තරුණියන් සමග ලිංගිකව හැසිරී ඒවා වීඩියෝගත කොට සන්තකයේ තබාගෙන සිටි චීවරධාරීයෙකු බෙන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලීසිය සඳහන් කළේ බෙන්තොට රන්දාගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය.
සැකකාර චීවරධාරියා තරුණියන් දෙදෙනෙකු සමග ලිංගිකව හැසිරී එම දර්ශන වීඩියෝගත කොට සිය පරිගණකයේ ගබඩා කරගෙන තබා ගෙන ඇත.
පරිගණකය අලුත් වැඩියාවක් සඳහා ලබා දී ඇති අවස්ථාවක මෙම අසභ්‍ය වීඩියෝ දර්ශන පිළිබඳ අනාවරණය වී ඇති අතර සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.



http://www.newsfirst.lk/sinhala/node/25069


