තරුකැට සරදම් කරනු එපා......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තරුකැට සරදම් කරනු එපා......

    සීත රැයේ සැඩ සුලගේ තරමට..
    කිසිදිනවත් යලි හමුනොවනා ලෙස...
    සද අහිමිව තැවෙනා සිත් අහසට..
    තරුකැට සරදම් කරනු එපා......
    තරුකැට සරදම් කරනු එපා......


    රක්ත දෙනෙත් පොගනා කදුලක බර
    දවස පුරා උහුල‍ාගෙන මෙරකට...
    රැයට තුරුළු වී ඉකිබිදිනා සද...
    ඒ කදුලට දොස් තබනු එපා.........


    ඇසුනු කථා වෙනතක පලවා හැර...
    හිතට වහල් වූ තරම දනී ඔබ...
    රකින ලෙසින් රළ පෙල ගොඩබිම සිට...
    මුහුදට තව දොස් නගනු එපා......


    සොදුරු ලොව කරා අත්වැල රන්දන
    මිහිරි හැගුම් ගෙනෙනා මන බන්දන..
    සොදුරු යුගය මෙලෙසින් වී අවසන..
    මතකය පීඩා කරනු එපා......

     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මතකය පීඩා කරනු එපා......
    23.gif