තවම බබාල නැද්ද? එහෙනම් එන්න..
පුරුෂයන්ට මෙන් ම කාන්තාවන්ට ද සුවිශේෂී වූ රෝගාබාධ තිබෙනවා. බොහෝ විට කාන්තාවන් ලජ්ජාව සහ වෙනත් හේතු නිසා එවැනි රෝග සඟවා ගෙන සිටීමට උත්සාහ ගන්නවා. ඇතැම් විටෙක එහි ප්‍රතිඵලය දරු පල අහිමිවීම, වෙනස් රෝගයකට ගොදුරු වීම මෙන් ම ජීවිතය අහිමිවීම වුවද විය හැකියි. එබැවින් එම රෝග සඟවා ගෙන නොසිට වහා ප්‍රතිකාර ගත යුතුයි.
අද අප එවැනි කාන්තා රෝග කීපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට අදහස් කළා. ඒ සඳහා අප එක් කරගත්තේ, රාගම ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ඒ. රාජපක්ෂ මහතායි.
ගර්භාෂ ගෙඩි යනු මොනවාද?
ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන ගෙඩි ගර්භාෂ ගෙඩියි. ෆයිබ්‍රොයිඩ් ලෙස හඳුන්වනවා. ෆයිබ්‍රොයිඩ් ලෙස හැඳින්වෙන්නේ ශරීරයේ විවිධ ස්ථානවල ඇතිවන ආකාරයේ ගෙඩි (Tumor) නෙමෙයි.
ගර්භාෂ ගෙඩි හැදෙන්නේ ස්ත්‍රී හෝමෝනවල බලපෑමෙන් ගර්භාෂයේ ඇති බිත්තිවල පේෂි ගන වීම නිසයි. ගර්භාෂ ගෙඩි නිර්මාණය වන්නේ ගර්භාෂ පේෂිවලින් නිසා එම ගෙඩි පිළිකා බවට හැරීමේ හැකියාව ඉතාම අඩුයි.
ෆයිබ්‍රොයිඩ් ගෙඩි ගර්භාෂයේ කුහරයේ බිත්තියේ හට ගෙන ගර්භාෂ කුහරය තුළට වැඩීමට ඉඩ තිබෙනවා. ඒ වගේ ම ගර්භාෂ බිත්තිය තුළට වැඩීමටද ඉඩ තිබෙනවා. ඊටත් අමතරව ෆයිබ්‍රොයිඩ් ගෙඩි, ගර්භාෂ බිත්තියෙන් පිටතට වැඩී විශාල වීමට ද ඉඩ තිබෙනවා.
ෆයිබ්‍රොයිඩ් ගෙඩි කීපයක් ම ඇතිවීමේ හැකියාව තිබෙනවාද?
ඔව්. ෆයිබ්‍රොයිඩ් ගෙඩි 1 සිට 40 ක්, 50 ක් වුවත් ඇතිවීමේ හැකියාව තිබෙනවා. ඒ වගේ ම එම ගෙඩි විවිධ විශාලත්වයෙන් ඇතිවෙන්න පුළුවන්. ඒවා මිලිමීටර් කීපයක කුඩා ගෙඩි මෙන් ම සෙන්ටිමීටර් 40 ක් 50 ක් තරම් විශාල ගෙඩි වීමට ද ඉඩ තිබෙනවා. ඇතැම් කාන්තාවන්ගේ ගර්භාෂය තුළ ඇතිවන එම ගෙඩි සම්පූර්ණ ගර්භාෂ පුරාම ඇතිවන අවස්ථා ද තිබෙනවා.
ෆයිබ්‍රොයිඩ් ඇතිවන්නේ දරුවන් නොලැබූ කාන්තාවන්ට ද?
ඒ පිළිබඳව විවිධ මත තිබෙනවා. ඇතැමුන් පවසන්නේ ගර්භාෂ ගෙඩි නිසා දරුවන් පිළිසිඳ නොගන්නා බවයි. ඇතැමුන් පවසන්නේ දරුවන් නොලද කාන්තාවන්ට විශේෂයෙන් ගර්භාෂ ගෙඩි ඇතිවිය හැකි බවයි. දරුවන් නොලැබුණු මෙන් ම ලැබුණු කාන්තාවන්ටත් ෆයිබ්‍රොයිඩ් හෙවත් මෙම ගර්භාෂ ගෙඩි ඇතිවීමේ හැකියාව තිබෙනවා.
එසේ ම වයස අවුරුදු 30 පමණ ඉක්මවූ දරුවන් නොලැබූ කාන්තාවන්ට ෆයිෙබ්‍රායිඩ් හෙවත් එම ගර්භාෂ ගෙඩි ඇතිවීමේ හැකියාව තිබෙනවා. එසේ ම වයස අවුරුදු 30 පමණ ඉක්මවූ දරුවන් නොලැබූ කාන්තාවන්ට ෆයිබ්‍රොයිඩ් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් වී තිබෙනවා.
දරුවකු පිළිසිඳ ගැනීමට ගර්භාෂ ගෙඩි බාධාවක් ද?
ඔව්. ගර්භාෂය තුළ ගෙඩි තිබීම දරුවකු පිළිසිඳ ගැනීමට යම් පමණක බාධාවක්. නමුත් ගර්භාෂ ගෙඩි තිබියදී දරුවන් පිළිසිඳ ගන්නා මවුවරුන් ඕනෑ තරම් සිටිනවා. ෆයිබ්‍රොයිඩ් ගෙඩි නිසා ගර්භාෂයේ අභ්‍යන්තර කුහරය වැසීයාම, පැලෝපීය නාළ තද වී ඒවා වැසී යාම සිදුවිය හැකියි. ඒවාගේ ප්‍රතිඵලය දරු පිළිසිඳ ගැනීමකට බාධාවීම වෙන්න පුළුවනි. මෙහිදී ගර්භාෂ කුහරය වැසී යාම නිසා ශුක්‍රාණු ගමන් කිරීමත් නිසි ලෙස සිදුවෙන්නේ නෑ.
ගර්භාෂ ගෙඩි තිබියදී පිළිසිඳ ගැනීමක් සිදු වුණොත්?
බොහෝවිට වයස අවුරුදු 30, 35 ඉක්මවා විවාහ වූ කාන්තාවන් එවැනි තත්ත්වයකට මුහුණ දෙනවා. ගර්භාෂය තුළ ගෙඩි ඇතිවිට ඇතැම් විට දරු පිළිසිඳ ගැනීමත් සිදුවන්නේ නෑ. එසේ සිදු වුවොත් එම කළලය මාස කීපයකට පසුව ගබ්සාවීමට ඉඩ තිබෙනවා.
එමෙන් ම ගබ්සා නොවූවත් මෙම ගෙඩි මගින් එම අලුත ඇතිවූ කළලයේ වර්ධනයට හානි පැමිණවීමට ද ඉඩ තිබෙනවා. ඒ කරුණු කොයි හැටි වෙතත්, ෆයිබ්‍රොයිඩ් ගෙඩි රාශියක් තිබී වුවත්, කුස තුළ හටගත් කළලය ගබ්සා නොවී හොඳින් වැඩුණු අවස්ථා ඕන තරම් තිබෙනවා.
ගර්භාෂ ගෙඩි ඇතිවූ විට මතුවන රෝග ලක්ෂණ මොනවාද?
ප්‍රධාන වශයෙන් ම මෙහිදී මතුවන්නේ ඔසප් වීමේදී ඇතිවන අධික වේදනාවයි. ඊට අමතරව ඔසප් වීමේදී පිටවන රුධිරය කැටි කැටි ලෙස පිටවීම, විශාල ප්‍රමාණයක් පිටවීම, වැඩි දින ගණනක් පිටවීම වැනි රෝග ලක්ෂණ මෙහිදී පෙන්නුම් කෙරෙනවා. එසේම අසාමාන්‍ය ආකාරයට උදරය විශාල වීමක් ද සිදුවෙනවා.
ගර්භාෂයේ මාංශපේෂිවල ඇතිවී එම ගෙඩි ගර්භාෂ කුහරය තුළට නෙරා යන්නේ නම් අධික වේදනාවක් ඇතිවෙනවා. රුධිරය අධිකව වහනය වන්නේ ද ගර්භාෂ කුහරය තුළට ගමන් කරන ගර්භාෂ ගෙඩි වලිනි.
ගර්භාෂයේ මාංශපේෂිවල ඇතිවී ගර්භාෂයෙන් පිටතට නෙරන ගර්භාෂ ගෙඩි එතරම් කරදරකාරී ඒවා නොවේ. එහෙත් එම ගෙඩි මුත්‍රාශය, ගුද මාර්ගය, මුත්‍රවාහිනී ආදී ප්‍රදේශවලට තද වුණොත් එමගින් ගැටලු රැසක් ම මතුවීමට ඉඩ තිබෙනවා. මුත්‍ර වාහිනී තද වීම නිසා මුත්‍රා පහ කිරීමට අපහසුවී සිරවී තිබීම, මුත්‍රා ඉක්මනින් පහවීම ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙනවා.
ගර්භාෂ ගෙඩි නිසා ඇතිවිය හැකි සංකූලතාව මොනවාද?
ගර්භාෂය තුළ ගෙඩි තිබීමේ ප්‍රධාන ප්‍රතිඵලයක් වන්නේ දරු පල අහිමිවීමට ඉඩ තිබීමයි. මැදි වයසේ කාන්තාවන් මෙම තත්ත්වයට මුහුණ දුන්නේ නම්, අධික ලෙස රුධිරය වහනය වීමත් සිදුවී නිරත්තියට ගොදුරු වී ක්ලාන්තය කරකැවිල්ල වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා. ගර්භාෂ ගෙඩි ඇති තරුණ වයසේ කාන්තාවන් තුළ වුවත් ලිංගික සබඳතාවලදී අධික වේදනාවක් ඇතිවීමට හැකියාව තිබෙනවා.
එසේ ම ගර්භාෂ බිත්තියෙන් පිටතට මතුවන ගර්භාෂ ගෙඩි නිසා මුත්‍රා සිරවීම නිසා මුත්‍රා ආසාදන ඇතිවී යටි බඩේ අධික වේදනාවක් මතු විය හැකියි. එමෙන් ම ගුද මාර්ගය තෙරපීම නිසා මල අන්ත්‍රවල සිරවී වියළීමට පටන් ගන්නවා. එවිට පහසුවෙන් ම මලබද්ධය ඇතිවීමට ඉඩ තිබෙනවා.
ගර්භාෂයේ ගෙඩි ඇති කාන්තාවන් ගැබ් ගතහොත් එම ගෙඩි තුනී වීම නිසා අධික උදර වේදනාවක් ඇති කරනවා. මෙම ගෙඩි විශාල නම්, දරුවාගේ වැඩීමට බාධා ඇතිවී අඩු මාසයෙන් දරු ප්‍රසූතිය පවා සිදුවිය හැකියි. එසේ නැතිනම් දරු ප්‍රසූතියට බාධා පැමිණ දරුවා බිහිවන විට සැත්කම් කිරීමට පවා සිදුවීමට ඉඩ තිබෙනවා.
ගර්භාෂ ගෙඩි ඇතිවීම හඳුනාගන්නේ කෙසේද?
ඉහතින් සඳහන් කළ රෝග ලක්ෂණ කිසියම් කාන්තාවක වෙතින් පෙන්නුම් කෙරෙන්නේ නම් ස්කෑන් පරීක්ෂාවකට භාජනය වීමෙන් ඉතා නිවැරැදිව ගර්භාෂ ගෙඩි වල ස්වභාවය කොපමණ ගෙඩි සංඛ්‍යාවක් තිබේද යන කරුණු පිළිබඳව නිවැරැදි නිගමනයකට එළැඹීමේ හැකියාව තිබෙනවා.
ඊට අමතරව කාන්තාවකගේ උදරය අසාමාන්‍ය ලෙස විශාල වෙයි නම් එයත් ගර්භාෂ ගෙඩි ඇති බවට විශේෂ ලක්ෂණයක්. එවැනි කාන්තාවකගේ උදරය පළපුරුදු වෛද්‍යවරයකු විසින් අතින් පරීක්ෂා කළ විටත් එම වෛද්‍යවරයාට ගෙඩි ඇති බව පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා.
ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කරන්න සැත්කමක් ඕනෑම ද?
ගර්භාෂය තුළ තිබෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩි එම කාන්තාවගේ ජීවිතයට පැවැත්මට බාධාවක් නොවන බව වෛද්‍යවරයා තීරණය කළොත් එම ගෙඩි එසේ ම තිබීමට ඉඩ හරිනවා. විවාහ වී තවමත් දරුවන් නැති කාන්තාවකගේ ගර්භාෂ ගෙඩි ඇත්නම් ගර්භාෂ ගෙඩි එසේ තිබියදීම එම කාන්තාවට දරුවකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය වන සියලු ම ප්‍රතිකාර කරනවා. එම සියලුම ප්‍රතිකාර වැරැදුණොත් පමණයි ගර්භාෂය තුළ තිබෙන ගෙඩි ඉවත් කරන්නේ.
එවැනි කාන්තාවකගේ ගර්භාෂ ගෙඩි ඉවත් කිරීම මුලදීම සිදු කළ යුතුවන්නේ නෑ. ඒ, එවැනි ආකාරයෙන් ගර්භාෂ ගෙඩි මුලදීම ඉවත් කිරීම ඉදිරියේදී දරුවන් නො ලැබීමට ද හේතුවක් විය හැකි නිසයි.
මුලදීම එම ගෙඩි ඉවත් නොකරන්නේ හේතු කීපයක් නිසයි. මෙම ගෙඩි ඉවත් කිරීමට ගර්භාෂය කැපීම අවශ්‍යයි. එම කැපීමේදී ගර්භාෂයට හානි පැමිණෙනවා. එහිදී නාළ සහ ගර්භාෂය එකට ඇලී දරු පල ඇතිවීම තවත් ප්‍රමාද වීමට හේතු වෙනවා. දරු පල නැති කාන්තාවන්ට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර බොහොමයක් කර අවසානයේ දී ගර්භාෂ ගෙඩි ඉවත් කිරීමට පියවර ගන්නේ ඒ නිසයි.
මුලින්ම ලබා දෙන්නේ් ඖෂධීය ප්‍රතිකාර. එම ඖෂධ මඟින් ගර්භාෂ ගෙඩි කුඩා වෙනවා. එවිට එයින් ගැටලු මතුවන්නේ් නෑ. එහිදී එම ගෙඩි කුඩා වුවත් සම්පූර්ණයෙන්ම නැතිවන්නේ් නෑ. එම ඖෂධ දිගටම ගත යුතුයි. ඖෂධ නැවැත්වූ විට කුඩා වූ ගෙඩි නැවත විශාල වීමට ඉඩ තිබෙනවා.
ඊට අමතරව ගර්භාෂ ගෙඩි දියවීම සඳහා දැන් එන්නත් භාවිතා කරනවා. එම එන්නත් මඟින් ගෙඩි දියවීමට සලස්වනවා. එසේම ගර්භාෂ ගෙඩිවලට ගමන් කරන රුධිර නාළ ඖෂධ මඟින් අවහිර කිරීමෙන් ගෙඩිවලින් රුධිර වහනය නැවැත්වීම ද කළ හැකියි. එය ගර්භාෂ ගෙඩි සඳහා කරනු ලබන නවීනතම ප්‍රතිකාරයක්.
එය සිදු කරන්නේ ස්කෑන් උපකරණයක ආධාරයෙන්. ඒ ක්‍රමය මඟින් ගර්භාෂ ගෙඩි ඉතාම කුඩා වෙනවා. එම ක්‍රමය ඉතාම සුදුසු වන්නේ දරුවන් බලාපොරොත්තුවෙන් සිටින ගර්භාෂය තුළ ගෙඩි ඇති කාන්තාවන්ටයි. මෙම ක්‍රමය ලංකාවේ ඇතැම් රෝහල්වල පමණක් ක්‍රියාත්මක වන නවීන ප්‍රතිකාර ක්‍රමයක්. ගර්භාෂ ගෙඩි ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයක් සිදුකරනු ලබන්නේ අවසන් ප්‍රතිකාරය ලෙසයි.
ගර්භාෂ ගෙඩි ශල්‍යකර්මයකින් ඉවත් කළ පසුවත් නැවත එම ගෙඩි හටගැනීමේ හැකියාව තිබෙනවාද?
ඔව්, එවැනි ප්‍රවණතාවක් තිබෙනවා. ඒ නිසා එම ශල්‍යකර්මය සිදුකිරීමේ දී කරුණු කීපයක්ම සැලකිල්ලට ගන්නවා. ඒ; රෝගී කාන්තාවගේ වයස, ඇයට දරුවන් ඇති නැති බව යන කරුණුයි.
දරුවන් නැති වයස අවුරුදු 30ට අඩු කාන්තාවකට නම් ඖෂධීය ප්‍රතිකාරවලින් පලක් නැති අවස්ථාවක ශල්‍යකර්මයකින් ගර්භාෂයේ ගෙඩි ඉවත් කරනවා. වයස අවුරුදු 30 ඉක්මවූ දරුවන් ලබා තවදුරටත් දරුවන් නොපතන කාන්තාවකට නම් ගර්භාෂ ගෙඩි පමණක් නොව සම්පූර්ණ ගර්භාෂයම ඉවත් කරනු ලබනවා.
ගර්භාෂ ගෙඩි ඇත්තේ වයස අවුරුදු 40, 45 පමණ ඉක්මවූ දරුවන් නොපතන කාන්තාවකට නම් ගර්භාෂ ගෙඩි සමඟ ගර්භාෂය පමණක් නොව ඩිම්බ කෝෂ ද ශල්‍යකර්මයක් මඟින් ඉවත් කරනවා.
විවාහ නොවූ කාන්තාවකගේ ගර්භාෂ ගෙඩි ඉවත් කිරීමට සිදුවූවොත් එය කරන්නේ කෙසේද?
එවැනි අවස්ථාවක ලැපරස්කොපි උපකරණය භාවිතා කර සැත්කමක් සිදුකරනු ලබනවා. මෙහිදී නාභිය අසලින් කුඩා සිදුරක් ඇතිකොට ඒ තුළින් ලැපරස්කොපි උපකරණය යවා එම සැත්කම කරනු ලබනවා. මෙහිදී උදරය කැපීමක් සිදුවන්නේ නෑ. එමඟින් කුඩා ගර්භාෂ ගෙඩි ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා.
ගර්භාෂ ගෙඩිවලට බිය විය යුතු ද?
වෛද්‍ය විද්‍යාව ඉතා දියුණු මෙවන් අවදියක ගර්භාෂයෙහි ගෙඩි හෙවත් ෆයිබ්‍රොයිඩ්වලට කාන්තාවන් බිය විය යුතු වන්නේ් නෑ. බොහෝ ෆයිබ්‍රොයිඩ් ගෙඩි දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් වන්නේ නෑ. ගෙඩි සඳහා ප්‍රතිතාර ලෙස ඖෂධීය ප්‍රතිකාර යොදාගන්නේද? ශල්‍යකර්මයක් සිදුකරනවාද? කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය නොවන්නේ්ද? කියා පළපුරුදු ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකුට තීරණය කිරීමේ හැකියාව තිබෙනවා.
ස්කෑන් පරීක්ෂාවකට රෝගියා ලක්කිරීමෙන් ඉතා පහසුවෙන් වෛද්‍යවරයාට එම තීරණය ගත හැකියි. වෛද්‍ය උපදෙස්වලින් තොරව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලට ගොස් ගර්භාෂ ගෙඩි ඉවත් කිරීමට පෙලඹීම අනුවණ ක්‍රියාවක්. එමඟින් දරු පල අහිමි වීමට ඉඩ තිබෙනවා
එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නෙත් ගෙඩි සෑදීමක්ද?
ෆයිබ්‍රොයිඩ ගෙඩි වගේ ගෙඩි නොවුණාට කාන්තාවන් බොහොමයකට දරු පල අහිමි කිරීමට හේතුවන රෝගයක් තමයි එන්ඩොමෙට්‍රියෝසිස්. ඔසප්වීමේ දී ඔසප් රුධිරය කිසියම් හේතුවක් නිසා ගර්භාෂයේ උඩ අතට ගමන් කර උදර කුහරය තුළට ඇතුළු වී උදරය කුහරය තුළ ලේ කැටි සහ ඇලීම් ඇතිකිරීමයි මෙයින් සිදුවෙන්නේ.
එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව එසේ වුවත්, ඇතැම් කාන්තාවන්ගේ උදර කුහරයේ බඩවැල් ආශ්‍රිතව ගර්භාෂ බිත්තියට සමාන සිවි උපතින්ම පිහිටා තිබීම නිසා උදරය තුළම රුධිරය එකතුවීම ඒ තත්ත්වයට හේතු වන බව හෙළිවී තිබෙනවා. මෙම සිදුවීම කුමන ආකාරයෙන් සිදුවුණත් උදරය කුහරය තුළට රුධිරය ගැලීම නිසා ඇතිවන ඇලීම් හේතුවෙන් දරුඵල නැතිවීමට ඉඩ තිබෙනවා.
එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?
ඔසප් වීමේදී දැඩි වේදනාව, ඔසප් අක්‍රමවත් වීම, අඹුසැමි සබඳතාවලදී අධික වේදනාවක් ගෙනදීම මෙන්ම යටිබඩ නිතර කොරවීම මූලික රෝග ලක්ෂණයි. එවැනි රෝග ලක්ෂණ තිබෙන කාන්තාවන් වෛද්‍ය පරීක්ෂණයකට යොමුවීම ඉතාම වැදගත්.
මහිදී ඇතිවන ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ ඔසප් වීමේදී ඇතිවන අධික වේදනාවයි. ඔසප් වීම ආරම්භයට සතියකට පමණ පෙර සිටම ක්‍රමයෙන් වැඩිවන උදර වේදනාව ඔසප්වීමත් සමඟම ක්‍රමයෙන් අඩුවී යනවා. මෙම උදර වේදනාව ඉතාම තදින් දැනෙන අතර ඖෂධ ලබාගන්නා තෙක් එම වේදනාව අඩුවන්නේ් නෑ.
මෙම තත්ත්වයට සෑම මාසයකදීම කිසියම් තරුණියක් මුහුණ දෙන්නේ නම් එය එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයේ ලක්ෂණයක් බව අනුමාන කළ හැකියි. එසේ ලේ ගෙඩි සෑදී ඩිම්බ කෝෂවලට හානි පැමිණ තිබුණොත් ඩිම්බ පිටවීමේදී ප්‍රශ්න ඇතිවන නිසා ඔසප් වීම අක්‍රමවත් වීමට ද ඉඩ තිබෙනවා.
ඒ හැරුණුවිට ගර්භාෂ බිත්ති අතරට රුධිරය ගැලීම නිසා Adenomyosis රෝගයට හේතුවක් වීමට ඉඩ තිබෙනවා. අඹුසැමි සබඳතාවලදී අධික වේදනාවක් ගෙනදීම සහ යටිබඩ කොරවීම මෙහි ප්‍රධානතම ලක්ෂණයි.
එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය නිශ්චිතවම හඳුනාගන්නේ කෙසේද?
මෙම රෝගය නිශ්චිතවම හඳුනාගත හැක්කේ ලැපරස්කොපි පරීක්ෂණයක් මඟින් පමණයි. එසේම ස්කෑන් පරීක්ෂණ මඟින් උදරයේ ලේ ගෙඩි ඇති බවට ඉඟියක් ලබාදෙනවා.
ලැපරස්කොපි පරීක්ෂණයේ දී කරනු ලබන්නේ, රෝගියා නිර්වින්දනය කර පෙකණිවැල සිදුරුකර ආරක්ෂාකාරීව එය තුළට සියුම් කැමරාවක් යවා උදරය පරීක්ෂා කර බැලීමයි. දරුඵල පමාවන කතුන්ට ෙමම ලැපරස්කොපි පරීක්ෂණය ඉතාම වැදගත් පරීක්ෂණයක් වන අතර මෙමඟින් උදරය තුළ තිබෙන බොහෝ රෝගයන් හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා.
ලැපරස්කොපි පරීක්ෂණයක් සිදු කළ විට එම කාන්තාවට එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය ඇත්නම්, ඇයගේ උදරයේ කුඩා රුධිර කැටිති කළුපාටින් හෝ රතුපාටින් විසිරී තිබෙනු දකින්න පුළුවන්. ඒ හැර නාළවලට සහ ඩිම්බකෝෂවලට සිදුවී ඇති හානි ද මෙම පරීක්ෂණයෙන් පැහැදිලිව දැකගැනීමේ හැකියාව තිබෙනවා.
එම සැත්කම සිදුකර මෙම ඇලීම් ඉවත් කිරීමට අදහස් කරන්නේ් නම් ද, එසේ නැතිනම්, නාළවල අවහිරතාවයක් තිබී ඒවාට ප්‍රතිකාර කිරීමට අදහස් කරන්නේ නම් ද, ලැපරස්කොපි පරීක්ෂණය ඒ සඳහා පහසුවෙන්ම යොදා ගත හැකියි.
එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයට කරනු ලබන ප්‍රතිකාර මොනවාද?
ලැපරස්කොපි උපකරණය මඟින් ඇතුළත ඇති ඇලීම් ආදිය ගළවා දැමීම ප්‍රධානම ප්‍රතිකාරයයි ඒ හැරුණු විට ඖෂධ භාවිතා කර ඔසප් වීම තාවකාලිකව මාස 9ක් පමණ නවතා දැමීමට කටයුතු කරනවා. ඒ; අලුතින් ලේ ගෙඩි සහ ඇලීම් ඇතිවීම වැළැක්වීම සඳහායි.
ඒ සඳහා බහුලව භාවිතා කරන ඖෂධය වන්නේ ඩිපොප්‍රොවේරා එන්නතයි. පවුල් සැලසුම් ක්‍රම වලදී එම එන්නත මාස තුනකට වරක් ලබාදෙනවා. නමුත් එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයේ දී මෙම එන්නත මසකට වරක් ලබාදෙනවා. මිල අධික ඖෂධ ගණනාවක්ම ඒ සඳහා අද වෙළෙඳ පොළේ තිබෙනවා.
දරුඵල අහිමි එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය ඇති කාන්තාවන්ට දරුවකු ලබාගැනීම සඳහා කළ හැකි ප්‍රතිකාර මොනවාද?
නළ දරු උපත් මඟින් 30%කට වඩා සාර්ථකත්වයක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. විශේයෙන්ම මෙම රෝගය දක්නට ලැබෙන්නේ තරුණ වයසේ පසුවන කාන්තාවන්ටයි. එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය ආරයට යාමක් ද දක්නට ලැබෙනවා.
කාන්තාවන්ට ඇතිවන පී.අයි.ඩී. රෝගය දරුණු තත්ත්වයක් ද?
නළ දරු උපත් සියයට තිහක් සාර්ථකයි
කාන්තාවන්ට දරුඵල අහිමි කරවන රෝග අතරින් පැලෝපීය නාළවලට හානි පැමිණවීම ප්‍රධාන තැනක් ගන්නවා. මේ ආකාරයේ රෝග අතරින් ප්‍රධානම රෝගය ලෙස PID (Pelvic inflamatory diseas e) හෙවත් ශ්‍රෝණියේ ආසාදන තත්ත්ව ඇතිවීම දැක්විය හැකියි.
ර්‍ථධ්ච් ලෙස හඳුන්වනු ලබන්නේ ගර්භාෂය නාළ සහ ඩිම්බකෝෂ ඇතුළු ප්‍රජනන පද්ධතියේ හා ඒ අවට ඇතිවන ප්‍රදාහ සහ ආසාදන තත්ත්වයන්.
එම තත්ත්වය ඇතිවන්නේ කිසියම් විෂබීජයක් ශරීරගත වී ආසාදනය වීම නිසයි. ඇතැම් විටක සුළු තත්ත්වයක් මෙන්ම ඉතා තදබල භයානක තත්ත්වයක් ද වීමට ඉඩ තිබෙනවා. ශ්‍රෝණි කුහරයේ ඇතිවන ආසාදනය සමහර විට මුළු උදරය පුරාම පැතිර යාමට ඉඩ තිබෙනවා.
පී.අයි.ඩී. රෝගය ඇතිවන්නේ කෙසේද?
බොහෝවිට මෙම රෝගය ඇතිවන්නේ ගොනෝරියාව, ක්ලැමීඩියා වැනි ලිංගාශ්‍රිත රෝගවලට අදාළ බැක්ටීරියා රෝග කාරක ගැබ්ගෙල හරහා පැමිණ ගර්භාෂය සහ ඒ අවට ආසාදනය වීම නිසයි.
එසේම ගැබ්ගෙල සැත්කම්, විශේෂයෙන්ම නීතිවිරෝධී ගබ්සා මෙන්ම උපත් පාලන ලූප් ආදිය නිසියාකාරව ඇතුළු නොකිරීමෙන් එම ප්‍රදේශවල ස්වභාවිකව ඇති බැක්ටීරියා වර්ග ප්‍රජනක පද්ධතිය තුළට ගොස් මෙම රෝග තත්ත්වය ඇතිකිරීමට ද හේතු විය හැකියි.
පී.අයි.ඩී. රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?
මෙම රෝගය සෑදෙන රෝග කාරකය අනුව රෝග ලක්ෂණ වෙනස් වෙනවා. ගොනෝරියා වැනි රෝගකාරකයකින් උණ සමඟ අධික වේදනාව, යෝනි මාර්ගයෙන් අධිකව ශ්‍රාවය පිටවීම වැනි ලක්ෂණ පෙන්නුම් කෙරෙනවා. ක්ලැමීඩියා වැනි රෝග කාරකයකින් පෙන්නුම් කෙරෙන්නේ ඉතාම සුළු රෝග ලක්ෂණයි.
මෙහිදී සඳහන් කළ යුතු විශේෂ දෙයක් තිබෙනවා. ඒ; කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර රෝගී කාන්තාවගේ ප්‍රජනන පද්ධතියට හානි සිදුවිය හැකිවීමයි. වමනය ගතිය, කෑම අරුචිය මෙහිදී පෙන්නුම් කෙරෙනවා. රෝගය නියත වශයෙන් ම හඳුනා ගැනීම සඳහා රෝග පරීක්ෂාවක් සහ විශේෂ පරීක්ෂණ සිදුකළ යුතුයි.
මෙහිදී කෙරෙන පරීක්ෂණ මොනවාද?
රෝගී කාන්තාවගේ යෝනි මාර්ගය පරීක්ෂා කර ගැබ්ගෙල තුළ තිබෙන ශ්‍රාවය අන්වීක්ෂ පරීක්ෂාවකට හෝ රෝපණ පරීක්ෂණයකට ලක්කර නිශ්චිතවම රෝග කාරක විෂබීජ හඳුනාගත හැකියි. එසේම ස්කෑන් පරීක්ෂාවකදී ගර්භාෂය අවට ඉදිමුම් ස්වභාවයක් හෝ සැරව ගතියක් පෙන්නුම් කෙරේ නම්, මෙම රෝගය බවට නිශ්චය කළ හැකියි.
ඊට අමතරව ලැපරස්කොපි පරීක්ෂණයකින් ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ආසාධිත තත්ත්වයක් ඇත්නම් එය පැහැදිලිව හඳුනාගත හැකියි.
මේ රෝගයට බහුලව ගොදුරු වෙන්නේ කවුද?
ඔසප්වීම සිදුවන විට ලිංගික සබඳතා පැවැත්වීම නිසා මෙම රෝග තත්ත්වයට ගොදුරු වීමට ඉඩ තිබෙනවා. එසේ වන්නේ, ඔසප්වීම සිදුවන විට රුධිරය මඟින් විෂබීජ ප්‍රජනක පද්ධතිය තුළට ගමන් කළ හැකි නිසයි.
ඔසප් නැවතුණු කාන්තාවන්ට සහ වැඩිවිය නොපැමිණි ගෑනු ළමයින්ට මේ රෝගය සෑදෙන්නේ ඉතා කලාතුරකිනි.
ඉහත සඳහන් කළ ආකාරයට තරුණ වයසේ පසුවන කාන්තාවන්ට මෙම රෝගය ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා. පුරුෂයින් කීපදෙනෙක් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම, ගණිකා වෘත්තියේ යෙදීම, නීති විරෝධී ගබ්සා සිදුකරගැනීම සහ නිවැරැදි පුද්ගලික සෞඛ්‍ය පුරුදු පිළිනොපැදීම වැනි හේතු නිසා පී.අයි.ඩී.රෝගය ඇතිවීමට ඉඩ තිබෙනවා.
පී.අයි.ඩී. රෝගය නිසා දීර්ඝකාලීනව සිදුවිය හැකි හානි මොනවාද?
දරුඵල නොමැතිවීම (මෙසේ වන්නේ පැලෝපීය නාළ, ඩිම්බකෝෂ ආදිය ආසාදනය වී හානිය සිදුවී එකට ඇලීම නිසයි), කාලීන උදර වේදනාව, ශ්‍රෝණියේ සැරව ගෙඩි ඇතිවීම, ගර්භාෂයෙන් පිටත දරු පිළිසිඳගැනීම, සමාජ රෝග තිබේ නම් ඒවා පුරුෂ පක්ෂයට සම්ප්‍රේෂණය වීම ආදිය සිදුවිය හැකියි.
මෙම රෝගයෙන් වැළකීමට කුමක් කළ යුතුද?
මෙම රෝගයෙන් වැළකී සිටීම සඳහා සදාචාරාත්මක හැසිරීම ඉතාම වැදගත්. ගබ්සාවන්ට යොමු නොවීම, කොන්ඩම් භාවිතා කිරීම, සැක සහිත අවස්ථාවලදී අඹුසැමි දෙදෙනාම වෛද්‍ය පරීක්ෂණවලට යොමුවීමත් ඉතා වැදගත්.
උපත් පාලන පෙති සහ කොන්ඩම භාවිතා කිරීමෙන් මෙම රෝග තත්ත්වය තරමක් දුරට වළක්වාගත හැකියි.
ලූපය පැලඳ ගැනීමේදී පී.අයි.ඩී. රෝගය හටගැනීමට වැඩිපුර ඉඩ තිබෙනවා. එමනිසා සුදුසු වෛද්‍ය මධ්‍යස්ථානයකින් විෂබීජ ඇතුළු නොවන පරිදි එය පලඳවා ගැනීම වැදගත්.
PID රෝගයට ප්‍රතිකාර මොනවාද?
මෙහිදී ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ නියමිත කාලයක් ලබාදෙනවා.
රෝගය ඇතිවුණු මුල් අවස්ථාවේදී එම ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීමෙන් ප්‍රජනන ඉන්ද්‍රියයන්ට සිදුවිය හැකි හානි අවම කරගත හැකියි. නමුත් පැරණි වූ රෝගය නිසා කලින් සිදුවූ හානි ප්‍රතිකාර මඟින් සුවපත් කළ හැකිවන්නේ නෑ.
ඒ නිසා රෝගය පිළිබඳව කිසියම් හෝඩුවාවක් ලැබුණු විගස කල් නොයවා ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍යමයි.
ගාමිණී සුසන්ත