තවමත් නොවිසඳුණු අභිරහස්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අඩේ ෆට්ට මචන් ..!! වටිනා ත්‍රෙඩ් එකක් ..!!

    TFS machan
    rep

    වටිනවා මචං සමහර දේවල් හිතා ගන්නත් ආමාරුයි
    11.gif



    book mark

    Thanks 4 sharing :)

    Ado pattane machooo

    :nerd: tfs passe balanna ona.
    :shocked::shocked::shocked::shocked:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අහසින් බැලූ විට පමණක් පෙනෙන දෙවියන් වෙනුවෙන් ඇදපු නස්කා චිත‍්‍ර The Nazca Lines: ලෝකයේ නොවිසඳුණු අභිරහස්

    අද අප සූදානම් වෙන්නේ අපේ මේ මිහිමව විසින් සඟවා ගෙන ඇති තවත් අභිරහසක් ගැන හෙළි දරව් කරන්නටයි. ඒ තමා දකුණු ඇමෙරිකා මහාද්වීපයේ දී අපට හමුවන
    නස්කා රේඛා (The Nazca Lines)
    .

    මොනවද මේ නස්කා චිත‍්‍ර ?
    පේරු දේශයේ අන්දීස් කඳුකරය අසළ කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත. මේ රේඛා නිර්මාණය කර ඇත්තේ නස්කා Nazca නමින් හැඳින්වෙන ඈත අතීතයේ විසූ ගෝත‍්‍රිකයන් පිරිසක් බව විශ්වාස කෙරේ. පොළෝ මට්ටමේ සිට බැලූ විට මේවා නිකම්ම නිකම් අගල් කීපයක් පමණයි. ඒත් අහසේ සිට බලද්දී පෙනෙන දේ විස්මය ජනකයි. රේඛාවලින් නිරූපණය වෙන්නේ අති දැවැන්ත අපූරු චිත‍්‍රයි. මෙම චිත‍්‍ර අතරේ සත්ත්ව රූප හා නොයෙක් විධියේ අමුතු සංකේත හා රටාවන් තිබේ. අහසින් යාමට සිහිනයකින්වත් නොසිතූ දුරාතීතයේ මේ පළාතේ ජීවත් වූ මේ නස්කාවරුන් නමින් හැඳින්වෙන ගෝත‍්‍රික ජනයා අහසේ සිට පමණක් පැහැදිලිව දැකිය හැකි එසේත් නැතිනම් අහසට පමණක් හොඳින් පෙනෙන දැවැන්ත සිතුවම් ඇන්දේ කුමක් නිසා? ඔවුන් ඒවා ඇන්දේ කාට පෙනෙන්නද ? දෙවියන්ට පෙනෙන්නද ? කවුරුන්ද මේ දෙවියන් ? නස්කාවරුන් දෙවියන් ලෙස සැලකුවේ පිටසක්වළින් පැමිණි අමුත්තන් පිරිසකටද ?




    1.jpg

    නස්කා චිත‍්‍ර
    නස්කා රේඛාවලින් නිරූපණය කෙරෙන චිත‍්‍ර අතරේ පැණි කුරුල්ලෙක්, දඟර ගැසුණු වල්ගයක් ඇති වඳුරෙක්, කොන්ඩෝර් ගිජුලිහිණියෙක්, බකමූණකුගේ හිසක් ඇති මිනිසකු ද දකින්න ලැබේ. සත්ත්ව රූප නිරූපණය වන සේ මෙම රේඛා මුලින්ම සකස් කරන්න ඇත්තේ කි‍්‍ර.පූ. 200 දී පමණ කාලයේ විය හැකියැයි පුරාවිද්‍යාඥයන් විසින් නිගමනය කර තිබේ. පොළොවේ ඇඳි අනෙක් රටා නිර්මාණය කර ඇත්තේ ඊට අවුරුදු 500 කට පමණ පසුව බව ඔවුන්ගේ මතයයි. ඔවුන් මෙම රේඛා හඳුන්වන්නේ ‘ජියොග්ලිප්්ස්’ Geoglyphs හෙවත් ‘භූ ලේඛන’ Earth Writings යනුවෙනි.


    2.jpg

    නස්කා නිම්නයේ නස්කාවරු
    ඉන්කා, මායා සහ ඇස්ටක් ශිෂ්ටාචාර බිහිවීමට පෙර දේශගවේෂක කොලම්බස් ඇමෙරිකාව සොයා පැමිණීමටත් පෙර පේරු දේශයේ නස්කා හී විසූ නස්කා ගෝත‍්‍රිකයෝ අති දැවැන්ත සිතුවම් නිර්මාණය කළහ. ඔවුහු මේ සිතුවම් නිර්මාණය කළේ පැම්පා ලීමා නගරයේ සිට සැතපුම් 250 ක් දුරින් පිහිටා ඇති කොලරාඩා නමින් හැඳින්වෙන අන්දීස් කඳුකරයට අයත් කාන්තාර තැනිතලා නිම්නයේය. නස්කා රේඛාවල හා බැඳුණු පුදුම දනවන සංසිද්ධියක් නම් මෙම රේඛා කාන්තාරයේ කර්කෂ දේශගුණයෙන් බැටකෑවත් ශත වර්ෂ ගණනකට පසුව අදත් තවමත් ඒවා හොඳින් සුරැකී තිබීමයි.

    පිටසක්වළ ජීවීන් වෙනුවෙන් ඇඳි චිත‍්‍ර ?
    බොහෝ විද්‍යාඥයන් පවසනුයේ මෙම චිත‍්‍ර දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ ඒවා බවයි. ස්විට්සර්ලන්ත ජාතික එරික් වොන් ඩැනිකන්, 1970 දී ඔහු විසින් රචිත අතිශය ප‍්‍රසිද්ධියට පත් වූ ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතියෙන් මෙම නස්කා රේඛාවලට වැඩි අවධානයක් ලබා දුන්නේය. ඩැනිකන් කියා සිටියේ මේ චිත‍්‍ර පිටසක්වලින් පැමිණෙන අමුත්තන්ට (පිටසක්වළ ජීවීන්ට) මඟ පෙන්වීම පිණිස නිර්මාණය කළ ඒවා බවයි. ඔවුන්ගේ පිටසක්වළ යානා ගොඩබෑමට මේ සිතුවම් උපකාරී වන්නට ඇති බවයි. ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතිය ජනප‍්‍රිය වීමට මෙම කරුණු ඉවහල් වුනත් විද්‍යාඥයන් තවමත් මේ ගැන බලන්නේ වපර ඇසකිනි.

    අහසින් ගිය නස්කාවරු
    සමහර විද්‍යාඥයන්ගේ මතය වන්නේ නස්කාවරුන් පුරාණ කාලයේ බැලූන නිර්මාණය කර අහසින් ගිය පිරිසක් බවයි. 1980 වසරේදී විද්‍යාඥයන් පිරිසක් පුරාණ තාක්ෂණය යොදා ගනිමින් නස්කාවරුන් මෙන් උණුසුම් වායු බැලූනයක් සකස්කර ගෙන සාර්ථකව ගුවනින් ගමන් කළහ. එදා ඔවුන් ඔප්පු කර පෙන්වූයේ නස්කාවරුන්ට අහසින් ගොස් මෙම චිත‍්‍ර නැරඹීමේ හැකියාව තිබූ බවයි.


    ජර්මානු ගණිතඥ මරීයා රීචේ
    දශක ගණනක් තිස්සේ මෙම රේඛාවල සිදු විය හැකි අනතුරුවලින් ඒවා ආරක්ෂා කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ අයකු ලෙස ජර්මානු ගණිතඥවරියක වූ මරීයා රීචේ සැලකිය හැකිය. ඇය ප‍්‍රකාශ කරනුයේ මේවා පුරාණයේ දී අහසට පමණක් පෙනෙන සේ සැකසූ ‘ගගන දින දර්ශන’ Sky Calender කියාය. රීචේගේ මෙම න්‍යාය තාරකා විද්‍යාඥ ජෙරල්ඞ් හෝකින්ස් විසින් ද සනාථ කර තිබේ.

    අභිරහස අභිරහසක්ම තමයි
    තාරකා විද්‍යාඥයන් මොනවා කීවත් පුරා විද්‍යාඥයන් ඉදිරිපත් කරන්නේ ඊට වෙනස් මතයකි. ඔවුන් පවසනුයේ මෙම රේඛාවලින් පෙන්නුම් කරන්නේ භූගත ජල සැපයුම් මාර්ග බවයි. සමහරුන් විශ්වාස කරන්නේ මේ රේඛා පුරාණ වන්දනාකරුවන් ගමන් ගත් මාර්ග බවයි. පුරාණයේ මෙම ප‍්‍රදේශයේ ඉදිකර තිබූ අද මුළුමනින්ම අතුරුදන් වී ඇති සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට නොයෙක් දෙසින් බැතිමතුන් පැමිණෙන්න ඇති බව විශ්වාස කෙරේ. එහෙත් මේ රේඛා ඇන්දේ තුමන හේතුවක් හෝ කුමන පදනමක් නිසාද යන්න තවමත් අභිරහසකි.
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නොවිසඳුණු අභිරහස්)

    සත්ව විද්‍යාඥයන්ට මෙන්ම මුළුමහත් ලෝකයටම අභිරහසක් වූ සමහර ජීවීන් මෙලොව සිටිනවා යැයි අපට විටින් විට නොයෙක් අපූරු තොරතුරු ලැබෙනවා. මේ එවැනි සතෙක් ගැනයි. ඒ තමයි ‘ස්කොට්ලන්තයේ ලොක්නෙස් විලේ මෘගයා’ එහෙමත් නැතිනම් ‘ලොක්නෙස් විලේ බිහිසුණු රකුසා’. මෘගයෙක් හා රකුසෙක් කීවට ස්කොට්ලන්ත ජාතිකයින් නම් මේ අද්භූත සත්වයාට හරිම ආදරෙයි. ඔවුන් ආදරේට කියන්නේ ‘නෙසී’ කියලයි. මේ විස්තර ‘නෙසී’ ගැනයි.

    1.jpg

    පික්ට්ස් ගෝත‍්‍රිකයින් දුටු මෘගයා
    ස්කොට්ලන්තයේ උස් කඳුකරයේ ජීවත්වන අයට කියන්න අපූරු කතාවක් තියෙනවා. ඒ කතාන්දර හා විස්තර බැඳී තියෙන්නේ ස්කොට්ලන්තයේ බොර පාට වතුර පිරුණු විශාල ගැඹුරු ලොක්නෙස් නම් විලේ ඉන්නා අද්භූත සත්වයා වටායි. මෙම සත්වයා ගැන මුලින්ම ලිඛිත වාර්තා අතීත විස්තරවලට එක්වන්නේ පික්ට්ස් ගෝත‍්‍රිකයින්ගෙන්. පික්ට්ස් ගෝති‍්‍රකයින් කියලා කියන්නේ 1 වැනි ශතවර්ෂයේදී රෝමන්වරුන් ස්කොට්ලන්තය ආක‍්‍රමණය කළ විට එහි ජීවත් වූ ගෝත‍්‍රිකයින් පිරිසක්. මේ පික්ස් ගෝත‍්‍රිකයෝ දක්ෂ ගල් වඩුවන් වුණා. ඔවුන් වටපිටාවේ ඇති දේවල් සහ ඔවුන්ගේ ප‍්‍රදේශයට ආවේණික වූ සතුන් ගල්වල කැටයම් කළා. ඔවුන්ගේ ගල් කැටයම් බොහොමයක්ම වගේ පුරා විද්‍යාඥයින්ටත් සත්ව විද්‍යාඥයින්ටත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වී තියෙනවා. එහෙත් එක් සත්වයෙක් හැර. මේ සත්වයාගේ පෙනුම අමතුයි. බෙල්ල දිගයි. දිගුවලිගයක් සහ විශාල සිරුරකින් සමන්විතයි. පාද නෑ ඒ වෙනුවට ඇත්තේ වරල්ය. මේ සත්වයා වතුරේ සිටින සත්වයෙක් ලෙසයි, මේ ගල් කැටයම්වල දැක්වෙන්නේ.

    කොලම්බා ශාන්තුවරයා මෘගයා පලවා හැරීම
    මීට ශතවර්ෂ පහකට පසු කොලම්බා ශාන්තුවරයා ක‍්‍රිස්තියානි ධර්මය ස්කොට්ලන්තයේ ප‍්‍රචාරය කිරීමේ අරමුණින් ස්කොට්ලන්තයට ආවා. ඒ අවස්ථාවේදී පික්ට් ගෝති‍්‍රකයන් විලේ ජීවත්වන මෘගයෙක්, එසේත් නැතිනම්, රකුසෙක් ගැන ගැන කොලම්බා ශාන්තුවරයාට පැමිණිලි කර තියෙනවා. ශාන්තුවරයා ලොක්නෙස් විලට ගිහින් දෙවියන්ගේ නාමයෙන් එතුමාගේ ශුද්ධ වූ හස්තය අහසට දිගු කර විලේ සිට මෘගයාට අභියෝග කර ඌව බය ගැන්වූවා. අන්තිමේදී මෘගයා බයේ යන්න ගියා. පික්ට්ස් ගෝති‍්‍රකයන්ට උගෙන් කරදරයක් වුණේ නෑ. ශාන්තුවරයා ගැන භක්තියක් ඇති වූ පික්ට් ගෝති‍්‍රකයින් එසැණින්ම කි‍්‍රස්තියානි දහම වැළඳ ගත්තා. මෘගයා ගැන ඇත්ත නැත්ත මොකක් වුනත් ඌ කොලම්බා ශාන්තුවරයාට කි‍්‍රස්තියානි ධර්මය ස්කොට්ලන්තය පුරා පැතිරවීමට ඌ උදව්වක් වුණා. මේ විස්තර සඳහන් වෙන්නේ ඊට සියවසකට පසු කොලම්බා ශාන්තුවරයා ගැන ලියැවුණු සටහනකයි.

    ලොක්නෙස් විල ගැන තොරතුරු බිඳක් ...
    නෙසී ඉන්නවා යැයි කියන ලොක්නෙස් විල ස්කොට්ලන්ත කඳුකරයේ පිහිටා ඇති විශාල, ගැඹුරු මිරිදිය විලක්. ඉවර්නස් පළාතට නිරිතදිගින් පිහිටා ඇති මෙම යෝධ විල කිලෝ මීටර 37 ක්, ඒ කියන්නේ සැතපුම් 23 ක්, විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරී පවතිනවා. එය පිහිටා තියෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩු 52 ක්, ඒ කියන්නේ මීටර 15.8 ක්, ඉහළිනුයි. ලොක්නෙස් අද්භූත සත්වයා නිසා ලොක්නෙස් විලත් ස්කොට්ලන්තයත් අද මුළු ලෝකයේම ප‍්‍රසිද්ධියට පත් වී තියෙනවා. ඒ සම්බන්ධව පොත්පත, ලිපි ලේඛන, වාර්තා වැඩසටහන් හා චිත‍්‍රපට නිර්මාණය වී තියෙනවා. එංගලන්තයටත් වේල්ස්වලටත් වඩා විශාල මිරිදිය ප‍්‍රමාණයක් ජලය එක්රැස් කර ගැනීමට ලොක් නෙස් විලට පුළුවන්. ලොක්නෙස් විලේ ඉන්නවා යැයි කියන මේ අද්භූත සත්වයාට ස්කොට්ලන්ත වැසියන් හරිම ආදරෙයි. කොතරම් ආදරේද කියනවා නම් ඌට කියන්නේ ‘නෙසී’ කියලයි. ඒ වගේමයි ‘ලොක් නෙස් විලේ ආර්යාව’ කියලත් ගෞරවයෙන් හඳුන්වනවා.

    වෙදරල් කළ බොරුව
    ‘20 වැනි සියවසේ නෙසී’ ඒ කියන්නේ 1933 වසරේදී ඡායාරූපයක්. ඒ නිසා ‘නෙසී’ යළිත් කාගේත් කතාබහට ලක් වූ කෙනෙක් බවට පත්වුණා. ඒක සිද්ධ වුණේ මෙන්න මෙහෙමයි. මේ අද්භූත සත්වයා ගැන තිබුණු ජනප‍්‍රවාද නිසා එක්තරා එංගලන්ත ඕපාදූප පුවත්පතක් කල්පනා කළා, ඔවුන්ගේ පුවත්පතේ අලෙවිය වැඩි කර ගන්න මෙම සතා පිළිබඳ සිදුවීම උදව්වක් කර ගන්න. පුවත්පතට ඕනෑ වුණා, අපූරු විදියේ සොයා ගැනීමක් පළ කරන්න. ඒ නිසා ඔවුන් මාමඩූක් වෙදරෙල් නම් දඩයක්කරුවකු කුලියට ගත්තා. ඒ දඩයක්කාරයා කළ අපූරු සොයා ගැනීමක් ගැන ඒ පුවත්පතේ පළ වුණා. ඒක තමයි විල් ඉවුරේ මඩෙහි යෝධ සත්වයකුගේ අඩි සලකුණු තිබී ඒවා හමුවීම ගැන විස්තර. වැඩිදුර පරීක්ෂණ සඳහා මේ අඩි සලකුණුවල සටහන් ලබාගෙන ලන්ඩනයේ ස්වභාව විද්‍යා කෞතුකාගාරයට යවනු ලැබුවා. අන්තිමේදී හෙළි වුණා, ඒවා නිවෙස්වල අලංකාරණයට තියෙන පුළුන් පිරවූ හීපෝ කෙනෙකුගේ අඩි සලකුණු කියලා.

    වෛද්‍යවරයාගේ ඡායාරූපය
    ‘අඩි සලකුණු’ බොරු කියලා ඔප්පු වුනත් නෙසී සම්බන්ධ විස්තර ඇත්තක් යැයි ඔප්පු කිරීමට වෙදරෙල් හුඟක් මහන්සි ගත්තා. ඔහුත් ඔහුගේ පුතුන් දෙදෙනාත් එක්වී ලොක්නෙස් සත්වයාගේ ව්‍යාජ ඡායාරූපයක් නිර්මාණය කළා. අද ලෝකය පුරා ප‍්‍රසිද්ධියට පත් ලොක්නෙස් මෘගයාගේ ඡායාරූපය ලෙස සැළකෙන්නේ එයයි. ඔවුන් කළේ සෙල්ලම් සබ්මැරීනයකට සෙල්ලම් මුහුදු නාගයෙකුගේ හිසක් සවි කිරීමයි. ඈත සිට බැලූ විට එය හැබෑ සත්වයෙක් වගේ පෙනුණා. ඔවුන් ලබා ගත් ඡායාරූපය පිරිසිදු කිරීමට ලබා දුන්නේ අද්භූත සත්වයා ගැන උනන්දුවක් දැක්වූ ලන්ඩන් නුවර නාරි වෛද්‍ය රොබර්ට් විල්සන්ටයි. ඔහු එම ඡායාරූපය පිරිසිදු කර මුද්‍රණය කර ඔහු විසින් ගත් ඡායාරූපයක් හැටියට පුවත්පත්වලට ලබා දුන්නා. ලොව පුරා ආන්දෝලයක් ඇති වූයේත් නෙසී ගැන ගවේෂණ ඇරඹුණේත් ඉන්පසුවයි.

    3.jpg

    මරණ මංචකයේදී රහස හෙළි කරයි
    මෙම ඡායාරූපය පුවත්පත්වල මුලින්ම පළ වී අවුරුදු 61 ක් ගත වූ පසු එය 1933 අපේ‍්‍රල් පළමුවැනිදා ‘මෝඩයන්ගේ දිනයේ කළ විහිළුවක්’ බව හෙළි වුණා. ඒ 1994 දී මරණ මංචකයේ සිටි වෙදරෙල් කළ ප‍්‍රකාශයක් අනුවයි. ඔහු තම පුතුන් දෙදෙනාත් සමඟ එදා කළේ බොරුවක් බවත් එය කළ ආකාරයත් සම්බන්ධයෙන් සියලූම විස්තර පාපෝච්චාරණය කළා. ඒත් ලෝකයේ ම අවධානය දිනා ගැනීමට මෙම ඡායාරූපය සමත්වේවි යැයි තමා කිසි දිනෙක නොසිතූ බව පැවසූ රොබට් විල්සන් එය බොරුවක් යැයි එකවරම පිළිගත්තේ නෑ. එම ඡායාරූපය ඇත්තක් දෝ යන සැකයක් තමා තුළ ඇති බව ඔහු මාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කරමින් කීවා.

    නෙසී නිසා සංචාරක කර්මාන්තයට වාසි
    පුරාවෘත්ත සහ ජනකතා නිසා අද නෙසී වීරයෙක් බවට පත් වෙලා. නෙසී නිසා ස්කොට්ලන්තයේ සංචාරක කර්මාන්තය හුඟක් දියුණු වුණා. නෙසීට බෙහෙවින්ම ආදරේ කරන්නේ නෙසීගේ පිහිටෙන් ජීවත් වන වෙළෙඳුන්. මනඃකල්පිත හෝ අද්භූත සතෙක් හෝ වේවා නෙසී නිසා හැම වසරකම ප‍්‍රදේශයේ ආදායමට ඩොලර් මිලියන 40 ක් එක් වෙනවා.

    නෙසී සොයමින් කළ සෝනාර් ගවේෂණ
    පහුගිය වසර කිහිපය පුරා සෝනාර් උපකරණ යොදා ගනිමින් විවිධ ගවේෂණ කණ්ඩායම් නෙසී සොයමින් ලොක් නෙස් විලේ හැම අස්සක් මුල්ලක් නෑරම ගවේෂණය කළා. එයින් පළමු සෝනාර් ගවේෂණය සිදු කළේ 1967 සහ 1968 වසරවලදී එංගලන්ත මහාචාර්ය ඞී. ජී. ටකර් ප‍්‍රමුඛ එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ විදුලි ඉන්ජිනේරු පීඨයේ පර්යේෂකයින් කණ්ඩායමක් විසිනුයි. ඉන්පසු ඇමෙරිකා නිව්යෝක් නුවර සාගර ජීව විද්‍යාඥයෙක් වූ ඇන්ඩෲ කැරොල් 1969 දී ලොක් නෙස් විලට පැමිණ සෝනාර් ගවේෂණයක් සිදු කළා. 1969 වසරින් පසු වයිපර් ෆිෂ් සහ ඞීප් ස්ටාර් 3 යන කුඩා ගවේෂණ සබ්මැරීන මගින් ලොක් නෙස් විලේ පතුළ පරීක්ෂා කෙරුණා. නෙසී සොයමින් සිදු කළ විශාලතම ගවේෂණ චාරිකාව සිදු කළේ ඇමෙරිකා චිකාගෝ සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය රෝයි මැකේල් ප‍්‍රමුඛ ගවේෂණ කණ්ඩායමයි. ඒ 1970 වසරේදීයි. ඔහු ගවේෂණ කටයුතු සඳහා හයිඩ‍්‍රෆෝන්ස් නැතහොත් ගැඹුරු විල් පතුළේ ඇතිවන ශබ්ද තරංග සටහන් කර ගන්නා මයික‍්‍රෆෝන්ස් භාවිතා කළේය. අඩි 300 ක් හා 600 ක් ගැඹුරු විල් පතුළට ඔහු මෙම හයිඩ‍්‍රෆෝන් යවා ගවේෂණ කටයුතු සිදු කළා.

    නෙසීට සත්ව විද්‍යාත්මක නමක් හිමිවෙයි
    1972, 1975 සහ 2001 දී ගවේෂක රොබර්ට් එච්. රයින්ස් ප‍්‍රමුඛ කණ්ඩායම් කළ ගවේෂණවලදී විල් පතුළේ ඡායාරූප ගැනීමත් සිදු කෙරුණා මෙහිදී ගත් එක් අපැහැදිලි ඡායාරූපයක වරලක් සටහන් වී තිබෙනවා. 1975 දී මෙම ඡායාරූපය විශ්ලේෂණය කළ බි‍්‍රතාන්‍ය ජාතික පීටර් ස්කොට් නම් ස්වභාවවේදියා නෙසීව විද්‍යාත්ම නාමයකින් හැඳින්වූවා. ඒ විද්‍යාත්මක නාමය තමයි නෙසිටෙරාස් රොම්බොප්ටෙරික්ස් Nessiteras rhombopteryx. ගී‍්‍රක බසින් එහි තේරුම වන්නේ දියමන්තියක හැඩයක් ගත් වරලක් ඇති ලොක් නෙස් විලේ අද්භූත සත්වයා යන්නයි. එහෙත් එයින් මහා බොරුවක් කළේ යැයි පීටර් ස්කොට්ට චෝදනා ද එල්ල වුණා.

    නවීන යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගෙන කළ ගවේෂණයන්
    1993 වසරේදී ඩිස්කවරි සන්නිවේදන ජාලය මගින් ලොක්නෙස් විලේ ගවේෂණයක් ඇරඹුවා. මෙහිදී ඔවුන් නෙසී සෙවීමට අමතරව ලොක්නෙස් විලේ ජීවත් විය හැකි මෙතෙක් හඳුනා ගැනීමට අපොහොසත් වූ අලූත් ජීව විශේෂ ගැන අවධානය යොමු කළා. නෙසී ගැන අවසන් වතාවට විද්‍යාත්මක පදනමකින් යුත් අති නවීන තාක්ෂණික උපකරණ හා යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගනිමින් දැවැන්ත ගවේෂණයක් සිදු කළේ 2001 දීයි. ඒ ජගත් ගවේෂණ කිමිඳුම් කණ්ඩායමක් කළ ගවේෂණයක්. එක් දිනක් ? මෙම ගවේෂණ කණ්ඩායමේ සෝනාර් තිරයේ කිසියම් දෙයක් සටහන් වූ බව පෙනුණා. ඒත් එය පැහැදිලි වුණේ නෑ. පසුව මෙම ගවේෂණ චාරිකාවේ විස්තර ඇතුළත් වූ වාර්තාමය වැඩසටහනක් ද නිර්මාණය කෙරුණා.

    නෙසී ගැන අපැහැදිලි නිගමනයන්
    සිදුකළ මේ සියලූම ගවේෂණවලින් සහ ලැබුනූ සොනාර් සටහන් අතර අපැහැදිලි රූ සටහන් කිහිපයක්ම තිබෙනවා. ඒවා වතුරේ පිහිනා ගිය විශාල සැමන් මසුන් රංචුවක් හෝ වෙනත් දෙයක් වීමේ ඉඩකඩ තියෙනවා. ඒත් නෙසී සිටිනා බව පැහැදිලිව ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් තරම් ප‍්‍රබල සාක්ෂියක් නම් හමුවුණේ නෑ.

    නෙසී ගැන අලූත් අදහසක්
    2003 වසරේදී ලොක් නෙස් විල් ඉවුරේ කළ කැණීම්වලදී පොසිලකරණයට ලක් වූ සර්ව සම්පූර්ණ කොදු නාරටි 4 ක ඇටසැකිළි හමුවුණා. මේ අස්ථි පේලියෝසෝර් නම් පුරාණ ඩයිනසෝර විශේෂයට අයත් බව පසුව හඳුනා ගැනුණා. පේලියසෝර් කියන්නේ ඈත අතීතයේ ජීවත් වූ ජලජ ඩයිනසෝරයෙක්. උගේ හිස පොඩියි. දිගු බෙල්ලක් සද්දන්ත සිරුරක් සහ වරල්වලින් සමන්විත වූ පාද හතරක් හා දිගු වලිගයක් තියෙනවා.

    නෙසී කියන්නේ පේලියසෝර් සත්වයෙක්ද ?
    මේ පොසිල ලොක්නෙස් ඉවුරේ තැන්පත් වූයේ කෙසේදැයි පොසිල විද්‍යාඥයින්ට ගැටලූවක්. නෙසී ගැන ඇති ජනප‍්‍රවාද හා ඇසින් දුටුවායැයි කියන සාක්ෂිවලින් විස්තර කෙරෙනුයේ අඩි 35 ක් තරම් විශාල පේලියසෝර් ඩයිනසෝරයෙක්. ඒත් නෙසී යනු පේලියසෝර් ඩයිනසෝරයෙක් බව ඔප්පු කිරීම පහසු කාර්යයක් වී නෑ. ඊට හේතුව පේලියසෝර් ඩයිසසෝරයින් ජීවත් වුණේ කරදියේ. ඒ කියන්නේ සාගරයේ. එහෙම නැතිව මිරිදිය විල්වල නොවේ. ලොක් නෙස් විල මුහුදට සම්බන්ධ වුනත් එය පිරී තියෙන්නේ මිරිදිය ජලයෙනුයි. පේලියසෝර් සත්වයින් යනු උප නිවර්තන කලාපයට අයත් චලතාපී ජීවීන් විශේෂයක්. උන්ට ලොක් නෙස් වැනි ගැඹුරු අධික ශීතලකින් යුත් විලක ජීවත් වීමට නොහැකියි. අනෙක් වැදගත්ම කාරණාව වන්නේ පේලියසෝර් ඇතුළු අනෙකුත් ඩයිනසෝරයින් ජීවත් වුණේ වසර මිලියන 65 ක් ඈත අතීතයේයි. ලොක් නෙස් විල නිර්මාණය වී තිබෙන්නේ අන්තිම අයිස් යුගයේදීයි. ඒ කියන්නේ අවුරුදු 10,000 ක් තරම් ඈත අතීතයේ පමණි.

    නෙසී ගැන අලූත්ම චිත‍්‍රපටය: වෝටර් හෝස්
    ලොක්නෙස් විලේ අද්භූ. සත්වයා නෙසී සම්බන්ධයෙන් චිත‍්‍රපට කිහිපයක් නිර්මාණය වී තියෙනවා. නෙසී සම්බන්ධව නිර්මාණය කෙරුණු එක් චිත‍්‍රපටයක් වන්නේ වෝටර් හෝර්ස්: ලෙජන්ඞ් ඔෆ් ද ඞීප්.

    2.jpg

    2007 වසරේ දෙසැම්බරයේ එළිදැක්වූ විශේෂ පරිගණක ප‍්‍රයෝගවලින් හැඩගැන්වූ මෙම චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ජේ. රසල් වන අතර චිත‍්‍රපටයේ කතාව ඇරඹෙන්නේ 2 වැනි ලෝක යුද්ධය සමයේ ඇග්නස් නම් පිය සෙනෙහස අහිමි වූ කුඩා ළමයකුට ලොක් නෙස් විලේ අද්භූත සත්වයාගේ බිත්තරයක් හමුවීමත් සමඟයි. බිත්තරයෙන් එළියට පැමිණෙන මේ අපූරු සත්වයා රැක බලා ගන්නේ ඇග්නස් විසින්. ඔවුන් දෙදෙනා අපූරු අත්දැකීම් රැසකට මුහුණ දේ.

    නොවිසඳුණු අභිරහස
    නෙසී ගැන වාද විවාද තර්ක විතරක් තවමත් තියෙනවා. අලූතින් තර්ක විතර්ක මෙන්ම පැහැදිලි කිරීම් ද එළිදැක්වෙනවා. මේ හැමදේම සිදුවෙද්දී රංචු පිටින් සංචාරකයෝ ලොක් නෙස් විල වෙත ඇඳී එන්නේ නෙසීගේ හෙවණැල්ලක් හරි දැක ගන්න ලැබේවි යන අදහසිනුයි. සංචාරකයින් හිස් අතින් ආපහු ගියත් ලොක් නෙස්විල ආශි‍්‍රත සංචාරක කර්මාන්තය නම් නෙසී නිසා දිනෙන් දින දියුණුවට පත්වෙනවා.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අභිරහස් ලෙස ගමන් කරන ගල් ඇති ප්‍රශේශයක්




    මෙන්න ටික දවසකට පස්සෙ බ්ලොග් එකට හොඳ ලිපියක්. මේක පොඩි අභිරහස් කතාවක්. කතාවක් කිව්වෙ නවකතාවක් එහෙම නෙමේ. ඇත්තටම වෙන දෙයක්. ඒත් සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් වෙන්න බෑ. මේක කැලිෆෝනියාවෙ මලවුන්ගේ නිම්නයේ වෙන දෙයක්. දැන් කට්ටිය බලයි හොල්මන් කතාවක්ද කියල. එහෙම එකක් නෙමේ. මේක ගල් කුට්ටි හා සම්බන්ද දෙයක්. එහෙනම් වැඩි කතා ඕනෙ නෑ. කියවලම බලන්නකෝ. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව. මම මේක උපුටා ගත්තෙ මිහිර පත්තරෙන්.
    image%5B4%5D.png
    මේ ප්‍රදේශය තමයි කැලිෆෝනියාවේ මලවුන්ගේ නිම්නය. මේ ප්‍රදේශය ආශ්‍රිතව ලොව පුදුමාකාර නොවිසඳුණු අභිරහස් සැඟව පවතිනවා. ඉන් එකක් තමයි යාත්‍රා කරණ පාශාන පිලිබඳ අභිරහස. මේ ප්‍රදේශයේ ඉතාම අභිරහස් ලෙස ගමන් කරනවා. ඒවා පැමිණි මාර්‍ගය යාර සිය ගනනක් ඝන මඩ තට්‍ටුවක් මත පි‍ටුපසට විහිදීතිබෙනවා. බැලූ බැල්මට නම් පෙනී යන්නේ මේවා කවුරුන් හෝ තල්ලු කරගෙන එන්නට ඇති බවයි. ඒත් මේ ගල් කුට්ටි වලින් සමහර ඒවා මිනිසෙකුට තල්ලු කරන් ඒමට බැරි තරම් බරකින් යුක්තයි. ඒ නිසාම මේ යත්‍රා කරන පාශාන පිලිබඳ කතාව පසුගිය දශක කිහිපය පුරාම කතා බහට ලක් වුනා. මලවුන්ගේ නිම්නයේ මේ ගුප්තමය පාශාන එම නිම්නය පුරාවටම දක්නට ලැබෙනවා. විශේශත්වය වන්නේ එහි මිනිසුන් වාසය නොකරන ප්‍රශේශයෙන් පාශාන හමු වීමයි. මේ නිම්නය ග්‍රීශ්මයේදී වියලි ඉරිතලා ගිය මඩ වලින් පිරී යන අතර සිසිර සෘතුවේදී අයිස් වලින් වැසී පවතිනවා. භූ විද්‍යාඥයන් බොහොමයක් රේස්ට්‍රැක් ප්ලයා නමින් හැඳින්වෙන මේ භූමි ප්‍රදේශයේ සෑම තැනක්ම ගවේශනය කර තිබෙනවා.
    මලවුන්ගේ නිම්නය පුරා යාත්‍රා කරන මෙම පාශාන ඉතා සුමට භූමිය මතින් ලිස්සා ගොස් තිබෙන්නේ එය පැමිණි මාර්ගය පි‍ටුපසින් සටහන් කරමින්. සමහර භූ විද්‍යාඥයින් පවසන්නේ මේ ගුප්තමය යාත්‍රික පාශාන මලවුන්ගේ නිම්නය තුල ගමන් කිරීමට එහි මඩ තට්‍ටුව උපයෝගී කරගන්නා බවයි. මඩ තෙත් බවින් යුක්ත වූ විට සහ ගල් කුට්ටි වල කුඩා අයිස් බිඳිති ‍රැඳී තිබෙන විට සුලඟේ උපකාරයෙන් ඒවාට ගමන් කල හැකි බව ඔවුන් පවසනවා. කෙසේ වෙතත් මේ අදහස මුලුමනින්ම ඇත්තක් ලෙස පිලිගැනීමේ හැකියාවක් නෑ. ග්‍රීස්මයේදී පවා මෙම ගල් කුට්ටි ගමන් කරන අතර ඒ කාලයේදී පාශාන පවා වියලී යන තරමට උශ්නත්වය ඉහල අගයක තිමීට ඊට හේතුවයි. මලවුන්ගේ නිම්නයේ යාත්‍රා කරන අභිරහස් පාශාන සුමට භූමිය මත ලිස්සා යනවා පමණක් නොව භූමිය යම් තරමකට හෑරීමෙන් සෑදෙන නොගැඹුරු පථයක්ද සාදනු ලබනවා.
    මෙම ක්‍රියාවලියේ ඇති තවත් ප්‍රහේලිකාවක් වන්නේ ඒවායේ ගමන් කිරීම ආරම්භයේදීම, ඒවා සියල්ලම පාහේ සමාන්තර දිශාවකට යොමුව පැවතීමයි. වසර ගනන්ක් ගතවන විට එක් එක් පාශාන ඒවාටම අයත් මාර්ගයක ගමන් කර තිබෙන බව පෙනී යනවා. සමහර පාශාන සෘජු රේඛාවක් ලෙස චලනය වී තිබෙනවා. සමහර ඒවා ඕවලාකාර හැඩයක ගමන් කර තිබෙනවා. ඒ අතර තවත් සමහර ඒවා ගමන් කර ඇත්තේ ‍රැලි සහිත මාර්ගයකයි. කිසිම කෙනෙකු මේවා ගමන් කරන ආකාරය දැක නැති අතරම, කිසිවෙකු ඒවා කෙතරම් වේගයකින් ගමන් කරන්නේද යන්න පිලිබඳව දැනුවත් වී නෑ. මේ අභිරහස් පාශාන මලවුන්ගේ නිම්නයේ සමතල භූමි ප්‍රදේශයට පැමිණි විට ගමන් මාර්‍ගය වෙනස් කර තිබෙනවා. මේ නිසා පාශානය පි‍ටුපසින් මාර්ග කීපයක් දක්නට ලැබෙනවා. සමහර පාශාන අනෙක් ඒවාට වඩා වසර පහක් හෝ හයක් පමණ ඉදිරියට ගමන් කර තිබෙනවා. මේ යාත්‍රා කරන පාශාන සෑම වසර දෙකකට හෝ තුනකට පමණක් ගමන් කරන බව පැවසෙනවා. එමෙන්ම ඒවායින් නිර්මානය වන මාර්ගයද වර්ධනය වීමට වසර තුනක් හෝ හතරක් ගත වෙනවා. තවත් වැදගත් කරුනක් වන්නේ මේ පාශාන නිර්මානය වී ඇත්තේ අඩි 850ක් පමණ උසැති උස් පර්වතවල වීමයි. ඒවායේ අඳුරු හුණුගලෙන් මෙම සමහර පාශාන නිර්මානය වී තිබෙනවා. නමුත් සමහර ඒවා යාබද බෑවුම් වල පිහිටි ආග්නේය පාශානයෙන් නිර්මානය වී ඇති බව පෙනී යනවා. පාශාන ගමන් කිරීමෙන් සෑදුනු පථ නිතරම අඩි 10 සිට සිය ගනනක් දක්වාවූ දිගින් දක්නට ලැබෙනවා. සුළු ප්‍රමානයෙන් අඟල් 12ක් පමණ පලළින් යුක්තයි. එමෙන්ම සාමාන්‍යයෙන් 2.51 CM ක් පමණ ගැඹුරින් යුක්ත වෙනවා.
    සමහර භූ විද්‍යාඥයන් පවසන ආකාරයට මෙම පාශාන භූමිය මත ගමන් කිරීමට පහත ආකාරයේ විශේෂිත තත්වයන් සමබරව පැවතිය යුතුයි.

    • ජලයෙන් සංතෘප්ත, එහෙත් පිටාර නොගිය මතු පිටක්
    • තුනී මැටි ස්තරයක්
    • ආරම්භක බලයක් ලෙස ඉතා ප්‍රබල සැඩ සුලඟක්
    • පාශාන ගමන් කිරීම සඳහා ප්‍රබල ස්ථාවර සුලඟක්
    මේ සියළු තත්ත්ව සමබර වූ විට මේ පාශාන වලට ගමන් කල හැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ. ඒ වගේම මේ අභිරහස සඳහා විවිධ මත කිහිපයක්ද ඉදිරිපත් වී තිබෙනවා. ඒත් කිසිවෙකුත් හරි හැටි දැක නැති, කිසිවෙකුට තවමත් නිශ්චිත මතයක් ඉදිරිපත් කිරීමට නොහැකි වුනු මලවුන්ගේ නිම්නයේ යාත්‍රා කරන පාශාන පිලිබඳ සිදුවීම තාමත් පවතින්නේ නොවිසඳුණු අභිරහසක් ලෙසයි.
    ඉතින් කියෙව්ව නම් මේක ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරල යන්න !