තවත් මන්ත්‍රීවරු 23ක් මෛත්‍රීට එක්වෙයි
උතුරු මැද පළාත් සභාවේ ශ්‍රී ලනිප මන්ත්‍රී පි.බි. දිසානායක මහතා සමග ආනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 18 දෙනෙකු අද (24) පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා එක් වී තිබේ.
ඔවුන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තිඹිරිගස්යාය පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයයේදී මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ අතර අද එක්වූ පළාත් සභා මන්ත්‍රීවරයා 1994 සිට 2001 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අයෙකි.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි සීතාවක ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු 5දෙනෙකු අද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයදීමට තීරණය කර තිබේ.
ඔවුන්ද මාධ්‍ය හමුකට එක්වෙමින් මේ බව සඳහන් කළ අතර ඒ අනුව සීතාවක ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආනන්ද රූපසිංහ, මන්ත්‍රීවරුන් වන පූජ්‍ය දුම්කොළහේනේ රතනරංසි හිමි, චන්දන බාලසූරිය, යසිරු රාජපක්ෂ, ගයාන් දුමින්ද යන අය මෙලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයවීමට තීරණය කර තිබේ.
- lankatruth