තව_අවරුදු_10_කින්....

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    තව_අවරුදු_10_කින්....



    තව_අවරුදු_10_කින්....


    cover-3-1180x520.jpg


    මේ දවස්වල ලෝකයම බලාගෙන ඉන්නේ අයිෆෝන් 8 එක නිකුත් වෙනකල් කියන එකේ සැකයක් නැහැ. හැම අවුරුද්දෙම සම්ප්‍රදායක් විදිහට මේ කාලේ නිකුත් වෙන අලුත්ම අයිෆෝන් එකට හොඳ තරගයක් දෙන්න සැම්සන්ග් සමාගම නෝට් 8 එක දැනටමත් නිකුත් කර අවසන්. හැම අතින්ම සුපිරි ෆෝන් එකක් / ෆැබ්ලට් එකක් වුණත් නෝට් 8 එකට අයිෆෝන් 8 එකත් එක්ක බැඳිලා තියෙන ගාම්භීරත්වය තියෙනවාද කියන එක නම් තරමක් විවාදාත්මකයි.

    මීට හරියටම අවුරුදු 10කට කලින් ඇපල් සමාගම මුල්ම අයිෆෝන් එක නිකුත් කළේ ලෝකයම පුදුම කරමින්. කීබෝඩ් එකක් නැති, විශාල (ඒ කාලේ හැටියට) ස්ක්‍රීන් එකක් සහ එක බට්න් එකක් විතරක් තියෙන ෆෝන් එකකට තාක්ෂණික ලෝකයේ යන්න පුළුවන් දුර ගැන හැමෝම එදා සැක පළ කළා. ඒත් අවුරුදු 10ක් ගියාට පස්සේ අද අයිෆෝන් එක ඇපල් සමාගමේ ප්‍රධානම උපාංගය බවටත් පත් වෙලා අවසන්. ඒ කාලේ ලෝකයම හොල්ලාගෙන හිටපු නොකියා සමාගම සහ “ෆීචර් ෆෝන්” ඉතාම පුංචි වෙළඳපොළකට සීමා වෙලා.


    1-2-701x954.jpg


    ඒ වගේම ලෝකය පුදුම කළ තවත් “උපාංගයක්” පසුගිය මාසේ එළිදැක්වුණා: ඒ තමයි ටෙස්ලා සමාගමේ Model 3 කාර් එක. උපාංගයක් කියලා කියන්න පුළුවන් තරමටම තාක්ෂණය විශාල වශයෙන් පාවිච්චි කරලා, සාම්ප්‍රදායික කාර් නිෂ්පාදනයට හාත්පසින්ම වෙනස් වෙන විදිහකට නිපදවෙන මේ කාර් එක ගැනත් ලෝකයේ යම් උනන්දුවක් තියෙනවා. හැබැයි මේ ලිපියේ කතා කරන්න යන්නේ ඊට අදාළ බොහොම වැදගත් කාරණාවක් ගැනයි.

    අවුරුදු 10 කට පස්සේ අයිෆෝන් එක “ෆීචර් ෆෝන්” වලට කළ දේ ඉලෙක්ට්‍රික් වාහන අභ්‍යන්තර දහන එන්ජින් සහිත වාහනවලටත් කරලා තියේවිද කියන එක! ස්මාට්ෆෝන් ලබාපු දියුණුව වාහන ක්ෂේත්‍රයට මොන තරම් සමපාත කරන්න පුළුවන්ද කියන එක දිගටම කියවලා බැලුවොත් ඔබටම තේරේවි.

    ඉලෙක්ට්‍රික් වාහන ආවේ එන්ජින් තියෙන වාහනවලටත් කලින්


    මුලින්ම ඉතිහාසය ටිකක් දැන කියා ගනිමු. කියද්දී සමහර විට පුදුම හිතුණත් ඇත්තටම අභ්‍යන්තර දහන එන්ජින් (ඒ කිව්වේ පෙට්‍රල්, ඩීසල්, මීතේන්, ප්‍රොපේන් සහ ඇල්කොහොල් වර්ග ඇතුළු ඉන්ධනයක් අභ්‍යන්තරව දහනයෙන් ශක්තිය ලබා ගන්නා එන්ජින්) එන්න කලින් තමයි ඉලෙක්ට්‍රික් කාර් මේ ලෝකයට ආවේ. මුල්ම ඉලෙක්ට්‍රික් වාහන නිර්මාණය වුණේ 1800 ගණන්වල. විදුලිය ගැන කරපු පරීක්ෂණ සහ 1859 දී අදටත් කාර්වල බැටරි හදන ඊයම් අම්ල බැටරි තාක්ෂණය සොයා ගැනීමත් එක්ක එන්ජින් සහිත වාහන හදන්නත් කලින් ඉලෙක්රික් වාහන බිහි වුණා. 1890 – 1900 කාලයේ ලෝකයේ වැඩියෙන්ම තිබුණේ ඉලෙක්ට්‍රික් වාහනයි.

    2-2-701x526.jpg


    කොහොම නමුත් පෙට්‍රල් සහ පසුව ඩීසල් පාවිච්චි කරන එන්ජින් තාක්ෂණිකව දියුණු වෙන්න පටන් ගැනීමත්, පෙට්‍රල් ෂෙඩ් හැම තැනම ව්‍යාප්ත වීමත් එක්ක ඉලෙක්ට්‍රික් වාහනවලට ඒ දවස්වල එකවරක් චාජ් කරලා යන්න පුළුවන් වුණු දුරට වඩා වැඩි දුරක් යන්න එන්ජින් සහිත වාහනවලට හැකියාව ලැබීමත්, ඉන්ධන පුරවන්න යන කාලය චාජ් කරන්න යන කාලයට වඩා බොහෝ අඩු වීමත් නිසා ටිකෙන් ටික ඉලෙක්ට්‍රික් වාහන අභාවයටම ගියා.

    කොහොම නමුත් ලිතියම් ලෝහය බැටරි සඳහා යොදා ගන්න පටන් ගත්තාට පස්සේ මේ තත්ත්වය උඩු යටිකුරු වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රික් වාහන අසාර්ථකයි කියපු හැමෝටම කීබෝඩ් නැති ෆෝන් එකක් කවුරුත් එකදිගට පාවිච්චි කරන එකක් නැහැ කියලා කියපු අයව සිහි කර ගන්න කියලා කිව හැකි කාලයක් උදා වෙලා.

    බැටරි? ඕක හරි යන දෙයක් නෙවෙයි.

    ඉලෙක්ට්‍රික් වාහනවලට හැමෝම බනින ප්‍රධානම හේතුව තමයි බැටරිය. බැටරි කියන්නේ බොහෝ කාලයක් තිස්සේ කාටත් එපා වුණු දෙයක් කිව්වොත් වැරැද්දක් නැහැ. බරෙන් වැඩි වීම, චාජ් කරන්න කල් ගත වීම වගේම අවශ්‍යතාවය ඉටු කර ගන්න ධාරිතාව ප්‍රමාණවත් නොවීම කියන ප්‍රශ්න එදා ඉඳලම බැටරි එපා වීමට බලපෑවා. ඒත් අද කාලේ ටිකක් උවමනාවෙන් හොයලා බැලුවොත් තත්වයේ සෑහෙන දියුණුවක් වෙලා බව පේනවා. තියෙන අපහසුතා ප්‍රමාණය එයින් ලබා ගත හැකි අසීමිත ප්‍රයෝජන ප්‍රමාණයත් එක්ක බැලුවාම ඉතාම අඩුයි.

    අයිෆෝන් එක මුලින්ම ආපු දවස්වල ෆෝන් ලෝකය හොල්ලාගෙන හිටියේ නොකියා දුරකතනයි. බිස්නස් කරන පිරිස වැඩිපුර බ්ලැක්බෙරි ෆෝන් පාවිච්චි කළා. බ්ලැක්බෙරි ෆෝන්වල තිබුණු ප්‍රධානම වාසිය වුණේ සම්පූර්ණ කීබෝඩ් එකක් තිබුණු එකයි. එකම බට්න් එක කීප සැරයක් ප්‍රෙස් කරනවා වෙනුවට සම්පූර්ණ කීබෝඩ් එකක් තියෙන එක නිතර ඊමේල් වගේ දේවල් හුවමාරු කර ගැනීමේදී ලොකු වාසියක් වුණා.

    3-2-701x526.jpg


    ඒ දවස්වල තිබුණු බොහොමයක් ෆෝන් කිසිම අපහසුවක් නැතිව එකවරක් චාජ් කරලා සතියක් විතර තියා ගන්න පුළුවන්. ඒ දවස්වල සමහර සමාගම් ටච් ස්ක්‍රීන් ෆෝන් හැදුවත් ඒවායෙන් පැය කිහිපයක්වත් වැඩ කර ගන්න හැකියාව තිබුණේ නැහැ. ටච් ස්ක්‍රීන් එකක් තියෙන ෆෝන් එකක් කිසිම විදිහකින් ලොකු කාලයක් පාවිච්චි කරන්න බැරි වේවි කියලා හැමෝම හිතුවා. අනිත් ප්‍රශ්නය තමයි මේ ටච් ස්ක්‍රීන්වලට ස්ටයිලස් එකක්, එහෙමත් නැතිනම් පෑනක් වගේ බාහිර උපාංගයක් හරි, නැත්නම් නියපොතු හරි පාවිච්චි කරන්න සිද්ධ වුණු එක.

    කාලයක් තිස්සේ තිබුණු ඉලෙක්ට්‍රික් වාහනවලටත් එහි තිබුණු බැටරි ධාරිතාව අඩු වීමේ ගැටළුව නිසා පෙට්‍රල් ඩීසල් වාහනවලට තරගයක් දෙනවා බොරු කියලා කාටත් හිතුණා.

    කැපෑසිටිව් ටච් ස්ක්‍රීන් සහ ලිතියම් බැටරි නිසා බෑ කියපු දේ පුළුවන් වුණු හැටි.

    ඇපල් සමාගම මහා පෙරළියක් කරමින් ස්ක්‍රීන් එක තදින් හූරන්නේ නැතිව ඇඟිල්ලක් ගෑවුණත් වැඩ කරන ධාරිත්‍රක පදනම් කරගත් තාක්ෂණය (capacitive touch) ෆෝන් එකේ සියලු කටයුතු සඳහා යොදා ගත්තා. ටච් ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න ස්ටයිලස් එකක් සහ අත් දෙකම යොදා ගන්න ඕන වුණු අවධිය එතැනින් නිමා වුණා. හැම දේම ටච් ස්ක්‍රීන් එකෙන් කෙරෙන ස්මාට් ෆෝන් යුගය උදා වුණේ පෙරළියට පින් සිද්ධ වෙන්නයි කියන එක වැරැද්දක් නෙවෙයි. ඇඟිල්ලෙන් පාලනය කරන්න පුළුවන් වීමත් එක්ක මල්ටි ටච් හැකියාවත් ලැබුණාම ඇඟිලිවලින් කරන්න පුළුවන් Pan, Zoom, Gesture වගේ අලුත් ක්‍රම රාශියක් බිහි වුණා. බට්න් නැති එක පාඩුවක් නෙවෙයි වාසියක් බවට පත් වුණා.

    4-4-701x438.jpg


    ස්ටයිලස් එකක් අත්‍යාවශ්‍ය වුණු ෆෝන්වලට ලොකු අනාගතයක් තිබුණේ නැහැ (realwire.com)

    මීට ටික කාලෙකට කලින් ඒ ඇති වුණු ඒ වගේම පෙරළිකාර අදහසක් විදිහට කාර් සඳහා ලිතියම් බැටරි යොදා ගැනීම හඳුන්වන්න පුළුවන්. බැටරි සහිත කාර් එකකින් ලබා ගන්න පුළුවන් ඉහළ ත්වරණය (ඇක්සලරේෂන් එක), අධික බලය, මුදල් පිරිමැස්ම වගේම විශාල පහසුවත් ලබා ගන්න බැරි වුණු එකම හේතුව වුණේ බැටරි බලයෙන් යා හැකි දුර අඩු වුණු එකයි. නමුත් දැන් බොහෝ ඉලෙක්ට්‍රික් වාහනවලට එකවරක් චාජ් කරලා යන්න පුළුවන් දුර කිලෝමීටර් 500ක සීමාවට ඇවිත්. විනාඩි 30කින් වගේ කිලෝමීටර් දෙතුන් සීයක් යන්න අවශ්‍ය චාජ් එක ලබා දෙන්න වේගයෙන් චාජ් කළ හැකි ස්ථානත් ලෝකය පුරාම බිහි වෙනවා.

    ගෙදරට කම්බියක් දිගේ එන විදුලි බලයෙන් කාර් එක චාජ් කර ගන්න පුළුවන් වෙනකොට, කැමති නම් සූර්ය පැනල සවි කරගෙන කිසිම වියදමක් නැතිවත් ඒක කරගන්න පුළුවන් වෙනකොට, මැද පෙරදිගින් නැවක ගෙනත්, පිරිපහදු කරලා, බවුසර්වලින් ෂෙඩ්වලට බෙදා හරින ඉන්ධන ලොකු ගාණක් දීලා පොම්ප කරගෙන වාහන පදවන එක (එයාලා ස්ට්‍රයික් කරනකොට වාහන මග නවතිනකොට) තේරුමක් තියෙනවාද කියලා කාට කාටත් හිතෙන දවස වැඩි ඈතක නෙවෙයි.

    සම්පූර්ණ කීබෝඩ් එකක් ලබා දීලා මාකට් එක අල්ලන බ්ලැක්බෙරි වගේ ෆෝන් බිහි වෙන කාලෙක කීබෝඩ් එකක් නැති, මහා විශාල අඟල් 3.5 ක ස්ක්‍රීන් එකක් (ඒ කාලේ හැටියට කියලා කිව්වනේ) තියෙන ෆෝන් එකක් එළිදක්වනකොට ඇපල් සමාගමට ඔල්මාදේ හැදිලාද කියලා හිතුණු අය බොහෝ දෙනෙක්ට අද කාලේ ඉලෙක්ට්‍රික් වාහන ක්ෂේත්‍රයේ දියුණුව දැක්කාම ආයෙත් අතීතය මතක් නොවෙනවා නම් පුදුමයි.


    5-4-701x467.jpg


    වෙනස් විය හැකි දේවල් තේරුම් ගනිමු

    ලෝකය ඉලෙක්ට්‍රික් පැත්තට හැරෙනවා කියන එක අහන්නත් දෙයක් නෙවෙයි. ඉතින් අපි ෆෝන් මාකට් එක ඇසුරින් ඉලෙක්ට්‍රික් වාහන පිරුණු අනාගතයක වෙනස් වෙන්න පුළුවන් දේවල් ගැනත් හිතලා බලමු.

    පවර් බෑන්ක්, ෂෙඩ් සහ චාජ් කරන තැන්

    ඉස්සර කාලේ ෆෝන් එකක් චාජ් කරලා ගොඩක් කල් තියා ගන්න පුළුවන් නිසා නොතිබුණු තාක්ෂණයක් අද බිහි වෙලා තියෙනවා, ඒ තමයි පවර් බෑන්ක්. අද කාලේ අවශ්‍ය වෙලාවට ස්මාට්ෆෝන් එක චාජ් කර ගන්න කවුරු ලඟත් පවර් බෑන්ක් එකක් තියෙනවා.


    6-701x464.jpg


    මීට සමානව කාලේ පවතින ක්‍රමය වන ඉන්ධන අඩු වේගෙන එනකොට ෂෙඩ් එකට ගිහින් තෙල් ගහගෙන ආපහු ගමනේ යෙදෙන එකත් වෙනස් වේවි. චාජ් කරන තැන්වල ඉලෙක්ට්‍රික් කාර් සාමාන්‍යයෙන් පැයක් විතර තියන්න වෙන චාජ් කරන තැන් ආශ්‍රිතව බොහෝ විට හෝටල්, භෝජනාගාර, ගිමන් නිවා ගන්න තැන්, සාප්පු වගේ ව්‍යාපාර වැඩිපුර බිහි වෙන්න ඉඩක් තියෙනවා.

    හවුසින්, ස්ක්‍රීන්, ෆෝන් කවර සහ සර්විස් කිරීම්

    ඉස්සර කාලේ ෆෝන් එක්ක තිබුණු ලොකු බිස්නස් එකක් තමයි හවුසින් ඇතුළු වෙනත් අමතර කොටස් වෙළඳාම. නිතරම ගෙවෙන කීබෝඩ්, සවුත්තු වෙන හවුසින් ආදියට කොටස් සපයන එක බොහොම පැතිරුණු ව්‍යාපාරයක් වෙලා තිබුණා. කොහොම නමුත් අද කාලේ වැඩිපුර සිදු වෙන්නේ ස්මාට්ෆෝන්වල කැඩෙන ස්ක්‍රීන් මාරු කිරීම, ටෙම්පරරි ග්ලාස් ගැසීම, ෆෝන් කවර වෙළඳාම වගේ දේවල් තමයි.

    7-701x466.jpg


    වාහන සර්විස් කිරීමත් මේ වගේම වෙනස් වේවි. එන්ජින් තියෙන වාහනවල නිතර කරන්න සිදු වෙන සර්විස් කිරීම්, එන්ජින් තෙල් මාරු කිරීම්, කොටස් දැමීම් වගේ දේවල් වෙනුවට බොහෝ කාලයකට සැරයක් බැටරිය මාරු කිරීම සහ සමහර විට මෝටරය මාරු කිරීම වගේ දේවල් කරන්න සිදු වේවි. මේ නිසා සාපේක්ෂව අඩු මිලකට කෙරෙන කුඩා සර්විස් ගණනාවක් වෙනුවට කාලයකට සැරයක් කෙරෙන විශාල මිලක සර්විස් එකක් අවශ්‍ය වේවි. මේ කටයුතු පහසු කරන ලීසිංවලට සමාන පහසු ගෙවුම් සේවා ආදියත් බිහි වෙන්න ඉඩ තියෙනවා.

    කෝල්, SMS අඩු වී ඩේටා ඉල්ලුම වැඩි වීම සහ විදුලි ඉල්ලුම.

    ටිකක් වයසින් වැඩි අයට මතකත් ඇති ඉස්සර පීක්, ඔෆ් පීක් කියලා වෙන් කරලා තිබුණේ කෝල්වලටයි. නමුත් දැන් ඉන්ටර්නෙට් හරහා සන්නිවේදන කටයුතු මොන තරම් පහසු වෙලාද කියනවා නම් වැඩි දෙනා නිතර ලබා ගන්නා දිගු කෝල් සියල්ලටම වගේ අන්තර්ජාලය පාවිච්චි වෙන ඇප් එකක් තමයි භාවිතයට ගන්නේ. මැසේජ් කරන එකට නම් SMS, MMS පාවිච්චි වෙන්නේ ඉතාම අඩුවෙන්. මේ සියල්ලම ඇතුළුව ඩේටාවලට තියෙන ඉල්ලුම ඉතා ඉහළ නිසා දැන් කෝල්වලට වෙනුවට පීක්, ඕෆ් පීක් තියෙන්නේ ඩේටාවලටයි.


    8-701x366.jpg


    හැම දේම ඩේටාවලින් වෙනකොට වගේම අනාගතයේ විදුලිය හරහා සියල්ලම සිදු වෙනකොට එයට තියෙන ඉල්ලුමත් ගොඩක් ඉහළ යන්න පුළුවන්. ඉන්ධන බෙදා හැරීම් ජාලවලින් ඉවත් වෙන සේවකයන් හා ඉන්ධන ගබඩා ප්‍රදේශ වගේ සේවයෙන් ඉවත් වෙන දේවල් විදුලිය නිපදවන්න සහ බෙදා හරින්න යොදා ගැනේවි. සූර්ය බලය, සුළං බලය සහ වෙනත් හරිත බලශක්තීන්ට වැඩිපුර මාරු වෙනකොට නිවෙස්වල විදුලිය ගබඩා කරන බැටරි පද්ධති ආදියටත් ලොකු ඉල්ලුමක් ඇති වේවි. ඉන්ධන කැණීම් වගේ දේට ලෝකය පුරා වැය කෙරෙන මුදල් සම්භාරයෙන් වැඩි කොටසක් බැටරිවලට අවශ්‍ය ලෝහ ලබා ගන්න ඇතුළු දේට වෙන් කෙරේවි.

    කාර්වලට ආදරය කරන අයට අනාගතයක් නැද්ද?

    තැනකින් තැනකට සුවපහසුවෙන් යාම ඒම, බඩුමුට්ටු ගෙන ඒම ඇතුළු එදිනෙදා උවමනාවන් පිරිමසා ගන්න වාහන පාවිච්චි කරන අයට අඩු මිලට අරගෙන, අඩු මිලකට හෝ නොමිලේම ධාවනය කරන්න පුළුවන්, එක එක අයගේ ස්ට්‍රයික් නිසා මග නවතින්නේ නැති ඉලෙක්ට්‍රික් වාහනයක් ඉතා සුදුසු වෙන්න පුළුවන්. ඒත් අපි අමතක කරන තව කණ්ඩායමක් තියෙනවා, ඒ තමයි පෙට්‍රල් වාහනවලින් ලැබෙන විනෝදයට කැමති අය.

    ටෙස්ලා සමාගමේ ඉලෙක්ට්‍රික් වාහන බොහොමයක් පෙට්‍රල් වාහනවලට වඩා ඉතා වේගවත් බව ඇත්ත. නමුත් පෙට්‍රල් එන්ජිමක් සහිත, අලංකාර ශබ්දයක් පිට කරන, බලය ඇඟටම දැනෙන වාහනයක් ධාවනයෙන් ලැබෙන තෘප්තිය එයින් ලබා ගන්න බැරි බව තමයි විනෝදයට වාහන එළවන වැඩි දෙනාගේ අදහස. ඒ වගේ අයට ඉලෙක්ට්‍රික් වාහන මොන තරම් වේගවත් වුණත්, බලවත් වුණත් ඒ තෘප්තිකර හැඟීම ලබන්න බැහැ. ඔවුන්ට කිසි අනාගතයක් නැහැ කියලා විටෙක හිතෙන්න පුළුවන්.


    9-701x394.jpg


    ඒත් ඇත්ත තත්ත්වය එය නෙවෙයි. ඉලෙක්ට්‍රික් කාර්වලින් කෙරෙන්නේ අවශ්‍යතාවට ගමන් බිමන් යන එක පහසු කරන අතරේ විනෝදය ලබා ගන්න පෙට්‍රල් ඉතිරි කරන එකයි. හොඳම උදාහරණය තමයි අශ්වයා.

    ඉස්සර කාලේ ගමන් බිමන් යන්න, බඩු අදින්න වගේ හැම දේටම පාවිච්චි වුණේ අශ්වයන්. ඒ දවස්වල හිටපු අශ්වයන් බොහෝ දෙනෙක් ගෙව්වේ දුක්බර ජීවිත. නිරාහාරව සිටීම්, නිතර අබ්බගාත වීම්, රෝගී වීම් වගේම අකාලයේ මියැදීම් ඔවුන්ගේ ජීවිතවල ඉරණම වුණා. නමුත් මෝටර් රථය ආවට පස්සේ එහෙ මෙහෙ යන්න, බඩු අදින්න වගේ වැඩකටයුතුවලට අශ්වයන්ට වද දෙන්න අවශ්‍ය වුණේ නැහැ. අද කාලේ ඉන්න අශ්වයන් හැමෝම වගේ පිට යාමෙන් විනෝද වෙන්නයි පාවිච්චි වෙන්නේ. ඒ නිසාම ඔවුන් ඉතා හොඳ ජීවිත ගෙවනවා.

    ලෝකයෙන් නැති වී යන, මිලෙන් අධික පොසිල ඉන්ධන හැමදාටම ඉතිරි කරමින් ඉලෙක්ට්‍රික් වාහන කරන්නෙත් එවන් දෙයක්. ධාවනයෙන් හොඳ විනෝදයක්, තෘප්තියක් ලැබිය හැකි පෙට්‍රල් වාහන හැමදාමත් බිහි වේවි, හැබැයි අනිත් හැම වැඩේටම ඉලෙක්ට්‍රික් වාහන තියෙන නිසා බොහොම අඩු මිලට, ඇති තරම් පෙට්‍රල් මිලට අරගෙන ධාවනයෙන් ලැබෙන උපරිම තෘප්තිය අත්විඳින්න වාහනවලට ආදරය කරන අයට හොඳ අවස්ථාවක් හිමි වේවි.


    ඇත්තටම ඔය කියන දේවල් වෙයිද?



    10-701x532.jpg


    තව අවුරුදු 10 කින් මේ කියන දේවල්වලින් බොහොමයක් සිදු වෙලා තියේවි කියන එක තමයි එකම යතාර්ථය. අයිෆෝන් එක නිකුත් කරපු ගමන් ස්මාට්ෆෝන්වලට මහා ලොකු ඉල්ලුමක් ඇති වුණේ නැහැ. නමුත් ප්‍රධාන සමාගමක් ඒ වෙනුවෙන් ලොකු ලංසුවක් තැබීම කාගේත් ඇස් අරින්න සමත් වුණා. නොකියා මොන තරම් රජ කළත් 2009 දී සැම්සන්ග් ආයතනය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය එක්ක ස්මාට් ෆෝන් නිපදවන්න අරගෙන වැඩි කලක් යන්න කලින් ඒ කිරුළ තමන් සතු කර ගත්තා. අදටත් බට්න් තියෙන කුඩා දුරකථන පහසුව නිසා ඉතිරි වෙලා තිබුණත් කැමරා ඇතුළු ඉහළ අවශ්‍යතා සහිත ෆෝන් සේරම ස්මාට් ෆෝන් බවට පත් වෙලා ඉවරයි. අද නොකියා ෆෝන් වුණත් එන්නේ සුප්‍රසිද්ධ නොකියා පින් එකෙන් නොව මයික්‍රෝ USB පෝට් එකකින් චාජ් කෙරෙන විදිහට වීම අවුරුදු ගණනකදී සිදු වුණු වෙනසට අපූරු සාක්ෂියක්.

    ටෙස්ලා සමාගම වගේ ලොව වැඩිම වටිනාකමක් පවතින සමාගමක් ඉලෙක්ට්‍රික් වාහන ලෝකය පුරා ජනප්‍රිය කරන්න බැහැලා වැඩ කරන්න පටන් ගත්තු එක ස්මාට් ෆෝන් කලාවට ඇපල් සමාගම ලන්සු තැබුවාට ඉතාම සමාන දෙයක්. දැන් ඉලෙක්ට්‍රික් කාර් ලෝකයම අල්ලන එක නතර කරන්න කාටවත් බැහැ. අපිට තියෙන්නේ ඒ අනාගතයට සූදානම් වෙන එක තමයි.

    ෆෝන් ලෝකය තරම් ඉක්මනින් කාර් ලෝකය වෙනස් වේවිද කියන්න තවම කල් වැඩියි. නමුත් සෑහෙන ඉක්මණින් ඒ වෙනස සිදු වෙනවා කියන එක නම් දැන් හැමෝම වගේ පිළිගන්නවා.

    https://roar.media/sinhala/tech/insights/predicting-future-of-electric-cars-from-iphone/
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මේ දවස්වල ලෝකයම බලාගෙන ඉන්නේ Zoomlineගේ වීඩියෝ එක දානකම් කියන එකේ සැකයක් නැහැ.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අර ඇපල් සමාගමෙන් තමයි ටච් ස්ක්‍රීන් එක revolutionized කලේ. කලින් මම කියපු දෙයක් facts ඇතුව දාන්නේ මෙහෙමයි..

    ටෙක් අතින් අයි ෆෝන් එක පිටිපස්සෙන් කියන එක ගොන් කතාවක් , උන් අයි ෆෝන් එක ගැහුවේ නැත්නම් තාම නොකිය එක. එහෙනම් ෆෝන් මෙච්චර වෙනස් වෙන්නේ නැහැ , නොකිය කාරය මෙගාපික්සල් එක දෙක වැඩි කර කර අපේ ගාන කපනවා

    ඇපල් සම්සුන්ග් ලව කොපි කරනවා ට වඩා සැම්සුන් ල ඇපල් ලව කොපි කරනවා , ෆින්ගර් ප්‍රින්ට් වගේ ටෙක් මුලින් ගැහුවේ ඇපල් නේ , (පැන් සූම් , ඖටෝ රොටේට් ) වගේ තව ගොඩක් දේවල් තියෙනවා මුලින්ම ඇපල් වලින් එලියට ආපු

    වර්චුවල් ඇසිස්ටන්ට් එකත් සුපිරියට එලියට ආවේ ඇපල් එකේ සිරි නිසානේ , මොනා උනත් උන් කරන වැඩේ හරියට කරනවා , උන්ගේම HARDWARE, SOFTWARE හින්ද වැඩේ ෆුල්
    COMPATIBALE
    ප්‍රයිස් එක නම් වැඩි අම්බානෙකට , ගන්න එකාට හොදනම් වටේ ඉන්න උන්ට ඇම්මක් තියෙන්න බැහැ නේ

    ගොඩක් ඇපල් වලට බනින උන් කියන කතාවක් තමයි මටත් තියෙන්නේ අයි ෆෝන් එකක් කියන එක , ඒක නරිය මිදි කඩාගන්න බැරිඋනාම , කමක් නැහැ ගෙදර ෆ්‍රිජ් එකෙත් මිදී තියෙනවනේ කිව්වා වගේ

    මේ කතාව පුලුවන් ඔප්පු කරන්න පරණ නිව්ස් ආර්ටිකල් එහෙම ඔක්කෝම අරන්. ඔය ඇන්ඩ්‍රොයිඩ් වලට කඩේ යන එවුන්ගේ රෙදි නෑ එතකොට. නමුත් මනුස්සයෙකුට තේරුම් ගන්න පුලුවන් බුද්ධියක් තියෙන්නත් එපැයි බ්‍රෝ. ඒ නිසා මගේ පාඩුවේ ඉන්නවා.

    මට මතක විදියට මුලින්ම multi touch technology එක ගෙනාවෙත් ඇපල් තමා. 100% විශ්වාස නෑ නමුත් මේක තමා මට මතක. :cool:


    ඉතින් උඹ ඔප්පුකරපන්කෝ බලන්න ආසයි :cool:

    මොකද ඌ කියපු දේවල් වගේම උඹ කියන එකත් වැරදියි. fingerprint ගෙනාවේ ඇපල් නෙවෙයි ඒ වගේම capacitive multitouch කියන්නෙත් iPhone එකෙන් හඳුන්වා දීපු දෙයක් නෙවෙයි.

    මේක මට අහම්බෙන් කියවද්දී හම්බුනේ බ්‍රෝ.
    බලන්නකෝ ඔයාලත්. :rolleyes:


    http://mashable.com/2012/11/09/touchscreen-history/#Be4iny_J9sqw

    In 2007, Apple released the most innovated touchscreen technology anyone had yet seen. The iPhone interface is completely touch-based, including the notorious virtual keyboard. Apple's line of iPhones led to other devices like the iPod Touch and the iPad.

    Even at the beginning of the iPhone's history, contenders challenged the idea that Apple was the first. A year before the iPhone was revealed, the LG PRADA boasted the first capacitive touchscreen. Samsung and Nokia also had touch-based mobile phones in the works but were not released. Nokia chose not to, due to risk of cost. Samsung, to this day, is still battling with Apple over who truly was "first."
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම මගේ ෆන් එක ගත්තහම ඔයාට මොකද බ්‍රෝ? -2 නම් ගානක්වත් නෑ බ්‍රෝ.. :P කොහොමත් මාසෙකට හොද ගානක් මම හොයනවා බ්‍රෝ. ඒකත් freelancing වලින් නෙවේ බ්‍රෝ. :rofl::rofl:

    bvuv0K7.png

     
    • Like
    Reactions: LANKAT