තරුණයෙකුගේ අත්පා බැද දේශපාලකයෙකුගේ නිවසට ගෙනිහින්.. මරා දමලා යයි පරීක්‍ෂණ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    සිය පෙම්වතිය මුණගැසීමට ඇගේ නිවසට පසුගිය 22 වෙනිදා ගිය මොහොතේ සිට අතුරුදන්ව සිටින කුලියාපිටියේ පදිංචි තරුණයාව අත්පා බැඳ මෝටර් රථයක දමාගෙන වයඹ පළාතේ හිටපු දේශපාලනඥයකුගේ නිවසකට රැගෙන ගොස් ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පොලිසිය ආරම්භ කර ඇත.

    මෙම තරුණයාව අතුරුදන් කර ඇතැයි කියැවෙන පෙම්වතියගේ පියා කුලියාපිටිය රෝහලේ සේවයේ නිරත සුළු සේවකයකු බව ද පොලිසිය කියයි. තරුණයා අතුරුදන් කර ඇත්තේ සිය දියණිය මගින් තරුණයාව නිවසට ගෙන්වාගෙනය. මෙම අපරාධය කල්තියා පෙම්වතියගේ පියා විසින් සැලසුම් කර තිබී ඇති බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

    ඒ සඳහා පෙම්වතියගේ පියා විසින් කැප්පෙටිපොළ ප්‍රදේශයෙන් හිතවතුන් දෙදෙනෙක් ගෙන්වාගෙන සිට ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. මේසන් බාස්වරු වන ඔවුන් දෙදෙනාව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (29) සිය භාරයට ගෙන තිබේ. ප්‍රශ්න කිරීම් හමුවේ දී ඔවුන් පවසා ඇත්තේ තරුණයාගේ ජීවිතයට එම අවස්ථාවේ දී කිසිඳු හානියක් නොකළ බවය. මෝටර් රථයේ දමාගෙන දේශපාලනඥයෙකුගේ නි‍ෙවසකට ඔහුව රැගෙන ගිය බව ඔවුන් පවසන බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. තරුණයාට ඉන් එහාට සිදුවූයේ කුමක්දැයි තමන් නොදන්නා බව ඔවුන් දෙදෙනා පවසා ඇත.


    මෙම පුද්ගලයන් සැබෑවක් පවසන්නේ දැයි සොයා වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුවන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. කුලියාපිටියට ඔවුන් දෙදෙනාව රැගෙන ඒමෙන් පසු අදාළ දේශපාලනඥයාගේ නිවසට ඔවුන් දෙදෙනාගේ මඟපෙන්වීම මත ගොස් පරික්ෂා කිරීමට නියමිතය. මේ වන විටත් පොලිසියේ බුද්ධි නිලධාරීන් එම දේශපාලනඥයාගේ නිවස පිහිටි ප්‍රදේශයේ ආවේක්ෂණ කටයුතුවල නිරතව සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    මෙම දේශපාලනඥයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ අතුරුදන්ව සිටින තරුණයාගේ පෙම්වතියගේ පියා ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන අයෙක් බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    පොලිසිය සැකකරනුයේ අතුරුදන්ව සිටින තරුණයාගේ ජීවිතයට මේ වන විට හානියක් සිදුව ඇති බවය. පෙම්වතියගේ පියා විසින් පවුලේ සාමාජිකයන් ද රැගෙන පලාගොස් ඇත්තේ ඒ නිසා විය හැකි බව ද පොලිසිය සැක පහළ කරයි.

    තරුණයාව නි‍ෙවසට ගෙන්වාගෙන මෙම අපරාධය කර ඇති බවත් ඒ වෙනුවෙන් මෝටර් රථයක් පවා ඊට දින දෙකකට පෙර කුලී පදනම මත ලබාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ. තරුණයාගේ අතුරුදන්වීමෙන් පසු මෝටර් රථය නැවත කුලියට ගත් ස්ථානයට ලබා දී කුඩා වෑන් රථයක් කුලියට ගෙන ඇති බව ද අනාවරණය වී තිබේ.

    කුලියාපිටිය කබලෑවේ පදිංචිකරුවෙක් වන 31 හැවිරිදි වියේ පසුවන සුසිත් ජයවංශ නමැති තරුණයා මෙසේ අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි. ඔහු ආහාර පාන අලෙවිසලක් පවත්වාගෙන යන්නෙක් බව ද පොලිසිය කියයි. ඇගේ පෙම්වතිය අවුරුදු 18ක් වයසැති තැනැත්තියකි. පෙම්වතියත් ඇගේ 12 සහ 08 යන වයස්වල පසුවන සහෝදරියත් සහෝදරයාත් මවුපියනුත් මේ වන විට ගේ දොර අතහැර දමා පලාගොස් සිටිති. ඒ හැරුණුකොට යාබද නිවසක පදිංචිව සිටි පෙම්වතියගේ පියාගේ නැඟණියත් නැඟණියගේ සැමියාත් ගේදොර අතහැර පලාගොස් සිටින්නන් අතර සිටින බව පොලිසිය කියයි.


    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    kalin news eka


    පෙම්වතිය බලන්න ගිය පෙම්වතා සතියක් තිස්සේ අතුරුදන්​


    kuliyapitiya-incident

    සිය පෙම්වතිය බව කියන තරුණියකගේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවෙසකට ගිය තිස් හැවිරිදි අයකු දින හතක් තිස්සේ අතුරුදන්ව ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.මෙම පුද්ගලයා අතුරුදන් වූ දින සිටම ඔහුගේ පෙම්වතිය බව කියන තරුණිය ඇයගේ පියා මව සහ සහෝදරයන් දෙදෙනා පදිංචි නිවෙස වසා දමා
    ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.මීට අමතරව තරුණියගේ ඥාතියකු ද ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින බව කියති. මෙසේ අතුරුදන්ව ඇත්තේ කුලියාපිටිය, ඇබව, දීගල්ලේ සුසිත් ජයවංශ නමැති අයකු බව පොලිසිය කියයි. ඔහු ප්‍රදේශයේ චීන අවන්හලක් පවත්වාගෙන යන අතර නිත්‍යානුකූල බිරිඳගෙන් දික්කසාද වී සිටින්නකු බව ද පොලිසිය සඳහන් කරයි.


    ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින පෙම්වතිය බව කියන තරුණියට අමතරව තවත් පෙම්වතියක ඔහුට සිටින බවට තොරතුරු හෙළි වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.අතුරුදන්ව සිටින මෙම පුද්ගලයාගේ පෙම්වතිය බව කියන තරුණියගේ පියා අවසන් වරට පැවැති පළාත් පාලන මැතිවරණය සඳහා කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර පරාජයට පත්වූවකු බව ද පැවැසේ.ජයවංශ නමැත්තා අභිරහස් ලෙස අතුරුදහන් වීමෙන් පසු ඔහුගේ පෙම්වතිය බව කියන තරුණිය ඇතුළු පවුලේ අය මෝටර් රථයකින් පලා ගොස් ඇති බවට ද තොරතුරු හෙළි වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.අතුරුදන් තැනැත්තාගේ අනෙක් පෙම්වතිය බව කියන තරුණියගෙන් ද පොලිසිය ඊයේ දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන ඇත.


    ජයවංශ නැමැත්තාට වෙනත් සම්බන්ධයක් තිබූ බව තමා නොදන්නා බව එම තරුණිය පොලිසියට පවසා ඇතැයි දැනගැනීමට ඇත. අතුරුදන්ව සිටින ජයවංශ නමැත්තා ඝාතනය කර සිරුර සගවා ඇද්ද, එසේත් නැත්නම් කිසියම් ප්‍රදේශයක බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින්නේ දැයි යන්න සොයා ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.දින 7 ක් තිස්සේ අතුරුදන්ව සිටින මෙම පුද්ගලයා ගැන ඊයේ වනතුරුත් කිසිදු හෝඩුවාවක් ලැබී නොමැති බව පොලිසිය කියයි.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කුලියාපිටියේ.. වස්සවුල්ල , දික් හැර පදිංචි සිගිති ( සුජිත් ෆෙනාන්ඩො) 803012512v දරණ අයගෙ නිවසට.. අප්‍රේල් 22 උදේ 10:30 පමණ
    සුසිත් ජයවංස යන තරුණයා පුද්ගලික ප්‍රශ්නයක් කතා කිරීමට ගොස් ඇත.. එතැන් පටන් ඔහු ආගිය අතක් නැත..😨
    සිගිති නමින් හදුන්වන සුජිත් ෆෙනාන්ඩො යන අය ද පවුල පිටින් සැගවී සිටී.. මොවුන් පිලිබද තොරතුරක් දන්නේ නම් හෝ ඔවුන්ව දැක්කොත් හැකි ඉක්මනින්ම ලගම ඇති පොලිසියට දැනුම් දෙන්න..🙏 @highlight
    1714458966740.png
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කොල්ලගෙයි මාමගෙයි වයස් පරතරය අවු 13,
    කොල්ලගෙයි කෙල්ලගෙයි වයස් පරතරය අවු 13
     
    • Wow
    • Like
    Reactions: NRTG and Ryan08

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරියට ප්ලෑන් කරලත් අහු නොවෙන්න කරගන්න බෑරි වුන එක නම් අපරාදේ. මූ කෙල්ලව අමාරුවේ දාන්න ට්‍රයි කරලා තියෙන්නේ කොල්ලෙක් විදිහට. තාත්තා කෙනෙක් විදිහට අර මිනිහා යුතුකම කරලා. දෙන්නම නිවෑරිදියි. ඉස්සර වුන එකා දිනුවා
     
    • Haha
    • Sad
    Reactions: Mr.dark and NRTG

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,686
    10,280
    113

    පොලිසියේ බුද්ධි නිලධාරීන් එම දේශපාලනඥයාගේ නිවස පිහිටි ප්‍රදේශයේ ආවේක්ෂණ කටයුතුවල නිරතව සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය
    Thanks for sharing bro ❤️
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Meanwhile ජඩ මාධ්‍ය: ඔය දේශපාලකයා
    අරගලේ කූලියාපිටිය සංවිධායක කෙනෙක් 🤣🤣
     
    • Haha
    Reactions: NRTG and SLK_sri

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕක තමයි කියන්නේ කෙල්ලෙක් එක්ක යාළු වෙද්දී ඒකී කොහොම පවුලක කෙල්ලෙක්ද කියලත් හොයලා බලපල්ලා කියලා. අනී පවුලේ උන්ගෙන් වැඩක් නෑ මම ගන්නේ කෙල්ල විතරයි කියලා හිතුවොත් ඉතිං බඩුම තමයි.කතාබහා කරලා ප්‍රශ්නයක් විසදගන්න බැරි සත්තු වගේ උන්ගේ ගෙවල් වලින් කසාද කරගන්න හිතන්නවත් එපා