තවත් මාලිමාවේ පච මෝලෙක් අසරණ වෙයි

navodya

Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    අනුරට වඩා නම් මෝඩ පූතානොත් යමක් කරගන්න දන්නවා 🤣
    අනුර ආවා කියලා කරපු දෙයක් නැහැ නේ වෙනම එකක් තියා තෙල් ගන්න කොම්පැණි ඒකවත් වෙනස් කරගන්න බැරි උන පොන්නයා නේ ඌ 🤣
    ammooo ammooo uba asa utada, ane pako. ubala wage unta nam hariyane e wage harakek thama. Dilith, apilage hamuduru hodai kiwanam thawa dukak naha. nodakin ponnaya. me wage ekektada uba rata denna kiyane. yako minisu marene kanna nathuwa nemi hina wela marene.





    දැන් ජනාධිපති සීයා ද බං🤣🤣🤣🤦

    ------ Post added on Nov 8, 2024 at 12:16 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ammooo ammooo uba asa utada, ane pako. ubala wage unta nam hariyane e wage harakek thama. Dilith, apilage hamuduru hodai kiwanam thawa dukak naha. nodakin ponnaya. me wage ekektada uba rata denna kiyane. yako minisu marene kanna nathuwa nemi hina wela marene.







    ------ Post added on Nov 8, 2024 at 12:16 PM

    ඇයි බං වීඩියෝ කෑලි අලවන්න නේ කියාගන්න දෙයක් නැති නිසාද
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,888
    113
    මේ මාලිමා ෆෑන් කෙනෙකුගේ අදහසක්. මාලිමාවේ බහුතරයක් දෙනා වගේම රටේ බහුතරයක් දෙනාත් හිතාගෙන ඉන්නෙ මේවා තමයි විසඳුම් කියලා.

    රටේ මිනිසුන්ට භාණ්ඩාගාරයෙන් ගෙවලා අඩු මිලට තෙල් දෙනවා වගේ ගොබ්බ වැඩක් තවත් නැහැ. මොකෝ භාණ්ඩාගාරයට තෙල් ආනයනය කරන්නට විදේශ විනිමය එන උල්පතක් තියෙනවායැ. ඩොලර් තියා රුපියල් උල්පතක්වත් එතන නැහැ. භාණ්ඩාගාරයේ තියෙන්නෙ අපි ගෙවන බදු මුදල්. 18%ක් දක්වා වැට් එක වගේ වක්‍ර බදු දුප්පත්, පොහොසත් හැමෝම ගෙවනවා.

    ගෝඨාභයගෙ කාලෙ දක්වාම ඔය කියන වැඩේ කළා. වැඩි මිලට තෙල් ආනයනය කරලා අඩු මිලට රට ඇතුළෙ විකිණුවා. ඒ කාලෙ රුපියල පෙග් කරලා තිබුණෙ. ඒ කියන්නෙ කෘත්‍රිමව රුපියලේ වටිනාකම ඉහළ තබාගෙන හිටියෙ. ඒකටත් ඩොලර් වැය වුණා.

    ඔය විදියට ඉන්ධන වැඩි මිළට ආනයනය කරලා අඩු මිලට දෙනකොට වැඩිම වාසිය යන්නෙ ධනවත්ම පිරිසට. ඔවුන් තමයි පෞද්ගලිකව වැඩියෙන්ම ඉන්ධන පාවිච්චි කරන්නෙ. ඒවට වැඩියෙන්ම ගෙවන්නෙ පිටරටවල වැඩ කරලා රටට ඩොලර් එවන මිනිසුන්. රට ඇතුළෙ නම්, වැට් එකෙන් හැමෝම භාණ්ඩාගාරයට බදු ගෙවනවා. එතකොට ඉන්ධන අඩුවෙන් පාවිච්චි කරන මිනිසුන්ගෙ බදුවලින් ඉන්ධන වැඩියෙන් පාවිච්චි කරන එවුන් සැප විඳිනවා.