තවත් එක් ආදර කතාවක්.
මේක යාලුවනේ ඔයාලට කියන්නම හිතුනේ ගොඩක් වෙලාවට අපිට වෙන දෙන්නෙකුගේ ආදර සම්බන්දතාවයක් දැකල අපිට ඒක මෙහෙමයි, ඒක එහෙමයි කියන්න බෑනේ. මොකද ඇත්තටම පිටතට පේන්නේ මොනාද, එයිට සාපේක්ෂව සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන් ඇතුලාන්තය. මේ සිදුවීම මගේ අදුරන boy කෙනෙක්ට සිද්ද උන දෙයක්. මේක සමහර වෙලාවට ඔයාලට තේරෙයි ජෝක් එකක් විදිහට එත් කමක් නැ අහන්නකො...
ඒක දවසක් මට නිසදැසක් වගේ දෙයක් ලස්සනට ලියා ගන්න උවමනාවක් ඇති උනා, ඒ මගේ ජීවිතේට ගොඩක් සමීප වෙච්ච girl කෙනෙක්ට( යාලුවෙක් විදිහට ඈ..) උපන්දිනේට සුබ පතන්න ඉතින් ඒක ලියාගන්න කෙනෙක් හෙව්වා හෙව්වා..~.. හම්බුනේම නැ. මොකද ඉතින් අපිට ඒ හැකියාව නැනේ (). ඕකත් හිතේ තියාගෙන, මම යාලුවෝ ටිකක් එක්ක කතා කර කර ඉද්දි ඔය කතාව ඉබේම මට කියවුනා පුදුමේ කියන්නේ අහම්බෙන් වගේ එතන boy කෙනෙක්(නම කියන්න ඕනේ නැනේ.. මොකද අන්තිමට රෙදි ගැලවෙනවනේ) ඉදල කිව්වා නිසදැසක් ලියල FB එකෙන් මට එවන්නම් කිව්ව. ඔන්න ඔහොමයි මට පොරව මුලින්ම meet උනේ. ඊට පස්සේ අපි හම්බ උනෙත් කලාතුරකින් එත් දැක්කම පොර හිනාව දාගෙන යනවා. සාමානයෙන් කැම්පස් එකේ ඒක year එකක් ඉවර උනාම පාර්ටි එකක් දාල එහෙම ආතල් එකක් ගන්නවනේ.
Frist year එක අවසානයේ තියෙන Party එකත් ඔය ලග ලගම තිබුන. ඉතින් අපේ බැච් එකේ සෙට් එකත් එක්ක ගිහින් ඉතින් සින්දු කියල, ඩාන්ස් එකක් දාගෙන ඉදල, කාල බීල ඔය ඔක්කොමත් කරගෙන පොඩ්ඩක් මනෝ පාරක් ගහන්න කියල උඩ තට්ටුවකට ගියා විතරයි මම දැක්ක අර boy තව සෙට් එකක් එක්ක කෑ ගගහ, පිස්සු කෙලිනවා. ඉතින් ඕක සාමාන්‍ය දෙයක්නේ party එකක ඒක නිසා මම ඒක ගැන හිතන්නේ නැතුව ඉස්සරහට ගියා. මෙන්න මේ යකා ඒක පාරටම මාව හොයන මන් ලගටම දුවගෙන ආවේ, ඉතින් මොනා කරන්නද මාත් ආ මචන් කොහොමද? කියල ඇහුවා. ඒ පාර මේ යකාගේ මුඩ් අවුල් ගිහින් වරෙන් මචන් පොඩ්ඩක් කතා කරන්න කියල අඩගැහුව, ඉතින් මටත් මොකෝ, මොකද මාත් කාල බීල නේ හිටියේ. ඔන්න දැන් මු මුලින්ම ෆෝන් ඒක අරගෙන සින්දුවක් දැම්ම, හොදට අහපන් මේකේ තේරුමත් එක්කම කියල. මාත් ඉතින් ඔය වැඩේට කොහොමත් ආසයි සිංදුවල තේරුමත් එක්ක සින්දුවක් අහනවා කියන්නේ මට තිතෙන විදිහට එකත් එක්තරා විදිහකට භාවනාවක්.
හැබැයි අපේ වචන වලින්ම කියනවා නම් පට්ට සින්දුවක් ඒක. ඒ වගේම මාරම අර්ථයක් තියෙනවා වගේ තේරුණා. "හරි දැන් අහල ඉවරයි දැන් ඇයි උබ මට ඔය සින්දුව අහන්න කිව්වේ", එතකොට මේ boy කියනවා, "මචන් මමයි ඔය සින්දුව ලිව්වේ ලස්සනද?" . මොනා උනත් බොරු කියන්න හොද නැනේ මන් කිව්ව "සුපිරී මචං උබට මාර හැකියාවක් තියෙන්නේ අයි උබ මේ සින්දුව ලිව්වේ?". එතනින් තමා කතාව කියන්න පටන් ගත්තේ ඒ කියන්නේ ඒ boy ගේ ආදර කතාව. මට full විස්තරයක් කිව්ව හැබැයි ගොඩක් හැගීම්බර වෙලා ඇස් වලින් කදුළු ගල ගල, නාහෙන් කටින් හොටු පෙර පෙර කිව්වේ, කෙටියෙන් කිව්වොත් , ඒ boy එක්ක යාලු වෙලා හිටපු girl කිසිම හේතුවක් නැතුව boyව reject කරලා. අද වෙනකම් තමා හේතුව දන්නේ නැලු. මේක පිටින් බලන අපිට නම් පොඩි සිම්පල් කේස් එකක් වගේ පෙව්නට ඇත්තමට එතන ලොකු කතාවක් තියෙනවා. මෙතැනදී ඒ boy කොච්චර ප්‍රමාණයකට අසරණ වෙනවද කියන්න ගොඩක් අයට හිතා ගන්න පුළුවන් කියල මන් හිතනවා.
මොකද ආදරය(ප්‍රේමය) ලැබීමත් සමගම ගොඩක් පුද්ගලයන් හැසිරෙන විදිහ, හිතන විදිහ බොහෝ දුරට වෙනස් වෙනවනේ මොකද ඉදිරිය ගැන සිතීමක්, අලුත් බලාපොරොත්තු, අලුත් වගකීම් සිත තුල කාවදින නිසා. ඉතින් ඒ බලාපොරොත්තු , ඒ සිහින , ඒ අනාගතය ඒක මොහොතකින් නැති වෙලා යනවා කියන්නේ ඇත්තටම දරාගැනීමට නොහැකි දෙයක්. මේ වගේ දෙයක් සිද්ද උනාම මේ දරාගැනීම යන කරණය මත විවිද විවිද පුද්ගලයන් , විවිද විවිද ආකාරයට හැසිරෙනනේ. මන් ඔයාලට මේ කතාව කියන්න ගොඩක්ම හේතුව උනේ මේ විශේෂ දේ ඒ boy ගෙන් දැකපු නිසා. ආ ආ තව දෙයක්, මන් මෙතැනදී කියන්නේ නැ සම්පුර්ණ වැරැද්ද ඒ girlගේ කියල මොකද එයාගේ background එකේ මොන මොන හේතු තිබුනද දන්නේ නැති නිසා.
ඉතින් මන් ආයි කතාවට එන්නම්කෝ, ඊට පස්සේ මන් ඒ boyට කිව්ව මට තේරෙනවා උබ ඉන්න තත්ත්වය කියල. ඊට වැඩි දෙයක් මට කතා කරන්න හම්බුනේ නැ. එත් වැඩි කාලයක් යන්න කලින් ඒ boy මට call එකක් දීල කිව්ව මචන් මගේ ප්‍රෝග්‍රෑම් එකක් යනවා රේඩියෝ එකේ මේ වෙලාවට අහපන් කියල. මන් ඒක ඇහුවම මට තේරුණා මු එදා හිටපු තත්වයෙන් ලොකු දෙයක් ජිවිතයට අරගෙන තියෙනවා කියල. මොකද එදා මට අහන්න කියල දුන්නු සින්දුවට තනුවක් දාලා, රෙකොර්ඩ් කරලා තිබුන ඒක සින්දුව එක්මනින්ම යාලුවෝ අතර බැච් බැච් අතරට ගිහින් තිබුනා. මට හිතුනේ එදා මු අර බූට් ඒක කාලා හැමදාම අඩ අඩ වැලපී වැලපී හිටිය නම් ඒ boyට මෙතරම් දුරකට එන්න බැරි වෙන්න තිබුන. අදටත් මාව හම්බුනාම මම ජෝක් කියන දෙයක් තමා උබේ වාසනාවට තමා බන් බූට් එකක් හම්බුනේ කියල.
ඉතින් යාලුවනේ ඒ සින්දුව ඔයාලටම බලා ගන්න පුළුවන් උඩ තියෙන ෆොටෝ එකේ තියෙන්නේ ඒ සින්දුවේ lyrics.