තවත් මාස පහක් යද්දි මමත් අම්මා කෙනෙක් - උපේ

aruna477

Banned
Apr 26, 2016
86
9
0
තවත් මාස පහක් යද්දි මමත් අම්මා කෙනෙක් - උපේ

මම අම්මා කෙනෙක් වෙන්නේ මට ඉන්න ආදරණීය සැමියා සමන්ත පෙරේරා නිසයි. ඒ පදවිය මට දෙන්නේ ඔහු. ඒ නිසාම මම සැමියාට ස්තූතිවන්ත වෙන්න ඕන මාව සම්පූර්ණ ගැහිනියක් කළාට. මාව අද සතුටු කරන්නේ එයා. ඇත්තටම කිව්වොත් මම වාසනාවන්ත බිරිදක්. වාසනාවන්ත අම්මා කෙනෙක් වෙන්න තව මාස පහක් බලාගෙන ඉන්න වෙනවා. ඒ දවස ළංවෙන කොට හිතට දැනෙන හැගීම් පුදුමාකාරයි. සතුටුයි.

උපේක්ෂා බලාපොරොත්තු වෙන්නේ දියණියක්වද, එහෙම නැත්තම් පුතණුවෙක්ද? දුවක් ලැබුණත්, පුතෙක් ලැබුණත් මට නම් කමක් නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ නිරෝගී දරුවෙක්. දුවෙක් තාත්තට ආදරේ කරනවා කියනවා. ඒ වගේම පුතෙක් අම්මට ආදරේ කරනවාලු. කොහොම කිව්වත් දෙමාපියෝ දරුවන්ට අඩුවැඩි වශයෙන් ආදරෙයි. දරුවනුත් දෙමාපියන්ට ආදරෙයි. ඒ නිසා දරුවා මොන වර්ගයේද කියලා බලන්න මට අවශ්‍ය නැහැ.

එතකොට ඔබේ සැමියා සමන්ත? සමන්ත දුවෙක්ට කැමැත්තෙන් ඉන්නවා කියලා තේරෙනවා. ඒත් අපිට ලැබෙන දරුවා දුවෙක් වුණත් නැතත් එයා දුක්වෙන එකක් නැහැ. අපි දෙන්නාගේ ජීවිතේ සම්පූර්ණ කරන්න එන පළමු සමාජිකයා කවුරු වුණත් අපි දෙන්නා එයාව ආදරෙන් පිළිගන්නවා.

මව් පදවියෙන් පස්සෙත් උපෙක්ෂා නිර්මාණවලින් දකින්න ලැබෙයිද? මම ආසයි දිගටම රගපාන්න. ඒත් දරුවා ලැබුණට පස්සේ එයත් එක්ක ටික කාලයක් ඉන්න ඕන. බලමු පුළුවන් විදිහට සම්බන්ධ වෙනවා. ලබන රීදි රැයක් ප්‍රසංගයට මට ආසයි නර්තනයේ යෙදෙන්න. මම නිරෝගීව හිටියොත් සම්බන්ධ වෙනවා.
 

polburiya

Banned
Jun 24, 2016
170
40
0
බැඳලා මාස දෙකයි .... තව මස පහකින් ළමයෙක් ලු

අනේ මන්ද