට හිටපු සංතිස්ස ඇමතිවරයා රහත් වෙන්න කලින් දවසෙ බීල හිටියෙ හොඳටම.රජ්ජුරුවො ඔහුට සතියකට රජකම දීල ඔහු අන්තඃපුරයේ බිසවුන් එක්ක හොඳට සතුටු වෙවී හිටියෙ.ඒ බීල ඉන්න වෙලාවක ඔහු බුදු රජාණන් වහන්සේ ලඟින්ඇතා පිටේ යනවා. බුදු රජාණන් වහන්සේ දැක්කාම ඇතා පිටින්වත් බැස්සෙ නැහැ.එතකොට බුදු රජාණන් වහන්සේ සංඝයාට කියනවා

    "මහණෙනි,ඔය ඇතා පිටින් යන ඇමතියා හෙට උදේ වෙද්දි රහත් වෙනවා "
    කියලා.දැන් එතකොට සංඝයාට මේක ප්රශ්නයක් වුණා.මේ බීල යන කෙනෙක් කොහොමද හෙට උදේ වෙද්දි රහත් වෙන්නෙ කියලා.ඔවුන් සිතුවා අවුරුදු ගණනක් බණ භාවනා කරලත් අපට සෝවාන් වෙන්නවත් බැරි වුණා.එහෙම වෙද්දි මේ බීපු කෙනෙක් කොහොමද හෙට උදේ වෙද්දි රහත් වෙන්නෙ කියලා.ඉතින් අර ඇමතියා අන්තඃපුරේ ඉන්න තමන් කැමතිම බිසව එක්ක සතුටු වෙවී ඉද්දි ඇය එක පාරටම මැරෙනවා පපුවෙ අමාරුවක් හැදිලා.මොහුට ඒ ගැන ශෝකය ඇති වෙලා බුදු රජාණන් වහන්සේ ලගට ගියාම,බුදු රජාණන් වහන්සේ බණක් කියද්දි ඔහු එතනදිම රහත් වෙනවා.

    එතනදිම රහත් වෙලා ඔහු පිරිනිවන් පානවා අකුසල් විපාක දීලා.ඔහු ගිහියෙක් හැටියටමයි රහත්වෙන්නෙ.රජ ඇඳුම ඇඳගෙන ඉද්දි.නමුත් රහතන් වහන්සේ කෙනෙක්.කවුරුත් දන් නැහැ ඔහු රහත් වුණා කියලා.බුදු රජාණන් වහන්සේ විතරයි දන්නෙ.බුදු රජාණන් වහන්සේ කියනවා

    මේ දේහය පුච්චලා ඉතිරි වෙන ධාතුන්වලින් සෑයක් හදන්න කියලා.ඉතින් සෑයක් හදන්නෙ සාමාන්යයෙන් රහතන් වහන්සේලාටනෙ.ඉතින් ස්වාමින් වහන්සේලා අහනවා ඇයි මේ සෑයක් හදන්නෙ ගිහියෙක්නෙ මැරුණෙ කියලා.එතකොට බුදු රජාණන් වහන්සේ කියනවා

    "ඔව් ඔහු ගිහියෙක් තමයි ඒත් ඔහු අරිහත්භාවයට පත් වෙලයි පිරිනිවන් පෑවෙ"කියලා.

    දැන් එතකොට හාමුදුරුවන්ට මේක ප්රශ්නයක්,කොහොමද මේ බීල හිටපු කෙනෙක් අරිහත්භාවයට පත් වුණේ කියලා.ඊයෙ හොඳටම බීල වෙරිමතින්නෙ හිටියෙ.එතකොට බුදු රජාණන් වහන්සේ කියනවා මොහු කාශ්යප බුදු රජාණන් වහන්සේගෙකාලයේ මනුස්සයෙක් වෙලා ඉපදුනා.(කාශ්යප බුදු රජාණන් වහන්සේ අවුරුදු විසි දහසක් ජීවත්වුණ බුදු කෙනෙක්.ඒ කාලෙ මිනිස්සු අවුරුදු විසි දහසක් විතර ජීවත් වෙනවා.)ඔහු ජීවත් වුණේ පාරක හංදියක වගේ තැනක බුලත් විට කඩයක් වගේ කඩයක් දාගෙන.කාශ්යප බුදු රජාණන් වහන්සේ වැඩ සිටින්නෙඒ පැත්තෙම තපෝවනයේ.ඉතින් ඔහු එහෙට ගිහිල්ලා කාශ්යප බුදු රජාණන් වහන්සේගෙන් බණ අහල පැහැදෙනවා.නමුත් සෝවාන් වෙන්නෙ නැහැ.
    පැහැදෙනවා .ආයෙමත් බණ අහන්නවත් සිල් ගන්නවත් මොකකටවත් යන්නෙ නැහැ.ඔහු මොකද කරන්නෙ අර හංදියෙ ඉඳන් එතනට එනහැම කෙනෙකුටම කියනවා

    "අන්න බුදු රජාණන් වහන්සෙ ඉන්නවාතපෝවනේ.ගිහිල්ලබණඅහන්න"කියලා .ඔහු අවුරුදු අවුරුදු විසි දහසම ඒක තමයි කරන්නෙ.ඔහු සිල් ගන්නවත් දන් දෙන්නවත් ගියේ නැහැ.අර දේ තමයි කළේ.ආපු මිනිස්සු දහස් ගණන් බණ අහල රහත් වුණා.සමහරු සෝවාන් වුණා.සමහරු අනාගාමී වුණා.දස දහස් ගණනක් මිනිස්සු නිවන් දැක්කා.නමුත් අර මනුස්සයට මුකුත් වුණේ නැහැ.

    බුදු රජාණන් වහන්සේ කියනවා අන්න ඒ කුසලය තමයි මොහුට විපාක දුන්නෙ කියලා.ඔහු ශීලයක් නොරැක්කාට අර දස දහස් ලක්ෂ ගණනකට ශීලය රකින්න කළ උපකාරය ඔහුට කුසල් විපාකයක් වුණා කියල බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා.

    සංසාරයේදි අන්න ඒ විදියේ දේ නොකළ අයට කොච්චර ධර්මය කිව්වත් ඔවුන්ට ඒවා වටින්නෙ නැහැ.ඒනිසා ලෝකයේ ශ්රේෂ්ඨම දානය ධර්ම දානය බව තෙරුම් ගන්න.ඒකෙන්මයි අපට මාර්ගය පාදල දෙන්නෙ.කොතන ගියත් ක්ෂණිකව ඒ මාර්ගය පාදල දෙනවා සංසාරයේදි.දැන් ඔබ කියනවනෙමේ අහන බණ ගිහිල්ල බිරිඳට කියනවා කියලා.නමුත් සමහරු බිරිඳට තියා කාටවත්ම කියන්නෙ නැහැ,කැමති නැහැ කියන්න.ඉතින් ඒ නිසා තමන් අහන ධර්මය අනික් අයටත් කියන්න.මොකද ඒක තමයි ලෝකයේ තියෙන ශ්රේෂ්ඨම දානය.ගිලන්පස ආහාර දාන වගේ නෙවේ.ප්රඥාව වැඩෙන්නේ ධර්ම දානයෙන්මයි.ඒ නිසා තමන් අහන ධර්මය තව කෙනෙකුට කියන්න.තව කෙනෙකුට බණ අහන්න සලස්වන්න.ඒක ගොඩක් උපකාරි වෙනවා ප්රඥාව වැඩෙන්න.අනෙක් දාන දුන්න කියල හුඟක්ම වැඩෙන්නෙ ආයුෂ වර්ණ සැප බල විතරයි .ප්රඥාවක් වැඩෙන්නෙ නැහැ.
    ධර්ම මාර්ගයේ යන්නනම් ප්රඥාවයි වැඩෙන්න ඕන.ප්රඥාව තමයි අපට මේ මාර්ගය පෙන්වන්නෙ.

    සමහරු හොඳ වටිනා බණ අහල යනවා.නමුත් අනෙක් අයට ඒ ගැන කියන්නෙ නැහැ.අඩුම ගණනෙ තව කෙනෙක් තමන්ව හාමුදුරුවො ලඟට එක්කන් යන්න කිව්වත් එක්කන් යන්නෙ නැහැ.එයා කැමති නැහැ අනිත් කෙනා බණ අහනවට.
    එනිසා කවදාකවත් එයාට ඒ ධර්මයෙන් ප්රයෝජනයක් ලැබෙන්නෙ නැහැ.ධර්මයෙන් ප්රයෝජනයක් ලැබෙන්නෙ අනුන්ට ධර්මය දෙන තරමට.
    අතහැරීමක් එතනදි වෙන්නෙ.ඒනිසා තමයි බුදු රජාණන් වහන්සේ කියන්නෙ ලෝකයේ දානයන් අතරින් ශ්රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා. මේවා බොහොම සැඟවිලා තියෙන කරුණු.මේ කාරණා මිනිස්සු කියන්නෙ නැහැ.කියන්න දන්නෙ නැහැ.සමහරුන්ට බණ ඇහුවට දැනෙන්නෙ නැහැ.තේරෙන්නෙ නැහැ.එතනින් ඉවරයි.අමතක වෙනවා.සමහර විට බණ අහද්දිත් වෙන දෙයක් ගැන හිතනවා.එහෙම වෙන්නෙ පෙර ජීවිතවලදි ධර්ම දාන දීල නැති නිසා."
     
    • Haha
    • Like
    Reactions: S_M_S and Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    5
    ශ්රේෂ්ඨතම දානය ධර්ම දානය වන්නේ ඇයි?
    Happy Episode 2 GIF by America's Got Talent
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    අම්බපාලි වෛශ්‍යාවක් විමට හේතුව​

    මෙතුමිය විශාලා මහ නුවර අඹ උයනක අඹ අතු අතර ඕපපාතිකව (මාපියන් නැතිව) පහළ වූවා ය. ඇයගේ විශිෂ්ඨ රූපය නිසා සියළු රජ දරුවන්ට, සිටුවරුන්ට පාරිභෝගයට නගර සෝභනියක් ලෙස ප්‍රසිද්ධ කරන ලදි. ඈ මෙලෙස අසරණියක් වූයේ, සිඛී බුදු සසුන කාලයේ මෙතුමිය බ්‍රාහ්මණ කුලයක ඉපිද කිපුණු සිතින් රහත් මෙහෙණකට “වෛශ්‍යාවක් මෙන් අනාචාර ඇතිව බුදු සසුන දූෂණය කරන්නී ය” යැ යි ආක්‍රෝෂ කල බැවිනි. ඒ පවින් නිරා දුක් විඳින්ට ද විය. දස දහසක් ජාතියන් හී ගණිකාවක් ම වූවා ය. නපුරු වූ විෂක් අනුභව කළාක් මෙන් ඒ පාපයෙන් ගැලවී ගත නො හැකිව මේ අවසන් දිවියේදී ද ගණිකාවක්ව ම වූවා ය. පසුව බුදු සසුනේ පැවිදිව රහත්ව සම්බුදු දුවණියක් වූවා ය.


    ------ Post added on Sep 25, 2023 at 2:09 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අම්බපාලි වෛශ්‍යාවක් විමට හේතුව
    මෙතුමිය විශාලා මහ නුවර අඹ උයනක අඹ අතු අතර ඕපපාතිකව (මාපියන් නැතිව) පහළ වූවා ය. ඇයගේ විශිෂ්ඨ රූපය නිසා සියළු රජ දරුවන්ට, සිටුවරුන්ට පාරිභෝගයට නගර සෝභනියක් ලෙස ප්‍රසිද්ධ කරන ලදි. ඈ මෙලෙස අසරණියක් වූයේ, සිඛී බුදු සසුන කාලයේ මෙතුමිය බ්‍රාහ්මණ කුලයක ඉපිද කිපුණු සිතින් රහත් මෙහෙණකට “වෛශ්‍යාවක් මෙන් අනාචාර ඇතිව බුදු සසුන දූෂණය කරන්නී ය” යැ යි ආක්‍රෝෂ කල බැවිනි. ඒ පවින් නිරා දුක් විඳින්ට ද විය. දස දහසක් ජාතියන් හී ගණිකාවක් ම වූවා ය. නපුරු වූ විෂක් අනුභව කළාක් මෙන් ඒ පාපයෙන් ගැලවී ගත නො හැකිව මේ අවසන් දිවියේදී ද ගණිකාවක්ව ම වූවා ය.


    anna hari tho wage awajathako, jathaka wela thiyenneth oya wage wesa ganunta thamai