තලිබාන්වාදය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය

Sakibura

Member
Sep 20, 2009
226
10
0
තලිබාන්වාදය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය


Written by Shara Tuesday, 10 November 2009 02:30 Top Lanka News නවදිල්ලිය නොවැම්බර් 09

පකිස්ථානයේ කරච්චි නගරයේ පිහිටි මෙරිඩියන් හෝටලයේ සතියක් පුරා පැවැති මෝස්තර ප‍්‍රදර්ශනය පැරිසියේ හෝ නිව්යෝක්හි පැවැත්වෙන මෝස්තර උත්සවයකට කිසිසේත්ම දෙවැනි එකක් නොවුයේය. පකිස්ථාන ජාතික සුප‍්‍රසිද්ධ මෝස්තර ශිල්පී ෆයිෂා ෂාමා විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේ අලංකාරම දිනය සෙනසුරාදා (07 ) දිනයේ පැවැත්වුනි. ඊට පෙනීසිටි පකිස්ථානු සුරූපියෝ බුර්කා ක‍්‍රමයටද යුරෝපීය ක‍්‍රමයටද මෝස්තර ඉදිරිපත් කළහ. පිරිමි මෝස්තරකරුවන් ද විශාල පිරිසක් ප‍්‍රදර්ශනයට සහභාගිවුහ.

ලොවට ඇසෙන්නේ පකිස්ථානය තලිබාන්වාදය විසින් ගිලගෙන ඇති රටක් විදිහටයි. මෝස්තර ප‍්‍රදර්ශනයෙන්ද එය නැරඹිමට පැමිණි ජන සේනාවෙන්ද ඔප්පුවුයේ තලිබාන්වාදයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීමට කැමති පකිස්ථානුවන් පිළිබද කතාවකුයි. තලිබාන් යනු මුස්ලිම් මුලධර්මවාදින් පිරිසකි. මුස්ලිම් මුලධර්මවාදය බොහෝ මුස්ලිම්වරු අනුමත නොකරති.
 

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ඔව් මමත් එක දැක්කා, පකිස්තාන්ය මෙ වගේ වෙන්න හේතුව ඒහි සිටින අනෙකුත් ආගමිකයන්. දෙවනුවට සිටින බහුතරයත් ක්‍රිස්තියනි සහ කතොලික.