තවත් විහිළුවක්.....

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    තවත් විහිළුවක්.....

    ඔන්න මේ කථාව නම් සමහර අය අහලත් ඇති.....

    ඔන්න ටිකක් පිටිසර පැත්තෙ ගමක ඉස්කෝලෙක වෙච්ච කථාවක් තමයි මේක....
    ( හැබැයි කථාව හොදයි නම් + රෙප් ඕනේ )



    මෙන්න මේකයි කථාව..................

    පිටිසර පැත්තෙ ගමක ඉස්කෝලෙකට අළුතින් සිංහල ගුරුවරයෙක් මාරුවීමක් අරන් ආවළු.....

    මේ ගුරුතුමා ආපු ඉස්කෝලෙ ළමයි අවුරුදු දෙකකට පස්සෙ තමයි ඉතිං සිංහල උගන්වන්න ආපු ගුරුවරයෙක්ව දැකලා තියෙන්නේ.....

    පිටිසර හින්දා ගුරුවරු මේපාසලට එන්න ගොඩාක් අකමැතියි....

    කොහොමින් කොහොම හරි මේ ගුරුවරයාට දුක හිතුනළු මේ පාසලේ ලමයි ගැන.....

    අවුරුදු දෙකක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයිනේ.....

    ඔන්න මේ ගුරුවරයා පහුවදාම ඉගැන්වීම් කටයුතුවල නිරත වෙන්න තීරණය කලා...

    පහුවදා ඔන්න උදා උනාලු.......

    ඔන්න ඉස්සර වෙලාම මේ ගුරුවරයා ගියෙ 6 වසරට...............

    කොහොමින් කොහොම හරි.... ළමයි ගුරුවරයාවත්.... ගුරුවරයා ළමයි වත් අදුන ගත්තට එහෙම පස්සෙ.... ඉගැන්වීම් කටයුතු වල නිරත වෙන්න තීරනය කරපු මේ ගුරුතුමා මුල්ම පාඩම විදිහට ව්‍යාකරන පාඩම පටන් ගත්තා....


    " මම කියලා වාක්‍ය පටන් ගත්තොත් වාක්‍ය ඉවර වෙන්න ඕන මි. " කියලා......
    " අපි කියලා වාක්‍ය පටන් ගත්තොත් වාක්‍ය ඉවර වෙන්න ඕන මු. " කියලා......
    " අම්මා කියලා වාක්‍ය පටන් ගත්තොත් වාක්‍ය ඉවර වෙන්න ඕන ය. " කියලා......


    කොහොමින් කොහොම හරි පාඩම තේරුම් කරපු මේ ගුරුතුමා.. කාලඡේදය ඉවර වෙන්න ලග හින්දා ළමයින්ට මෙහෙම කිව්වා...

    " ළමයි...... ඔයාල හෙට එනකොට අද උගන්වපු ව්‍යාකරන යොදාගෙන වාක්‍ය 10ක් ලියාගෙන එන්න ".......

    පහුවදා ගුරුවරයාට අන්තිම කාලඡේදය තමයි 6 වසර වෙනුවෙන් වෙන්වෙලා තිබුනේ...
    පන්තියට ආවෙ මේ ගුරුවරයා ඉක්මන්මට ළමයි සේරගේම පොත් ටික ඉල්ලගෙන බලන්න පටන් ගත්තා......

    ඔන් පොත් බලන අතරෙ දැක්කා " කමල්ගෙ " පොතේ ලියලා තියන වාක්‍යයක්....

    " මම ගෙදර ගියාය "

    ඔන්න ඕක දැකපු සර්ට ටිකක් තද උනා....

    මෙච්චර ලේසි වාක්‍ය වරද්දපු එක ගැන....

    " කමල්...... මෙහාට එනවා....... මොකක්ද මේ ලියලා කියන වාක්‍ය...... මේක වැරදියි... "
    " මම කිලා පටන් ගත්තොත් ඉවර වෙන්න ඕන මි කියලා නේ.... මතකද මම ඊයෙ ඉගැන්නුවා "

    හරි දැන් ඒ වැරැද්ද හරිගස්සලා " මම ගෙදර ගියෙමි " කියලා 100 පාරක් මේ කළු ලෑල්ලෙ ලියන්න.........

    ඔන්න ඉතින් කමල් මේ වාක්‍ය කළු ලෑල්ලෙ ලියනවා....

    මම ගෙදර ගියෙමි.
    මම ගෙදර ගියෙමි.
    මම ගෙදර ගියෙමි.
    මම ගෙදර ගියෙමි.
    මම ගෙදර ගියෙමි.
    මම ගෙදර ගියෙමි.


    ඔන්න ඔය අතරෙ විදුහල්පති තුමා පනිවිඩයක් එව්ලා මේ ගුරුතුමාට ඉක්මන්ටම කාර්යාලයට එන්න කියලා...

    ඔන්න ‍ගුරුතුමා කාර්යාලයට ගියා...

    ඔය අතරෙ පාසල අවසාන කරන සීනුව නාද කලා....

    ළමයි සේරම ගෙවල් වලට ගියා.....

    කමල් තමන්ට පවරපු කාර්යය ඉවර කරලා, තමන් ගිය බව ගුරුතුමාට දන්වන්න ත් එක්ක තවත් වාක්‍යයකුත් ලියලා ගෙදර ගියා.......

    ගුරුතුමා පන්තියට එද්දි කව්රුවත් පන්තියෙ ළමයි නෑ.... කමලුත් නෑ....

    නිකමට වගේ පවරපු වැඩේ කරලාද බලන්න ගුරුතුමා කළු ලෑල්ල දිහා බැලුවා....


    " මම ගෙදර ගියෙමි. " කියලා 100 පාරක්ම ලියලා තිබුනා...

    ඊට අමතරව ‍කළු ලෑල්ලෙ මෙන්න මෙහෙම ලියලා තිබුනා...

    " මම ගෙදර ගියෙමි කියා සිය සැරයක් ලියා මම ගෙදර ගියාය. " කියලා.....



    ( සර්ට මොනවා හිතෙන්න ඇතිද........? )
     

    sauronz

    Member
    Sep 12, 2009
    871
    13
    0
    34
    ganemulla
    අඩෝ සමහරවිට ඔය පිරිමි ඉස්කෝලෙක කොල්ලෙක් විදිහට ඉන්න කෙල්ලෙක් වෙන්න අති නැත්තන් "මම ගෙදර ගියාය"කියල ලියන් නැහැනෙ
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    අඩෝ සමහරවිට ඔය පිරිමි ඉස්කෝලෙක කොල්ලෙක් විදිහට ඉන්න කෙල්ලෙක් වෙන්න අති නැත්තන් "මම ගෙදර ගියාය"කියල ලියන් නැහැනෙ

    අනේ මන්දා.... බං... මමත් අහපු කථාවක් තමයි ඕක...