තහනම ඉවත් වූ ඊළාම් සංවිධානවල ඇත්ත කතාව

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
තහනම ඉවත් වූ ඊළාම් සංවිධානවල ඇත්ත කතාව

ලෝක ඉතිහාසයේ මින් පෙර මෙවන් ක්‍රියාදාමයක්‌ සිදු වී නැත.

ඒ ජයග්‍රාහකයන් විසින් පරාජිතයන්ට වන්දි ගෙවීමට සිදුවීමයි. ශ්‍රී ලංකා හමුදාව විසින් කොටි සංවිධානය පරාජය කළේය. එහෙත් ජාත්‍යන්තර ප්‍රජාව කොටින්ගේ මානව හිමිකම් උල්ලංඝනය කළ බව කියමින් ශ්‍රී ලංකාවට චෝදනා නැඟීය. එහි ප්‍රතිඵලය වූයේ යුද අපරාධ චෝදනා පිළිබඳ දේශීය යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජය එකඟවීමයි. මේ දේශීය යාන්ත්‍රණය ස්‌ථාපිත වීමට පෙර ඒ ගැන නිරීක්‍ෂණය කිරීම සඳහා ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නැමැති සංවිධානය විදේශ විනිසුරුවන් හයදෙනෙක්‌ පත්කර ඇත.

koti2.jpg
මේ ක්‍රියාදාමයට සම්බන්ධ වී ඇත්තේ ප්‍රභාකරන්ගේ යුද අපරාධවලට දායක වූ විශ්වනාදන් රුද්රකුමාරන්ය.

රුද්රකුමාරන්ට යුද අපරාධ චෝදනා එල්ල වුවත් ඇමරිකානු රජය එරට දේශප්‍රේමී පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත්තේ නැත.

එහෙත් රුද්රකුමාරන් නැමැති යුද අපරාධකරු ශ්‍රී ලංකාව සම්බන්ධ විමර්ශනය කිරීමට එකී විදෙස්‌ විනිසුරුවරුන් හය දෙනාගේ කණ්‌ඩායම පත්කර තිබේ.

මේ විදේශ විනිසුරුවරුන් කවුරුන්ද? ඒ ප්‍රංශයේ මේරි ගවුරවුද් බ්‍රිතාන්‍යයේ පීටර් හේන්ස්‌ සහ රිචඩ් රොඡ්ර්ස්‌, ඇමරිකාවේ හීතර් රසන්, ඉන්දියාවේ අජිත් ප්‍රකාශ් සහ බ්‍රිතාන්‍යයේ ගොඩ්ප්‍රි රොබට්‌සන්ය.

මෙකී විනිසුරුවන් කණ්‌ඩායමේ අරමුණ මෙසේයි.

මානුෂික නීතියට එරෙහි යුද අපරාධ සහ ජාති සංහාරයට අදාළ යුද අපරාධ සිදු කිරීම සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණක්‌ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම එම විනිසුරු මණ්‌ඩලයේ ක්‍රියා පටිපාටියයි. මෙම මණ්‌ඩලය 2015 නොවැම්බර් සිට 2016 දෙසැම්බර් මස දක්‌වා කාලය තුළ කටයුතු කෙරේ.

මෙකී විනිසුරුවන් අන්තර් ජාතික යුද අධිකරණවලට සම්බන්ධ වුවන් වේ. මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නැමැති සංවිධානයට මෙවන් විනිසුරුවන් කණ්‌ඩායමක්‌ පත්කිරීමට හිමිකමක්‌ තිබේද යන්නයි.

එසේම දේශීය යාන්ත්‍රණය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඔවුන්ට මෙරටට ඒමට ඉඩ දෙන්නේද යන බරපතල ප්‍රශ්නයද රජය හමුවේ පවතී.

මේ පසුබිම මැද ඊළාම් සංවිධාන 16 කට හා කොටි ක්‍රියාකාරීන් 425 කට පනවා තිබූ තහනම වත්මන් රජය විසින් අඩුකරනු ලැබීය. මේ හැර තහනම් කොටි ක්‍රියාකාරීන්ගේ සංඛ්‍යාව 155 දන්වාද අඩු කිරීමට ගැසට්‌ නිවේදනයක්‌ ප්‍රකාශයට පත්විය.

පසුගිය ආරක්‍ෂක අමාත්‍යාංශය මෙම ඊළම් සංවිධාන තහනම් කළේ අහුලාගත් තොරතුරු මත නොවේ. ද්‍රවිඩ නිජබිම පිළිගත යුතු යෑයි ඇතැම් ශ්‍රී ලංකාවේ පාර්ශ්ව පැවැසුවත් මේ සංවිධාන ලැයිස්‌තුව හමුදා බුද්ධි අංශ විසින් සොයා ගත්තේ මුල්ලිවයික්‌කාල්හි කස්‌ත්‍රොa නැමැති කොටි ජාත්‍යන්තර ජාලයේ නායකයාගෙක්‌ බංකරයේ සඟවා තිබියදීය.

කොටි සංවිධානය සමග ජාත්‍යන්තර සබඳතා පැවැත් වූ සංවිධාන හා අරමුදල සැපයු සංවිධාන ලෙස මෙම ඊළාම් සංවිධාන තහවුරු විය.

කස්‌ත්‍රොaගේ බංකරයේ තිබී හමු වූ රහස්‌ ලියවිල්ලේ පිටු 39 ක සඳහන් වුයේ කොටි සංවිධානය සමග ජාත්‍යන්තර සබඳතා පැවැත් වු එකී ඊළම් සංවිධානයි. එම ලියවිල්ලෙන් තවදුරටත් හෙලි වූයේ කොටි සංවිධානයට අරමුදල් සැපයෙන ආකාරයයි.

පසුගිය රජය මෙකී ඊළම් සංවිධාන තහනම් කලත් එකී තහනමට එරෙහිව කිසිදු ඊළම් සංවිධානයක්‌ මෙරට හෝ විදේශීය අධිකරණයක්‌ හමුවේ නඩු පැවරුවේ නැත. එක්‌සත් ජාතීන්ගේ 1373 යෝජනාව අනුව ත්‍රස්‌තවාදයට සහය දැක්‌වීමේ සංවිධාන තහනම් කිරීමට පසුගිය රජය ක්‍රියා කළේය. මෙලෙස තහනමට ලක්‌ වු ඇතැම් ඊළම් සංවිධානවල ප්‍රධානීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටද පැමිණ සිටින අයුරු අපට දැක ගැනීමට හැකිවිය.

මුල්ලිවයික්‌කාල්හි බංකරයක තිබී මෙම ඊළම් සංවිධාන ලැයිස්‌තුව හමුවීමට පෙර වර්ල්ඩ් ටැමිල් මූමන්ට්‌ සංවිධාන මූලස්‌ථානයේ තිබී කොටි ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරීන්ගේ ලැයිස්‌තුව කැනඩා රහස්‌ පොලිසිය සොයා ගෙන තිබුණි.

එම ලැයිස්‌තුවේ 11 වැනියා ලෙස සඳහන් වූයේ ප්‍රංශයේ මානව හිමිකම් කමිටුවක්‌ මැයෙන් දෙදෙනකුට පමණක්‌ සීමා වූ රාජ්‍ය නොවන සංවිධානයක්‌ පිහිටුවා ගෙන ඇති කිරුබාහරන්ය. පසුගියදා ඔහු ශ්‍රි ලංකාවටද පැමිණියේය. මෙම පසුබිම මැද මෙකී ඊළාම් සංවිධාන ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා මාර්ග කීපයක්‌ දියත් කර තිබුණි. එම ක්‍රියා මාර්ග මෙසේයි.

1 යුරෝපා රටවල සහ කැනඩාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතා රැලි පැවැත්වීම

2. යුරෝපා ආණ්‌ඩුවලට ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන ලෙස බලපෑම් කිරීම.

3 ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බවට චෝදනා නැඟීම

4. ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීමට සැලසුම් කිරීම.

2014 මාර්තු මස සිට මෙකී ඊළාම් සංවිධාන තහනම් වුවත් 2015 නොවැම්බර් මස සිට එකී සංවිධානවලින් බහුතරයක තහනම ඉවත් කෙරුණි. මෙලෙස තහනම ඉවත් කළ ඊළාම් සංවිධානවල තහනම ඉවත් කිරීමට මුල් වුයේ කුමන පදනමක්‌ මතදැයි අනාවරණය වී නැත. තහනම ඉවත් වූ ඊළම් සංවිධාන මෙසේය. බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය, කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසය ඕස්‌ටේ්‍රලියානු ද්‍රවිඩ කොන්ග්‍රසය, ගෝලිය ද්‍රවිඩ සංසදය, කැනඩා ද්‍රවිඩ ජාතික කවුන්සිලය ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ තරුණ සංවිධානය ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව.

මේ සංවිධානවල තහනම ඉවත් කිරීම ගැන විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ තහනම ඉවත් කළ සංවිධාන අටකට හා පුද්ගලයන් 157 ක්‌ ත්‍රස්‌තවාදයට ආධාර කරන බවට සාක්‍ෂි නැති බවයි.

එහෙත් පසුගිය වසර ගණනාවක්‌ මුළුල්ලේ මෙකී ඊළම් සංවිධාන ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදයට ආධාර කරන අයුරු අපි හෙලි දරව් කළෙමු.

2003 වසරේදී තිවා පරමසෝති ශ්‍රී ලංකාවට පැමිණ වන්නියට ගොස්‌ කොටින්ගෙන් අවි ආයුධ පුහුණුව ලබා ඇති අතර ඔහු සමග ටොරොන්ටෝ නුවර සතා සරචච්න්ද්‍රන්ද වන්නියට පැමිණ අවි පුහුණුව ලබා ඇත. ඊට අදාළ ඡායාරූප කැනඩා පොලිසිය සොයාගෙන තිබුණි. මොවුන් කැනඩා ද්‍රවිඩ ජාතික කවුන්සිලයේ ක්‍රියාකාරීන්ය. 2006 අප්‍රේල් මස දිනෙක කැනඩා පොලිසිය ලෝක ද්‍රවිඩ සංවිධානයේ මූලස්‌ථානය වටලා රහස්‌ ලියවිලි රැසක්‌ සොයා ගනු ලැබීය.

එසේම කැනඩා ද්‍රවිඩ කොංග්‍රසයේ තහනමද ඉවත් කර ඇත. 2009 සිට 2014 දක්‌වා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ශ්‍රී ලංකාවට එරෙහිව තොගපිටින් සාවද්‍ය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළේ එකී කැනඩා ද්‍රවිඩ කොංග්‍රසයයි.

එම සියලු ක්‍රියාකාරකම් අපි නිරීක්‍ෂණය කළෙමු. බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය හා ගෝලීය ද්‍රවිඩ සංසදයද ගත වූ කාලය මුළුල්ලේ ශ්‍රී ලංකාවට සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කළේය.

ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවෙල් දේව ගැතිවරයා බ්‍රිතාන්‍යයේ පැවැති කොටි ත්‍රස්‌තවාදීන්ගේ සමරු උත්සවවලටද සහභාගී විය. එසේම බ්‍රිතාන්‍යයේ චැනල් ෙµda රූපවාහිනිය සමග එක්‌ වී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යුද අපරාධ චෝදනා යොමු කිරීමට එකී සංසදය ක්‍රියාකළේය. මේ සිදුවීම් අපි සියෑසින් දුටුවෙමු. ඕස්‌ටේ්‍රලියානු ද්‍රවිඩ කොංග්‍රසයේ තහනමද ඉවත් වී ඇත. ඕස්‌ටේ්‍රලියානු ද්‍රවිඩ කොංග්‍රසයේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයකු වූ බාලා විග්නේශ්වරන් වරක්‌ පැවසුවේ ශ්‍රී ලංකාව තුළ රටවල් දෙකක්‌ ඇති බවයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයක්‌ පැවැත්විය යුතු බවට ඕස්‌ටේ්‍රලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙතින් ඉල්ලීමක්‌ කළේද එම සංවිධානයයි.

2011 ජුලි 2 දා පැවැති උත්සවයකදී ඕස්‌ටේ්‍රලියානු ද්‍රවිඩ කොංග්‍රසය අරමුදල් එකතු කිරීමේ මෙහෙයුමක නිරත විය.

මේ හැර ටැමිල් යූත් ඕගනයිසේෂන් හා ටැමිල් නැෂනල් කවුන්සිලය යුරෝපා රටවලදී කොටි ත්‍රස්‌තයන් සැමරීමේ උත්සව මෙහෙය වනු ලැබීය.


koti.jpg
කැනඩා ද්‍රවිඩ ජාතික කමිටුවේ ක්‍රියාකාරිකයකු වූ පරමසෝති වන්නියේදී අවි පුහුණුව ලබන අයුරු.

http://www.divaina.com/2015/11/24/feature02.html
 
  • Like
Reactions: ncdisa

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොටි යුදමය වශයෙන් පරාජය කරාට මේ එන්ජීඖ කරාරයින්ට ආය යුද්දයක් අවශ්‍යයි. මොකද උන්ගෙ අරමුදල් එන්නෙ ඒ හරහා නිසා. ඒක නොතේරෙන මෝඩ පක්කු රජ වු කල ......රටට අබ සරණයි..
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කොටි යුදමය වශයෙන් පරාජය කරාට මේ එන්ජීඖ කරාරයින්ට ආය යුද්දයක් අවශ්‍යයි. මොකද උන්ගෙ අරමුදල් එන්නෙ ඒ හරහා නිසා. ඒක නොතේරෙන මෝඩ පක්කු රජ වු කල ......රටට අබ සරණයි..

    බඩ ගැනම හිතන මෝඩ හරක්ට ඕව තේරෙන්නේ නැහැ බන් .සිංහලයෝ මේ ලෝකෙන්ම තුරන් වෙලා යන්නේ බඩ නිසා කවදාහරි .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යහපාලනේ කියාගත්ත මීහරක් නඩේ කොටින්ගෙ &ක ලොවනව ඔකයි සරල තේරුම.හරිනම් මේ මිහරක් කරන්ඩ ඔනෙ මහින්ද නතරකරපු තනින් පටන් අරන් රට රකින එක ඉටත් වඩා හොදට එකට මේ බල්ලො හිටු කියල රට පාවල දෙනව.. හැබැයි ඔවට වැඩි ආයුශ නැ හෙන ගහනව හෙන..
     
    Last edited:

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    යහපාලනේ කියාගත්ත මීහරක් නඩේ කොටින්ගෙ &ක ලොවනව ඔකයි සරල තේරුම.හරිනම් මේ මිහරක් කරන්ඩ ඔනෙ මහින්ද නතරකරපු තනින් පටන් අරන් රට රකින එක ඉටත් වඩා හොදට එකට මේ බල්ලො හිටු කියල රට පාවල දෙනව.. හැබැයි ඔවට වැඩි ආයුශ නැ හෙන ගහනව හෙන..

    වැඩේ කියන්නේ බන් අපේ සිංහල පොන්නයොන්ට ඕව පෙන්නේ නැහැ .කන බොන දෙයක් අඩුවට/නිකන් දෙනවනම් අන්න ඒවා දකිනවා.