තවමත් නොවිසඳුණු අභිරහස්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නූතන විද්‍යාව විසින් මේ වනවිටත් උඩු ගුවන සම්පූර්ණයෙන්ම තම අණසකට ගෙන හමාරය. දිනෙන් දින එකකට එකක් පරදමින් යන අධි තාක්ෂණික යානා නිපදවමින් උඩු ගුවනේ බලවතා වන්නට ලෝක බලවතුන් උත්සහ දරයි. නූතන ගුවන් සම්ප‍්‍රදාය බිහි වී වසර සියයක් ගෙවී යද්දී ගුවන් පරම්පරා පහක් ඉක්මගොස් හයවැනි ගුවන් පරම්පරාවේ එළිපත්තට පිවිස සිටින ලෝකය ශබ්දයේ වේගය මෙන් පස් හය ගුණයක් වේගයෙන් යා හැකි යානා පවා නිපදවා අවසන්ය. හයවැනි පරම්පරාව සහ හත්වැනි පරම්පරාව උදෙසා සැලසුම් සකස් වන ගුවන් තාක්ෂණයේ ඉදිරි කාලය තුළ ගුරුත්ව බලය ඉක්මවා යමින් විශ්වය ජයගත හැකි යානා පවා නිර්මාණය වෙමින් පවතින බවට මේ වනවටත් ඉඟි ලැබී ඇත. එහෙත් මෙවර අපි කතා කරන්නට උත්සහ දරනුයේ නව තාක්ෂණික යානා පිළිබඳව නොව ලොව පළමු රොකට්ටුව පිළිබඳ ලැබුණු ශිලාමය සාධකයන් පිළිබඳය.


    මායා රාජ්‍යය යනු වත්මන් ලෝකයේ වැඩියෙන්ම කතාබහට ලක්වන රාජ්‍යයයි. පිටසක්වළ හා සහසබඳතා පැවැත් වූ බවට ගවේෂකයන්ගේ සැකයට නිරන්තරව ලක් වූ අද්‍යතන ශිෂ්ටාචාර හතෙන් එකක් ලෙසද මායා ශිෂ්ටාචාරයට හිමිවනුයේ ප‍්‍රධාන තැනකි. මායා ශිෂ්ටාචාරය තුළ ප‍්‍රධාන නගර හතරක් දැකගත හැකි වෙයි. පැලන්කේ, කොපෝන්, ටී කාල් හා කලක්මුල් ඒ සතරයි. මින් ප‍්‍රධාන පාලන ව්‍යුහය ස්ථානගත වී පැවතියේ පැලන්කේ නගරයේය. වර්තමානයේදී මෙක්සිකෝවට අයත් වන මෙම ප‍්‍රදේශය හඳුන්වනුයේ බාක් නගරය ලෙසිනි. 1948 වර්ෂයේදී පුරාවිද්‍යා ගවේෂක ඇල්බට් රුවිස් විසින් බාක් නගරයේ මහා වනාන්තරය මැදින් කළුගලින් නිර්මාණය කරන ලද විනාශයට පත් නොවූ මාලිගා සංකීර්ණයක් සොයා ගනු ලැබුණි. එය පිරමීඩ තාක්ෂණයට තරමක් සමීප වූවක් බැවින් මාලිගයට එහා ගිය නිර්මාණයක් මේ තුළ තිබිය යුතු යැයි ඔහුගේ අදහස විය.


    1952 එක් දිනක ප‍්‍රධාන මාලිගයේ ආගාරයක (පැසේජය) සවි කර තිබූ විශේෂිත හැඩයෙන් යුත් ගලක් වෙත ඔහුගේ අවධානය යොමු විය. ඉන්පසු එහි ඇරඹූ කැණීම් හරහා ආරුක්කු හැඩයෙන් යුතු විශේෂිත උමං මාර්ගයක් මතු කර ගත හැකි විය. එම උමං මාර්ගයම කුඩා ගල් කැබලි ටොන් ගණනක් දමා වසා දමා තිබුණි. ඒ සියලූ ගල් ඉවත් කිරීමෙන් පසු උමං මාර්ගය පිවිසියේ කුඩා පිරමීඩකාර කුටියකටය. ඇල්බට් රුවිස්ගේ නොනවතින කුතුහලය පිරමීඩකාර කුටියේ එක් බිත්තියක් බිඳ දමන්නට සමත් විය. ඒ සමගම මතු වූයේ ටෙම්පල් ඔෆ් ඉන්ස්ක‍්‍රිප්ෂන් නැතහොත් පාකල් රජුගේ රාජ්‍ය ලොව සුපතළ වූ සොයාගැනීමට හිමිකරුවා වන්නට ඔහුට අවස්ථාව උදාවීමයි. එහි වූයේ මායා රාජ්‍යයේ අසහාය රජු වූ දෙවැනි පාකල් රජුගේ සොහොනයි. ටොන් ගණනක් බරැති ගල් ලෑල්ල පාකල් රජුගේ සොහොනෙන් හමු වූ අන් කිසිවකටත් වඩා ලෝකයේ කතාබහට ලක් විය. මෙක්සිකෝවේ බාක් නගරයේ පිහිටා ඇති ‘ටෙම්පල් ඔෆ් ඉන්ස්ක‍්‍රිප්ෂන්’ දෙවොලේ තිබී හමු වූ මායා රාජ්‍යයේ අසහාය රජු ලෙස සැලකෙන දෙවැනි පාකල් රජුගේ සොහොනේ මතුපිට වූ ගල් තට්ටුවේ කොටා තිබූ රූපය මෙතෙක් ලොව මුල්ම ගුවන්යානයේ නිර්මාණකරුවන් ලෙස රයිට් සහෝදරයන් හිමි කර ගෙන තිබූ විරුදාවලිය බිඳ දැමීමට සමත් විය. එහි සටහන්ව තිබුණේ නූතන රොකට්ටුවක ක‍්‍රියාකාරිත්වයට බොහෝ සෙයින් සමාන යන්ත‍්‍රයක් තුළ නැගී ගමන් කිරීමට සැරසෙන පාකල් රජුගේ කැටයමකි. අප මේ කතා කරනුයේ ක‍්‍රිස්තු වර්ෂ 615ත් 683ත් අතර කාලයේ ජීවත් වූ රජකු පිළිබදය. එසේ නම් ඔවුන් සතුව සෞරග‍්‍රහ මණ්ඩලයෙන් මිදුණු වෙනත් ග‍්‍රහ ලෝකවලට යන්නට හැකි තාක්ෂණයක් තිබී ඇති බව පිළිගන්නට එම සොහොන් ගැබ පරීක්ෂා කළ පර්යේෂණ කණ්ඩායමට සිදුවිය. එයට හේතු වූයේ නූතන රොකට් තාක්ෂණය ගෙන මෙම රූපයට ආදේශ කරන කල බැලූ විට ඒ සියලූ අංගයන්ගෙන් සමන්විත දියුණු සැලසුමකින් මෙම රූපය යුක්ත වීමයි.






    මෙම සොයාගැනීමත් සමගම පර්යේෂකයන්ගේ අවධානය වෙනත් අතකට යොමු විය. සොහොනක් වැසූ දැවැන්ත ගල් තට්ටුවක අංග සම්පූර්ණ රොකට්ටුවක සැලැස්මක් සඳහන්ව තිබීමත් එය අතිරහසිගත ලෙස සඟවා තිබීමත් මත පර්යේෂණවල මඟ වෙනස් අතකට යොමු විය.


    මෙම කැටයමේ සඳහන්ව තිබුණේ රොකොට්ටුවක නැගී යන පාකල් රජුය. එහි රොකට්ටුවක ඇති මූලික අංග පැහැදිලිවම කැටයම් කර තිබුණි. ඇසට සමීපයේ වූ දුරදක්නයක් වායු පීඩනයට සහ ඔක්සිජන් ලබාදීමට නහය අසන්නයේම සවි කළ වායු නාළයක් එහි දැකගත හැකි විය. යානයේ ක‍්‍රියාකාරිත්වය පාලනය කරන ලීවරය දකුණු අතින් අල්ලා ගෙන සිටින පාකල් රජු වම් අතින් වෙනත් ලීවරයක් ක‍්‍රියාත්මක කරමින් සිටියි. පා දෙක තබාගෙන ඇත්තේ රොකට්ටුවේ එන්ජිමේ වේගය පාලනය කරන ලීවර දෙක මතය. පාකල් රජු වාඩි වී සිටින ආකාරය හා අසුන සියයට සියයක්ම නූතන ගගනගාමියකුගේ ඉරියව්වලට සමානය. එනම් නුතන ගගනගාමියෙකු කැප්සුගය තුළ සිටින ආකාරයෙන් ම පාකල් රජු වාඩිවි සිටිමයි. යානය යටින්ම ඇත්තේ දහන කුටීර හා තාපය පිටකරන සිදුරුය.

    පර්යේෂණ කණ්ඩායම මෙම සැලසුම උපයෝගි කරගනිමින් රොකට් මොඩලයක් නිර්මාණය කිරීමට උත්සහ ගත්හ. එම කටයුත්ත ඉතා සාර්ථක විය. එම සාර්ථකත්වයට හේතු වූයේ නූතන ගගනගාමියකු ගුවන්ගත වීමේදී අසුන් ගන්නා ඉරියව්ව, නහයට සවි කරනු ලබන ඔක්සිජන් නළය පවා පාකල් රජුගේ ගල් සැකිල්ල තුළ සටහන්ව තිබීමයි. එසේම පාදයෙන් ක‍්‍රියාත්මක වන ලීවරයන් හා යානය හැසිරවීම උදෙසා උපයෝගී කරගනු ලබන අතින් ක‍්‍රියා කරන ලීවරයන් මෙම ගල් සැකිල්ල තුළ පැහැදිලිව සටහන්ව පැවතීම හේතුවෙන්ම රොකට්ටුව ඉතා සාර්ථකව නිර්මාණය කරගත හැකි විය. එසේම ඉන්ධන ටැංකිය ඉන්ධන වලින් ක‍්‍රියාත්මක වන එන්ජිම මෙන්ම ගුවන්ගත වීමේදී අධික තාපය පිටවන රොකට්ටුවේ පහළ ඇති කුටීර පවා මෙහි දැකගත හැකි වෙයි.

    මෙලෙස බලන කල ලොව මුල්ම ගුවන්යානය නිපදවූයේ රයිට් සහෝදරයන් යැයි කීමේ විශාල ගැටලූවක් පවතී. එසේම ලොව පළමුවෙන්ම සාර්ථකව ගුවන්ගත වූ යානය ලෙස සැලකෙන 1939දී ජර්මානුවන් නිපද වූ හෙන්කල් එච්.ඊ. 178 යානයේ වාර්තාවද වෙනස් කළ යුතුය. අදින් වසර දෙදහසකට පමණ පෙර විශ්වය ජයගත් රොකට්ටුවක් පැවැතියා නම් එකල කොතරම් දියුණු සමාජයක් පැවැතිය යුතුද?


    එහෙත් එවන් වූ ශිෂ්ටාචාරයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේ කෙලෙසද? එසේම පාකල් රජුගේ රොකට්ටුව සහිත සොහොන ටොන් ගණනක් ගල් දමා වසා දැමුවේ ඒ තාක්ෂණය සඟවා තබන්නද යන ගැටලූවට තවමත් පිළිතුරු නැත. ඉදිරි යුගයේදී එයටත් පිළිතුරු ලැබෙනු ඇත.


    කාංචන ගීත මනමේන්ද්‍ර
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එඩ්ගා කේසි මෝහන නිද්‍රාවෙන් තමන්ගේ අතීත ජීවිත ගැන විස්තර කරනු අසා සිටි ලැමර්ස් ආතර් ගේ සිත සතුටින් ඉපිලී ගියේය. ඔහුට අවශ්‍ය වූයේ රෝගීන්ට කෙරෙන ප්‍රතිකාරවලට වඩා යමක් කේසිගෙන් සමාජයට ඉටු කරවා ගැනීමටය. එහෙත් ක්‍රිස්තියානි භක්තික කේසි මේ සිදුවන්නේ කුමක් දැයි යන්න ගැන අන්දමන්දව සිටියේය. දිළින්දන්ගේ, සමාජයේ අසරණයන්ගේ දුක් වේදනා ව්‍යාධිවලට පිහිටවීම තමන් දෙවියන් වහන්සේගෙන් ලද දායාදයක් යැයි සිතූ ඔහු පෙර ජීවිතයක් ගැන කීම යක්‍ෂයාගේ වැඩක් යැයි සිතුවේය. මන්ද ඒ වන විට ක්‍රිස්තු ධර්මයේ පෙර ආත්ම කතා සංකල්පය පිළිනොගන්නා තත්ත්වයක් සමාජය අතරේ තිබුණු හෙයිනි.



    තමන්ට ලැබී තියෙන්නේ යක්‍ෂයාගේ ආශීර්වාදයක් ද යන්න ඔහුගේ සිත වධ දෙන්නට විය. එහෙත් ඔහු අඛණ්ඩව මෝහන නිද්‍රාවට පිවිස රෝගීන්ට ප්‍රතිකාර කෙළේය. ප්‍රශ්නකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය. එම ප්‍රශ්නවලට තමා දුන් පිළිතුරුවල අපැහැදිලි තැන් ගැන ඔහුම සොයන්නට බලන්නට විය. එසේ වික්‍ෂිප්ත භාවයෙන් පසුවී නිද්‍රාවට පත්ව කියැවීමේදී ඔහුගේ මුවින් පුටු ගිල්ලන්නකු ගැන කියැවිණි. කිසියම් අයකු තමාට විඳින්නට සිදුවුණු විපත්තිදායක අත්දැකීම් ගැන විමසීමේදී එසේ වීමට මේ තැනැත්තා පූර්ව ජන්මයකදී පුටු ගිල්ලන්නකු වශයෙන් පව්කම් රැසක් කර ඇති බව කේසිගෙන් පැවැසිණි.

    කවුරුද මේ පුටු ගිල්වන්නා? කේසිට පමණක් නොව ප්‍රශ්නකරුවන්ට පවා ගැටලුවක් විය. එහෙත් ඊට වඩා කේසිට ගැටලුවක් වූයේ අද ගෙවන ජීවිතයට පෙරදී ගෙවූ ජීවිතයක දී කළ කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් ලැබිය යුතු ප්‍රතිඵල විපාක පසු කලෙක වෙනත් ජීවිතයකදී ලැබෙන්නේද යන්නය.

    මේ ගැටලුවට විසඳුම් සෙවිය යුතු විය. කිසියම් දෙයක් විශේෂයෙන් අතීත සංසිද්ධියක් ගැන කියැවෙන දෙයක් යමක් ඇත්නම් එය කියැවීමට පමණක් සීමා නොවී ඓතිහාසික වශයෙන් සනාථ විය යුතුය. ඒ හැඟීම මත මේ පුටු ගිල්ලන්නා කවුරුන්ද යන්න සොයා ගත යුතුය යන හැඟීම කේසිට ඇති විය.

    ඔහුගේ කියැවීමේදී අනාවරණය වූයේ පුටුවකුත් සමඟ කෙනකු ජලාශයකට තල්ලු කරන බවය. බොහෝ දෙනෙක් ඒ ගැන විමසන්නට සොයා බලන්නට වූහ. අෑත අතීතයේ ඇමෙරිකාවේ විසූ ගෝත්‍රිකයන් අතර එවැනි චාරිත්‍රයක් තිබූ බව පසුව කෝෂ ග්‍රන්ථයක තිබී සොයා ගැනීමට හැකි විය. ඇමෙරිකාවේ විසූ ගෝත්‍රික පිරිස මන්ත්‍රකාරියන්ට අනුකම්පාවක් නොදැක්වූහ. ගෝත්‍රිකයන්ගේ සැකයට පාත්‍ර වූ එවැනි මන්ත්‍රකාරියක වී නම් ඇයට මරණ දඬුවම නියම විය. එම කාන්තාව පුටුවක තබා ගැට ගසා දියේ ගිල්වා මරා දැමීම දඬුවම විය. මේ කාර්යය පැවැරී තිබුණ තැනැත්තා දඬුවම ක්‍රියාත්මක කෙළේය. ඔහු පුටු ගිල්වන්නා ලෙස අතීතයේදී හඳුන්වා තිබේ. තමා අත්විඳින දුක්ඛ දෝමනස්සයන් හිංසා පීඩා කුමක්දැයි කේසි හමුවීමට පැමිණ විමසා තිබුණේ ඉහත කාලයේ එම ගෝත්‍රිකයන්ගේ රාජකාරිය ඉටු කළ තැනැත්තාය.

    කියැවීමක් සඳහා පැමිණි තවත් අයකුගේ පූර්ව ජන්මය ගැන කේසි විස්තරයක් කෙළේය. ඔහු මෙම ජන්මයේදී බර්නාට් සේ යන නමින් හඳුන්වා ඇතැයි කේසි මෝහන නිද්‍රාවේදී කීය. පෙර එක් කලෙක වර්ජිනියාවේ ගෙන්රිකෝ නමැති කෝරලයේ ජීවත්ව ඇති හෙතෙම සිවිල් යුද්ධයේදී දකුණු දේශයේ සෙබළකු වශයෙන් සේවය කර තිබේ. මේ තැනැත්තාගේ තොරතුරු විස්තර වාර්තා ලිපි ලේඛන ආදිය තවමත් හෙන්රිකෝ කෝරලයේ හමුදා ලේඛනාගාරවල ඇති බවද කේසි සිය මෝහන නිද්‍රාවෙහිදී හෙළි කෙළේය. කියැවීම ඇසූ තැනැත්තාට තමාගේ තොරතුරු දැන ගැනීමේ රිසිය උස්සන්න විය. හෙතෙම හෙන්රිකෝ කෝරලයට ගිය ද විස්තර හමුනොවිණි. මේ පිළිබඳ තොරතුරු ප්‍රදේශයේ අධිකරණ ලේඛනාගාරයේ ඇති බවට ඔහුට අනතුරුව දැනගන්නට ලැබුණෙත් ඔහු එතැනට ගොස් අධිකරණයේ ලේකම්වරයා හමුවිය. එම ලේකම්වරයා පැවැසුවේ එම සියලුම ලේඛන වර්ජිනියා රාජ්‍යයේ පුස්තකාලයට ගෙන ගිය බවය. මෙම ලේඛන එම පුස්තකාලයේ පැරණි වාර්තා දෙපාර්තමේන්තුවේ නිවැරදිව ඇති බව ද කීය. ඉන් අධෛර්ය නොවූ මේ තැනැත්තා එම ස්ථානයට ගොස් පරීක්‍ෂා කිරීමේදී බර්නාට් සේ නමැති සොල්දාදුවාගේ විස්තර පැරණි ලේඛන වල තිබී හමුවී ඇත. 1841 වර්ෂයේදී උපන් හෙතෙම විසි එක් හැවිරිදි වියේදී එනම් 1862 දී යුද හමුදාවේ ජත්‍රධාරියකු වශයෙන් රාජකාරියට බැඳුණු බව අනාවරණය විය. මේ අන්දමේ කියැවීම් නිසා මේ ජීවිතයට පෙර ජීවිතයක් ඇති බවට කරුණු කාරණා පිළිගැනීමට කේසිට සිදුවිය. ක්‍රිස්තු ධර්මයේ ද පෙර ජීවිතයක් ගැන ඇති අවස්ථා ගැන ලැමර්ස් ද නිතර නිතර කේසිට කීවේය.

    ප්ලේටෝ, පයිතගරස්, ප්ලෝටිනුස්, ගොතේ, බ්‍රෑනෝ, ජෝර්දානෝ, එමර්සන් ආදීන් ද පුනර්ජන්මවාදය විශ්වාස කරන්නන් බව කේසි දැන ගත්තේය.

    සෑම ජීවියකුගේම ආවේණික ලක්‍ෂණ, ගති සිරිත්, බුද්ධිය එකිනෙකාට වෙනස්වීමට ජන්මයෙන් ජන්මයට හැඩගැසුණු ධර්මතාවන් හේතුවන බව ඔහු දැනගත්තේය.

    කේසිට පුතුන් දෙදෙනකු විය. ඔහු දරුවන්ගේ අතීත සිදුවීම් ගැන කියැවීමක් ගත්තේය.

    මේ දරුවා ඉහත ආත්මවලත් ඉතා බුද්ධිමතෙක්. එක පිට එක වශයෙන් ගෙවූ ජීවිත හතරකදීම ඔහු විද්‍යාඥයකු වශයෙන් කටයුතු කර තිබෙනවා.

    මෝහන නිද්‍රාවේදී තම පුතකු ගැන කී විවරණය කේසිට ප්‍රත්‍යක්‍ෂ විය. මන්ද ඔහුගේ පුත්‍රයා එවැනි චරිත ස්වභාවයකින් යුතුව කටයුතු කරන්නකු වූ බැවිනි. සන්සුන් ගති ඇත්තකු වූ බැවිනි. කේසිගේ අනෙක් දරුවා ඊට හාත්පසින්ම වෙනස් කලබලකාරයෙක් වූවේය.

    ඔහු ගැන කියැවීමක් ගත් කල පැවැසුවේ 'ඔබ හොස්ස ළඟින් මැස්සකුට යන්නට බැරි තරම් අයෙක්. (වහා කෝප වන්නෙකි.) ඔබ එංගලන්තයේ ගත කළ ජීවිතයත්, ඊජිප්තුවේ ගෙවූ ජීවිතයත් අවාසනාවන්ත ලෙස විනාශ කර ගත්තේ ඔය හදිසි කෝපය නිසා. මේ ජීවිතයේ සිට හෝ ඒ කෝපය මැඬගැනීමට උත්සාහ දරන්න' යනුවෙනි.

    තම දරුවන් පවා තමන් මෙන්ම මීට ඉහත විවිධ රටවල ජීවත් වූ පුද්ගලයන් බව කේසිට ඒ අනුව තීරණය කරන්නට සිදු විය. කිසියම් සංසිද්ධියකට හේතුවන පලයද (කර්ම පල) සංසාරික පුරුදු ද කෙනකුට තදින් බලපවත්වන බව ඒ අනුව පැහැදිලි විය.

    වෛන් ෆ්‍රී සහ ඩේවිඩ් විල්කොක් විසින් කේසිගේ මේ අධ්‍යයන කියැවීම් වාර්තා පසු කලෙක (කේසිගේ මරණයෙන් පසු) තෝරා බේරා ගනු ලැබිණි.
    කේසිගේ කියවීම් වාර්තා පිළිබඳව ද කිසියම් දැනුම්වත් කිරීමක් අවශ්‍ය වේ. කේසි කියැවීම් කරන්නේ මෝහන නිද්‍රාවේදී බැවින් ඉන් මිදුණු විට තමන් කී දේ ගැන කේසිට වැටහීමක් නැත. ඒ නිසා ලැමර්ස් හෝ ලේඩි හෝ ප්‍රශ්න අසයි. ලේකම්වරියක් කේසි කියන පිළිතුරු ලියා ගනියි. එසේ ලියා සටහන් කරගත් වාර්තා කේසිගේ වාර්තා ලෙස හැඳින්වේ. මේ වාර්තා අදත් ආරක්‍ෂිතව තබාගෙන පරීක්‍ෂණ පැවැත්වේ. කේසිගේ ප්‍රකාශන තෝරා බේරා ගැනීමට අද පවා පරීක්‍ෂණ පැවැත්වේ.

    එඩ්ගා කේසිගේ මේ කියැවීම් වාර්තා සංඛ්‍යාව හතළිස් දහසක් 40,000 පමණ වෙතැයි ගණන් බලා තිබේ. තවත් තැනෙක ඒ සංඛ්‍යා දාහතර දහසක් (14,000) ලෙස ද සඳහන් වේ. කේසි අනාවරණය කරගත් අන්දමට මානවයා විපරිණාමය වන සත්ත්වයෙකි. චාල්ස් ඩාවින්ගේ ශාරීරික පරිණාමය මෙන්ම ආධ්‍යාත්මික විපරිණාමයන්ද ඔහුගේ වාර්තාවල දැක්වෙන බව වෛන් ෆ්‍රී සහ ඩේවිඩ් විල්කොක් සොයාගෙන ඇත. කේසිගේ වාර්තා අනුව ඔවුන් දෙදෙනා අනාවරණය කරන මේ විපරිණාමය අනුව මානව ආත්මය ජීවිතයෙන් ජීවිතයට පුනර්ජන්මය ලබයි. එම ජීවන හෙවත් ආත්ම සංඝටක තරංගයක් මඟින් එකට බැඳී තිබේ. රවුමකට අත්වැල් අල්ලා එකට සිටින පිරිසක් මෙන් එම එකිනෙකට සම්බන්ධ වීමකි. මේ සම්බන්ධතාව වර්තමානයේ හඳුනාගෙන ඇති මවුපියන්ගෙන් ලැබෙන ඩී.එන්.ඒ. ජාන ලක්‍ෂණයට සමාන වේ. මෙමඟින් මුහුණුවර, පෞරුෂය සහ චරිතාංග අඛණ්ඩව අචින්තව ඉදිරියට පැමිණේ. ශරීරයක් නිර්මාණය වීමේදී මේ කර්මීය ප්‍රතිඵල ද කර්මීය ලක්‍ෂණද ගොනු පසු පස ඇදෙන ගැල මෙන් සම්බන්ධ වන බව දැක්වෙන වාර්තාවල ඉංජිනේරුවකු වන ජෝසප් මයර්ස් වෛද්‍ය වෝල්ටර් සෙම්කිව් සනාථ කර තිබේ.

    පෙර ජීවිත හා ආගමික මතවාදය මෙසේ නිරාකරණය වන විට කේසිට තවත් ප්‍රශ්නයක් ඇතිවිය.

    අද ජීවත් වන්නේ අෑත අතීතයේ සිට එන චරිත නම් එන්න එන්නම ජනගහනය වැඩිවන්නේ කෙසේද?

    කේසිගේ හිතවතුන් වූ ග්ලැසිස් ඩේවිස්, ලැමර්ස් ලින්ඩන් ගේ‍රා්යර් ඇතුළු සියල්ලෝම දහ අතේ කල්පනා කරන්නට වූහ. තර්ක කරන්නට වූහ. වාද විවාද කළහ.

    කේසිගේ කියැවීම් මඟින්ම පිළිතුරු සොයා ගැනීමට ඔවුහු උත්සාහ ගත්හ. කේසි නිද්‍රාවට පිවිසියේය.

    වැඩිවන ජනගහනය වශයෙන් උපත ලබන්නට පෙර ආත්ම ජීවිත තිබුණේ ද ප්‍රශ්නය නැඟිණි.

    පිළිතුර 'ඔව්' යන්න කේසිගෙන් ආවේය.

    එසේ පිරිස වැඩිවන්නේ කෙසේද?

    අකාලයේ වැනසී ගිය දූපත් වලින් සහ වෙනත් ග්‍රහ ලෝකවලින් යන ලෙස කේසිගේ පිළිතුර විය.

    සියල්ලෝම තුෂ්ණිම්භූත වූහ. ගල්ගැසී ගියහ. එසේ නම් වෙනත් ග්‍රහලෝකවල මිනිසුන් සත්ත්වයන් වෙසෙනවාද? අකාලයේ විනාශ වූ දූපත් හා රටවල් මොනවාද? කාට කාටත් ප්‍රශ්නයක් විය.

    මේ ගැන දිගින් දිගටම මෝහන නිද්‍රාවෙන් කේසිගෙන් කරුණු විමසනු ලැබිණි. පිළිතුරු ද දීර්ඝ ඒවා විය. විස්තර සහිත විය. මේ විස්තර අතර කියැවුණු ඊජිප්තුව පිළිබඳ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පිරමීඩ වල සුලමුල ද හෙළිවිණි.

    ඇත්ත වශයෙන්ම මෙවැනි ස්ථාන තිබුණේ ද ග්‍රහලෝකවල ජීවීන් සිටින්නේ ද යන්න කාගෙ කාගෙත් සිත්වල නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නට විය. ඒ සඳහා ලැමර්ස් පෙරමුණ ගත්තේය.

    අත්ලාන්තික් සාගරයේ ජලයට යටවුණු අත්ලාන්තිකය ගැන නිද්‍රාවට පත්වූ කේසිගෙන් විමැසීමේදී ඒ පිළිබඳ පළමුවෙන්ම හෙළිකළ බටහිර ලෝකයේ පළමු තැනැත්තා ප්ලේටෝය. ඒ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේදීය.

    ඇට්ලන්ටිස් විනාශ වී ගියේ ක්‍රිස්තු පූර්ව 10,500 දී බව කේසි විස්තර කෙළේය. කේසිගේ ප්‍රකාශ කර ඇත්තේ මහාද්වීපය විනාශ වන බවට බුද්ධිමත් ජීවියකු කලින් ප්‍රකාශ කළ බවය. ඒ ප්‍රකාශය විශ්වාස කළ බොහෝ දෙනකු ආරක්‍ෂිත ස්ථාන කරා පලා ගිය බවය. වැඩි දෙනකු ඊජිප්තුවට ගොස් එරට සංවර්ධනය කළ බවය. අභ්‍යවකාශ යානා පවා තිබුණ බව කියන ඔවුන් වෙනත් ග්‍රහලෝක වලටද ගොස් ඇතැයි කියති.

    කේසි පවසා ඇත්තේ ඇට්ලන්ටිස් මහාද්වීපය ගැන තොරතුරු 1960 දශකයේ දී මතුවන බවය. ඇත්ත වශයෙන් බොහෝ දෙනකු මේ මහාද්වීපය යළි ගොඩට මතුවන අදහස කළත් කේසි විස්තරකර ඇති පරිදි කිසිම කාලයක නොවූ අන්දමට ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වා තොරතුරු ගවේෂණය කිරීමෙන් විස්තර හෙළිවී තිබේ.

    ප්ලේටෝ විස්තර කර ඇති අන්දමට ඇට්ලන්ටිස් ක්‍රිස්තු පූර්ව 10,000දී පාලනය කර ඇත්තේ පොසිඩන් රජුය. ඔහු ඉවෙනෝර් සහ ලුසිපේ දෙදෙනාගේ දියණිය වූ ක්ලියෙටෝ සිය මෙහෙසිය කරගෙන තිබේ. පොසිඩන් හා ක්ලියෙටෝට නිවුන්නු ජෝඩු පහක් ලැබී තිබේ. ඉන් වැඩිමල් නිවුන්නු දෙදෙනා ඇට්ලස් සහ ගැඩ්රස් වූහ. අනෙක් නිඹුල්ලු ජෝඩු ඇම්පේරස් සහ ඉවේමන් , මෙනෙ සීවුස් සහ ඔටෝච්තම් , එලැසිපස් සහ මෙස්ටර් , බාලම ජෝඩුව අසේස් සහ ඩයස්රීපස් වූහ.

    මේ දස දෙනාට පාලනය කොටස් කර දී තිබිණි.

    ඇට්ලස් බලවන්තයා විය. හෙතෙම කඳුකරය පාලනය කෙළේය. හර්කියුලිස්ගේ කුලුන යන ප්‍රදේශයද ඔහුට අයත්ව තිබිණි.

    පාලකයෝ ඉතා දක්‍ෂ ලෙස රට පාලන කළෝය. ඔවුන් වෙනත් රටවල ආක්‍රමණයටද ගිජුවී ඇත.

    ඒ අනුව ඔවුහු යුද වැදී ලිබියාව ද, ඊජිප්තුව දක්වා ද, යුරෝපා මහාද්වීපයේ ටිරේනියාව දක්වා ද අත්පත් කර ගත්හ. ක්‍රම යටත් කරගත් රටවල වැසියෝ තමන්ගේ වහලුන් වශයෙන් යොදාගනු ලැබූහ. මේ නිසා ඊට එරෙහි වූ රාජ්‍යයන් සන්ධානයකට එළැඹ ගිවිසුමකට බැඳුණාහ. එවිට එරට රාජ්‍යයත් කඳවුරු දෙකකට බැඳිණි. ඇට්ලන්ටිස් තනිව එක රටකි. ඊට එරෙහි සන්ධාන ගත කඳවුර අතෑනියානුවෝ නම් වූහ. ඔවුන්ගේ අපේක්‍ෂාව වූයේ ඇට්ලන්ටිස් අධිරාජ්‍යය යටතට පත් තම බල ප්‍රදේශ මුදා ගැනීමය. බලකාමයෙන් වැඩුණු ඇට්ලන්ටියානුවන් තමන් කරන්නේ කුමක්ද පවා නොදැන උමතුවීම නිසා එක් බුද්ධිමතෙක් විනාශයක් අත ළඟ බවට අනාවැකියක් කීවේය. රට්ටුන්ට හැකි පරිදි ආරක්‍ෂාව පතා යෑමට කීවේය. ඔහු ඒ සඳහා පෙරමුණ ගත්තේය. ඔහුගේ නම රාටාය. හෙතෙම පිරිසක් සමඟ ඊජිප්තුවට ගියේය.

    ඇට්ලන්ටියානුවෝ යානාවල නැඟී වෙනත් ග්‍රහලෝක වලට ගිය බවද කියති. එසේ ගියෝ තම තමන්ගේ සංස්කෘති ශිෂ්ටාචාර ආරම්භ කළහ.

    කේසි විස්තර කර ඇති පරිදි ඇතැම්හු දියුණුවේ කෙළවරට ගොස් තම තමන්ගේ ග්‍රහලෝක පුපුරවා ගනිමින් විනාශ වූහ. මෙසේ වූයේ සාරධර්ම ගුණධර්ම පිරිහීම නිසා දේව කෝපයකිනි. මෙසේ විනාශ වූ එක් ග්‍රහලෝකයක් මැල්ඩෙක් නමින් හැඳින්වේ.

    එහි වැසියන් වෙනත් ග්‍රහලෝක වලට පලා ගිය බව කේසි පැහැදිලිවම විස්තර කර තිබේ. ඔන්න ඔය කියන අන්දමේ උමතු තත්ත්වයට පත් ඇට්ලන්ටිස් මහාද්වීපය ද එක දිනකින් එක රාත්‍රියකින් මුහුදු බත්වී තිබේ. එසේ විනාශවී ඇත්තේ සුනාමියෙන් බවද මතයකි. මුහුද ගැලීමෙන් බවද සඳහන්ය. ඒ කෙසේ වෙතත් ඇට්ලන්ටිස් ද්වීපය ගිල්වමින් නැඟුණු ජල කඳේ මට්ටම ඊජිප්තුවේ පිරමීඩ් වල ද සටහන්ව ඇති බව සඳහන් වේ.http://wishmithawishwaya.blogspot.com/2015/07/blog-post_20.html
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    machan patta. specially "ranmasu uyana " article eka. rep denna behene bun "You must spread some Reputation around before giving it to rocat90 again."