තවමත් තරුණ ටිං ටිං

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තවමත් තරුණ ටිං ටිං

    වයස අවුරුදු 87 පැන්න ටිං ටිං

    01-5.jpg

    හර්ජ් කෞතුකාගාරයේ ඇති සිහිවටනයක් (museeherge.com)

    ටිං ටිංට ඇත්තටම වයස කීයද? ඔබට කියන්න පුලුවන්ද? ටිං ටිංට වයස අවුරුදු 87ක් බව පැවසුවොත් ඔබ පුදුමයට පත් වෙයි. එත් ටිං ටිංට නම් වයසට ගියා කියලා කිසි ගානක් නෑ. තාමත් එදා වගේමයි. කිසිම වෙනසක් සිද්ධ වෙලා නෑ.
    1929 ජනවාරි 19 වනදා තමයි ටිං ටිං හා ඔහුගේ සුරතල් බලු පැටියා වන ස්නොවී උපත ලබන්නේ. ඔවුන්ගේ නිර්මාණකරු වූයේ ජෝර්ජස් රෙමී හෙවත් හර්ජ්. ටිං ටිං හා ස්නොවිගේ ප්‍රථම වීර චාරිකාව වන්නේ සෝවියට් දේශයටයි. මුල්ම කතාව පළ වන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පල වූ “le vingtieme siecle” නැමති ප්‍රවෘත්ති පත්‍රයේ ළමා අතිරේකයේයි.
    නොනැවතී ඉදිරියටම ගිය ටිං ටිං

    02-6-600x400.jpg

    හර්ජ් කෞතුකාගාරය තුළ පිහිටි අවන්හලේ සිතුවම් (museeherge.com)

    සෝවියට් දේශයේ වීර චාරිකාවෙන් ඇරඹුන ටිං ටිංගේ වීර වික්‍රමාන්විත කතා පෙළට තවත් කතා 23ක් පසුව එක් වුණා. ටිං ටිං ගේ හද ගමන සිදු වුනේ නීල් ආම්ස්ට්‍රොන්ග් හදට යන්න අවුරුදු 15ක්ට පෙර කියලත් ඔබ දන්නවාද? 1950 වන විට ලොව පුරා ජනප්‍රිය චිත්‍ර කතා චරිතය බවට පත් වුයේ ටිං ටිං. ඒ හේතුව නිසාම ඉතා ඉක්මනින් මෙම කතා පෙළ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙනවා. මේ වන විට මෙම කතා 23 භාෂා 70කට පමණ පරිවර්තනය වී තිබෙනවා. ඒ වගේම ටිං ටිං චිත්‍ර කතා පොත් මේ වන විට මිලියන 230කට වඩා වැඩි ප්‍රමාණයක් විකිණී තිබෙනවා.
    ටිං ටිං කතා පෙළ ඉදිරියට නිර්මාණය වූ අයුරු

    03-600x450.png

    බ්‍රසල්ස් නුවර ගොඩනැගිල්ලක සිතුවමක් (wordpress.com)

    හර්ජ් වෘත්තියෙන් පුවත් පත් වාර්තා කරුවෙක්. ඉතින් හර්ජ් ටිං ටිංනුත් තමන් මෙන්ම පුවත් පත් වාර්තාකරුවෙක් බවට පත් කරනවා. මුලින්ම නිර්මාණය වුයේ ටිං ටිං හා ස්නොවී චරිත දෙක පමණයි. දක්ෂ, නොපසුබස්නා උත්සාහයෙන් යුතු, කාටවත්ම ලෙහෙසියෙන් පරාජය නොකළ හැකි චරිතයක් ලෙස තමයි නිර්මාණය වී තිබෙන්නේ. ඔහුගේ සුවිශේෂී චරිත ලක්ෂණ දකින්නටනම් ලැබෙන්නේ නෑ. අඩුම තරමේ ඔහුගේ වයසවත් ඔහුගේ චරිත ලක්ෂණ කවරාකාරදැයි කිසිවක් ලේඛකයා හෙළි කරන්නේ නෑ, පාඨකයාට එහි වැදගත්කමක් ඇත්තේම නෑ. ටිං ටිං ජනප්‍රිය වීමට එහි කිසිඳු බලපෑමක් එල්ල වෙලා නැති බව අපිට වැටහෙනවා.
    මේ කතා සියල්ලම පාහේ නිර්මාණය වුයේ ඉතිහාසගත සිදුවීම් ආශ්‍රය කර ගනිමින්. ටිං ටිං හා ස්නොවිගෙන් ඇරඹුණු චිත්‍ර කතා පෙළට තවත් චරිත එක කරන්නට හර්ජ් කටයුතු කරනවා.
    නිවුන් සොහොයුරන් නොවූ තොම්සන් හා තොම්සන්

    04-600x410.png

    ටිං ටිං හා බැදුණු අනෙක් චරිත (descubrirelarte.es)

    කතා මාලාව ඉදිරියට ගලාගෙන යන විට එයට පළමුවෙන්ම එක් වන්නේ කලබලකාරී හැමවිටම වැඩ වරද්දා ගන්නා නමුත් කාරුණික ගති ඇති කැප්ටන් හැඩොක් චරිතයයි. ඒ The Crab with Golden Claws නැමති නව වන කතා මාලාව හරහායි.
    එවකට බෙල්ජියමේ පොලිස් සේවාව හාස්‍යජනක ලෙස නිරුපණය කරන්නට සෑම විටම මෝඩ පහේ තීරණ ගන්නා තොම්සන් හා තොම්සන් නැමති පොලිස් නිලධාරීන් දෙදෙනා නිර්මාණය වෙනවා. මොවුන්ගේ හැඩරුව එක හා සමාන වුවත් මොවුන් සහෝදරයන් නම් නොවේ. බොහෝ වෙලාවට දෙදෙනා වෙන් කර හදුනා ගත හැකි වන්නේ ඔවුන්ගේ උඩු රැවුලේ තිබෙන වෙනස් කම් අනුවයි. ටිං ටිංගේ වික්‍රමයන් වලට හරස් වන ලෙස අනුවණ ක්‍රියා මාර්ග වලට එළඹීම මොවුන්ගේ සිරිතයි.
    ඉන් අනතුරුව එක් වන්නේ කැල්කියුලස් නම් මහාචාර්යවරයායි. කන් ඇසීම දුර්වල නමුත් දක්ෂ නිර්මාණකරුවෙකු ලෙසයි මෙම චරිතය නිර්මාණය වන්නේ. මේ ප්‍රධාන චරිතයන් වලට අමතරව බොහෝ අතුරු චරිතත් දකින්නට පුළුවන්.
    ටිං ටිංට පණ දුන් පත්තර වාර්තාකරු

    05-5-600x338.jpg

    නිර්මාණකරු – රෙමි නොහොත් හර්ජ් (bdtresor.net)

    ටිං ටිංව නිර්මාණය කරන්නේ බෙල්ජියමේ සිටි ප්‍රධාන පෙළේ හාස්‍ය තීරු රචකයෙකු හා සිතුවම් ශිල්පියකු වන හර්ජ් නම් බෙල්ජියම් ජාතිකයෙකුයි. 1924 සිට ඔහු ඇදී සිතුවම් වල ඔහු R.G නමින් අත්සන් කළා. R.G යන්න ප්‍රංශ භාෂාවෙන් උච්චාරණය කරන්නේ හර්ජ් ලෙසයි. සැබවින්ම නම ජෝර්ජ්ස් රෙමි වූ ඔහු හර්ජ් ලෙස ප්‍රචලිත වුයේ මේ නිසයි.
    1907 බ්‍රසල්ස් නුවර උපන් මොහු සිතුවම්කරණයට යොමු වුයේ 1921 දියි. ඒ ඔහු බාලදක්ෂ හමුදාවේ සිටින විටයි. ටිං ටිංගේ රහස් පරීක්ෂක ක්‍රියාන්විත නිර්මාණයට හේතු වන්නට ඇත්තේ ඔහුගේ බාලදක්ෂ හමුදා ජීවිතය බව ඔහු වරෙක ප්‍රකාශ කරනු ලබනවා. 1983 මාර්තු 3 වනදා ඔහු මිය යන්නේ ටිං ටිං නම් අමරණිය චිත්‍ර කතා චරිතය ලොවට භාර කරමින්. මිය යන විට ඔහු තවත් ටිං ටිංගේ වික්‍රම ඇතුළත් අලුත් කතාවක් සිතුවම් කරමින් සිටියා. නමුත් ඔහුට එය නිම කිරීමට හැකියාව ලැබෙන්නේ නෑ.
    හර්ජ්ගේ කෞතුකාගාරය

    06-4-600x487.jpg

    75 වන උපන්දිනයට නිකුත් කළ කාසිය (emuenzen.de)

    ලොව වටා මෙම චරිතය කෙතරම් ප්‍රසිද්ධ වූවාද කියනවානම් ටිං ටිංගේ 75 වන උපන් දිනයේදී යුරෝ 10ක වටිනාකමින් යුත් කාසියක් නිකුත් කරන්නට බෙල්ජියම් රජය පවා තීරණය කරනවා. ලොව පුරා ටිං ටිං සැමරීම සඳහා විවිධ උත්සව පවත්වනවා. බෙල්ජියමේ බොහෝ දුම්රිය නැවතුම්පොළවල් වල ටිං ටිංගේ සිතුවම් දකින්නට පුළුවන්.
    ටිං ටිංට වෙන් වූ කෞතුකාගාර අතරින් ප්‍රධාන කෞතුකාගාරය ලෙස 2009 වර්ෂයේ බෙල්ජියමේ විවෘත කරන ලද හර්ජ්ගේ කෞතුකාගාරය හදුන්වන්නට පුළුවන්. මෙහිදී පළමුවෙන්ම හර්ජ්ගේ අතින් නිර්මාණය වූ චිත්‍ර සටහන් 80ක් හා ජයාරූප 800ක් පමණ නරඹන්නට පුළුවන්. ඒ වගේම ටිං ටිං චරිතය ආශ්‍රිතව නිර්මාණය වූ සිහිවටන මිලදී ගැනීමේ ස්ථානයක් හර්ජ් කෞතුකාගාරය තුළ පිහිටා තිබෙනවා. ලොව වටා ටිං ටිං රසිකයන් සඳහා සිහිවටන මිලදී ගැනීමේ වෙළදසැල් පිහිටා තිබෙනවා, ඒ අතරින් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර හා එංගලන්තයේ ලන්ඩන් නගරය ප්‍රසිද්ධයි.
    කුඩා කාලයේදී අපේ වීරයෙක් වූ ටිං ටිං චිත්‍ර කතා චරිතයට වයස අවුරුදු 87 පසු කළත් තවත් බොහෝ කල් කුඩා සිත් තුළ වීරයෙක් ලෙස බුහුමන් ලබමින් පසු වේවි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලොව විශිෂ්ටතම කාටුන් නිර්මාණය කියන්න පුළුවන්. පොඩි කාලේ ඉදලම ළමයිට අසාධාරණයට විරුද්ද වීම, උත්සාහය, කැපවීම, උපායශීලි බව වගේ ගොඩක් දේවල් උගන්වන කාටුන් එකක්.. දැන් යන ඉන්දියන් ජරාවල් වගේ නෙමේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොව විශිෂ්ටතම කාටුන් නිර්මාණය කියන්න පුළුවන්. පොඩි කාලේ ඉදලම ළමයිට අසාධාරණයට විරුද්ද වීම, උත්සාහය, කැපවීම, උපායශීලි බව වගේ ගොඩක් දේවල් උගන්වන කාටුන් එකක්.. දැන් යන ඉන්දියන් ජරාවල් වගේ නෙමේ
    hell yeah!!!:yes::yes:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) මචං පුලුවන්නම් හොයල දිහන්කෝ ටිං ටිං සිංහල ඩබ් කරපු cartoonසෙට් එක, කිරියේ එකෙක් දාල තිබුනා මට හොයාගන්න බෑනේ :sorry:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ලොව විශිෂ්ටතම කාටුන් නිර්මාණය කියන්න පුළුවන්. පොඩි කාලේ ඉදලම ළමයිට අසාධාරණයට විරුද්ද වීම, උත්සාහය, කැපවීම, උපායශීලි බව වගේ ගොඩක් දේවල් උගන්වන කාටුන් එකක්.. දැන් යන ඉන්දියන් ජරාවල් වගේ නෙමේ
    ඔව් අදටත් මන් ආසාවෙන් බලන කාටූන් එකක්
    පොඩි කාලෙ බලාපු කාටූන් වලින් මතකෙ තියෙන කාටූන් තියෙන්නෙ දෙකයි

    එකක් ටිං ටිං :yes:
    අනික සූර පප්පා :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් අදටත් මන් ආසාවෙන් බලන කාටූන් එකක්
    පොඩි කාලෙ බලාපු කාටූන් වලින් මතකෙ තියෙන කාටූන් තියෙන්නෙ දෙකයි

    එකක් ටිං ටිං :yes:
    අනික සූර පප්පා :lol:

    සිරාවට බන් මටත් එහෙමයි. අනික් හැම කාටුන් එකක්ම සුරංගනා ලෝක, මේ ලෝකේ නැති දේවල් නේ පෙන්නුවේ. ඒත් ටින් ටින් එකේ විතරයි සමාජේ යථාර්තය පෙන්නුවේ. දේශපාලනය, හමුදා කුමන්ත්‍රණ වගේ දේවලුත් මුලින්ම ඉගෙන ගත්තේ මේකෙන්. ඒ නිසාම වෙන්න ඇති මේක අංක 1 උනේ :yes::cool:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මං ආසම කාටුන් එක. ඕක 2-3 පාරක් බලල ඇති. දැන් තීන ගොන් ආතල් වගේ නෙවි. අනිත් එක ඒ කාලේ රුපවාහිනී itn එහෙම සුපිරි.



    අනිත් එක ඕකේ සිංහල හඬ කවපු එකත් පට්ට. කැප්ටන් හැඩොක් ඒම පට්ට. දැන් හඬ කවපු ඒවගේ ඉන්නේ කෙඳිරි ගාන ගෑණුයි ලාමක ටින් ටින් ලයි.


    ඉස්සර සිංහලුන්ට දකින්න ලැබුනේ යුරෝපේ ඇමරිකාවේ කල්චර් එක. දැන් නං ඉතිං ඉන්දියන් සාරි කල්චර් එක නේ. දැන් ඉන්න පොඩි උන්ටත් සෙට් වෙන්නේ ඒ වගේ ඒවා තමා.




    කලු සුදූ tv එකේ ටින් ටින් නයිට් රයිඩර් බලල ගන්න ආතල් දැන් උන්ට ලොවෙත් ගන්න බෑ