තරු රටා හැඩයට ඉදිවූ දාගැබ් හා පිරමීඩ

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    තරු රටා හැඩයට ඉදිවූ දාගැබ් හා පිරමීඩ

    ඔරායන් හෙවත් දඩයක්කාරයා තාරකා රටාව රාත්‍රී අහසේ දිස්වන දීප්තිමත්ම තරු රටාවකි...එහි දඩයක්කාරයාගේ බඳ පටියෙහි අඩංගු තාරකා ත්‍රිත්වය හා පෘථුවියේ මානව පරිණාමන ඉතිහාසයට ඇත්තේ ඉතාමත් දිගු සබඳතාවකැයි කීවොත් එය තරමක් පුදුමය දනවන සුලුය...නමුත් එය දිගු කතාවකි...
    ඔරායන් තරු රටාවේ බඳ පටියේ අප කාටත් රාත්‍රි අහසේ දීප්තිමත්මත්ව පෙනෙණ තරු 3කි...එනම් ඇල්නිටැක් ඇල්නිලම් හා මින්ටාකා ය...මේ අතරින් පෘථුවිය ජනාවාස වූවා යැයි සැලකෙන්නේ මැද පිහිටා ඇති ඇල්නීලම් තාරකාව වටා ගමන්ගන්නා ග්‍රහ ලෝකයකිනි....ඉතා දිගු කලකට පෙර මෙම ග්‍රහ ලොවින් පොළවට පැමිණි ජීවී විශේෂයක් පෘථුවිය සිය වාසස්ථානය ලෙස තෝරාගත් අතර, ඔවුන් ක්‍රමයෙන් පරිණාමන ක්‍රියාවලියට ලක්වීමෙන් වර්තමානයේ, මිනිසා හා අනෙකුත් සත්ව විශේෂ බිහිවිණැයි නිගමනය කළ හැක....මෙය නූතන විද්‍යාඥයින් පරිණාමනය පිළිබඳව ඉදිරිපත්කර ඇති ප්‍රබලතම මතයක් වන අතර, එය බුදු දහමේද එලෙසින්ම දැක්වේ....අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් පැමිණෙන ජීවි විශේෂයක් පෘථවිය ආශ්‍රිතව ජීවත්වීමට පටන්ගෙන ඇති අතර පසුකාලීනව ඔවුන් පරිණානමනය වීමෙන්, පෘථුවිය ජනාවාස වී ඇත...ඒ අනුව අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන මෙම ආභස්සර බ්‍රහ්ම ලෝකය නම් ඇල්නීලම් නම් තාරකාව වටා ගමන්ගන්නා සජීවී ග්‍රහලෝකයකැයි නිගමනය කළ හැක......

    jilbGrG.jpg

    eqM0RhT.jpg

    ඇල්නීලම්වාසීන් ප්‍රථුවියට සංක්‍රමණය වූවායින් පසු ඔවුන් සිය මවු ග්‍රහලෝකය සමඟ සබඳතා අතහැරියාදැයි කෙනෙකුට සිතෙන්නට පුලුවන...නැත, ඔවුන් දිගින් දිගටම ඇල්නීලම් ග්‍රහලෝක පද්ධතිය සමඟ සබඳතා පැවත්වූ අතර, පසුකාලීනව අප පිරමීඩ ලෙස හඳුනාගන්නා ගොඩනැගිලි විශේෂය ඉදිවන්නේද මෙම සබඳතාවල ප්‍රතිඵලයක් ලෙසිනි....මූලිකවම මෙලෙස සබඳතා පවත්වා ගැනීමටත් පෘථුවිය මත ජනාවාස ඉදිකර ශිෂ්ටාචාර බිහිකිරීමටත් ඔවුන් ප්‍රධාන වශයෙන් පෘථවිය මත ස්ථාන 3ක් තෝරාගන්නා ලදි...එම ස්ථාන 3 තෝරා ගැනුණේ ඔරායන් තාරකා රටාවේ බඳ පටියේ ඇති ඉහත කී තාරකා 3 පිහිටීමට සමපාත වන ආකාරයටය...එනම් වර්තමාන ඊජිප්තුව, මෙක්සිකෝව හා චීනය අයත් ප්‍රදේශයන්ය....ඉන්පසු එම ස්ථාන 3ද නැවත වරක් ඔරායන් බඳ පටියේ තාරකා 3 ට සමපාත වන අයුරින් පිරමීඩ 3 බැගින් ඉදිවිය....මේවා වර්තමානයේද මිසරයේ ගීසා, මෙක්සිකෝවේ ඇස්ටෙක් හා චීනයේ සියන් පිරමීඩ ලෙසින් අතීත ඉතිහාසයේ මතක සටහන් ඉතිරිකරමින් පෘථවි තලය මත නිසොල්මනේ රැඳී සිටියි...මේවා සියල්ලගේම ඇති විශේෂත්වය වන්නේ ස්ථාන 3ම 3 බැගින් ඇති පිරමීඩ සියල්ලම ඔරායන් බඳ පටියේ මෙන් සරල රේඛීයව හා එම තරු 3 අතර ඇති දුර අනුපාතයන්ට සමාන වන අයුරින් පිහිටා තිබීමයි......
    keJ06vI.jpg


    අප වෙසෙන ශ්‍රී ලංකාවේද මෙවැනිම ආකාරයේ පිරමීඩ පිහිටා තිබුණා යැයි කිවහොත් එය සමහර විට එක්වරම පිළිගැනීමට අපහසුවෙන කරුණක් වෙනු ඇත....නමුත් බෞද්ධ අපගේ මුදුන් මල්කඩ වන් රුවන්වැලි සෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය ගතහොත් එම දාගැබ් 3ද පිහිටීම පෙර සඳහන්කළ, ඔරායන් බඳ පටියේ තාරකා 3ට 100%ක්ම සමානුපාතය...එනම් දාගැබ් 3ම සරල රේඛීයව පිහිටා ඇති අතර, ඒවා අතර දුරෙහි අනුපාතයන් පෙරකී තාරකා 3හි දුර අනුපාතයන්ට සමානය....ඉතින් මෙම දාගැබ් පෙර සඳහන් කළ පිරමීඩ ඉදිකිරීමෙන් කලකට පසු ඉදිවූ නිසා ඒවා පිරමීඩ වල පිහිටීම අනුකරණය කරමින් ඉදිවන්නට ඇතැයි කාට හෝ සිතීමට හැක....එහෙත් සත්‍ය ඊට වඩා ඉතා දිගු අතීතයට දිව යන්නකි...මෙම දාගැබ් 3ම වසර දහස් ගණනක් පමණක් පැරණි වුවද, ඊටත් වසර ලක්ෂ මිලියන ගණනකට පෙරාතුවද එම ස්ථාන වලම, මෙම ආකාරයේ දාගැබ් ඉදිව තිබිණ...එනම් ගෞතම බුදු හිමියන්ගේ මෙන්ම, කකුසඳ , කෝණාගම හා කාෂ්‍යප යනු බුදුවරුන්ගේද ධාතු තැන්පත් කළ දාගැබ් එකල ඉදිව තිබුණේ, හරියටම ඔය ස්ථාන වලය.....මෙය මහාවංශයේ මිහිඳු හිමි දෙවනපෑතිස් රජුට කළ ප්‍රකාශයක් පිළිබඳව සඳහන්ව ඇති තැනක පැහැදිලිව කියවේ.....
    එනම් දැනට ඇති ලිඛිත සාධක වලට අනුව ඔරායන් බඳ පටියේ ආකෘතියට අනුව ඉදිවූ පැරණිතම ගොඩනැඟිලි සමූහය හමුවන්නේ ශ්‍රී ලංකාවෙනි...ඒ අනුව ඉතිහාසය කියන්නේ ශ්‍රී ලාංකිකයින් නැතිනම් සිංහලයින්, පෘථවියේ ආදිතම ශිෂ්ටාචාරගතවූ ජන කොට්ඨාශයන්ගෙන් එකක් බවද...සිතීමට බොහෝ දේ ඉතිරිකර නිසල ඉදිකිරීම් රැසක් අතීතයේ රහස් රැසක් සඟවාගෙන බලා සිටී...තවත් මෙවැනිම සටහනකින් යලිත් හමුවෙමු....
    (අන්තර්ජාලය ඇසුරෙන් )
    - මාධව විශ්වනාත් -

     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකෝ...ලෝකේ ගෝලාකාරයි..සිතියමක් වගේ නෙමෙයි තියෙන්නේ...ඔරායන් වල depth එකත් අරගෙනද ඔය calculations කරලා තියෙන්නේ...

     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    යකෝ...ලෝකේ ගෝලාකාරයි..සිතියමක් වගේ නෙමෙයි තියෙන්නේ...ඔරායන් වල depth එකත් අරගෙනද ඔය calculations කරලා තියෙන්නේ...


    3d space eheka xyz kiyala dimension 3kane oya stars 3 wihidila thiyenne....api z dimension eka amathaka karamuko....dan xy dimension 2 witharane thiyenne..ee 2ta sapekshawa dura maninawa...angles maninawa...z dimension eka amathaka karanawa....ehemai wenne
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    ඉස්සෙල්ලාම දාලා තියෙන ඉමේජ් එකේ පිරමීඩ 4 ගානෙ තොයෙනවනෙ..ඇස්ටෙක් හා ගීසා වල පිරමිඩ 4න් 1ක් විනාශ වෙලා...ඒ කියන්නෙ ඔරායන්ගෙ බද පටියෙ තරු 4ක් තියෙනවද ???
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    3d space eheka xyz kiyala dimension 3kane oya stars 3 wihidila thiyenne....api z dimension eka amathaka karamuko....dan xy dimension 2 witharane thiyenne..ee 2ta sapekshawa dura maninawa...angles maninawa...z dimension eka amathaka karanawa....ehemai wenne

    :no::no::no::no: මුකුත් කියන්නෑ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    විහාර තුන තියෙන්නෙ ත්‍රිකෝණෙකනෙ. ගූගල් මැප් එකෙත් බැලුවා. මේකෙම තියෙන උඩ පින්තූරෙකත් තියෙන්නෙ එහෙමයි.

    දැන් ඉතින් එක චෛත්‍යයක් ඉස්සර ඔතන නෙමෙයි තිබ්බෙ කියලා තියරියක් ගේන්න තියෙන්නෙ.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Orion-Belt-for-ST-story-Bob-King_ST.jpg
    විහාර තුන තියෙන්නෙ ත්‍රිකෝණෙකනෙ. ගූගල් මැප් එකෙත් බැලුවා. මේකෙම තියෙන උඩ පින්තූරෙකත් තියෙන්නෙ එහෙමයි.

    දැන් ඉතින් එක චෛත්‍යයක් ඉස්සර ඔතන නෙමෙයි තිබ්බෙ කියලා තියරියක් ගේන්න තියෙන්නෙ.

    Tharu 3 podi angle 1 thiyenawa sarala rekawakmath neme...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,201
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකෙ මොකක් හරි වැදගත්කමක් තියෙනවද? කියන්න දෙයක් නැත්නම් ඒ කියන්නෙ වැදගත්කමක් නෑ කියන එක. එහෙම නැතුව "අපි දන්නෙ නැති උනාට මේකෙ මොකක් හරි වැදගත්කමක් ඇති" වගේ කතාවක්ද කියන්නෙ?

    c5950.jpg
     

    Similar threads