තවත් පාවාදීමක්...ඒත් ඇයි මේ රනිල්ම.....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තවත් පාවාදීමක්...ඒත් ඇයි මේ රනිල්ම.....

    ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක්‌ තිබී සොයාගත් බවට පුවතක්‌ පසුගිය ඉරිදා මෙරට මෙන්ම විදේශ රටවල ද පැතිර ගියේය. විදේශිකයන් කීපදෙනකු පෙට්‌ටි කීපයක්‌ රැගෙන තවත් යාත්‍රාවකට ගොඩවන අයුරු දැක්‌වෙන රූප රාමු ද විකාශණය විය. මේ පාවෙන අවි ගබඩාව කුමක්‌ද?
    i3-1.jpg

    ඉන්දීය සාගරයේ ජාත්‍යන්තර නෞකා මාර්ගවලට කඩාවැදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් සිදු කරන බිහිසුණු ක්‍රියාදාමයන් වැළැක්‌වීමේ අරමුණින් 2012 ඔක්‌තෝබර් 15 දා ආරක්‍ෂක බලධාරීන් විසින් පාවෙන අවි ගබඩා තුනක්‌ උපායමාර්ගික කේන්ද්‍රස්‌ථානවල ස්‌ථානගත කිරීමට තීරණය විය.
    i3-6.jpg

    ඕමාන් බොක්‌කෙන් ඔබ්බට පිහිටි කලාපය ද රතු මුහුදට උතුරින් සහ ගාල්ලට ඔබ්බෙන් යන ස්‌ථානවල මෙකී පාවෙන අවි ගබඩා ස්‌ථානගත විය.
    i3-5.jpg

    මේ පාවෙන අවි ගබඩා මෙහෙයවීම ශ්‍රී ලංකා නාවික හමුදාවට නොහැකි නිසා ආරක්‍ෂක අමාත්‍යාංශයට සම්බන්ධ රක්‌aන ආරක්‍ෂක ලංකා සමාගම හා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස්‌ සමාගම ඊට දායක විය.

    එකී ආයතන යටතේ ක්‍රියාත්මක වන පාවෙන අවි ගබඩාවල කාර්ය භාරය වූයේ මුහුදු කොල්ලකරුවන්ගෙන් සිය නෞකා බේරා ගැනීම සඳහා නැව් හිමියන්ට අවි ආයුධ සහ රැකවලුන් (මාර්ෂල්ස්‌) සැපයීමයි.

    මෙම පාවෙන අවි ගබඩාවලින් ගාල්ලෙන් එපිට ජාත්‍යන්තර නැව් මාර්ගයේ ස්‌ථානගත කර තිබූ මහනුවර නැව ඉන්ධන හා වෙනත් පහසුකම් ලබා ගැනීම සඳහා විටින් විට ගාල්ලට පැමිණුනි.

    නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය පැවසුවේ මහනුවර නැව ගාලු වරායේ නැංගුරම් දැමූ මුල් වතාව මෙය නොවන බවයි. රතු මුහුදේ සැරිසරන වෙළෙඳ නැව්වලට කොල්ලකරුවන්ගෙන් ආරක්‍ෂා වීමට අවි ආයුධ සැපයීමට පාවෙන අවි ගබඩාව කටයුතු කරනවා යන්නයි.

    එහෙත් ගාල්ලේ ඉහළ පෙළේ පොලිස්‌ නිලධාරියකුට ඔත්තුවක්‌ ලැබීමෙන් පසු මහනුවර නැව පරීක්‍ෂාවට ලක්‌විය. එහි කන්ටේනර් 20 ක්‌ ද අවි 3000 ක්‌ ද පතරොම් හත් ලක්‍ෂයක්‌ ද තිබූ බව හෙළි විය.

    මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය නම් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ රාජ්‍ය ආයතනයක්‌ හා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස්‌ ආයතනය 2012 සිට මෙහෙයවූ පාවෙන අවි ගබඩාව ගැන 2015 ජනවාරි මස 18 දා විමර්ශනයට ලක්‌ වීමයි.

    මේ පාවෙන අවි ගබඩාව ගාල්ල වරායට පැමිණියාම නාවික හමුදාව ඊට ආරක්‍ෂාව සපයනවා යෑයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේය.

    මේ සම්බන්ධයෙන් අපි කළ විමර්ශනයේදී හෙළි වූයේ මේ පාවෙන අවි ගබඩාව නිත්‍යනුකූලව පවත්වාගෙන යන බවයි.

    එහෙත් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත පුවතක්‌ පළ කරමින් ඩුබායි සිට ක්‍රියාත්මක වන ඇවන්ට්‌ගාඩ් සමාගමට අයත් මහනුවර නමැති අවි ආයුධ නැව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය.

    මෙලෙස දෙස්‌ විදෙස්‌ මාධ්‍යවල මහනුවර නමින් හඳුන්වන පාවෙන අවි ගබඩාවක්‌ සම්බන්ධයෙන් තොරතුරු විකාශනය වීමෙන් සිදුවූයේ මුහුදු කොලලකරුවන්ට එරෙහිව වසර 2 ක්‌ තිස්‌සේ අතිශයින්ම රහසිගතව ක්‍රියාත්මක වූ ශ්‍රී ලාංකික මෙහෙයුමක්‌ කොල්ලකරුවන්ට අනාවරණය වීමයි.

    ඉන්දීය සාගරයේ ඔබමොබ යාත්‍රා කරන වෙළෙඳනැව්වලට ආරක්‍ෂක සේවා ලබාදීම තුළින් ඇවන්ට්‌ගාඩ් සමාගම ඩොලර්Êමිලියන 65 ක්‌ ඉපැයූ බව ද අනාවරණය විය.

    මේ පසුබිම මැද මෙරට ජාතික ආරක්‍ෂාවට මෙන්ම ඉන්දීය සාගරයේ ජාත්‍යන්තර නෞකා මාර්දුවල යාත්‍රා කෙරෙන වෙළෙඳ නැව් සහ තෙල් නැව්වලට අවශ්‍ය සන්නද්ධ රැකවලුන් සහ අවි ආයුධ සපයන ශ්‍රී ලංකාවේ පාවෙන අවි ගබඩා ගැන සියලු පරීක්‍ෂණ අවසන් වීමට පෙර තොරතුරු හෙළි කිරීමට පොලිසිය ක්‍රියා කළේ ඇයි?

    අතුරුගිරියේ මිලේනියම් සිටි හි පවත්වාගෙන ගිය දිගුදුර විහිදුම් බලකාය පවා එක්‌ පොලිස්‌ නිලධාරියකු විසින් වටලා පරීක්‍ෂණ නිම කිරීමට පෙර මාධ්‍යවලට හෙළි කළේද මෙයට සමානවය. 2002 ජනවාරි 02 දා අතුරුගිරියේ මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බලකා සිද්ධිය හෙළි විය. නැව ගැන හෙළි වූයේ 2015 ජනවාරි 18 දාය. මෙය මිලේනියම් සිටි 2 යෑයි කිව හැක.

    දෙවසරක්‌ තිස්‌සේ ඉන්දීය සාගරයේ මෙම පාවෙන අවි ගබඩාවලින් යහපතක්‌ සැලසුණේ ශ්‍රී ලංකා හමුදාවේ සේවය කළ හිටපු හමුදා භටයන්ට හා නිලධාරීන්ටය.

    මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව ක්‍රියා කිරීමේදී ඔවුqන්ගේ සහයද ලබා ගනු ලැබීය.

    මේ පාවෙන අවි ගබඩා නිත්‍යනුකූළව පිහිටුවන ලද්දක්‌ බවත් ශ්‍රී ලංකාවේ නීතිය ප්‍රකාර ඒවා ස්‌ථාපිත කර තිබෙන බවත්, තවදුරටත් සිදුවූ විමර්ශනවදී හෙළි විය.

    එහෙත් සාවද්‍ය තොරතුරු විශාල ලෙස පැතිරී ගියේය.

    මේ පාවෙන අවි ගබඩාවේ අවි 3000 ක්‌ සහ පතරොම් හත් ලක්‍ෂයක්‌ තිබූ අතර ඒවා විදේශ සමාගම්වලට අයත් වූ බව අනාවරණය විය.

    මේ පසුබිම මැද මෙම පාවෙන අවි ගබඩාව ගැන ඇවන්ට්‌ගාඩ් මැරිටයිම් සර්විසස්‌ සමාගමේ බලධාරීහු වත්මන් ආරක්‍ෂක ලේකම් එම්. යූ. ඩී. බස්‌නායක මහතා හමුවී සත්‍ය තත්ත්වය පවසනු ලැබූ බව ආරක්‍ෂක ආරංචි මාර්ග කීවේය.

    මෙම පාවෙන අවි ගබඩාවට 2012 සැප්තැම්බර් 18 දා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විසින් ලිපියක්‌ එවමින් ඊට ආරක්‍ෂක ඇමැතිවරයා අනුමැතිය දුන් බවට දැනුම් දී තිබිණි.

    මේ තත්ත්වය මත පාවෙන අවි ගබඩා තුනක්‌ ආරම්භ කෙරිණි.

    මෙම පාවෙන අවි ගබඩා ආරම්භ කිරීමට මුල්වූ කරුණු මෙසේයි.

    1. ශ්‍රී ලංකාව අවට මුහුදේ විදේශික සමාගම් නීතිවිරෝධී ලෙස පාවෙන අවි ගබඩා පවත්වාගෙන යැම.

    2. එම පාවෙන අවි ගබඩා හෙවත් නැව්වල මුහුදක්‌ නැති මොන්ගෝලියානු ධජය ප්‍රදර්ශනය වී තිබීම.

    3. ආණ්‌ඩුවක අවසරයක්‌ නැති සහ නීතිවිරෝධී පාවෙන අවි ගබඩා ශ්‍රීලංකාව අවට මුහුදු කලාපයේ ස්‌ථානගත වී තිබීම නිසා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ලවීම.

    මෙය තවදුරටත් සනාථ වූයේ නීතිවිරෝධී පාවෙන අවි ගබඩා දෙකක්‌ සහ විදේශිකයන් පිරිසක්‌ නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමයි

    එසේම ඉන්දියාවේ කොචින් ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ විදේශිකයන්a රැගත් පාවෙන අවි ගබඩාවක්‌ ගැන තොරතුරු හෙළි වීමෙන් ඒ බව ඉන්දීය රජයට දැන්වීමෙන් පසු අත්අඩංගුවට ගැනිණි.

    මේ තත්ත්වය මත නාවික හමුදාව විසින් මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව දියත් කළ ක්‍රියාදාමයන් තවදුරටත් පවත්වාගෙන යැමට නොහැකි නිසා ඇවන්ට්‌ගාඩ් සමාගම රජයට යෝජනාවක්‌ ඉදිරිපත් කරමින් මුහුදු කොල්ලකරුවන්ගෙන් වෙළෙඳ නැව් රැක ගැනීමට පාවෙන අවි ගබඩා ස්‌ථාපිත කළ යතු බව කීවේය.

    (Floating armoury)

    ඒ අනුව රතු මුහුද ඕමාන් බොක්‌ක කලාපයේ සහ ගාල්ලෙන් ඔබ්බට ඇති කලාපයේ පාවෙන අවි ගබඩා තුනක්‌ ස්‌ථාපිත විය.

    ඉන්දීය සාගරයේ ප්‍රධාන නැව් මාර්ග දෙකක්‌ මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට ලක්‌වීම නිසා ගාලු වරායට සැතපුම් හතක්‌ දුරින් පිහිටි ජාත්‍යන්තර නැව් මාර්ගයේ එක්‌ පාවෙන අවි ගබඩාවක්‌ ස්‌ථාපිත විය.

    මේ නිසා ඉන්දීය සාගරයේ පාවෙන අවි ගබඩා ස්‌ථාපිත කළ එකම රට ශ්‍රීලංකාව බවට පත් විය. ඉන්දියාව, පාකිස්‌ථානය, බංගලදේශය ඇතුළු කිසිම රටක්‌ මෙතෙක්‌ පාවෙන අවි ගබඩා ස්‌ථාපිත කර නැත.

    ඇවන්ට්‌ගාඩ් සහ රජය රතු රක්‌නා ආරක්‍ෂක ලංකා සමාගම ඒකාබද්ධව ස්‌ථාපිත කළ පාවෙන අවි ගබඩා නිසා නාවික හමුදාවට සහ රක්‌aනා ආරක්‍ෂක ලංකා සමාගමට විශාල මුදලක්‌ විනිමය ලබාදීමට ඇවන්ට්‌ගාඩ් සමාගම කටයුතු කළේය.

    එහෙත් පසුගිය ඉරිදා ගාල්ලේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකුට ලත් තොරතුරක්‌ මත මහනුවර නැව හෙවත් පාවෙන අවි ගබඩාව විමර්ශනයට ලක්‌ කෙරුණි.

    මේ සම්බන්ධයෙන් වත්මන් ආරක්‍ෂක ලේකම්වරයා එකී පාවෙන අවි ගබඩාව නිත්‍යානුකූල අවි නැවක්‌ බවද කියද්දී පොලිසිය ඊට අභියෝග කරමින් එකී නැව පවත්වාගෙන යැමට නෛතික බලයක්‌ දීමට ආරක්‍ෂක අමාත්‍යාංශයට හිමිකමක්‌ තිබේද යන්න ගැන පරීක්‍ෂාවට ලක්‌ කරන බව කියා සිටියේය.

    රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධ සියලු කටයුතු කරන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයයි. එසේ නම් පොලිසිය ආරක්‍ෂක අමාත්‍යාංශය ගැන පරික්‍ෂණ කරන්නේ කෙසේද? 2012 සිට මහනුවර නැව ඉන්ධන ලබා ගැනීමට විටින් විට ගාලු වරායට පැමිණියේ නම් වරාය පොලිසියට එම නැව ගැන තොරතුරු නොලැබුණේ මන්ද?

    මෙම නැව ගැන තොරතුරු ලැබී ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසුවය.

    එසේම පාවෙන අවි ගබඩා සඳහා සන්නද්ධ රැකවලුන් (Marshals)පවා ගාලු වරායේදී පුහුණු කර ඇති බවද අප කළ විමර්ශනයේදී හෙළි විය.

    රටවල් රැසක පිරිස්‌ ඊට සහභාගි වී තිබේ. මහනුවර නැවේ විදේශිකයන් කීපදෙනකු සිටි බවට විද්යුත් නාලිකා මගින් විකාශනය කළේ ඉහත කී විදේශික රැකවලුන්ය. මේ හැර ශ්‍රී ලංකාවේ සමාගමක්‌ මැද පෙරදිග කාර්යාල රැසක්‌ පවත්වාගෙන යමින් මෙම පාවෙන අවි ගබඩා ඉන්දීය සාගරයේ ස්‌ථාපිත කිරීම නිසා ඇතැම් රටවල අරමුණ ද ව්‍යර්ථ විය.

    මැද පෙරදිග රටක්‌ ඉන්දීය සාගරයට පාවෙන අවි ගබඩාවක්‌ එවනු ලැබුවේ ඔත්තු බැලීම සඳහායි. එහෙත් ශ්‍රී ලංකාවේ පාවෙන අවි ගබඩාව නිසා එකී සැලසුම ව්‍යර්ථ විය.

    මේ පසුබිම මැද ඇවන්ට්‌ගාඩ් මැරිටයිම් සමාගමේ පාවෙන අවි ගබඩා නිසා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට එල්ල වන තර්ජනය වැළැක්‌වීමටද හැකි විය.

    මෙම පාවෙන අවි ගබඩා නිසා හිටපු හමුදා නිලධාරීන් සහ භටයන් 3800 කට නව රැකියා අවස්‌ථා උදාවී ඇත.

    මේ පසුබිම මැද වසර 2 ක්‌ තිස්‌සේ ගාල්ලට ඔබ්බෙන් ජාත්‍යන්තර නැව් මාර්ගයේ ක්‍රියාත්මක වූ පාවෙන අවි ගබඩාව එකවරම සැකකටයුතු නැවක්‌ බවට පත් විය. මෙරට ආරක්‍ෂාව මත හෙළි කළ යුතු කරුණු හා හෙළි නොකළ යුතු කරුණු ඇත. මුහුදු කොල්ලකරුවන් මර්දනයට ස්‌ථාපිත කර තිබූ නිත්‍යනුකූල පාවෙන අවි ගබඩාවක්‌ කුමන්ත්‍රණයකට සම්බන්ධ කිරීමටද ඇතැම් පාර්ශ්ව උත්සාහ කළහ.

    මේ අතර පාවෙන අවි ගබඩාව පිළිබඳව පොලිසිය එල්ල කළ චෝදනා ඉවත් කර ගැනීමට පොලිස්‌ බලධාරීන්ට සිදුවිය. පසුගිය සඳුදා පොලිස්‌ ප්‍රකාශකයා පැවසුවේ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් මෙකී පාවෙන අවි ගවඩාවට බලපත්‍රයක්‌ දී තිබූ බවයි.

    මුහුදු කොල්ලකරුවන් මර්දනය කිරීමේ මෙහෙයුම නාවුක හමුදාව විසින් පවත්වාගෙන ගිය බවත් 2012 සැප්තැම්බර් 18 දා සිට එය ආරක්‍ෂක අමාත්‍යාංශය අනුමැතිය ලත් සමාගමකට දුන් බවත් ඔහු කියා සිටියේය.

    මින් සිදුවූයේ පොලිසියට නැටූ නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත යන ක්‍රියාදාමයකි.

    වසර 2 ක්‌ තිස්‌සේ ක්‍රියාත්මක වූ මෙම පාවෙන අවි ගබඩා ක්‍රමවේදය හෙළිදරව් කිරීමට පොලිසිය ඉක්‌මන් වීමේ ප්‍රතිඵලය විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික වාණිජ නැවියන්ගේ ජීවිත අනතුරුදායක තත්ත්වයකට පත්වීමය. මෙතෙක්‌ පාවෙන අවි ගබඩා රහසිගතව ක්‍රියාත්මක විය.

    කීර්ති වර්ණකුලසූරිය

    දැන් ඉතිං මහින්දට බැනලා වැරැද්ද වහපල්ලා පුරුදු විදියටම :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    reputation_neg.gif
    තවත් පාවාදීමක්...ඒත්... 01-24-2015 06:25 PM දැන් ඉතිං මහින්දට බැනලා වැරැද්ද වහපල්ලා &#3508
    රිදිලා දේශප්‍රේමියෙකුට
    rofl8yi.gif

    දුකයි තමා සහෝ..මේ පාරත් රනිල්
     
    • Like
    Reactions: kellsupun

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,952
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුහුදු කොල්ලකරුවන් මර්දනය කිරීමේ මෙහෙයුම නාවුක හමුදාව විසින් පවත්වාගෙන ගිය බවත් 2012 සැප්තැම්බර් 18 දා සිට එය ආරක්‍ෂක අමාත්‍යාංශය අනුමැතිය ලත් සමාගමකට දුන් බවත් ඔහු කියා සිටියේය.

    නාවික හමුදාව කරපු වැඩේ සමාගමකට පවරල තියෙන්නෙ ඇයි?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    aපොන්ස්. ගෝඨා රක්නා කියන කොම්පැනිය හරහා නාවික හමුදාවට සහ ආන්ඩුවට ලබාගන්න තිබුන විශාල ආදායමක් උගේම ප්‍රයිවැට් රක්න කොම්පැනි එකට දිලා ගජරාමේට ඩොලර්ස් මිලියන ගනන් හොරා කාගෙන.ඒක නිසා මේ ගෝඨා සේනාදිපති සුනක පෝතකයා කරපු හොර බිස්නස් එකක්.මුන් ටික රජයට ගන්න පුලුවන් සල්ලි තොගයක් මුන්ගේ වේස කොම්පැනි එකකට අරගෙන හොරා කාපු මේ මගඩියද බල්ලො තොට පාවාදීම.බලපිය මේක එලියට ඇවිල්ල මුන් ටික ගස් යනකොටgl
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මේ පාවෙන අවි ගබඩා මෙහෙයවීම ශ්‍රී ලංකා නාවික හමුදාවට නොහැකි නිසා ආරක්‍ෂක අමාත්‍යාංශයට සම්බන්ධ රක්‌aන ආරක්‍ෂක ලංකා සමාගම හා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස්‌ සමාගම ඊට දායක විය.
    මේ තත්ත්වය මත නාවික හමුදාව විසින් මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව දියත් කළ ක්‍රියාදාමයන් තවදුරටත් පවත්වාගෙන යැමට නොහැකි නිසා ඇවන්ට්‌ගාඩ් සමාගම රජයට යෝජනාවක්‌ ඉදිරිපත් කරමින් මුහුදු කොල්ලකරුවන්ගෙන් වෙළෙඳ නැව් රැක ගැනීමට පාවෙන අවි ගබඩා ස්‌ථාපිත කළ යතු බව කීවේය.

    methana prashnayak thiyenawa.
    hama ekatama madhya sandharshana karana eka waradiyi.
    ranja wage ewun nam gon part karanne.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    නාවික හමුදාව කරපු වැඩේ සමාගමකට පවරල තියෙන්නෙ ඇයි?

    රහස්‍යය හමුදා කටයුතු පොලීසිය දන්නේ නැහැනේ බං:no:..ඒක මේ වගේ ප්‍රසිද්ධ කරලා අණ බෙර ගහලා විසඳන්න ඕනේ දෙයක්..:P.. ගිය පාරත් පොලිසිය කිව්වේ මිලේනියම් සිටි වගේ තැනක අැයි මේ ආයුධ ගබඩා කියලනේ..දැන ගන්නකොට බුද්ධ අංශය ඉවරයි..:yes:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අප රට සතුව නාවික හමුදාවක් නැතිද??????
    මේ ගැන හිටපු නාවික හමුදා නිළධාරියකු වන ‍ගරැ ‍ය‍ෝෂිත ජරාපක්ෂ මහතාගෙන් විමසා බලමු.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මේ සීන් එක අවුරුද්දකට කලින් මට දන්න අයියා කෙනෙක් කිව්වා..
    හැබැයි මමත් හිතන් හිටියේ මේක කරන්නේ අපේ රටේ නවික හමුදාව කියලා...
    මේක පුද්ගලික සමාගමකට දුන්නු එකයි චාටර්... අපේ හමුදාවේ කොල්ලෝ දාලා රේස් දුවන්න වැලි කොට්ට අද්දවන වෙලේ මේ වගේ වැඩකට දැම්මා නම් කොච්චර හොඳද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හමුදාවෙ කොල්ලො රේස් දුවන්න වැලි කොට්ට විතරක් නෙමෙ අද්දවන්නේ... කටින් ගූ අදින්නත් පුලුවන්... ඒවා ගැන කතා කරන්නෙ නැද්ද...? ‍රැවුල කැපුවම කන් බෙරේ පලා ගන්නත් පුලුවන්... ඒවා ගැන කතා නැද්ද....

    හමුදාව ගැන නොදන්නව නන් ඒවා කතා නොකර ඉන්න එකයි හොද........
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,952
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රහස්‍යය හමුදා කටයුතු පොලීසිය දන්නේ නැහැනේ බං:no:..ඒක මේ වගේ ප්‍රසිද්ධ කරලා අණ බෙර ගහලා විසඳන්න ඕනේ දෙයක්..:P.. ගිය පාරත් පොලිසිය කිව්වේ මිලේනියම් සිටි වගේ තැනක අැයි මේ ආයුධ ගබඩා කියලනේ..දැන ගන්නකොට බුද්ධ අංශය ඉවරයි..:yes:

    මම ඇහුවෙ නාවික හමුදාව කරපු වැඩේ සමාගමකට පවරල තියෙන්නෙ ඇයි? රහස් වැඩක් ප්‍රයිවෙට් කොම්පැනියකට දෙන්න රජයේ හමුදාව විශ්වාස නැතිව වෙන්න ඇති.

    කොහොම වුනත් රහස් වැඩ කරන කෙනා ඒක රකින්නත් ඕනෙ. අදාල අංශ දැනුවත් කරල තියන්න ඕනෙ. පොලිසියෙන් රේඩ් කරන කල් ඉන්නෙ නෑ කසිප්පු පෙරන එකෙක්වත්.

    මෙච්චර කල් ලංකාවෙ රේඩ් කරන එකක් කලේ ගෝට දැනුවත් කරල අවසර අරන් වෙන්න ඇති. ඒත් දැන් එහෙම නැහැ.

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම ඇහුවෙ නාවික හමුදාව කරපු වැඩේ සමාගමකට පවරල තියෙන්නෙ ඇයි? රහස් වැඩක් ප්‍රයිවෙට් කොම්පැනියකට දෙන්න රජයේ හමුදාව විශ්වාස නැතිව වෙන්න ඇති.

    කොහොම වුනත් රහස් වැඩ කරන කෙනා ඒක රකින්නත් ඕනෙ. අදාල අංශ දැනුවත් කරල තියන්න ඕනෙ. පොලිසියෙන් රේඩ් කරන කල් ඉන්නෙ නෑ කසිප්පු පෙරන එකෙක්වත්.

    මෙච්චර කල් ලංකාවෙ රේඩ් කරන එකක් කලේ ගෝට දැනුවත් කරල අවසර අරන් වෙන්න ඇති. ඒත් දැන් එහෙම නැහැ.

    රටේ නම කැත නොවෙන්න තමා ඕවා ප්රයිවට් විදියට කරන්නේ්... දැන් තේරැනාද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ඒ කියන්නෙ මේක රටේ නම කැතවෙන වැඩක්?
    :baffled:

    ඔව්....

    නමුත් සෝමාලියානු කොල්ලකරුවන්ව මැඩීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සෘජුවම කටයුතු කළ නොහැකියි. ඊට හෙතු වුණේ මෙන්න මේවා.

    1. ශ්‍රී ලංකා නාවික හමුදාව කියන්නේ ජාතික ආරක්ෂක අංශයක් මිස ලාභ ලබන ආයතනයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ලෝකයේ බොහෝ පිළිගත් හමුදාවන්හි නීති අනුව ආයුධ කටයුතු යොදාගෙන ව්‍යාපාර වල යෙදෙන්න බෑ. එලෙස නීති සැකසී තිබෙන්නේ හමුදාවේ එකම් අරමුණ ජාතික අරක්ෂාවට සීමා කිරීමටයි.

    2. ජාත්‍යන්තර මූදු නීති අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අපේ රටේ මූදු කලාපයෙන් එහාට යන්න අවසර නෑ.

    3. යම් හෙයකින් ශ්‍රී ලංකා හමුදාවෙන් මූදු කොල්ලකරුවන්ව මැඩීමට ගොස් වෙනත් රටක දේපළකට හෝ ජීවිතයකට හානි වුවහොත් එය අන්තර්ජාතික අර්බුදයක් බවට පත් වෙන්න පුළුවන්.

    4. ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාන්විතයකට යනවානම් එහිදී සේනාධිනායක තුමාගේ අවසරය අවශ්‍ය වෙනවා. එසේ වූ විට ක්ෂණිකව ක්‍රියාන්විත වලට යෑම සිදුකිරීමට නොහැකියි.

    5. ජාත්‍යන්තර මුහුදේ සහ නෞකා මාර්ගවල ගමන් කරන වෙළඳ නෞකා වලට ආරක්ෂාව පිණිස, ඒවා ලියාපදිංචි කළ රටවල හමුදාවන්ට හැර වෙනත් හමුදාවකට ගමන් කළ නොහැකියි. ඒ සදහා ජාත්‍යන්තර අවසර තියෙන සමාගම්වලට පමණයි එම සේවය දෙන්න පුළුවන්.

    ඔන්න ඔය ප්‍රධාන කාරනා කීපය නිසා අපේ ශ්‍රී ලංකා නාවික හමුදාවට සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීමට නොහැකි බව ඔබට දැන් තේරෙනවා ඇති.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    හමුදාවෙ කොල්ලො රේස් දුවන්න වැලි කොට්ට විතරක් නෙමෙ අද්දවන්නේ... කටින් ගූ අදින්නත් පුලුවන්... ඒවා ගැන කතා කරන්නෙ නැද්ද...? ‍රැවුල කැපුවම කන් බෙරේ පලා ගන්නත් පුලුවන්... ඒවා ගැන කතා නැද්ද....

    හමුදාව ගැන නොදන්නව නන් ඒවා කතා නොකර ඉන්න එකයි හොද........

    මචං හමුදාව ගැන නම් දන්නවා හොඳට..
    ඔය ඔක්කොම දේවල් කරන්නේ උංගේ ඔලුව හදන්න...
    රටට විපතක් උනාම උන්ගෙන් ඔය වගේ වඩක් (නාය ගිය පැති වල ගේවල් හදන්න වගේ දේවල්) ගත්තට කිසි ප්‍රශ්ණයක් නැහැ. බේබිලට රේස් යන්න උන්ගෙන් ඔහොම වැඩ ගන්නේ නැතිව... නගර අලංකාරයටත් ගත්තා කියමු ඒකත් කමක් නෑ. ඒත් බෙබිලගේ පක්කලි වැඩ වලට ගන්න ඕනි නෑ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    නමුත් සෝමාලියානු කොල්ලකරුවන්ව මැඩීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සෘජුවම කටයුතු කළ නොහැකියි. ඊට හෙතු වුණේ මෙන්න මේවා.

    1. ශ්‍රී ලංකා නාවික හමුදාව කියන්නේ ජාතික ආරක්ෂක අංශයක් මිස ලාභ ලබන ආයතනයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ලෝකයේ බොහෝ පිළිගත් හමුදාවන්හි නීති අනුව ආයුධ කටයුතු යොදාගෙන ව්‍යාපාර වල යෙදෙන්න බෑ. එලෙස නීති සැකසී තිබෙන්නේ හමුදාවේ එකම් අරමුණ ජාතික අරක්ෂාවට සීමා කිරීමටයි.

    2. ජාත්‍යන්තර මූදු නීති අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අපේ රටේ මූදු කලාපයෙන් එහාට යන්න අවසර නෑ.

    3. යම් හෙයකින් ශ්‍රී ලංකා හමුදාවෙන් මූදු කොල්ලකරුවන්ව මැඩීමට ගොස් වෙනත් රටක දේපළකට හෝ ජීවිතයකට හානි වුවහොත් එය අන්තර්ජාතික අර්බුදයක් බවට පත් වෙන්න පුළුවන්.

    4. ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාන්විතයකට යනවානම් එහිදී සේනාධිනායක තුමාගේ අවසරය අවශ්‍ය වෙනවා. එසේ වූ විට ක්ෂණිකව ක්‍රියාන්විත වලට යෑම සිදුකිරීමට නොහැකියි.

    5. ජාත්‍යන්තර මුහුදේ සහ නෞකා මාර්ගවල ගමන් කරන වෙළඳ නෞකා වලට ආරක්ෂාව පිණිස, ඒවා ලියාපදිංචි කළ රටවල හමුදාවන්ට හැර වෙනත් හමුදාවකට ගමන් කළ නොහැකියි. ඒ සදහා ජාත්‍යන්තර අවසර තියෙන සමාගම්වලට පමණයි එම සේවය දෙන්න පුළුවන්.

    ඔන්න ඔය ප්‍රධාන කාරනා කීපය නිසා අපේ ශ්‍රී ලංකා නාවික හමුදාවට සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීමට නොහැකි බව ඔබට දැන් තේරෙනවා ඇති.

    Valid reasons :yes: Then best option is to make Avant company grade transactions transparent to the country and show the contribution to the national economy :)
     
    • Like
    Reactions: kellsupun