තරුණ ගෑණු ලමයි ඉන්නවද...?

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    තරුණ ගෑණු ලමයි ඉන්නවද...?


    ඔන්න දවසක් පොරකට එදා දවසේ ඒ පාරේ යන අන්තිම බස් එකත් අල්ලගන්න බැරි උනාලූ... අනේ මේ මනුස්සයට ඉන්න හිටින්න කිසිම තැනක් නෑලූ... බස් හොල්ට් එකක්වත් නෑ.. අන්තිමේදි හිතාගත්තා අද රෑට ලග ගෙදරක නතර වෙන්න ඕනේ කියලා...

    tired-face.jpg


    ඔන්න දැන් ඉන්න ගෙදරක් හොයාගෙන යනවලු... ඔන්න ගෙවල් සෙට් එකක්ම තියෙනවලු...

    ගෙදරක් ලගට ගිහින් ඇහුවලු... ගෙදර කව්ද ඉන්නේ......
    ඔන්න ආවලු ඒ ගෙදර අයිතිකාරයා...
    අනේ මහත්තයෝ මේ ගෙදර මට අද රෑට විතරක් මෙහෙ නිදාගන්න පුලුවන්ද, මට අන්තිම බස් එක අල්ලාගන්න බැරිඋනා...
    ගෙදර අයිතිකාරයා - අනේ කණගාටුයි මේ ගෙදර තරුණ ගෑණුලමයි ඉන්නවා ඒක හන්දා කවුරුවත් නතරකරගන්න විදිහක් නෑ...

    tired-face.jpg


    ඊට පස්සේ කමක් නෑ වෙන ගෙදරකින් අහනවා කියලා වෙන ගෙදරකට ගියාලු...
    ඒ ගෙදර දොරට තට්ටු කලාම වයසක ගෑනු කෙනෙක් අවිත් දොර ඇරියලු.
    පොර කීවලු, අනේ ඇන්ටි මේ ගෙදර මට අද රෑට විතරක් මෙහෙ නිදාගන්න පුලුවන්ද, මට අන්තිම බස් එක අල්ලාගන්න බැරිඋනා...
    වයසක ගෑනු කෙනා- පිස්සුද ලමයො මේ ගෙදර තරුන ගහනු ලමයි ඉන්නව, ඉතින් ඔහොම අඳුරන්නෙවත් නති කෙනෙක්ව නතර කරගන්න පුලුවන්ද. බොහොම කනගටුයි.

    exhausted-face.jpg


    ඊට පස්සේ තවත් ගෙදරකට ගිහින් ඇහුවලු....
    ගෙදර අයිතිකාරයා- විකාර කතා කරන්න එපා මෙහේ තරුණ ගැනු ලමයි ඉන්නව (දොර වහයි )

    22173-Clipart-Illustration-Of-A-Yellow-Emoticon-Face-Mad-With-Anger-Gritting-His-Teeth.jpg


    දැන් පොරට හොඳටම මල...
    ගෙවල් කිහිපයකින් ඇහුවත් හැම ගෙදරකින්ම එකම උත්තරක් ලැබුන නිසා මෑන්ට හොදටම එපාවෙලා... තවත් ගෙදරකට ගියාලු නිදාගන්න තැනක් ඉල්ලාගන්න...
    ඒ ගෙදර අයිතිකාරයාගෙන් මෙහෙම ඇහුවලු... මෙහෙ තරුණ ගෑණු ළමයි ඉන්නවද...?
    අයිතිකාරයා - ඇයි ඔය ලමයා එහෙම ඇහුවේ...?
    මෑන්- මට නිදාගන්න
    අයිතිකාරයා - %#$^%*&%&^$ (සමග ගමකින් කෑම )

    black-eye-smiley-md.png




    :lol: හොඳයි නම් සලකල ගියාට තරහ නෑ :)
    0511-1306-1211-2926_Tired_Smiley_Face_clipart_image.jpg