තවම අවුරුදු 25 ගවෙී ගියේ නැත...
උපුටා ගන්නා ලදී - ලක්බිම මානිගෙ තීරුව 2009/05/19
''අසල්වැසියා තම ගේට්ටුව ලග සිටිනු දකින තරුණ සැමියා වහාම ගෙට රිංගයි
"ඩාලිං අර අල්ලපු ගෙදර ආමි අන්කල් ආවොත් එහෙම මම ගෙදර නැතෙයි කියන්න."
ඔහු සිය බිරිදට කියා සිටි.
අනේ ඇයි ඔයා ඒ වයසක මනුස්සයව මග හරින්නේ, අපේ තාත්තා ගේ යාලුවෙක්නෙ "
තරුණ බිරිද සැමියාට කියයි .
"අයියෝ එයා ගේ බෝරිං යුද්ධ කතා අහගෙන ඉදල මට එපා වෙලා තියෙන්නේ"
සැමියා බිරිද ට කියා සිටි.
" ඒ කාලේ උතුරු-නැගෙනහිර හිටපු ප්රභාකරන් කියන ත්රස්තවාදියව එයා වෙඩි තියල මරපු විස්තරේ විතරක් මට දැන් විසි පාරකට වැඩිය කියල ඇති."
"පව් අහිංසකය "
බිරිද කියයි .
"තමන් මිනිහෙක්ව මරල දාපු කතන්දරේ හැමදාමත් කියන මනුස්සය අහිංසකයෙක් වෙන්නේ කොහොමද ඩාලිං, මිනිහ කොච්චර කෘර මනුස්සයෙක් වෙන්න ඕනද ඔය කතාව පුන පුනා කියන්න. මං හිතුවෙ මං ඒ වගේ මිනිහෙක්ව මග අරිනවට ඔයා කැමති ඇති වෙයි කියලයි"
............................................................
විනෝද ගමන යන බසය නතර කර ඉන් පැමිණි විශ්ව විද්ධියාල සිසු පිරිස බසිති . ඔවුහු පාර අයිනේ ඉදිකර ඇති කුළුණක් නරබන්නට වෙති. සමහරු එය පසුබිමට ගෙන ජයාරූප වලට පෙනී සිටිති.
"අවුරුදු විසිපහකට කලින් මෙතන මහා යුද්ධ භූමියක් වෙලයි තිබුණේ."
ඉතිහාස මහාචාරිය වරයා සිය සිසුනට විස්තර කරයි.
" හමුදාවේ තිස්දාහක් විතර අන්තිම කැරලිකාරයො තුන්සීය වට කරගෙන හිටිය කියන්නේ මෙතැනයි."
"තිස්දාහක් එක්ක තුන්සීයක් ?"
සරසවි සිසු සිසුවියෝ විශ්මය පළකරති. "
එක අසමාන සටනක් නේ ..!!!".
"ඒ අන්තිම තුන්සියේ එක්කෙනෙක් අන්තිම හුස්ම යන්න කලින් හමුදා සෙබළෙකුට අන්තිමට කියපු කතාව ඒ සෙබළාගෙන්ම ඒ කාලේ මට අහන්න ලැබුනා."
මහාචාරිය වරයා කියා සිටි.
" මිනිහ කිව්වලු තව අවරුදු විසි පහක් ගියාම තොපේ එවුන්ට වීරයො වෙන්න අපි වෙන්නත් බැරි නෑ බොලව් කියල"
කරුණාකර මේ මානිගේ තීරුව සුරැකිව තබාගෙන අවරුදු විසි පහකට පසු කියවා බලන්න. මා අද කියූ දේ ගැන ඔබට කියන්නට දෙයක් තිබුනොත් එය මගේ පුතාට ලියා යවන්න. ''