තහනම අහෝසිවූ ඊළාම් සංවිධාන
2009 මැයි මස වන්නි මෙහෙයුම අවසන් වීමට සතියකට පෙර ආරක්ෂක හමුදා විසින් මුල්ලිවයික්කාල්හි භූගත බංකරයක් පරීක්ෂාවට ලක් කළේය. එම බංකරය කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියා වූ කස්ත්‍රොaගේ ජාත්‍යන්තර මෙහෙයුම් මධ්‍යස්ථානය විය. ඇමරිකානු හමුදාව භාවිත කරන කෘනර් වර්ගයේ පණිවුඩ හුවමාරු යන්ත්‍ර කීපයක්ද තිබූ මෙම අතිශයින් රහස් බංකරයේ තිබී මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ රහස් ලියවිල්ලක් හමු විය. ඒ කොටි සංවිධානයට අරමුදල් සැපයීමෙන් සහ ප්රචාරක ක්‍රියාදාමයන් ඇතුළු අවි ආයුධ සැපයීමෙන් ද සහය වූ ජාත්‍යන්තර ඊළම් ජාලයට අයත් සංවිධාන 16 ක් යන රටවල් රැසක සිටින ඊළම් ප්‍රධානීන් 424 කගේ නාමලේඛනයයි.
කැනඩා ද්‍රවිඩ කවුන්සිලයේ ක්‍රියාකාරිකයකු වන්නියේදී අවි පුහුණුව ලබූ අයුරු…
මේ පිළිබඳව ප්‍රකාශයක් කළ එවකට හමුදා බුද්ධි ප්‍රධානියා වූ මේජර් ජනරාල් කපිල නෙන්ද්රdවිතාරණ පැවසුවේ කොටි සංවිධානය හමුදාමය ලෙස පරාජය කළත් කොටින්ගේ මූල්‍ය ජාලය විදේශීය රටවල ක්‍රියාත්මක වන බවයි.
මෙම පසුබිම මත රජය එකී රහස් ලියවිල්ලේ සඳහන් කොටි හිතවාදී සංවිධාන 16 ක් සහ විදේශ රටවල් රැසක සිටි ජාත්‍යන්තර කොටි ජාලයේ නායකයන් 424 ක පිරිස තහමට ලක් කළේය. ඉන් දැඩි ලෙස කලබලයට පත්වූ ඔස්ටේ්රලියානු ද්‍රවිඩ කොන්ග්ර්රසය, කැනඩා ද්‍රවිඩ කොන්ග්රසය, කැනඩා ද්‍රවිඩ ජාතික කවුන්සිලය, බ්‍රිතාන්‍යයේ ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය සහ ගෝලීය ද්‍රවිඩ සංසදය එක්වී ප්‍රකාශයක් කරමින් රජය සරණාගත ජනතාවගේ හඬ වසන් කිරීමට ක්‍රියාකර ඇතැයි චෝදනා නැඟීය. මෙම තහනමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය 2014 මාර්තු 21 දා ප්‍රකාශයට පත්විය.
කොටි සංවිධානය සමඟ එක්ව කටයුතු කළ ඊළම් සංවිධාන හා ක්‍රියාකාරීන් තහනමට ලක්වීමෙන් ද්‍රවිඩ සංධානය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන යාපනයේ රාජ්‍ය නොවන සංසදය ප්‍රධාන කුමාරවඩිවෙල් ගුණපරන් සහ උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් ඇතුළු පාර්ශ්ව ද කම්පනයට පත්වී එකී සංවිධාන තහනම් කළේ උතුරේ දෙමළ ජනතාව අරාජික කිරීමට යෑයි කියා සිටියේය.
මෙයට ප්‍රතිචාර දැක්වූ එවකට සිටි ආරක්ෂක බලධාරින් තහනමට ලක්වූ සංවිධාන හා ක්‍රියාකාරීන්ට විදේශ රටවලදී හෝ ශ්‍රී ලංකාවේදී රජයට එරෙහිව නඩු පැවරියහැකි බව පළ කළේය.
එහෙත් තහනම් නියෝගය ප්‍රකශයට පත්වූ 2014 මාර්තු 21 දා සිට 2015 නොවැම්බර් 20 දක්වා මාස 20 ක කාලය තුළ එකී කිසිදු සංවිධානයක් හෝ ඊළම් ක්‍රියාකාරියෙක් රජයට එරෙහිව නඩු පැවරුවේ නැත.
ඊට ප්‍රධාන හේතුව වූයේ වූයේ මනිවන්නන් හෙවත් කස්ත්‍රොaගේ බංකරයේ තිබී හමුවූ රහස් ලියවිලිවල බැංකු ගිණුම්, මුදල් හුවමාරු වූ අයුරු අරමුදල් වෙනත් රටවල් හරහා බැර කර තිබූ අන්දම ඇතුළු සියලු තොරතුරු සඳහන් වීමයි.
පසුගිය රජය මෙකී ඊළම් සංවිධාන හා ඊළම් ක්‍රියාකාරීන් තහනමට ලක් කළේ එක්සත් ජාතීන්ගේ 1968 අංක 45 දරණ පණත යටතේයි.
එහෙත් මෙරට වාතාවරණය වෙනස් විය. පසුගිය නොවැම්බර්Êමස 20 වැනි සිකුරාදා ප්‍රකාශයට පත් වූ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් තහනම් වී තිබූ ඊළම් සංවිධාන අටක සහ ඊළාම් ක්‍රියාකාරීන් 269 කගේ තහනම අහෝසි විය.
එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනි සමන්තා පවර් මෙරට පැමිණීමට පැය 48 කට පෙර එකී තහනම ඉවත්a විය.
බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය, කැනඩා ද්‍රවිඩ කොන්ග්රසය, ඔස්ටේ්රලියානු ද්‍රවිඩ කොන්ග්රසය, ගෝලීය ද්‍රවිඩ සංසදය කැනඩා ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ තරුණ සංවිධානය සහ ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම මෙලෙස අහෝසි කෙරුණි.
මේ සම්බන්ධව විදේශ කටයුතු බලධාරීන් පැවසුවේ ගත වූ මාස 6 තුළ බුද්ධි අංශ විසින් එකී සංවිධාන සහ ඊළම් ක්‍රියාකාරීන් ගැන නිරීක්ෂණයට ලක් කළ බවත් තහනම ඉවත් කල සංවිධාන හා ඊළම් ක්‍රියාකාරීන් 269 ගැන මෙතෙක් බුද්ධි වාර්තා ලැබී නැති බවයි.
එහෙත් ගත වූ වසර ගණනාවක් මුළුල්ලේ මේ ඊළම් සංවිධාන ක්‍රියා කළ ආකාරය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදි අපි සියෑසින් දුටුවෙමු. ජිනීවාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බුද්ධි අංශ නිලධාරියකු නොසිටි නිසා සිදුවන්නේ කුමක්දැයි ශ්‍රී ලංකාවට හෙළි වූයේ ආරක්ෂක විශේෂාංගයෙනි. ගෝලීය ද්‍රවිඩ සංසදය, කැනඩා ද්‍රවිඩ සංසදය, බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය සහ කැනඩා ද්‍රවිඩ ජාතික කවුන්සිලය ඇතුළු ඊළම් සංවිධාන මානව හිමිකම් කවුන්සිලයට පැමිණි ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ ඇති බව දක්වමින් තොග පිටින් සාවද්‍ය වාර්තා ඉදිරිපත් කරන අයුරුත් අපි දුටුවෙමු.
ශ්‍රී ලංකා හමුදාවට චැනල් ෙµda වීඩියෝපටයෙන් යුද අපරාධ චෝදනා එල්ල කළ කැලම් මැක්රේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවෙල් දේවගැතිවරයා සමග එක්ව කටයුතු කරන අයුරු ජිනීවාහිදී අනාවරණය විය.
එසේම එදා ශ්‍රී ලංකා රජය තහනම් කළ ඊළම් සංවිධානවල ප්‍රධානීන් ට බටහිර රටවල සහයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරවලට සහභාගි වී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශ කිරීමටද ඉඩ ලැබී තිබුණි.
මේ අතර වත්මන් රජය ද කොටි සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවූ දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය හෙවත් එච්. කිව් ගෲප් කණ්ඩායම යන සංවිධාන තවදුරටත් තහනම් සංවිධාන බවට ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බව දක්වමින් පසුගියදා හයදෙනෙකුගෙන් යුත් ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කළ දේශසීමා ඉක්මවූ දෙමළ ඊළාම් රාජ්‍යය සංවිධානයේ නායක විශ්වනාදන් රුද්රකුමාරන් හෙවත් රුද්‍රdට පනවා තිබූ තහනම තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වේ.
මෙවන් පසුබිමක් මැද ප්‍රංශයේ ඊළම් ක්‍රියාකාරීන් 46 කගෙන් 36 කගේ ද නෝර්වේහි 15 කගෙන් 14 කගේ ද ජර්මනියේ 56 කගෙන් 48 කගේ ද ස්විට්සර්ලන්තයේ 9 කගෙන් 8 දෙනකුගේ ද තහනම අහෝසි වී ඇත. මෙලෙස තහනම ඉවත් කර ඇති ස්විස් කොටි ක්‍රියාකාරීන් කව්දැයි අනාවරණය වී ඇත.
ඔවුන් මෙසේයි.
ආනන්ද රාජා, කනග සංඛයි, සෙල්ලයියා ජයපාලන්, හෙවත් අබ්දුල්ලා හෙවත් වෙල්ලයියා පෝලන්, වෙල්ලයියා කුලසේකර රාජසිංහම් හෙවත් කුලාම් ප්‍රැන්සිස් ඇල්බට් හිල්ටන් හෙවත් ඇල්බට් කාසිලිංගම් රාමක්‍රිෂ්ණන් හෙවත් මාම්පලන්, රත්නවේලි සසිකරන් හෙවත් සයි, සෝමසුන්දරම් රාමලිංගම්, සුබමනියම්, ශන්මුගද්රdසන්.
ස්විස් ඊළම් ක්‍රියාකාරීන්ගෙන් තවදුරටත් තහනමට ලක්වී ඇත්තේa විජයරත්නම් සිවනේෂන් හෙවත් රගුපති හෙවත් සිවන් පමණි. එහෙත් තහනම අහෝසි වූ සෙල්ලයියා ජෙයපාලන් හෙවත් අබ්දුල්ලා වෙනින් කවුරුත් නොව ස්විස්ටර්ලන්තයේ කොටි නායකයායි කෝකියකු වූ අබ්දුල්ලා ස්විස් කොටි නායකයා ලෙස ක්‍රියා කරන බව අපි ආරක්ෂක විශේෂාංගයෙන් විශේෂයෙන් eංජකමිසඩැ අනාවරණය කළෙමු.
ස්විට්සර්ලන්තයේ කොටි සමරු උත්සව පවත්වමින් හා අරමුදල් එකතු කළ හිටපු කොටි නායක කුලම්ගේ ද තහනම අහෝසි කර ඇත. මොවුන්ව කලකට පෙර ස්විස් බලධාරීන් අත්අඩංගුවට ගෙන මුදාහැර තිබේ.
එසේම ස්විට්සර්ලන්තයේ කොටි ක්‍රියාකාරීන් ලෙස තවදුරටත් ක්‍රියාත්මක වන්නේ රගුපති පමණක් නම් සූරිච් සැන්ට්ගාලන් බර්න්a, වවුද්, ලූසන්, තුර්ගා වූ, බාසල්, චූර්, සෝල්තර්න්, නෙච්චාටල් ප්රිබුග්, වැලෙයිස් ශොප්හොසන්, ග්ලාරුප්, ටිසිනෝ සුග්, ආරවුට්, ජූරා සහ ෂුවයිස් යන නගරවල සිට ශ්‍රී ලංකාව දෙමළ ජාති සංහාරයක් සිදු කළ බව දක්වමින් ජිනීවා එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේදී උද්ඝෝෂණ පැවැත්වූයේ කවුරුන්ද?
ස්විස් නගර 19 ක සිට ක්‍රියාත්මක වන මේ ඊළම්ජාලය ජංගම දුරකථන 43 ක ජාලයකින් සමන්විත බව අපි ජිනීවා නුවරදී සොයාගත්තෙමු. පසුගිය ඔක්තෝබර් මස ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක් මෙහෙයවූයේ ද මෙකී ඊළම් ජාලයයි.
නොර්වේ රාජ්‍යයේ ඊළම් ක්‍රියාකාරීන් 13 ක් තහනමට ලක්වී තිබූ අතර ඉන් 12 කගේ තහනමද අහෝසි විය.
එහෙත් කොටි සංවිධානය සමඟ එක්ව කටයුතු කළ ත්‍රිකුණාමලයේ ලිංගනගර්හි පදිංචිකරුවකු වූ අන්ද්‍රdහැන්නදිගේ චමින්ද දර්ශන හෙවත් අයිස්a මංජු නමැත්තාගේ තහනම තවදුරටත් ක්‍රියාත්මක වේ.
තහනම ඉවත් වූ ඊළම් සංවිධාන පසුගිය වර්ෂ 10 කට අධික කාලයක් මුළුල්ලේ කොටි ත්රස්තවාදයට ආධාර කළේය.
පසුගියදා තහනම ඉවත් වූ කැනඩා ද්‍රවිඩ ජාතික කවුන්සිලයේ ක්‍රියාකාරියකු වූ තිවා පරමසෝති 2003 වසරේ වන්නියට ගොස් කොටින්ගෙන් අවි පුහුණුව ලබා ඇත. ඔහු සමග ටොරොන්ටෝ නුවර සතා සරච්චන්ද්රන් ද වන්නියට පැමිණ අවි පුහුණුව ලබා තිබේ. මොවුන් අවි පුහුණුව ලබන අයුරු දැක්වෙන ඡායාරූපය කැනඩා පොලිසිය සොයාගෙන තිබිණි. කැනඩා පොලිසිය කැනඩා ද්‍රවිඩ කොන්ග්රසය ද වටලා රහස් ලියවිලි සොයාගෙන තිබූ බව හෙළි විය.
ද්‍රවිඩ තරුණ සංවිධානයේ තහනම ද අහෝසි කර ඇත. බ්‍රිතාන්‍ය, නෝර්වේ, ජර්මනිය, ස්විට්සර්ලන්තය සහ නෝර්වේ යන රටවල ක්‍රියාත්මක වන මෙම ද්‍රවිඩ තරුණ සංවිධානය පසුගිය කාලය මුළුල්ලේ ශ්‍රී ලංකාව ජාති සංහාරයක යෙදී ඇති බ ව කියමින් උද්ඝෝෂණවල නිරත විය.
මෙලෙස තහනමට ලක්වූ සංවිධාන 16 කගෙන් අටක තහනම ඉවත් කළත් එකී ඊළම් සංවිධාන ගත වූ කාලයේදී ඉතා බරපතල ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාමාර්ග දියත් කර තිබුණි.
එකී ක්‍රියාමාර්ග මෙසේයි.
1. ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන ලෙස යුරෝපා සහ කැනඩා ආණ්ඩුවලින්a ඉල්ලීම.
2. ශ්‍ර ලංකාවේ උතුරු නැගෙනහිර ජනමත විචාරනයක්a පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ට බලපෑම් කිරීම.
3. ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බවට සාවද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම.
4. ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක් ස්ථාපිත කිරීම.
මේ අතර බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන ගෝලීය ද්‍රවිඩ සංසදයේ හා එකී ප්‍රධාන එමානුවෙල් දේවගැතිගේ තහනම අහෝසි වුවත් එකී සංසදය හා එමානුවෙල් දේවගැතිවරයා ශ්‍රී ලංකාවට එරෙහිව 2007/2008 සමයේ අරමුදල් එකතු කිරීම්වලට ද සහභාගි වී ඇත.
තහනම ඉවත් වූ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය හා එහි නායක රූට් රුවි නමැත්තා ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ලෙස ක්‍රියා කළේය. තහනම අහෝසි වූ එමානුවෙල් දේවගැතිවරයා ප්රභාකරන් හා කොටි ජාත්‍යන්තර ජාලයේ නායක කස්ත්‍රොa සමග ද දැඩි සබඳකම් පැවැත්වූවෙකි. මෙම පසුබිම මැද ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුqරේන් සුරේන්දන් ලන්ඩන් නුවරදී ඊළම් මාධ්‍ය අමතමින් මෙලෙස ප්‍රකාශ කර ඇත. “පසුගිය රජය තහනම් කළ විදෙස් දෙමළ සංවිධාන සහ ද්‍රවිඩයන්ගේ නම් ඇතුළත් නාමලේඛනයත් වත්මන් රජයේ නාමලේඛනයත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවේ නිර්දේශ මත සකස් කර නැත.”
මේ අතර ඊළම් සංවිධාන අටකට හා ඊළාම් ක්‍රියාකාරීන් 267 කගේ තහනම ඉවත්කිරීමට පෙර නිසි බුද්ධි විමර්ශනයක් සිදුවී නැතැයි යුරෝපය, කැනඩාව සහ ඔස්ටේ්රලියාවේ සිටින ශ්‍රී ලාංකික ජනතාව පවසති. ගෝබි නමැති කොටි ක්‍රියාකාරියා ලවා උතුරේ මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් කළ සනෙaතාaෂම් මාස්ටර් තවදුරටත් ස්විට්සර්ලන්තයේ සිටිනවා. ඔහුගේ නම තහනම් ලැයිස්තුවට ඇතුළු කර නැහැ යෑයි ස්විස් ආරංචි මාර්ග පළ කළේය.
මනිවන්නන් කස්ත්‍රොaගේ භූගත බංකරයේ තිබී කොටි ජාත්‍යන්තර ජාලයේ සියලු ක්‍රියාකාරීන් හා ඔවුන්ගේ ලි�ත සොයාගනු ලැබූවන් තහනම අහෝසි වීම නිසා 267 කට මෙරටට ඇතුළුවීමේ දොර විවෘත වී ඇත.
මෙම තත්ත්වය මැද කැනඩා දේශසීමා සේවා ඒජන්සියේ වාර්තාවක් තුළින් අනාවරණය කර ඇත්තේ කොටි භාණ්ඩාරගාරය සතුව ඩොලර් බිලියන එකේ සිට බිලියන දෙකක මුදලක් ඇති බවත් අනාගතයේදී මේ අරමුදල් භාවිතා කරන්නේ කුමකටද යන්න ප්‍රශ්නයක් බවයි.
කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා වූ ගුෂාන්තන්aගේ සැඟවී සිටියේ මැලේසියාවේය. මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ මේජර් ජනරාල්වරයකු නිසා ගුෂාන්තන්ගේ අල්ලා ගැනීමට හැකි විය. පසුගිය මැයි මස එම හමුදා නිලධාරියාගේ සේවාව නිමවීම නිසා මැලේසියාව තුළ සිටින කොටි ගැන දැන් සෙවීමක් සිදු නොවේ.
ඒ වනවිට මැලේසියාව තුළ සිටින කොටි ක්‍රියාකාරීන් 10 ක් තහනම් පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වී තිබුණි.
දැන් ඉන් හත්දෙනෙකුගේ තහනම ඉවත් කර ඇත. මෙවන් පසුබිමක් මැද දැනට රැඳවුම් භාරයේ සිටින ඉතිරි කොටි ක්‍රියාකාරීන් සියලුදෙනා මුදා ගැනීම සඳහා උතුරේ දෙමළ සිවිල් සමාජ සංසදය ප්‍රයෝගයක් දියත් කර ඇත. අත්අඩංගුවේ සිටින පිරිස යටත්වූවන්a වූවන් නොවන බවත්, රැඳවුම්භාරයේ සිsටින්නන් අල්ලාගෙන හෝ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගේ කැමැත්තක් නැතිව නිසා එකී පිරිස පුනරුත්ථාපනය කිරීමේ ක්‍රමවේදයට අයත් නොවන බව එකී සංසදය ප්රයෝගකාරී අයුරින් පවසා තිබේ.
* කීර්ති වර්ණකුලසූරිය