තවමත් නොවිසඳුණු බෙයාර් බෲක් අබිරහස

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තවමත් නොවිසඳුණු බෙයාර් බෲක් අබිරහස

    ලොව සමහර අබිරහස් ඝාතනවල සුලමුල ඒවා සිදු වී වසර ගණනාවක් යනතුරුත් ලෝකයාට හෙළි වන්නේ නැහැ. මෙවැනි සිද්ධියක් ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ පිහිටි ඇලන්ස්ටවුන් නගරයෙන් වාර්තා වුණා. එහි වූ බෙයාර් බෲක් ජාතික උද්‍යානයේ තිබී 1985 හා 2000 වසරේ හමු වූ ගැහැණු මළසිරුරුවල අනන්‍යතාවය පිළිබඳ හෝ ඝාතකයා පිළිබඳ තහවුරු වූ තොරතුරු අද වන තුරුත් අනාවරණය වී නැහැ. කෙසේ නමුත් නවීන තාක්ෂණයේ පිහිටෙන් යම් යම් කරුණු කිහිපයක් ඒවායින් උකහා ගන්නට බලධාරීන් මේ වන විට සමත් වී තිබෙනවා.
    මළ සිරුරු හමුවෙයි

    1985 වසරේ නොවැම්බර් මස ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නිව් හැම්ප්ෂයර් හි පිහිටා ඇති බෙයාර් බෲක් ජාතික උද්‍යානයේ දඩයමේ ගිය කිහිපදෙනෙකුට එහි ජන ශුන්‍ය පෙදෙසක අතැර දමා ගොස් තිබූ විශාල බැරලයක් නෙත ගැටුණා. මෙය ගැලුම් 55 ප්‍රමාණයේ විශාල බැරලයක් වූ අතර, එය එහි තිබීම තරමක් අසාමාන්‍ය සිද්ධියක් වූ නිසා ඔවුන් එය පරීක්ෂා කර බලන්නට තීරණය කළා. ඔවුන්ට ඒ තුළින් හමු වූයේ කිසිවෙකුත් නොසිතූ දෙයක්. එහි වූයේ කාන්තාවකගේ හා තරුණ ගැහැණු දරුවෙකුගේ විනාශ වී ගිය මළසිරුරු දෙකකුයි. දඩයක්කරුවන් වහා ම මේ පිළිබඳ නිසි බලධාරීන් දැනුවත් කරන ලද අතර, එහි දී අනාවරණය වූයේ ඔවුන් දෙදෙනා ම 1977- 1985 වසර අතර කාලයේ දී මොට ආයුධයකින් පහර දී ඝාතනය කොට මේ ස්ථානයට ගෙනැවිත් දමා ඇති බව යි. මේ බැරලය සොයාගත් වනම, ප්‍රදේශයේ පොලිසිය මේ දෙදෙනා හා ඔවුන් ඝාතනය කළ තැනැත්තා හඳුනාගන්නට පර්යේෂණ රාශියක් දියත් කළමුත්, ඔවුන් කිසිවෙකුත් පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට ඔවුනට නොහැකි වුණා. අවසානයේ මළසිරුරු දෙක එකම පෙට්ටියක දමා භූමදාන කෙරුණා.
    eJ2go20V8XiuO6rH_2.-Barrel.jpg

    2000 වසරේ හමු වූ බැරලය- NH State Police photoමේ ආකාරයට වසර 15ක් ඔහේ ඇදී ගියා. මේ වන විට 1985 වසරේ සොයාගත් සිරුරු දෙක පිළිබඳ ව ප්‍රදේශයේ වැසියන් බොහෝ දෙනාට අමතක ව තිබුණා. කෙසේ නමුත් පොලිසිය පර්යේෂණ දිගටම පවත්වාගෙන ගියා. මේ අතර 2000 වසරේ දී ඔවුනට පළමු බැරලය තිබූ ස්ථානය සමීපයේ ම තිබූ තවත් බැරලයක් හමුවුණා. මෙහි ද කුඩා ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ සිරුරු බහා තිබූ අතර, ඒවා සැකිළි බවට පත් ව තිබුණේ වසර ගණනාවකට පෙර මේවා මෙහි දමන්නට ඇති බැව් පෙන්නුම් කරමින්. සුළු පරීක්ෂාවකින් ම බලධාරීන්ට වැටහී ගියේ 1985 වසරේ දී හමු වූ සිරුරු දෙකට අදාළ ඝාතන සිදු කරද්දී ම මේ ඝාතන දෙක ද සිදුකර ඇති බව යි. මේවා යොදගෙන හෝ මේ ඝාතනවල සුලමුල සොයාගන්නට පොලිසිය යත්න දැරුව ද, මෙවර ද ඔවුන්ගේ උත්සාහයන් මල්ඵල ගැන්වෙන්නේ නැහැ. කෙසේ නමුත්, මෙවර ඩී. එන්. ඒ. පරීක්ෂණ සිව්දෙනාගේ ම සිරුරු කොටස් අරබයා සිදුකෙරුණු අතර, එහි දී අනාවරණය වූයේ වැඩුණු කාන්තාව හා කුඩා දරුවන් අතරින් දෙදෙනෙක් සමීප ඥාතීන් බව යි. අනෙක් කුඩා දරුවා ඉතිරි තිදෙනාට ම සමීප ඥාතීත්වයක් පෙන්වූයේ නැහැ.
    නවීන තාක්ෂණයේ පිහිට

    2000 වසරේ සිට තවත් වසර 15ක් ගත වන තුරු බෙයාර් බෲක් අබිරහසට සම්බන්ධ සැලකිය යුතු මට්ටමේ හෝඩුවාවක් ලැබුණේ නැහැ. 2015 වසර වන විට තාක්ෂණය පෙර නොවූ විරූ අන්දමට දියුණු වී තිබූ අතර, එනයින් මේ අබිරහසට සබන්ධ වැදගත් තොරතුරු කිහිපයක් ම මුල් වරට හෙළිවන්නට පටන් ගත්තා. ඔක්සිජන් සමස්ථානික යොදාගෙන සිදුකළ පරීක්ෂණවලට අනුව හෙළි වූයේ මියගිය සිවුදෙනාගෙන් තිදෙනෙක් මරණවලට පෙර සැලකි‍ය යුතු කලක් නිව්හැම්ප්ෂයර් තදාසන්න පෙදෙස්වල ජීවත් වී ඇති බව යි. කෙසේ නමුත් අන් තිදෙනාට ඥාතීත්වයක් නොදැක්වූ දැරිය නැවතත් යම්තාක් දුරකට වෙනත් පෙදෙසක ජීවත් වූ ලක්ෂණ පෙන්වූවා.
    JIUn2o9hIdgyOWWJ_3.-first-images.jpg

    ඝාතනයට ලක් වූවන්ගේ මුලින් සැකසූ ඡායාරූප- crimescenedb.comඩී. එන්. ඒ. පර්යේෂණ ඇතුළු අනෙකුත් පර්යේෂණවලට අනුව අවසානයේ බලධාරීන්ට මියගිය සිව්දෙනාගේ ස්වරූප ගොඩනැඟිය හැකි වුණා. මේ අනුව වැඩුණු කත වයස 22-33 අතර වූ සුදු ජාතික කාන්තාවක ලෙස හඳුනාගත් අතර, ඇයට කළු පැහැ මදක් කැරළි ගැසුණු හිසකෙස් තිබූ බවට නිර්ණය වුණා. ඇයත් සමග ම හමු වූ ගැහැණු දරුවා වසර 10ක් තරම් වයසේ පසු වූ බැව් සොයාගත් අතර, පසුව සොයාගත් බැරලයේ සිටි කුඩා ම දරුවා 2-3 වියෙහි පසු වූ බව හඳුනාගැනුණා. ඇය සම්බන්ධ විශේෂ ම කාරණය වූයේ උඩ ඇන්දෙහි ඉදිරිපස දත් යුගල අතර විශාල හිඩසක් තිබීම යි. මේ තිදෙනාට ඥාතීත්වයක් නොදැක්වූ දරුවා තුන් වියැති හෝ සිව් වියැති බැව් පෙනී ගියා.
    MrbUPUqI0RDVUv3B_4.-Secondly.jpg

    ඝාතනයට ලක් වූවන්ගේ වැඩිදුර සැකසූ ඡායාරූප- Carl Koppelman/Wikimedia commonsහිස්කබල්වල ස්වරූප අනුව පරිගණක තාක්ෂණයෙන් මේ සිව්දෙනාගේ ම අනුමානිත රූපකායන් ගොඩනඟන්නට පර්යේෂකයින් ක්‍රියා කළා. අනතුරුව ඒවා දස අත බෙදා හැරියේ එමඟින් හෝ මියගිය අය පිළිබඳ ව හෝඩුවාවක් ලැබේයැ යි සිතා යි.
    අහම්බයකින් පෑදුණු පොට

    ඝාතනය වූ තැනැත්තියන්ගේ හිස්කබල් හා ඩී. එන්. ඒ. වාර්තාවලට අනුරූප ව ස්වරූප නිර්මාණය කර, ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව පුරා බෙදා හැරියත් ඒ කිසිවකින් සතුටුදායක පිළිතුරක් ලැබුණේ නැහැ. මේ නිසා නැවත වතාවක් පොලීසියට සිදුවූයේ සිය බලාපොරොත්තු කඩ කරගන්නට යි. මේ අතර අහම්බයකින් ඔවුනට එක් පොටක් පෑදෙනවා.
    රොබට් එවන්ස් නම් බේබදු පියෙකු විසින් අතැර දමනු ලැබූ ලීසා නම් දියණියක් කරුණාවන්ත දෙමාපිය යුවලක් විසින් හදා වඩාගෙන තිබුණා. ඇය මේ වන විට තරුණ කාන්තාවක වී සිටියා. තමන්ගේ සැබෑ දෙමව්පියන් දැන් සිටින්නේ කොහිදැ යි සොයා බලන්නට ඇය විසින් සිය පියාගේ හැඩරුව සහ නාමය පවසා ඩී. එන්. ඒ. පරීක්ෂාවක් කරගන්නවා. එහි දී අනාවරණය වන්නේ ඇයගේ පියා 2010 වසරේ දී මිනීමැරුම් චෝදනාවලට වරදකරු වී බන්ධනාගාර ගත ව සිටිය දී මියගිය කර්ටිස් කිම්බල් බව යි. එමෙන්ම බෙයාර් බෲක් හි දී හමු වූ සිරුරුවල අනෙක් තිදෙනාට ඥාතීත්වයක් නැති දැරිවිය හා ඇගේ ඩී. එන්. ඒ.වල සමානකමක් ඇති බවත්, එය සමීප ඥාතීත්වයක දී ඇති වන සමානකමක් බවත් අනාවරණය වුණා. වහා ම ක්‍රියාත්මක වන පරිදි එම දැරියගේ හා කිම්බල්ගේ ඩී. එන්. ඒ. පරීක්ෂා කෙරුණු අතර, එහි දී අනාවරණය වූයේ සැබෑ ලෙස ම කිම්බල් ඇයගේ ද පියා බව යි.
    මෙලෙස බෙයාර් බෲක් සිද්ධිය පිළිබඳ සැලකිය යුතු මට්ටමේ පළමු හෝඩුවාව ලැබුණ ද උක්ත පුද්ගලයා භාවිත කළ රොබට් එවන්ස් හා කර්ටිස් කිම්බල් යන නාම දෙකම ඔහුගේ සැබෑ නාමයන් නොවන බැව් බලධාරීන්ට දැනගන්නට ලැබෙනවා. ඇත්තෙන් ම ඔහු විටින් විට විවිධ නම්වලින්, ඇමෙරිකා එක්සත් ජනපදයේ විවිධ ස්ථානවල පෙනී සිට ඝාතන කිහිපයක් ම සිදුකර තිබූ අයෙකු වුණා. ඔහු පිළිබඳ නිසියාකාර තොරතුරු නොතිබීම ඉදිරි පර්යේෂණවලට මහත් බාධාවක් වුණා. ලීසාගේ මව හා ඝාතනය වී තිබූ දැරියගේ මව්වරු වෙනස් බැව් හඳුනාගැනීම නිසා ලීසාගෙන් ද ඉන් ඉදිරියට ප්‍රයෝජනයක් ගන්නට ඇති මඟ ඇහිරුණා. පොලිසිය ඉන්පසු අවධානය යොමු කළේ ඇත්තෙන් ම මේ රොබට් එවන්ස් කවුද යන්න හඳුනාගැනීමට යි.
    රොබට් එවන්ස් හඳුනාගැනේ

    BoVrKteD6vvU5MFG_5.-rasmussen.jpg

    ටෙරන්ස් රැස්මුසෙන්- riverfronttimes.comබලධරයින් රොබට් එවන්ස් හෙවත් කර්ටිස් කිම්බල්ගේ රුව 2017 වසරේ ජුනි මස ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ප්‍රසිද්ධ කරන ලද්දේ ඔහුගේ ඥාතියෙක් හෝ මිත්‍රයෙක් නිසියාකාරව ම ඔහු හඳුනාගනීයැ යි බලාපොරොත්තුවෙනුයි. එම රූපයෙහි දැක්වෙන්නේ 1974 වසරේ පමණ තමන් කෙරෙන් ඈත් වූ තම පියා වන ටෙරන්ස් රැස්මුසෙන් බව කිසිවෙක් පොලිසියට දන්වා එවූ අතර, අවසානයේ ඔහු හා රොබට් එවන්ස්, පියා හා පුත්‍රයා බැව් ඩී. එන්. ඒ. පර්යේෂණවලින් සනාථ වෙනවා. මොහු විසින් ම බෙයාර් බෲක් මිනිමැරුමත් කරන්නට ඇති බැව් දැන් සැක කෙරෙනවා. කෙසේ නමුත් එය තවමත් සනාථ වී නැහැ. පර්යේෂකයින් දැන් උත්සාහ කරන්නේ ටෙරන්ස්ගේ අනන්‍යතාවය යොදාගෙන මේ මියගොස් ඇති කාන්තාව හා අනෙකුත් දරුවන් දෙදෙනා පිළිබඳ සුළු හෝ හෝඩුවාවක් සොයාගන්නට යි.


    Source : Roar
     

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    ඔක්සිජන් සමස්ථානික යොදාගෙන සිදුකළ පරීක්ෂණවලට අනුව හෙළි වූයේ මියගිය සිවුදෙනාගෙන් තිදෙනෙක් මරණවලට පෙර සැලකි‍ය යුතු කලක් නිව්හැම්ප්ෂයර් තදාසන්න පෙදෙස්වල ජීවත් වී ඇති බව යි.

    ?


    :rolleyes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ රටවල්වල පොලිසි මාර ඉස්සරහෙන් ඉන්නවා නේහ්..:cool:
    කොච්චරනම් හොයනවද..:yes:
    ඒකට මෙහේ.. කොහෙන් හරි වලස් තඩියෙක් උස්සගෙන ඇවිල්ලා ඌ හාවෙක් කියලා පිළි ගනින් කිය කිය තඩි බානවා..:sorry:
    එහෙම නැත්තං ආයුධයක් පෙන්නන්න එක්ක යනවා..:dull: