තව කුමකටද රටකට මේ මහ පුටුකම්....
පැට්‍රල්, භූමි තෙල්, ඩීසල් ගසන්නේ.....
මහජනයා නෙවෙද මහතුනි කියන්නේ....
ඒවා අහස වෙත යන විට බොලන්නේ.....
බිම අපි ඇට උලා කන්නද කියන්නේ......
ලෝකයේ ලොකුම වනචර තිරිසනුන් කැල....
වනසපු ලක්බිමේ මේ රණවිරුවො කැල...
ධීවර සහෝදරයෙක් වෙත පත්තු කල....
උණ්ඩය කෙරෙහි මොන අනුකම්පාවක්ද බොල.....
දෙදරු පියතුමෙක් ඇත උඩුකුරුව නිදා.....
ඔහුගේ ඔලුවේ පසුපස ඇත සිදුර විදා.....
ඉන්ධන ගැලුම් ගත්තත් සයුරම පරදා......
එය වටිනවද මිනිසත් දිවියක් පරදා.....
තෙල් මිල පාලනය කරනටවත් බැරිනම්......
බස් සල්ලියත් ගැමුනුට ඕනෑ හැටිනම්......
විදුලිය බිලත් වැඩිවෙනු නවතනු බැරිනම්....
තව කුමකටද රටකට මේ මහ පුටුකම්....
මිහිඳු මැතිතුමනි පුර සාරම් දොඩන.....
අපගේ මනාපෙත් ඔබ වෙතටයි දුන්න......
අනිත් පැත්තෙ උන් පුක පෙන්නනා කල......
සිහිකල යුත්තේ කාවද පවසනු මැනව...
අපි මෙහේ ඉඳන් කර කුට්ටන් වී යද්දේන්.....
ආශ්චර්ය අපෙ කර මත පැටවෙද්දෙන්.....
තියෙන සියළු බර අපගෙන් අය වෙද්දෙන්...
මැතිඳුනි ඔබ සදාකල් මෙහි වැජඹිද්දෙන්....
මොහු මිය ගියා වැසියට අමතක වේවී....
වැඩි සද්දයක් දැම්මොත් උස්සමු පේවී....
අපි මේ නරාවල තුල සිට ගූ කාවී.....
රජිඳුණි සදාකල් ඔබ මෙහි වැජඹේවී.....
උපුටාගැනීම ටිකක් හිනාවෙමු බ්ලොගයෙනි
උපුටාගැනීම ටිකක් හිනාවෙමු බ්ලොගයෙනි

