තවත් මේ කතා අහන් ඉන්න බැ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    " තවත් මේ කතා අහන් ඉන්න බැ... ඔපරේශන් එකට දුන් ලක්ෂ 5 ආපහු දෙනවා.." - දයාසිරි ජයසේකරගෙන් සියල්ලන් මවිත කරවන ප්‍රකාශයක්..

    බලු කතා අසා සිටිය නොහැකි හෙයින් ජනාධිපති අරමුදලින් සිය සැත්කමට ලැබුණු රු. ලක්ෂ 05ක මුදල නැවත ගෙවීමට තමන්ට උවමනා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

    එහෙත් එසේ කළහොත් තමන් වංචාවක් කළ නිසා නැවත එම මුදල් ලබා දුන්නේ යැයි චෝදනා කරනු ඇතැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

    තමන් මහා වංචාවක් කළේ යැයි ආණ්ඩුව චෝදනා කළ ද එය ජනාධිපති ප්‍රමුඛ කමිටුවක් මගින් අනුමත කර ලබා දී ඇති බවයි, ඔහු සඳහන් කළේ.

    ආණ්ඩුවට තමන්ට එරෙහිව නැගිය හැකි එකම චෝදනාව මෙය බවත් ඒ සඳහා කෙතරම් අපහසුතා තිබුණ ද ලක්ෂ 10ක් වුව ද ගෙවීමට තමන් සූදානම් බව ද දයාසිරි ජයසේකර අවධාරණය කරයි.

    ස්වර්ණවාහිනී වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.


    ඕකට ගොඩක් කල් ඇතුලේ ඉන්න ඕනේ නැහැ කියලා හිතෙනින ඇති🤣
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,987
    113
    ජනාධිපති ප්‍රමුඛ කමිටුවක් මගින් අනුමත කර ලබා දී ඇති බවයි,
    ඔව් ඉතින් ජනාධිපති අරමුදල දෙන එක ජනාධිපතිය තමා අනුමත කරන්නෙ නැතුව රිලාසිරියගෙ හොරගෑනි අනුමත කරන්නයෑ. හිතවත් කමට ගත්ත එකනෙ ප්‍රශ්නෙ.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හරියටම කීයක් ආපහු දෙනවද කියලා කියන්න කියපන්... ලක්ෂ 5 ක් ද 10 ක්ද???

    හිගන්නට ජනාධිපති අරමුදල නැතිව බෙහෙත් ටිකක් ගන්න බෑ... හැබැයි හෙන පොර ටෝක් නම් තියනවා...