තරුෂි ගේ ඔලිම්පික් සිහිනයට.............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    අකුල් හෙළන නිලධාරීන්.............

    මහා සක්කිලි හැත්තක් ඉන්නෙ ලංකාවෙනම්.........

    1.jpg


    ලොව සෑම රටක්ම ඔලිම්පික් උලෙළට සහභාගි වීම සඳහා එම රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහසුකම් සපයා දී, ඔවුන්ව දිරිගන්වන පසුබිමක, මෙරට ක්‍රීඩා බලධාරීන් සිදුකරන්නේ ඔලිම්පික් කඩඉම පෙනෙන මානයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගැනීමේ මං අහුරමින් ඔවුන්ට අකුල් හෙළීමයි.


    මේ පුවත ඔලිම්පික් කඩඉම පෙනෙන මානයේ සිටින ශ්‍රී ලංකාවේ කැපීපෙනෙනම මලල ක්‍රීඩිකාව වන 19 හැවිරිදි තරුෂි කරුණාරත්නට මෙරට මලල ක්‍රීඩා බලධාරීන් සිදුකළ අසාධාරණයක් පිළිබඳව ය.


    එළැඹෙන ජූලි මාසයේ ආරම්භවීමට නියමිත පැරිස් ඔලිම්පික් උලෙළ ට සුදුසුකම් ලබාගැනීමට අවශ්‍ය පරිසාධන මට්ටම සපුරාගැනීමේ අරමුණ සහිතව මෙරට මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඊයේ (27) දියගමදී අවසන් වූ 102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි විය.


    ඔලිම්පික් කඩඉම ආසන්නයේ සිටින කාන්තා මීටර 800 ඉසව්වේ ආසියානු රන් පදක්කම් ලාභිනිය වන තරුෂි කරුණාරත්න ද ඒ අතර සිටියාය.


    පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ලොව පුරා ක්‍රීඩිකාවන් 48 දෙනෙක් සුදුසුකම් ලැබීමට නියමිත අතර තරුෂි කරුණාරත්න ඊයේ වනවිට ROAD TO PARIS ශ්‍රේණිගත කිරීම්වල 49වැනි ස්ථානයේ පසුවූවාය.


    ඒ අනුව ඊයේ පැවති ඉසව්ව තරුෂිට ඉතා තීරණාත්මක ඉසව්වක් විය.


    තරුෂිගේ මීටර 800 ඉසව්වේ අවසන් තරගය ඊයේ උදෑසන 7.50ට ආරම්භ වීමට නියමිතව තිබුණත්, අළුයම සිට ඇදහැලුණු වර්ෂාවෙන් ධාවනය පථයේ ජලය රැඳී තිබුණි.


    එහිදි තරුෂිගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා මලල ක්‍රීඩා බලධාරින්ගෙන් ඉල්ලා ඇත්තේ, ඉසව්ව ආරම්භ කිරීම පමාකරන ලෙසය.


    වර්ෂාව ඇදහැලෙන අවස්ථාවේ ධාවනය යෙදීම අපහසු නිසාත්, මීටර 800 ධාවන ඉසව්වේ වැදගත්ම මංතීරුව වන පළමු මංතීරුවේ ජලය රැඳී තිබීමත් මත පුහුණුකරු එම ඉල්ලීම සිදුකර ඇත.


    ඒ අනුව බලධාරීන් පුහුණුකරුට පවසා ඇත්තේ, වර්ෂාව නොමැති අවස්ථාවක තරගය පවත්වන බවත් පළමු මංතීරුවේ රැඳී තිබෙන ජලය ද ඉවත් කරන බවත්ය.


    එලෙස පොරාන්දු වුවත් බලධාරීන් සිදුකර තිබුණේ, වර්ෂාව මධ්‍යයේම තරුෂිගේ ඉසව්ව ආරම්භ කිරීමය.


    එමෙන්ම පළමු මංතීරුවේ රැඳී තිබූ ජලය ඉවත් කිරීමට ද ඔවුන් පියවර ගෙන තිබුණේ නැත.


    ධාවනයට කිසිසේත්ම නුසුදුසු පරිසරයකදී මීටර 800 ඉසව්වට සහභාගි වූ තරුෂිට එය නිමකිරීම සඳහා ගතවූ කාලය මිනිත්තු 2යි තත්පර 4යි දශම 2යි 2කි.


    නමුත්, තරුෂිගේ පුහුණුකරු සඳහන් කළේ මිනිත්තු 2යි තත්පර 3ක කාලයකින් තරුෂි ඉසව්ව නිම කිරිමට සැලසුම් කර තිබූ බවත්, සැලසුම් කළ කාලය වාර්තා කළේ නම් ශ්‍රේණිගත කිරීම්වල 39වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමින් පැරිස් ඔලිම්පික් උලෙළ ට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව සුරක්ෂිත කරගැනීමට තිබූ බවය.


    නමුත් ඊයේ වාර්තා කළ කාලයත් සමග හිමිවූ ප්‍රසාද ලකුණු ප්‍රමාණයෙන් තරුෂිට ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකිවූයේ 42වැනි ස්ථානය දක්වා පමණී.


    ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගැනීමේ කාලය මේ මස 30වනදා අවසන්වන බැවින් තවත් රටවල් රැසක ජාතික තරගාවලි ඉදිරි දින දෙක තුළ පැවැත්වීමට නියමිතව ඇත.


    එම තරගාවලි වලදී තවත් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණියහොත් තරුෂිගේ පැරිස් ඔලිම්පික් සිහිනය බොඳව යනු ඇති.


    මෙරට මලල ක්‍රීඩා බලධාරීන් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ ඔලිම්පික් බලාපොරොත්තු බිඳ දැමීමට උත්සාහ දැරූ පළමු අවස්ථාව මෙය නොවේ.


    ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට අපොහොසත් මෙරට බලධාරීන්, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකගේ ඔලිම්පික් සිහිනය වෙනුවෙන් කළ ඉතා සුළු ඉල්ලීමත් නොසලකා හරින්නේ ඇය ? ඔලිම්පික් උලෙළට සහභාගි වනු දැකීමට ඇති අකමැත්ත නිසා ද?


    තනතුරුවලින් හිස් උදුම්මවාගත් බලධාරීන් සිදුකරන මෙවැනි ජාතික අපරාධ පිළිබඳ ක්‍රිඩා අමාත්‍යවරයා අවශ්‍ය පියවර නොගතහොත්, අනාගතයේදීත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ඉලක්ක කරා යාම සිහිනයක්ම වනු ඇත.

    https://sinhala.adaderana.lk/news/198267
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,854
    113
    සිරාවටම කාලකන්නි ඉන්නේ බන්... ඔලිම්පික් යන්න තේරුණාම ගමනට ඕනි සල්ලිත් අපිටම එකතු කරලා දෙන්න වෙන ලයින් එකට වැඩ කරොත් පුදුම වෙන්න එපා..
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    අපිට බැරිද මාස 3කින් ජෙප්පො ආවම එකක් තියලා ඔලිම්පික් යවන්න
    ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගැනීමේ කාලය මේ මස 30වනදා අවසන්වන බැවින්.........
    30 kiyanne heta bn

    අපිට බැරිද මාස 3කින් ජෙප්පො ආවම එකක් තියලා ඔලිම්පික් යවන්න
    unuth balaya labunata passe hasirenne kohomda kiyala balannath asawak thiyenawa...........
    ------ Post added on Jun 29, 2024 at 8:54 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    ඔව් බන් .. මම ඕක දැක්කා..
    පිස්සු යක්කු වැස්සේ දුවවන්නේ..
    අර පඩරංගයා වගේ කිලෝමීටර් දෙකක් විනාඩි 10කින් වගේ දුවන එකෙකුත් injured උනා වැස්සේ දුවවලා.. මෙයත් injured උනා නම් තමයි අපේ උන්ට ආතල්.
    අනික ඔය track එකේ හැටි බලපං.. ඕකේ heat දුවන්න ගිහින් yupun කාරයාත් injured වෙලා අයින් උනා.

    අපිට බැරිද මාස 3කින් ජෙප්පො ආවම එකක් තියලා ඔලිම්පික් යවන්න
    ඔලිම්පික් තේරෙනව බන්..
    තව ටිකක් උඩට දාගන්න බලන්නේ.

    කොහොමත් තව එක රේස් එකක් තියනව 30 වෙනිදා..
    ------ Post added on Jun 29, 2024 at 8:58 AM
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඔව් බන් .. මම ඕක දැක්කා..
    පිස්සු යක්කු වැස්සේ දුවවන්නේ..
    අර පඩරංගයා වගේ කිලෝමීටර් දෙකක් විනාඩි 10කින් වගේ දුවන එකෙකුත් injured උනා වැස්සේ දුවවලා.. මෙයත් injured උනා නම් තමයි අපේ උන්ට ආතල්.
    අනික ඔය track එකේ හැටි බලපං.. ඕකේ heat දුවන්න ගිහින් yupun කාරයාත් injured වෙලා අයින් උනා.


    ඔලිම්පික් තේරෙනව බන්..
    තව ටිකක් උඩට දාගන්න බලන්නේ.

    කොහොමත් තව එක රේස් එකක් තියනව 30 වෙනිදා..
    ------ Post added on Jun 29, 2024 at 8:58 AM
    rank 40 set eka neda ganne?.............:unsure:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    rank 40 set eka neda ganne?.............:unsure:
    48යි..

    ඔතනින් USA වගේ උන්ගෙන් තුනයි ගන්නේ බන්. ඉතින් තව යට උන්ට චාන්ස් තියනව.
    USA උන් trials දුවවල 3ක් තෝරන්නේ.
    දැනටම ගියපාර ඔලිම්පික් දිනන එකී වැටිලා අයින් උනා උඩම rank එකේ ඉන්න.
    තව කෙන්යා, වගේ අප්‍රිකා රටවල් වලිනුත් ඔලිම්පික් ටයිම් එකට යටින් දුවපු ගොඩක් ඉන්න උඩ රෑන්ක් වල කට්ටිය ඇති. එතනිනුත් 3 ගානේ තෝරන්නේ. ඉතිරි උන්ට මිස් වෙලා යට රෑන්ක් උන්ට සෙට් වෙන්ව.

    වතුර තිබුණට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ Track එකේ spikes දාන නිසා
    මොකද බන් වෙන්නේ නැත්තේ.
    නෝමල් දුවනවා වගේ නෙවෙයි වතුරේ දුවද්දි.. injured වෙන්න පුලුවන් .


    ------ Post added on Jun 29, 2024 at 9:08 AM
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අපිට බැරිද මාස 3කින් ජෙප්පො ආවම එකක් තියලා ඔලිම්පික් යවන්න

    බැරි වෙයි...මේ දරුවව 2048 දී ගූන්පී ආන්ඩුවක් යටතේ ඔලිම්පික් යවන්න බලාපොරොත්තු වෙනවා..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    tharushi last year wage improve welama ne wage neda
    improved බන්.. හරිහමන් 800 දුවන්න චාන්ස් එකක් හම්බුනේ නෑ . එකක් ඉන්ජ්රියක් තියන් දුවල අන්තිම ටිකේ නැවැත්තුව, ඊලග දෙකම වැස්සේ දිව්වේ.. ඒ දෙකම දින්නා.
    600m Asian record එක 3s+ වලින් අලුත් කරා .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ


    මොකද බන් වෙන්නේ නැත්තේ.
    නෝමල් දුවනවා වගේ නෙවෙයි වතුරේ දුවද්දි.. injured වෙන්න පුලුවන් .


    ------ Post added on Jun 29, 2024 at 9:08 AM

    Marathon වලට spikes Shoes දාන්නේ නැහැ බං එක නිසා ලිස්සනවා
    මේ කියන්නේ මිටර් 800 මිටර් 800 ට spikes දානවා


    spikes Shoes කියන්නේ මේකට
    a6b7d07af8d05d3e06e2648d4adb9641.jpg



    වතුර නිසා දුවන්න බැරි උනා කියන එකට Technical පදනමක් නැහැ
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Coacheslata oney oney velavata race duvanna ba. Tharushita thaama 19 years. Thava 3 paarak Olympic puluvan. Eyage velava neveinam sorry thama.
    In any sport nobody is bigger than the game. Nobody is above the law.
    Olympic committee eka danagaththoth Lankave team ekama disqualify karai coachta oney nisa neethi kaduva kiyala.
     
    Last edited:
    • Haha
    Reactions: u.saradiyel

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Marathon වලට spikes Shoes දාන්නේ නැහැ බං එක නිසා ලිස්සනවා
    මේ කියන්නේ මිටර් 800 මිටර් 800 ට spikes දානවා


    spikes Shoes කියන්නේ මේකට
    a6b7d07af8d05d3e06e2648d4adb9641.jpg



    වතුර නිසා දුවන්න බැරි උනා කියන එකට Technical පදනමක් නැහැ

    Dry polawaka saha wet polawaka ipileema wenas nisa jawaya adu wenna puluwan neda habai
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    Marathon වලට spikes Shoes දාන්නේ නැහැ බං එක නිසා ලිස්සනවා
    මේ කියන්නේ මිටර් 800 මිටර් 800 ට spikes දානවා


    spikes Shoes කියන්නේ මේකට
    a6b7d07af8d05d3e06e2648d4adb9641.jpg



    වතුර නිසා දුවන්න බැරි උනා කියන එකට Technical පදනමක් නැහැ
    නොර්මල් දුවනවා වගේ නෙවෙයි බන් වතුර ගොඩේ වැස්සේ දුවද්දී slow වෙනවා . මේ මීටර් 100 නෙවෙයි . වට දෙකක් ඔහොම දුවද්දී slow වෙන්ව.
     
    • Like
    Reactions: pasansnoop