තවදුරටත් රජුන් නත්නන්ගේ භූමිකාව හසුරවිම&

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,032
    35,975
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තවදුරටත් රජුන් නත්නන්ගේ භූමිකාව හසුරවිම&

    පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවත්වන ලද රාජාසන කතාව පහත පරිදිය.
    අප සියලු දෙනාගේම වගකීම වන්නේ ජනතාවට සේවය කිරීමයි. මම අවුරුදු විස්සක් හමුදාවේ සේවය කළා.
    වසර 10ක් ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළා.
    රුහුණේ ගිරුවාපත්තුවේ මැදමුලන මූලාශ්‍රය කරගත් පරම්පර තුනක රාජපක්ෂවරු ඡන්දයෙන් පත්වූ මහජන නියෝජතයන් ලෙස කටයුතු කර තිබෙනවා.
    මන්ත්‍රීවරු, ඇමතිවරු, නියෝජ්‍ය කථානයකවරයෙක්, කථානයකවරුයෙක්, අගමැතිවරයෙක්, විපක්ෂනායකවරයෙක්, ජනපතිවරු දෙදෙනෙක් පත්කර තිබෙනවා.
    කුරහන් පාට සාටකය අදින්නේ නැතිවුණත් මම නියෝජනය කරන්නේ එහි ගැඹුරු දර්ශනයයි.
    එම දර්ශනය මා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සටහන්ව තිබෙනවා.
    එය සභාගත කරනවා.

    ජනතාව මට පැහැදිලි ජනවරමක් දුන්නා.
    ජනතාව මා ගැන තැබූ විශ්වාසය කඩ නොකරන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට මමත් මගේ රජයත් කැපවෙනවා.
    ජනතාවට අවශ්‍ය වුණේ දේශපාලනයේ වෙනසක් කරන්නයි.
    තවදුරටත් රජුන් නත්නන්ගේ භූමිකාව හසුරවිමට අවස්ථාවක් නෑ.
    මම ආරාධනා කරනවා අදාළ දේශපාලඥයින්ට මේ දේ තේරුම් ගන්න කියලා.
    ජාතිය ගොඩ නැගීමේ කර්තව්‍යයට එකතුවෙන්න.
    අපේ රටේ ව්‍යවස්ථාවට අනුව මගේ ධුරකාලය තුළ ඒකීය රාජ්‍ය ආරක්ෂා කරනවා. බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂනය කරනවා. ඕනෑම අයෙකුට කැමති ආගමක් අදහන්නට අවස්ථාව තිබෙනවා.
    මෙහි තර්කානුකූල වාද විවාද ඇතිවුණා. පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රැක ගැනීමට මන්ත්‍රීවරු උත්සාහ කළා.
    නමුත් පසුකාලීනව ගෞරවය හින වී ගියා. මේ පාර්ලිමේන්තුව නැවතත් ආදර්ශමත් ස්ථානයක් බවට පත්විය යුතුයි.
    ගෞරවය දිනා ගැනීමේ වගකීම තිබෙන්නේ මහජන නියෝජිතයන්ටයි.
    අද දේශපාලන ආර්ථික අර්බුදයක් තිබෙනවා.
    නිදහසින් පසු අපේ සංවර්ධනය ගැන තෘප්තිමත් වෙන්න බෑ.
    මහජන නියෝජතියන්ගේ මූලික වගකීම ජනතා සේවයයි.
    රටක් දියුණු කරන්නට නිවැරදි දැක්මක් අවශ්‍යයි.
    සෞභාග්‍යයේ දැක්ම ජාතික වැඩපිළිවෙක්.
    අපි පියවර රැසක් මේ වන වට ගෙන තිබෙනවා.
    ජාතික ආරක්ෂාවට ඉහළ වටිනාකමක් දෙනවා. දක්ෂ නිලධාරීන්ට නැවතත් වගකීම් බාර දී තිබෙනවා.
    ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අතර මනා සබන්ධීකරණයක් ඇති කළා.
    අපේ මවුබිම ත්‍රස්තවාදයෙන්, අන්තවාදයෙන්, සොරකමින්, මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගෙන් තොර සුරක්ෂිත රටක් බවට පත්කිරීමට කටයුතු කරනවා.
    වැඩකළ හැකි වයසේ සිටින සෑම පුද්ගලයෙකුම ඵලදායි පුද්ගලයෙක් කිරීමට රජය පියවර ගත යුතුයි.
    සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රතිලාභ සෑම ජන කොටසකටම බේදී යන ලෙස කටයුතු කළ යුතුයි.
    ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ජනතා ප්‍රතිචාරය සොයා බැලීමට ඡන්දයක් එන තුරු සිටිය යුතු නෑ.
    බදු සහන වලින් යම් ප්‍රතිශතයක් ජනතාවට ලබා දිය යුතුයි.
    දුප්පත්කම තුරන් කිරිම අපේ රජයේ ප්‍රමුඛ අරමුණක්.
    ඉදිරි මාසය තුළ මේ රටේ ආදායම් අඩු පවුල් වල100000කට අපි රැකියා දෙනවා.
    රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය එක්ව අපි රැකියා වියුක්තියට විසඳුම් සෙවිය යුතුයි.
    අපේ සාරධර්ම හා සංස්කෘතින් අප හැමවිටම ආරම්භ කළ යුතුයි.
    සෛවරී, නිදහස් , සුරක්ෂිත සාමකාමී රටක් විය යුතුයි.
    සෞභාග්‍ය යේ දැක්ම තුළින් අපි හඳුන්වා දෙන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්.
    දියුුණු වීමට උත්සාහ කරන සෑම අයෙකුටම සම අවස්ථා දෙනවා.
    දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කළ යුතුයි.
    රජයේ සේවකයන් අපගේ දැක්ම පිළිබඳව අවබෝධයක් ල බා ගත යුතුයි.
    දූෂණය හා වංචාව තුරන් කිරීමට කටයුතු කළ යුතුයි.


    රාජ්‍ය ආයතන තුළ තාක්ෂණය ප්‍රචලිත කිරීමට විශේෂ අවධානයක් යොමුකරනවා.
    මීට දශක කිහිපයකට පෙර ලංකාව වෙළඳ මධ්‍යස්ථානයක් වුණා.
    ඒ අපේ රට සුවිශේෂී තැනක පිහිටා තිබීමයි. අදත් අපිට ඒ වාසයි ලබාගත හැකියි.
    මහින්ද රාජපක්ෂ රජය ලංකාව දකුණු අසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට අරමුණ තිබුණා.
    ඒ ව්‍යාපෘති අපි ඉදිරියට ගෙන යා යුතුයි.
    ආයෝජකයන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට කටයුතු කළ යුතුයි.
    මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීමත්, දුම්රිය සේවය ශක්තිමත් කිරිමත් අවශ්‍යතාවක්.
    නාගරිකරණය රටකට යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල ගෙන දෙනවා.
    නාගරික තදබදය අඩු කිරීමට පරිසර දූෂණය අඩු කිරිමට ප්‍රතිනාගරීකරණය සිදුකළ යුතුයි.
    රට පුරා අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම වැදගත්.
    ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේදී විදුලි මිල වැදගත් සාධකයක්.
    සාධාරණ මිලකට බලශක්තිය ලබාදීමට කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන සැලසුම් වැදගත්.
    අපේ රටේ මැණික් හා ඛණිජ සම්පත් වලින් පෝසත් වුණාට අගය වැඩිකිරීම තවදුරටත් ප්‍රමාණවත් නෑ.
    විවිධ නීතිරීති බලපත්‍ර හා තහංචි මගින් සාම්ප්‍රදායකි කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා අනවශ්‍ය හා අසාධාරණ සිමා පනවමින් බාධා ඇති කිරිමට ඉඩ දෙන්නේ නෑ.
    අපනයනය කළ හැකි කෘෂි නිෂ්පාදන තිබියදී අපි මීට වඩා වැඩි අපනයන ආදායමක් ලබාගත යුතුයි.
    කර්මාන්ත දියුණු කිරීම සඳහා තාක්ෂණය මුල්කරගත් නව ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා.
    කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමත් මූලික කාර්යයක්.
    කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයන සම්පූර්ණයෙන්ම නතර කිරිමට උපදෙස් දී තිබෙනවා.
    බහුදින යාත්‍රාවලට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා සියලුම වරාය නවීකරණය කරනවා.
    මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සඳහා නව තාක්ෂණය හඳුන්වා දෙනවා.
    රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී පරිසර ආරක්ෂණය ගැන සැලකිමත් වෙනවා.
    රටක් වශයෙන් අපට ඇති වටිනාම සම්පත අපගේ අනාගත පරපුරයි.
    රටේ ආනාගත පරපුරේ කුසලතා හා නිපුණතා වර්ධනය කිරීමට කටයුතු කළ යුතුයි.
    තරුණ පරපුරට උසස් හා තාක්ෂණික අධ්‍යාපනයට අවස්ථා ඇති කළ යුතුයි.
    ධාරිතාවන් කාර්යක්ෂමව ප්‍ර යෝජනයට ගැනීමෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගන්නා ප්‍රමාණය වැඩි කළ යුතුයි.
    විශ්වවිද්‍යාල ඇතැම් පාඨමාලා වර්තමානයට ගැලපෙන්නේ නෑ.
    වෙළඳපොළ ඉලක්ක කරගෙන පාඨමාලා නිර්මාණය කළ යුතුයි.
    ඩිප්ලෝමා පාඨමාලා ක්‍රමයෙන් උපාධිධාරීන් බිහිකරන පාඨමාලා කළ යුතුයි.
    හෙදියන් සඳහා ලබාදෙන ඩිප්ලෝමාව වසර හතරක උපාධියක් බවට පත්කරනවා.
    උසස්පෙළ අසමත් හා සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත් සිසුන් වෙනුවෙන් කාර්මික අධ්‍යාපන අවශ්‍යතා ඇති කළ යුතුයි.
    සෑම පාසලකම ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම දියුණු කිරීමට කටයුතු කරනවා.
    අලුත් රැකියා අවස්ථා සොයාදීම සඳහා විදෙස් තානාපති අංශ වෙත උපදෙස් දෙනවා.
    අධ්‍යාපනය රටකට විදේශ විනිමය උපයාගත හැකි මාර්ගයක්.
    විදේශීය ශිෂ්‍යයින් ලංකාවට ආකර්ෂනය කර ගැනීමේ වැඩසටහනක් සකස් කළ යුතුයි.
    විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට පැමිණිය යුතුයි.
    ලෝක ආර්ථිකයේ බල කේන්ද්‍රය ආසියාවට පැමිණෙමින් තිබෙනවා.
    දේශීය ව්‍යවසායකයන් ආසියානු නව වෙළඳපොළවල් සොයා යෑමට දිරිමත් කරනවා.
    අති නවීන තාක්ෂණයන් ලෝකය වෙනස් කරමින් තිබෙනවා.
    තාක්ෂණය වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා.
    රටේ ආනාගත සංවර්ධනය සඳහා කුමානාකාරයේ අයෝජනද යන්න හැඳින ගැනීම වැදගත්.
    තරුණ පරපුර නව තාක්ෂණයන් හඳුනා ගැනීමට කටයුතු කළ යුතුයි.
    තරුණ පරපුර තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය හා තොරතුරු තාක්ෂණය ක්ෂේත්‍රයට යොමුවිය යුතුයි.
    අපට පහසුවෙන්ම දියුණු කළ හැකි වන්නේ සංචාරක ක්ෂේත්‍රයයි.
    සංචාරක ක්ෂේත්‍රයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් ගෙනෙන කර්මාන්තයක් බවට පත්කරනවා.
    ඉහළ තනතුරුවලට සුදුසුකම් ඇති අය පත්කරන බවට අපි ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කළා.
    සුදුස්සන් පත්කිරීමට අපි කමිටුවක් පත්කළා.
    2004-2014 රට තුළ විශාල දියුණුවක් සිදුවුණා. දක්ෂ පරිපාලකයන් පත්කිරිම මගින් මේ දේ නැවතත් අපිට ඇතිකර ගත හැකිය.
    19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ව්‍යවස්ථාව නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා.
    දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනස්කම් ඇතිවිය යුතුමයි.
    වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් ඇතිවිය යුතුයි.
    අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නෑ. ප්‍රභල විධායකයක්, ව්‍යවස්ථා දායකයන් හා අධිකරණයක් ස්ථිපත කිරීම නව ව්‍යවස්ථාවකින් සිදුවිය යුතුයි.
    අපි සෑම රටක් සමගම කටයුතු කරනවා.
    ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවලදී කිසිම රටක් ඉදිරියේ නොනැමෙන පාලනයක් අපි ස්ථාපත කරනවා.
    ආර්ථික වැදගත් භූ ප්‍ර දේශවල හෝ සම්පත් අනසතු කරන්නේ නෑ.
    ජාතියක් ලෙස ක්‍රියා කිරීමෙන් අප හමුවේ ඇති සියලු අභියෝග ජයගත හැකියි.
    මම මගේ රටට ආදරය කරනවා.



     
    • Haha
    Reactions: Honda.putha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,032
    35,975
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රජුන් තනන්නන්ගේ භූමිකාව රඟපාමින් රටේ දේශපාලනය හසුරවන්නට කිසිවෙකුට ඉඩ නොතබන බව බහුතර ජනතාව ඔප්පු කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

    පාර්ලිමෙන්තුවේදී රාජාසන කතාව සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළා.

    සම්පූර්ණ කතාව පහතින්,

    ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ලෙස ඔබ ඇමතීමේ අවස්ථාව මට ලැබී තිබෙන්නේ නොවැම්බර් 16 දා මේ රටේ ජනතාව ලබා දුන් ඵෙතිහාසික ජයග‍්‍රහණය නිසයි.

    සාමකාමී හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කැපවූ සියලූම පුරවැසියන්ටත්, ආයතනවලටත්, සියලූම දේශපාලන පක්ෂවලටත් මා මේ අවස්ථාවේ මගේ කෘතවේදීත්වය ප‍්‍රකාශ කරනවා.

    මේ උත්තරීතර සභාවේ අසුන්ගෙන සිටින ඔබ කුමන පක්ෂයකට අයිති වුනත් අප සියලූදෙනාගේම මූලික වගකීම වන්නේ මේ රටේ ජනතාවගේ සුබසෙත වෙනුවෙන් ක‍්‍රියා කිරීමයි.

    මා වසර විස්සක් මේ රටේ හමුදා නිලධාරියෙකු ලෙසත්, වසර 10 කට ආසන්න කාලයක් මේ රටේ ආරක්ෂක ලේකම්වරයා වශයෙනුත් සේවය කළා.

    මා ක‍්‍රියාකාරී දේශපාලනයේ යෙදුනේ නැති වුනත් ජනතා සේවය කුමක්ද යන්න මා කුඩා කාලයේ සිටම අත්දැක තිබෙනවා.

    මගේ පියාගේ වැඩිමහල් සොහොයුරා, ඞී.එම්. රාජපක්ෂ මැතිතුමා තමන්ගේ දේශපාලන
    ගමන ආරම්භ කලේ 1936 දී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ හම්බන්තොට ආසනය නියෝජනය කරමින්. 1945 දී සිදුවූ ඔහුගේ අභාවයෙන් පසු හම්බන්තොට ජනතාව මගේ පියා, ඞී.ඒ. රාජපක්ෂ මැතිතුමාව රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තෝරා ගත්තා. ඉන්පසු ඔහු
    ලංකාවේ පළමුවන පාර්ලිමේන්තුවටත්, මහජන ඡුන්දයෙන් තේරී පත්වුණා.

    එතැන් පටන් මේ වනතුරු රුහුණේ ගිරුවාපත්තුවේ පිටිසර ගම්මානයක් වූ මැදමුලන මූලාශ‍්‍ර කරගත් පරම්පරා තුනක රාජපක්ෂවරු ඡුන්දයෙන් පත්වූ මහජන නියෝජිතයන් ලෙස සේවය කොට තිබෙනවා. මේ කාලය තුළ මන්ත‍්‍රීවරු, නියෝජ්‍ය ඇමතිවරු, කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය කථානායකවරයෙක්, කථානායකවරයෙක්, විරුද්ධ පක්ෂ නායකයෙක්, අගමැතිවරයෙක් පමණක් නොවෙයි ජනාධිපතිවරු දෙදෙනෙක්ම අප
    ගැන විශ්වාසය තැබූ මේ රටේ පොදු මහජනතාව විසින් තෝරා පත් කරගෙන තිබෙනවා.

    එදා රුහුණේ සිංහයා වශයෙන් හැඳින්වුණු ඞී.එම්. රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණි මුල් දිනයේ සිටම කුරහන් පැහැය ඇති සාටකයක් පැළඳ සිටියා.

    එම සාටකයෙන් එතුමා සංකේතවත් කලේ ගිරුවාපත්තුවේ කුරක්කන් ගොවියන්වයි. ඞී.එම්. රාජපක්ෂ මැතිතුමාගෙන් පසු මගේ පියා ඞී.ඒ. රාජපක්ෂ මැතිතුමාත් එතුමාගෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කළ රාජපක්ෂ පවුලේ අනෙකුත් සාමාජිකයන් සියලූදෙනාමත් මේ කුරහන් පාට සාටකය පැළඳ සිටියා.

    මා ඒ සාටකය අඳින්නේ නැති වුවත් මා නියෝජනය කරන්නේත් මේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් සැමවිටම කැපවූ, කුරහන් සාටකයෙන් සංකේතවත් කරනා ගැඹුරු දර්ශනයමයි.

    එම දර්ශනය ජනාධිපතිවරණය සඳහා මා ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළත් අන්තර්ගතව තිබෙනවා.

    ගරු කථානායකතුමනි, මා මේ අවස්ථාවේදී ”සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සභාගත කරනවා.

    2019 නොවැම්බර් 16 දා පැවති ඡන්දයෙන් මේ රටේ ජනතාව මට ඉතා පැහැදිලි ජනවරමක් ලබා දුන්නා. ඒ ජනවරම ලබා දුන්නේ මා ගැන මහත් විශ්වාසයෙන්. ඒ විශ්වාසය කිසි අයුරකින් කඩ නොකොට, ජනතාවට අප පොරොන්දු වූ ආකාරයටම සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමේ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමට මාත් මගේ රජයත් ඇප කැප වෙනවා.

    මට ඡන්දය දුන් ජනතාවට අවශ්‍ය වුනේ මේ රටේ දේශපාලනික සංස්කෘතියේ ප‍්‍රබල වෙනසක් කරන්නටයි. විශේෂයෙන්ම ජාතිවාදය මත පදනම් වූ දේශපාලන න්‍යාය පත‍්‍ර ජනතාව ප‍්‍රතික්ෂේප කළා. තවදුරටත් රජුන් තනන්නන්ගේ භූමිකාව රඟපාමින් රටේ දේශපාලනය හසුරවන්නට කිසිවෙකුට ඉඩ නොතබන බව බහුතර ජනතාව ඔප්පු කළා.

    මා ආරාධනා කරනවා අදාළ දේශපාලනඥයින්ට මේ යථාර්ථය තේරුම් ගන්න කියා. පසුගිය කාලයේ පටු දේශපාලන අරමුණු මුල් කරගෙන කළ දේශපාලනය දැන්වත් පසෙකලා ජාතීන් අතර බේද වපුරනවා වෙනුවට එකට එක්වී ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යය සඳහා එකතුවන ලෙස මා ඉල්ලා සිටිනවා. බහුතර ජනතාවගේ අපේක්ෂාවන්ට අපි හැමවිටම ගරු කළ යුතුයි. ජනතා පරමාධිපත්‍යය සුරකින්නට පුළුවන් වන්නේ එවිටයි.

    අපේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව මගේ ධුර කාලය තුළ රටේ ඒකීය බව ආරක්ෂා කරන බවත්, බුද්ධශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවත්, එසේම
    ඕනෑම පුරවැසියෙකුට තමන් අභිමත ආගමක් ඇදහීමේ නිදහස සැමවිටම සුරකින බවත් මෙහිදී ප‍්‍රකාශ කරන්නට කැමතියි.

    මට මතකයි මා කුඩා කාලේ මගේ පියා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මම බොහෝ විට පාර්ලිමේන්තු මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු ක‍්‍රියාකාරකම් නරඹලා
    තිබෙනවා. අතීතයේ අප දුටු පාර්ලිමේන්තුව ඉතාමත් ආදර්ශමත් ස්ථානයක්. මෙහි ඉතා වැදගත් හරබර දේශන පැවැත්වුණා. ඉතා තර්කානුකූල වාද විවාද සිදුවුණා. ඒවාට ඇහුම්කන් දීමට පාසැල් දරුවන් මෙන්ම වැඩිහිටි ජනතාව ආශාවෙන් පාර්ලිමේන්තුවට ඇදී ආවා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය රැුකගන්නට මන්ත‍්‍රීවරුන් හැමවිටම උත්සාහ කළා. ජනතාව එදා පාර්ලිමේන්තුවට ගරු කළා. මහජන නියෝජිතයන්ට ගරු කළා. නමුත් පසුකාලීනව මේ ගෞරවය ක‍්‍රමක‍්‍රමයෙන් හීන වී
    ගියා.

    මෙම පාර්ලිමේන්තුව යළිත් වතාවක් ජනතාවගේ සැබෑ ගැටලූ සාකච්ඡුා කෙරෙන, ජාතික ප‍්‍රතිපත්ති සංවාදයට ලක් කරන, ව්‍යවස්ථාදායකයේ වගකීම නිසිලෙස ඉටු කරන, ආදර්ශමත් ස්ථානයක් බවට පත් විය යුතුයි. පාර්ලිමේන්තුව ජනතාවගේ ගෞරවය දිනාගත් ස්ථානයක් බවට පත් කිරීමේ මූලික වගකීම තිබෙන්නේ මෙහි සිටින මහජන නියෝජිතයන් අතයි.

    අද මේ රටේ සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයක් තිබෙනවා. නිදහසින් වසර 70 කට පසුවත් අපේ රටේ සංවර්ධනය ගැන අපට සෑහීමකට පත් වන්නට බැහැ. මේ
    තත්ත්වය වෙනස් කරන්නට අප සියලූදෙනාටම වගකීමක් තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කැපවීම් කරන්නට අපි සූදානම් විය යුතුයි.
    මහජන නියෝජිතයෙකුගේ මූලික වගකීම ජනතා සේවයයි. අපට ලැබී ඇති තනතුරු වරප‍්‍රසාදයන් නොව වගකීම් බව අප සියලූදෙනාම මතක තබා ගත යුතුයි.

    රටක් දියුණු කරන්නට නිවැරදි දැක්මක් හා සැලසුම් අවශ්‍යයි. ජනාධිපතිවරණයේදී රටේ ජනතාවට හඳුන්වා දුන් ”සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති මාලාව වසර 4 කට ආසන්න කාලයක් වියත්මග වැනි ජාතික සංවිධාන හරහාත්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කළ ”ගම සමග පිළිසඳරක්” වැඩසටහන හරහාත්, අනෙක් දේශපාලන පක්ෂ සමග කළ සංවාද හරහාත්, ජනතාවගේ අදහස් ලබා ගනිමින්, මගේ දැක්මත් එයට එක් කොට සකස් කළ ජාතික වැඩපිළිවෙලක්.

    ඒ සැලැස්මට අනුව ජනතාවට බරක් වී තිබූ බදු බර ලිහිල් කිරීම, විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමතාවයෙන් ඉහළ පරිපාලන ක‍්‍රමවේදයකට මුලපිරීම, අනවශ්‍ය රාජ්‍ය වියදම් කපාහැරීම වැනි පියවර රැුසක් අපි මේ වනවිටත් ගෙන තිබෙනවා. අපේ ප‍්‍රතිපත්තීන් අතර ජාතික ආරක්ෂාවට ඉහළම ප‍්‍රමුඛත්වයක් හිමිවෙනවා.

    ජාතික ආරක්ෂක යාන්ත‍්‍රණය නැවතත් ශක්තිමත් කරන්නට අවශ්‍ය පියවර අපි දැනටමත් ගෙන තිබෙනවා. දක්ෂ නිලධාරීන්ට නැවතත් වගකීම් භාර දී තිබෙනවා. ජාතික ආරක්ෂාවට වගකියන ත‍්‍රිවිධ හමුදාව හා පොලීසිය අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරන්නට අප පියවර ගෙන තිබෙනවා. ජාතික බුද්ධි අංශ ජාලය ප‍්‍රතිසංවිධානය කොට ශක්තිමත් කොට තිබෙනවා.

    අපේ මව්බිම ත‍්‍රස්තවාදයෙන්, අන්තවාදයෙන්, පාතාල ක‍්‍රියාකාරකම්වලින්, සොර බියෙන්, කප්පම්කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය උවදුරින්, සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කරන්නන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය සියලූ පියවර ගන්නට කටයුතු කරනවා.

    අපේ මූලික අරමුණ ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, විනයගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ඇති කරලීමයි.

    මේ රටේ ජීවත්වන, වැඩ කළහැකි වයසේ සිටින, සෑම නිරෝගී පුරවැසියෙකුම සමාජයට වැඩදායී, ඵලදායී පුරවැසියෙක් කිරීමට රජය මූලිකත්වය ගත යුතුයි. අපට අවශ්‍ය ඔවුන් සියලූදෙනාගේම දායකත්වය මේ රටේ ආර්ථිකයට ලබා ගැනීමටයි.

    සංවර්ධන ක‍්‍රියාවල ප‍්‍රතිලාභ රටේ ජනතාවගේ සෑම කොටසකටම බෙදී යන බවට අපි වගබලා ගත යුතුයි. එමෙන්ම රටේ ජනතාවගේ අවශ්‍යතාවන් සැබවින්ම ඉටුවෙනවාද, ඔවුන් සතුටින් සිටිනවාද යන්න සොයා බැලීමට නවින ක‍්‍රමවේදයක් හා දර්ශක භාවිත කළ යුතුයි. ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන ජනතාවගේ ප‍්‍රතිචාරය සොයා බැලීමට ඡුන්දයක් එනතුරු බලා සිටින්නට අවශ්‍ය නැහැ.

    ජනතාවගේ ජීවන බර අඩු කිරීමට අප ගන්නා උත්සාහයට සියලූදෙනාගේම සහාය අපට අවශ්‍යයි. පසුගිය දිනවල අපි ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට ලබා දුන් බදු සහනවලින් යම් ප‍්‍රතිශතයක් ඔවුන් විසින් ජනතාවට ලබා දිය යුතුයි. ඒ අනුව බදු අඩු කළ සෑම භාණ්ඩයකම හා සේවාවකම යම් මිල අඩුවීමක් අපි බලාපොරොත්තු වෙනවා.

    දුප්පත්කම නැති කිරීම අපේ රජයේ ප‍්‍රමුඛතාවක් ලෙස සලසනවා. ඒ සඳහා අපි ජනතාව දුප්පත් වීමට හේතු වටහාගෙන ඒවාට විසඳුම් සැපයිය යුතුයි. නිසි අධ්‍යාපනයක් හෝ නිපුණත්වයක් නැතිකම, වගා කිරීමට ඉඩමක් නැතිකම, ස්වයංරැුකියාවක් ආරම්භ කරන්නට ප‍්‍රාග්ධනයක් නැතිකම වැනි ගැටලූවලට විසඳුම් ලබාදීමෙන් දුප්පත්කම නැති කිරීමට ප‍්‍රායෝගික ප‍්‍රවේශයක් ලබා ගත හැකියි.
    ඉදිරි මාසය තුළ මේ රටේ ආදායම් අඩු පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයකට රැුකියා
    ලබාදීමට අපි සැලසුම් සකස් කොට තිබෙනවා. රාජ්‍ය අංශයත්, පෞද්ගලික අංශයත් එක් කරගෙන රැුකියා වියුක්තියට ප‍්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමට මගේ රජය සූදානම්.

    ගුණගරුක, නීතිගරුක, විනයගරුක සමාජයක් ගොඩ නගමු යන්න පසුගිය මැතිවරණයේදී අපේ තේමාවක් වුණා. ජනතාව ඒ සඳහා අපට වරමක් ලබා දී තිබෙනවා.

    අප ඉතා පැරණි ඉතිහාසයක් ඇති, බෞද්ධ දර්ශනය මෙන්ම තවත් ලොව පිළිගත් ආගම් කීපයකම ඉගැන්වීම්වලින් පෝෂණය වූ සමාජයක් සිටින රටක්. අපේ සාරධර්ම හා සංස්කෘතීන් අප හැමවිටම ආරක්ෂා කළ යුතුයි.

    අපේ ඉලක්කය ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමයි. එය ස්වෛරී, නිදහස් රටක් විය යුතුයි. එමෙන්ම එය සුරක්ෂිත සාමකාමී රටක් විය යුතුයි. ලංකාව සැබවින්ම සෞභාග්‍යමත් දේශයක් වන්නේ මේ සියලූ අංග සම්පූර්ණ වූ විටයි.

    ”සෞභාග්‍යයේ දැක්ම” තුළින් අප හඳුන්වා දෙන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථික ප‍්‍රතිපත්තියක්.

    සෑම පුරවැසියෙකුටම පිළිගතහැකි මට්ටමේ ආර්ථික ස්ථාවරත්වයක් සහතික කිරීම, දියුණු වීමට උත්සාහ ගන්නා සෑම අයෙකුටම සම අවස්ථා ලබාදීම, ජනතා සේවය වෙනුවෙන් කැපවූ පිරිසිදු, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තහවුරු කිරීම හා දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කොට ඔවුන් සවිබල ගැන්වීම එහි ප‍්‍රධාන අරමුණුයි.

    ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් සාර්ථකව ස්ථාපිත කිරීමට නම් රජයේ ඉහළම නිලධාරියා සිට පහළම නිලධාරියා දක්වා රට සංවර්ධනය පිළිබඳව අපේ දැක්ම හා අරමුණු ගැන දැනුවත් විය යුතුයි. එවිට ඔවුන්ගේ රාජකාරී වඩාත් ඵලදායී ලෙස ඉටුකරන්නට පුළුවන්.

    ¥ෂණය හා වංචාව පිටු දැකීමට විශේෂ වැඩපිළිවෙලකුත් අපට ක‍්‍රියාත්මක කරන්නට සිදුවෙනවා. ¥ෂණ ක‍්‍රියාවල යෙදෙන්නන්ට එරෙහිව තරාතිරම නොතකා අප නීතිය කඩිනමින් ක‍්‍රියාත්මක කරනවා.

    අද බොහෝ රටවල් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීමට තාක්ෂණය විසඳුමක් ලෙස යොදාගෙන තිබෙනවා. ඒ හරහා සැමට සමාන අවස්ථා ලබා දෙන්නටත් පුළුවන්. ඒ නිසා රාජ්‍ය ආයතන තුළ තාක්ෂණය භාවිතය ප‍්‍රචලිත කිරීමට විශේෂ අවධානයක් යොමු කරනවා.
    අප අනාගතය සැලසුම් කළයුත්තේ අපේ රටේ භූගෝලීය පිහිටීම, භෞතික සම්පත් හා මානව සම්පත පාදක කරගෙනයි.

    මීට වසර දහස් ගණනකට පෙර ලංකාව ග‍්‍රීක, රෝම, අරාබි, චීන ඇතුළු විවිධ ජාතික වෙළෙන්දන් පැමිණෙන ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක්ව තිබුණා. ලංකාව එසේ ලොව සුපතල වන්නට ප‍්‍රධාන හේතුව වූයේ පෙර අපරදිග යා කරන මුහුදු මාර්ගයේ ඉතා සුවිශේෂී තැනක අපේ රට පිහිටා තිබීමයි. අදත් අපට ඒ වාසිය ඒ ආකාරයෙන්ම
    ලබාගත හැකියි.

    2005 - 2014 කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය, ලංකාව දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය ලෙස දියුණු කරන්නට සැලසුම් කළා.

    මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය තෝරා ගනු ලැබුවේ දකුණේ විශාල කාර්මික නගරයක් ගොඩනැගීමේ අරමුණ ඇතිවයි.

    කොළඹ වරාය නගරය ගොඩනගන්නට තීරණය කලේ ලංකාව ආසියාව තුළ මුල්‍ය හා වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහායි. දීර්ඝකාලීන අරමුණු ඇතුව සැලසුම් කළ ඒ ව්‍යාපෘති අපි ඉදිරියට ගෙන යා යුතුයි.

    අප නිවැරදි සැලැස්මකට අනුව කටයුතු කළහොත්, කලාපීය අසල්වැසි රටවලට භාණ්ඩ හා සේවා සපයන විවිධ ජාත්‍යන්තර ව්‍යාපාර ලංකාවේ ස්ථානගත කරවා ගන්නට පුළුවන්. ඒ සඳහා ආයෝජකයන් දිරිගැන්වීම සඳහාත්, එම ආයෝජකයන්ට ලංකාව
    තුළ අවශ්‍ය පහසුකම් සියල්ල කඩිනමින් සැපයීම සඳහාත් අප සූදානම්ව සිටිය යුතුයි.

    අධිවේගී මාර්ග පද්ධතිය මෙන්ම මහාමාර්ග පද්ධතිය දියුණු කිරීමේ වැඩකටයුතු වේගවත් කොට රටේ ඕනැම තැනක සිට තවත් තැනකට පැය කිහිපයක් ඇතුලත ගමන් කළහැකි වාතාවරණයක් ඇති කිරීම ආර්ථික සංවර්ධනයට ඉතා වැදගත් වෙනවා. දුම්රිය සේවාව වැඩිදියුණු කිරීමත් මේ වැඩපිළිවෙලේ අවශ්‍යතම අංගයක්. කාර්යක්ෂම හා සුවපහසු දුම්රිය සේවාවක් මගින් අද බරපතල ගැටළුවක්ව පවතින මාර්ග තදබදයටත් විසඳුම් සොයන්නට පුළුවන්.

    නාගරීකරණය රටකට යහපත් මෙන්ම අයහපත් ප‍්‍රතිඵල ගෙන දෙනවා. සංවර්ධනය රටේ සෑම ප‍්‍රදේශයකටම බෙදීයාම සහතික කිරීම සඳහා අපට ප‍්‍රතිනාගරීකරණ වැඩපිළවෙලක් අවශ්‍ය වෙනවා. නාගරික තදබදය අඩු කිරීමට, පරිසර ¥ෂණය අඩු කිරීමට මෙන්ම ජීවන වියදම අඩු කිරීමට මේ හරහා අපට පහසු වෙනවා. ලංකාව පුරා විසිරී සිටින ජනතාවට තම අධ්‍යාපන කටයුතු, සෞඛ්‍ය සේවා හා රැුකියා සඳහා තම ප‍්‍රදේශය තුළම අවශ්‍ය පහසුකම් තිබිය යුතුයි. මාර්ග හා දුම්රිය මාර්ග පද්ධතියේ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,032
    35,975
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දියුණුව මෙන්ම රට පුරා අධිවේගී අන්තර්ජාල පහසුකම් හා සන්නිවේදන පහසුකම්
    ලබාදීමත් මේ සඳහා වැදගත් වෙනවා.

    ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලියේදී විදුලි මිල වැදගත් සාධකයක්. විශේෂයෙන්ම කාර්මික ක්ෂේත‍්‍ර සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීමේදී මෙය බලපානවා. සාධාරණ මිලකට බලශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා අපට කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන විසඳුම් අවශ්‍යයි. දීර්ඝකාලීන විසඳුම් සෙවීමේදී සූර්ය බලය, සුලං බලය, ජල විදුලිය වැනි පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් ගැන විශේෂ අවධානය යොමු කිරීම අපේ ප‍්‍රතිපත්තිය වෙනවා.

    අපේ රට මැණික් හා ඛනිජ සම්පත්වලින් පොහොසත් රටක් වූවාට අගය වැඩිකිරීමේ කර්මාන්ත තවමත් ජාත්‍යන්තර මට්ටමට දියුණු වී නැහැ. අගය වැඩි කිරීමෙන් තොරව මේ ස්වාභාවික සම්පත් අපනයනය කිරීමෙන් රටට ලබා ගතහැකි විශාල විදේශ විනිමයක් වාර්ෂිකව අහිමි වෙනවා. ලංකාවේ පමණක් නොව අප‍්‍රිකානු කලාපීය රටවලින් පවා ගෙනෙනා මැණික් අගය වැඩිකොට අලෙවි කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ මැණික් වෙළෙඳ සංකීර්ණයක් ලංකාවේ පිහිටුවීමට අපි කටයුතු කළ යුතුයි.

    සාගර හා භූ විද්‍යා සමීක්ෂණ සඳහා නවීන තාක්ෂණ පහසුකම් ලබා දිය යුතු අතර
    ලංකාවේ ඛනිජ සම්පත්වලට අගය එකතු කිරීමේ කර්මාන්ත සඳහා වූ ආයෝජන වලට විශේෂ සහන සලසා ඒවා දිරිමත් කළ යුතුයි.

    විවිධ නීතිරීති, බලපත‍්‍ර, තහංචි මගින් ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික ජීවනෝපායන් වූ මැණික් කර්මාන්තය, උළු කර්මාන්තය, ගඩොල් කර්මාන්තය, වඩු කර්මාන්තය, හස්ත කර්මාන්ත වැනි ක්ෂේත‍්‍ර සඳහා අනවශ්‍ය හා අසාධාරණ සීමාවන් පනවමින් රටේ සංවර්ධනයට බාධා කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ.

    අනාගතය සැලසුම් කරන විට කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය හා ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් දැනට තිබෙනවාට වඩා විශේෂ අවධානයක් යොමු විය යුතුයි. හොඳ දේශගුණයක් තිබෙන විශාල මුහුදු ආර්ථික කලාපයකට හිමිකම් තිබෙන රටක් වශයෙන් අපට මේ කර්මාන්ත මීට වඩා බොහෝ දියුණු කරන්නට පුළුවන්.

    කුළුබඩු, පළතුරු, එළවළු, ධාන්‍ය, මස් සහ මාළු වැනි අපනයනය කළ හැකි කෘෂි නිෂ්පාදන රැුසක් තිබියදී, මෙයට වඩා අපනයන ආදායමක් අප ලබා ගතයුතුයි.
    රටේ ජනතාවගෙන් 1/3 ක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තය හා වැවිලි කර්මාන්තය හා ධීවර කර්මාන්තය මතයි. අපි මේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවිය යුතුයි.

    මෙම කර්මාන්ත දියුණු කිරීම සඳහා සාම්ප‍්‍රදායික වගා ක‍්‍රමවලින් ඔබ්බට ගිය තාක්ෂණය මුල් කරගත් නව ප‍්‍රවේශයක් අවශ්‍යව තිබෙනවා.

    එමෙන්ම වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය අරමුණු කොට කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර භාවිතය ප‍්‍රචලිත කිරීමත්, අපේ ප‍්‍රතිපත්තියේ කොටසක්. ඉදිරි දශකය තුළ ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීම සඳහා අවශ්‍ය කරන සැලසුම් අපි සකස් කළ යුතුයි. දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය වර්ධනය කිරීමේ වැඩපිළිවෙලකුත් මෙයට අයත් වෙනවා.

    කෘෂි නිෂ්පාදන සීමාවකින් තොරව ප‍්‍රතිඅපනයනයට ඉඩදී තිබීම නිසා සුළු අපනයන භෝග වගාකරුවන්ට ඇති වී තිබුණු ගැටලූ විසඳන්නට අපි නව රජය පත්වූ වහාම ක‍්‍රියා කළා. කෘෂි නිෂ්පාදන ප‍්‍රතිඅපනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට මේ වනවිට නියෝග දී තිබෙනවා.

    සාගර ආර්ථිකය සම්බන්ධයෙනුත් මීට වඩා අවධානයක් යොමු විය යුතුයි. ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය කරන නව තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ
    ලබාදීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙලක් අපි හඳුන්වා දෙනවා. ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින යාත‍්‍රාවලට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා සියලූම ධීවර වරායන් නවීකරණය කරන අතර, අවශ්‍යතාවයන්ට අනුව අලූතින් වරායවල් ඉදිකිරීමටත් කටයුතු කරනවා.

    මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමත් අපේ සැලැස්මේ කොටසක්. අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැුකීම අපේ මූලික වගකීමක්. රාජ්‍ය ප‍්‍රතිපත්ති සකස් කිරීමේදී හා ක‍්‍රියාත්මක කිරීමේදී පරිසර ආරක්ෂණය
    ගැන අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා.

    එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු ඉටුකිරීමේ දී ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට ලංකාව පත්කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

    රටක් වශයෙන් අපට ඇති වටිනාම සම්පත අපේ අනාගත පරපුරයි. ඒ නිසා මානව සම්පත් සංවර්ධනය, අපේ රජයේ මූලික වගකීමක් ලෙස අපි හඳුනාගෙන තිබෙනවා.

    රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් කරන්නට අවශ්‍ය දැනුමින් ඔවුන් පෝෂණය කරන්නට, ඔවුන්ගේ කුසලතා හා නිපුණතා වර්ධනයට විශේෂ අවධානයක් යොමු කරන්නට අපට සිදුවෙනවා. තරුණ තරුණියන්ට අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ අතරමං වීමට ඉඩ නොදී ඔවුන්ට උසස් අධ්‍යාපනයට හා තාක්ෂණික අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කළ යුතුයි. මේ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් ඉතා කෙටි කාලයක් තුළ ගොඩනැගිය යුතුයි. රජයේ විශ්වවිද්‍යාලවල හා රජයේ විවිධ උසස් අධ්‍යාපන ආයතනවල ඇති ධාරිතාවන් කාර්යක්ෂමව ප‍්‍රයෝජනයට ගැනීම තුළින්, විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගන්නා ශිෂ්‍යයන් සංඛ්‍යාව වැඩි කළ යුතුයි.
    අද විශ්වවිද්‍යාලවල උගන්වන සමහර පාඨමාලා රැුකියා වෙළෙඳපොලට ගැලපෙන්නේ නැහැ. වර්තමාන රැුකියා වෙළෙඳපොල අවශ්‍යතාවන් සඳහා අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පුහුණු කිරීම සඳහා දැනට හදාරන පාඨමාලාවලට අමතරව ඔවුන්ට ස්වේච්ඡුාවෙන් සහභාගි විය හැකි කෙටිකාලීන අමතර පාඨමාලා හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. සිසුන් ඇතුලත් කිරීමේදී මෙන්ම වෙළෙඳපොල අවශ්‍යතා ඉලක්ක කරගෙන පාඨමාලා ප‍්‍රතිසංස්කරණය කිරීමේදී විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලට වැඩි නිදහසක් ලබා දිය යුතුයි.

    රටේ දැනට තිබෙන ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා හදාරන ආයතන ක‍්‍රමයෙන් උපාධි පිරිනමන මට්ටමට උසස් කිරීම අවශ්‍යයි. මේ සඳහා ආරම්භයක් ලෙස අපේ ගුරු පුහුණු පාසල් හා හෙදි පුහුණු පාසල් උපාධි මට්ටමට ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. පුහුණු උපාධිධාරී ගුරු හිඟය දැනටමත් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ගැටලූවක්. ඒ වගේම හෙදියන් සඳහා දැනට ලබාදෙන වසර 3 ක ඩිප්ලෝමාව වසර 4 ක උපාධියක් දක්වා උසස් කිරීමෙන් ද, ඔවුන්ගේ ඉංග‍්‍රීසි දැනුම වර්ධනය කිරීමට ක‍්‍රියා කිරීමෙන් ද, ඔවුන්ට ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව විදේශ රටවල්වල පවා සේවය කිරීමටත් ඉඩ සැලසෙනවා.

    උසස් පෙළ අසමත්වන සහ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත් ශිෂ්‍යයන්ට තාක්ෂණික සහ කාර්මික අංශයේ දැනුම වැඩි කිරීම සඳහා, කාර්මික සහ තාක්ෂණික විද්‍යාල පද්ධතිය ශක්තිමත් කළ යුතුයි. එම ආයතන සඳහා ලබා දෙන ප‍්‍රතිපාදන හා පහසුකම් වැඩි කළයුතුයි. මේ හරහා ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණුවක් ලද ශ‍්‍රම බලකායක් ඇති කළ හැකි අතර, දේශීය මෙන්ම විදේශීය රැුකියා වෙළෙඳපොල තුළ ඉහළ වේතනයක්
    ලබා ගතහැකි රැුකියා අවස්ථා අපේ තරුණ තරුණියන්ට ලබා දිය හැකියි.

    රැුකියා ක්ෂේත‍්‍රය තුළ ඉංග‍්‍රීසි දැනුම මදිකම බොහෝ තරුණ තරුණියන්ට අවස්ථාවන් අහිමි කරවනවා. මේ නිසා ලංකාවේ සෑම පාසලකම ඉංග‍්‍රීසි භාෂාව ඉගැන්වීමේ පහසුකම් දියුණු කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් අනුයුක්ත කිරීමටත් විශේෂ ක‍්‍රමවේදයක් අපි හඳුන්වා දෙනවා.

    අලූත් රැුකියා අවස්ථා තරුණ තරුණියන් සඳහා සොයා දීමට අපේ විදේශ තානාපති අංශවලට විශේෂ වගකීම් පවරන්නට අපි බලාපොරොත්තු වෙනවා. නුපුහුණු සේවකයන් විශාල වශයෙන් පිටරට යවනවා වෙනුවට සෑම ක්ෂේත‍්‍රයකම පුහුණු සේවකයන් පිටරට යැවීමෙන් අපේ රටට ලැබෙන විදේශ විනිමය වැඩි කර ගන්නවා මෙන්ම ජාත්‍යන්තර
    රැුකියා වෙළෙඳපොල තුළ අපේ රටේ ප‍්‍රතිරූපයත් වර්ධනය කර ගත හැකියි.

    අධ්‍යාපන ක්ෂේත‍්‍රය රටකට හොඳ විදේශ විනිමය උපයා ගත හැකි මාර්ගයක්. ශ‍්‍රී ලාංකික දරුවන්ද විශාල ප‍්‍රමාණයක් අද ආසියාතික උසස් අධ්‍යාපනික ආයතනවල ඉගෙනුම ලබනවා. අධ්‍යාපනය සඳහා අපේ දරුවන් විශාල වියදමක් දරා පිටරට යවනවා වෙනුවට විදේශීය ශිෂ්‍යයනුත් ලංකාවට ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙලක් අපි සකස් කළ යුතුයි. සියලූම විශ්වවිද්‍යාල ජාත්‍යන්තර වශයෙන් තම ශ්‍රේණිගත කිරීම් වලින් ඉහලට පැමිණීම සඳහා කෙටිකාලීන හා දීර්ඝකාලීන සැලසුම් සකස් කළ යුතුයි.

    නිදහසින් වසර 70 කට පසුවත් අපව හඳුන්වනු ලබන්නේ දියුණු වෙමින් පවතින රටක් ලෙසයි. අපට මේ තත්ත්වයෙන් මිදී සැබවින්ම දියුණු රටක් වීමට නම් අපි ඒ සඳහා ඇති අවස්ථා හඳුනා ගතයුතුයි.

    බිලියන 5 කට වැඩි ජනතාවක් වාසය කරන ආසියාව තුළ අද විශාල ආර්ථික පිබිදීමක් ඇතිවී ලෝක ආර්ථිකයේ බල කේන්ද්‍රය ආසියාව දෙසට නැඹුරු වෙමින් පවතිනවා.

    මුදල් වැය කිරීමේ හැකියාව ඇති මධ්‍යම පන්තියේ ප‍්‍රජාව සීඝ‍්‍රයෙන්ම වර්ධනය වන්නේ මේ කලාපය තුළයි.

    ඒ නිසා අපේ දේශීය ව්‍යවසායකයන් ආසියානු කලාපය තුළ නව වෙළෙඳපොලවල් සොයා යාමට දිරිගන්වනවා.

    21 වන සියවස හඳුන්වනු ලබන්නේ දැනුම කේන්ද්‍රික ශතවර්ෂයක් ලෙසයි.

    කෘතිම බුද්ධිය(්රඑසසෙජස්ක ෂබඑැකකසටැබජැ*, ජෛව තාක්ෂණය(ඊසදඑැජයබදකදටහ*, රොබෝ විද්‍යාව(ඍදඉදඑසජි*, 3ෘ මුද්‍රණය, ෂධඔ උපාංග(ෂබඑැරබැඑ දෙ ඔයසබටි*, වැනි අතිනවීන
    තාක්ෂණයන් ලෝකය වෙනස් කරමින් තිබෙනවා.

    ලෝකයේ දියුණුවන රටවල් රැුසක් මේ යථාර්ථය වටහාගෙන තිබෙනවා. තාක්ෂණික කේන්ද්‍රීය ආයෝජන සඳහා ඔවුන් විශාල මුදලක් වැය කරනවා.

    අපේ ආයෝජන ප‍්‍රතිපත්තිය කළමනාකරණයේදීත් අපි මේ ගැන අවධානය යොමු කළයුතුයි. රටේ අනාගත සංවර්ධනය සඳහා අපට අවශ්‍ය කුමන ආකාරයේ ආයෝජනද යන්න අපි වටහා ගත යුතුයි. ඒ අනුව රටට නව තාක්ෂණයන් හඳුන්වාදෙන ආයෝජකයන්ට විශේෂ පහසුකම් හා සහන ලබාදී ඔවුන්ව දිරිමත් කරන්නට අපි කටයුතු කරනවා.

    අපේ තරුණ පරපුර නව තාක්ෂණයන් හැදෑරීමට හා ඒවාට අදාළ පර්යේෂණ කිරීමට යොමු කරවීමත් ඉතාමත්ම වැදගත්. ඒ සඳහා ප‍්‍රමාද නොවී කඩිනමින් සුදානම් වීමට අපේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සහාය දිය යුතුයි. ඒ වගේම තරුණ පරපුර තුළ ඉංග‍්‍රීසි අධ්‍යාපනය හා තොරතුරු තාක්ෂණය භාවිතය ප‍්‍රවර්ධනය කිරීමට අප පියවර ගත යුතුයි.
    අපට වෙළෙඳපොල අවස්ථා තිබෙන්නේ තාක්ෂණික ක්ෂේත‍්‍රවල පමණක් නොවන බවත් මෙහිදී වටහා ගත යුතුයි. අනාගතයේ අපට පහසුවෙන්ම දියුණු කළ හැකි තවත් ක්ෂේත‍්‍රයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. 2018 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4 ක පමණ ආදායමක් ඉපැයූ සංචාරක කර්මාන්තයට තව වසර කිහිපයක්
    තුළ ඇමරිකානු ඩොලර් බිලියන 10 ක පමණ ආදායමක් ගෙනෙනා කර්මාන්තයක් බවට පත් වන්නට අවකාශය තිබෙනවා. ඒ සඳහා ඉතා ක‍්‍රමවත් වැඩපිළිවෙලක් අපි හඳුන්වා දෙනවා.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උපරිම ප‍්‍රයෝජන ලබාගැනීමට නම් රාජ්‍ය පරිපාලනයත් නිසියාකාරව ක‍්‍රියාත්මක විය යුතුයි.

    රාජ්‍ය ආයතන ලාභදායී හා කාර්යක්ෂම ලෙස පාලනය කිරීම සඳහා ඉහළ තනතුරුවලට සුදුස්සන් තෝරා ගැනීමේදී අදාළ ක්ෂේත‍්‍රය පිළිබඳව දැනුමක් හා වගකීම දැරීම සඳහා සුදුසුකම් ඇති අය පත් කරන බවට අපි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් කළා. මේ අනුව නව රජය පිහිටවූ පසු රාජ්‍ය ආයතන පාලනය සඳහා සුදුස්සන් නිර්දේශ කිරීමට අප කමිටුවක් පිහිටුවා තිබෙනවා.

    2004 - 2014 කාලය තුළ අපි ලංකාවේ ආර්ථිකයේ වේගවත් සංවර්ධනයක් සිදුවන ආකාරය දුටුවා. මාර්ග පද්ධතිය, නිවාස, විදුලිය, ජලය, සන්නිවේදන පහසුකම් වැනි යටිතල පහසුකම්වලත් කසළ කළමනාකරණය, නගර අලංකරණය වැනි ක්ෂේත‍්‍රවලත් විශාල දියුණුවක් සිදුවුණා. දක්ෂ පරිපාලනයක් ස්ථාපිත කිරීම මගින් අපට මේ තත්ත්වය යළිත් උදාකරගන්නට පුළුවන්.

    ගරු කථානායකතුමනි,

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාවය හා ව්‍යාකුලත්වය නිසා වර්තමානයේ ගැටලූ රැුසක් නිර්මාණය වී තිබෙනවා.

    අපේ රටේ සුරක්ෂිතතාවය, ස්වෛරීභාවය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනස්කම් සිදුවිය යුතුමයි.

    සමානුපාතික ඡුන්ද ක‍්‍රමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැුකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවයද, ජනතාවගේ ඍජු නියෝජනයද තහවුරු කිරීම සඳහා වර්තමාන මැතිවරණ ක‍්‍රමයේ වෙනස්කම් අවශ්‍ය වෙනවා. ඉලක්කම්වලින් මැතිවරණ ජයග‍්‍රහණ වාර්තා කළහැකි වුවද, පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි, අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත් වන, අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ.

    ජනතා පරමාධිපත්‍යය තහවුරු වන ප‍්‍රබල විධායකයක්, ව්‍යවස්ථාදායකයක් සහ ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම ව්‍යවස්ථා වෙනසක් තුළින්ම විසඳා ගත යුතුයි.

    අපේ රටේ සුවිශේෂී පිහිටීම නිසා ලෝක භූ දේශපාලනය තුල විශේෂ අවධානයක් මේ වනවිට ලංකාව දෙසට යොමු වී තිබෙනවා.

    අප මධ්‍යස්ත විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවා.

    අප සෑම රටක් සමගම මිතුරුදම් පවත්වා ගැනීමට උත්සාහ කළ යුතුයි. නමුත් කිසිම විටක අපට අපේ ස්වාධීනත්වය පාවා දෙන්නට බැහැ.

    රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවලදී හෝ, ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ රටක් හමුවේ දනින් නොවැටෙන, රටේ ස්වෛරීත්වය හැමවිටම ආරක්ෂා කරන, ඕනෑම රටක් සමග සම තත්ත්වයෙන් ගනුදෙනු කරන, දේශීය අභිමානය සුරකින, ගෞරවාන්විත පාලනයක් අපි ස්ථාපිත කරනවා.

    විශේෂයෙන්ම ආර්ථික වැදගත්කමක් තියෙන අපේ භූ ප‍්‍රදේශ හෝ භෞතික සම්පත්, කිසිවිටකත් වෙනත් රටවල් සතු නොකිරීම අපේ ප‍්‍රතිපත්තියයි. ශ‍්‍රී ලාංකීය ජාතිය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති අභිමානවත් ජාතියක් බවට පත් කිරීම මගේ අභිලාෂයයි. ඒ අරමුණ කරා යන ගමනේදී ජාතියක් ලෙස එක්ව ක‍්‍රියා කිරීමෙන් අප හමුවේ ඇති සියලූ අභියෝග ජයගන්නට පුළුවන්.

    මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා.

    ඉතිහාසය විසින් වත්මන් පරපුර මත පවරා ඇති ඵෙතිහාසික වගකීම බාරගන්නට මා සමග එක්වන මෙන් ඔබ සියලූදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

    ඔබ සියලූ දෙනාටම ස්තුතියි. තෙරුවන් සරණයි.
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    වීඩියෝ එකත් දාලා අතිනුත් ලියන්නේ පිස්සුද බං,
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,032
    35,975
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වීඩියෝ එකත් දාලා අතිනුත් ලියන්නේ පිස්සුද බං,


    හැම එකාට ඩේට නැනේ බන් බලන්න...

    මම එන්නෙත් 99 රීලෝඩ් එකක් දාගෙන
    ඒකය් එහෙම දැම්මෙ

    Baiyone ban. Anukampa karapan.. Oka gotage photo ekak toilet eket gahan atte.. Etaram wahallu

    නැහැ බන් මම රනිල්ගෙය් සාගලගෙය් ගහගෙන ඒක බලන් උදේට අතෙ පාරක් ගහනව

    රෝස පාට තොල්...

    ගෝට ස ගෙ ගහල නැහැ බන් සුදු වැන් මතක් වෙනව සැරය් නෙ...

    එනිවේ ඔය දෙගොල්ලොන්ගෙන්ම වැඩ අර ගන්නව බන් අපි...
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    හැම එකාට ඩේට නැනේ බන් බලන්න...

    මම එන්නෙත් 99 රීලෝඩ් එකක් දාගෙන
    ඒකය් එහෙම දැම්මෙ



    නැහැ බන් මම රනිල්ගෙය් සාගලගෙය් ගහගෙන ඒක බලන් උදේට අතෙ පාරක් ගහනව

    රෝස පාට තොල්...

    ගෝට ස ගෙ ගහල නැහැ බන් සුදු වැන් මතක් වෙනව සැරය් නෙ...

    එනිවේ ඔය දෙගොල්ලොන්ගෙන්ම වැඩ අර ගන්නව බන් අපි...

    චන්දෙ මම දුන්නෙත් ගෝටාට කලින් පාර දුන්නේ මහින්දට හැබැයි තැන් තැන් වල දේශපාලය කරන්න ගිහිල්ල නැ. දේශපාලයෙන් හරියන්නේ උන්ට මිසක් අපිට නෙමෙයි.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,234
    20,871
    113
    හස්තිශෛලපුර
    හැම එකාට ඩේට නැනේ බන් බලන්න...

    මම එන්නෙත් 99 රීලෝඩ් එකක් දාගෙන
    ඒකය් එහෙම දැම්මෙ



    නැහැ බන් මම රනිල්ගෙය් සාගලගෙය් ගහගෙන ඒක බලන් උදේට අතෙ පාරක් ගහනව

    රෝස පාට තොල්...

    ගෝට ස ගෙ ගහල නැහැ බන් සුදු වැන් මතක් වෙනව සැරය් නෙ...

    එනිවේ ඔය දෙගොල්ලොන්ගෙන්ම වැඩ අර ගන්නව බන් අපි...

    චන්දෙ මම දුන්නෙත් ගෝටාට කලින් පාර දුන්නේ මහින්දට හැබැයි තැන් තැන් වල දේශපාලය කරන්න ගිහිල්ල නැ. දේශපාලයෙන් හරියන්නේ උන්ට මිසක් අපිට නෙමෙයි.


    :sorry::sorry::sorry::sorry: