"දෙකට නෙවෙයි හතරට කැduනත් පදින්නේ NS..."
පසුගිය අගෝස්තු 10 වැනිදා සමාජ මාධ්‍යයේ පළවුණු ඒ වචන කිහිපය, හරියටම මාසයකට පස්සේ මෙතරම් අනුවේදනීය ඛේදවාචකයකින් සැබෑ වෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ.
අද (2026 සැප්තැම්බර් 09) අලුයම් කාලයේ හිඟුරක්ගොඩ - මින්නේරිය ප්‍රධාන මාර්ගයේ රෝයල් පාක් හෝටලය ආසන්නයේ පිහිටි පාලම අසලදී සිදුවූ බිහිසුණු යතුරුපැදි අනතුරකින් තරුණ ජීවිතයක් අවාසනාවන්ත ලෙස අකාලයේ නිමාවට පත්ව තිබෙනවා. මින්නේරිය දෙස සිට හිඟුරක්ගොඩ දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන, අසල පිහිටි උණ බට පඳුරක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගිරිතලේ, ට්‍රැක් 03, අංක 107 ලිපිනයේ පදිංචිව සිටි මද්දුමගේ දිල්ෂාන් මධුෂාන් නමැති තරුණයායි. අධික වේගය සහ ක්ෂණික ගැටුමේ ප්‍රබලත්වය කෙතරම්ද යත්, යතුරුපැදියේ ක්ලච් හැඬල්, බ්‍රේක් හැඬල් සහ පැති කණ්නාඩි පවා ගස් මුදුන්වල විසිරී ගොස් තිබූ අතර
ඔහු එදා සමාජ මාධ්‍යයට ලියූ වචන සිහිගන්වමින් යතුරුපැදිය දෙකට කැඩී බරපතල ලෙස විනාශ වී තිබුණා. දෙවියන් බැලුවාක් මෙන් ඒ මොහොතේ මාර්ගයේ ගමන් ගත් වෙනත් කිසිදු අහිංසක මගියෙකුට මෙයින් හානියක් සිදු නොවීම පමණක් එක්තරා සහනයක්.
පඩ ටෝක්