ත්‍රිපිටකය සරලව

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ත්‍රිපිටකය සරලව

    දීඝ නිකාය: බ්‍රහ්මජාල සූත්‍රය - 1


    1.
    එක්තරා අවස්ථාවක බුදුන් වහන්සේ සහ විශාල භික්ෂූන් පිරිසක්, රාජගහ සහ නාලන්දා නුවර අතර මහාමාර්ගයෙහි වඩිමින් සිටියෝය. මේ අතර, සුප්පිය නැමති බ්‍රාහ්මණයා සහ ඔහුගේ ගෝලයා වූ බ්‍රහ්මදත්තද මේ මාර්ගයේම, බුදුන් වහන්සේ සහ භික්ෂූන් පසුපස ගමන් කරමින් සිටියේය. මෙසේ යන අතර, සුප්පිය, බුදුන් දහම් සහ සගුන් කෙරෙහි අවඥාවෙන් කථා කල අතර, එහෙත් බ්‍රහ්මදත්ත, එම ත්‍රිරත්නය කෙරෙහි ප්‍රසංශා මුඛයෙන් කථා කලේය.

    මේ අතර බුදුන් වහන්සේ සහ භික්ෂු පිරිස, රාත්‍රිය ගත කිරීම පිනිස අම්බලත්තිකා උද්‍යානයෙහි පිහිටි රාජකීය විවේකාගාරයෙහි ලැගුම් ගත්තෝය. පසුදා උදෑසන, විවේකාගායේ ඉදිරි මණ්පයේදී, සුප්පිය සහ බ්‍රහ්මදත්ත අතර ඇති පරස්පර කියුම් පිලිබද භික්ෂූන් අතර සංවාදයක් ඇති විය. මෙවිට බුදුන් වහන්සේ මණ්ඩපයට වැඩම කල අතර, වාඩිවී, භික්ෂූන් සංවාද කරන්නේ කුමක් ගැන දැයි අසා සිටියෝය. භික්ෂූන් සුප්පිය සහ බ්‍රහ්මජාල අතර සංවාදය පිලිබද බුදුන් වහන්සේට කියා සිටි අතර, එවිට උන්වහන්සේ මෙසේ පිලිතුරැ දුන්නෝය:

    "භික්ඛුණීනි, කිසිවෙකුත් ත්‍රි-රත්නය ගැන අවඥාවෙන් කථා කරයි නම්, ඔවුන් ගැන ඔබේ හදවත තුල ‍වෛරයක් ඇති කරගන්න එපා. ඇයිද, ඔබලා ඒ ගැන සිතේ කරදරයක් ඇති කරගතහොත්, එයින් හානියක් (බාධාවක්) වන්නේ ඔබලාටම හෙයින්ය. ඔබලාගේ සිතේ වෛරයක් ඇති විට, අනුන් කියනා දේ සත්‍යද අස්‍යද කියා ඔබලාට නිවැරදි නිගමනයකට ආ හැකිද?"

    "නැත, ස්වාමීනි" භික්ෂූන් පිලිතුරැ දුන්නෝය.

    "කිසිවෙකු ත්‍රිරත්නය පිලිබද අවඥාවෙන් කථා කලොත්, මේ මේ කරුණු නිසා ඒවා අසත්‍යය හෝ සත්‍යය යනුවෙන් විශ්ලේෂණය කර, ඔබ නිගමනයකට ආ යුතුය.

    එමෙන්ම, කිසිවෙකු ත්‍රිරත්නය පිලිබද ප්‍රශංෂා මුඛයෙක් කථා කලොත්, එවිටද ඔබ සතුටෙන් උද්ධාම විය යුතු නැත. මන්ද, සතුටෙන් උද්ධාම වීමෙන් බාධාවක් වන්නේ ඔබටමය. එනිසා එසේ නොකර, මේ මේ කරුණු නිසාම එම කියමන් අසත්‍යය හෝ සත්‍යය යනුවෙන් විශ්ලේෂණය කර, ඔබ නිගමනයකට ආ යුතුය..."

    මතුවට...

    More @http://simpletipitaka.blogspot.com/2016/04/1.html
     
    • Like
    Reactions: thaweesha

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    දීඝ නිකාය: බ්‍රහ්මජාල සූත්‍රය - 2


    2.

    "භික්ෂූනී, ලෝකය තථාගතයන් වහන්සේ පිලිබද අවඥාවෙන් හෝ ප්‍රශංෂාවෙන් කතා කරනු බලන්නේ හුදු සුළු සුළු කාරනා සම්බන්ධ කොටගෙනය. ලෝකය තථාගතයන් කෙරෙහි ප්‍රශංෂාවෙන් කථා කිරීමට යොදාගන්නා මේ සුළු කාරනා මොනවාදැයි ඔබලා දනීද? ඒවා මෙසේය,

    * තථාගතයන් වහන්සේ ජීවිත නොනසන අතර, උන්වහන්සේ සියළු සත්වයා කෙරෙහි කරැණාවෙන් සළකති.

    * උන්වහන්සේ නොදුන් දෙයක් නොගන්නා අතර, දුන් දෙය පමනක් භාර ගනී. මෙසේ උන්වහන්සේ අවංක හදවතකින් යුතුව වැඩ සිටී.

    * උන්වහන්සේ කාන්තාවන් සමග දුශ්ෂීල කාමුක සංසර්ගයෙහි නෙයෙදෙයි.

    * උන්වහන්සේ අසත්‍යය නොකියන අතර, මෙහෙයින් උන්වහන්සේ විශ්වාස කල හැකි සහ ස්ථිර උතුමෙකි. උන්වහන්සේ කිසිවෙකු මුලාවේ නොදමති.

    * උන්වහන්සේ, මිනිසුන් බේද කරවන, තැන තැන කේලාම් කියන පුරැද්දෙන් වැලකී සිටී. උන්වහන්සේ කථා කරන්නේ, මිනිසුන් සමගි කරවන, මිත්‍රකම් වැඩිදියුනු කරවන දෑ පමනය.

    * උන්වහන්සේ පරැෂ වචන නොකියයි. උන්වහන්සේ පවසන්නේ මෘදු, කණට මිහිරි, මිත්‍රකම් ඇති කරවන, "හදවතට වදින", ශිෂ්ට සම්පන්න, බොහෝ දෙනා එකග වීමට හේතුවන දෑ පමණය.

    * උන්වන්සේ නිකරැනේ ප්‍රලාප දොඩමින් නොසිටිති. උන්වහන්සේ කථා කරන්නේ නිසි වේලාවේදී පමනක් වන අතර, එම වදන් සත්‍ය මත පදනම් වන, යහපත් ඒවා වෙයි.

    * උන්වහන්සේ ශාඛයන් වලට හානි නොකරති. රාත්‍රියට මෙන්ම අනවශ්‍ය වේලා වලදී ආහාර නොගනිති. උන්වහන්සේ නැටීමෙන්, ගැයීමෙන්, වාදනයෙන්, සහ අනවශ්‍ය රංගනාදිය නැරඹීමෙන් වැලකී සිටිති. උන්වහන්සේ මල් මාලා පැලදීමෙන්, සුවද වර්ග ඇග ලෑමෙන්, තෙල් වර්ග ඇග ලා සුන්දර වීමට උත්සාහ කිරීමෙන් වැලකී සිටිති. උන්වහන්සේ කිසිවෙකුගෙන් රත්‍රන් සහ රිදී (හෝ මුදල්) පිලිනොගන්නා අතර, මස් මාංශ, තරැණියන් සහ ගැහැනුන්, වහලුන්, ඉඩ කඩම්, ගමන් කිරීම පිනිස එළුවන් සහ බැටළුවන් සහ අශ්වයින් ආදී සතුන් පාවිච්චියෙන් වැළකී සිටිති. උන්වහන්සේ පණිවිඩයන් ගෙන යාමෙන් ද, වෙළදාම් කිරීමෙන්ද, අල්ලස් දීමෙන් හෝ ගැනීමෙන් ද, මුළාවෙන් සහ බොරැවෙන්ද වැළකී සිටිති. එමෙන්ම උන්වහන්සේ හිංසනයෙන්ද, ඝාතනයෙන්ද, දණ්ඩනය පිනිස සිරගේ ලෑමෙන්ද, සොරකමින්ද වැලකී සිටිති..."

    මතුවට....

    More @http://simpletipitaka.blogspot.com
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    දීඝ නිකාය: බ්‍රහ්මජාල සූත්‍රය - 3





    "භික්ෂූණි, ඇතැම් බ්‍රහ්මණයින් සිටිනවා, ලෝකය සදාකාලික යැයි සිතන. කෙසේද මොවුන් මේ දැක්මට පැමින සිටින්නේ?

    භික්ෂූණි, ඇතැම් බ්‍රාහ්මණයින් සිටිනවා, ඔවුන්ගේ මනස ඉතා තියුනු ලෙස ඒකාග්‍ර කිරීමෙන් ඔවුන්ගේ නා නා විධ පෙර භවයන් දැකීමේ හැකියාවක් ඔවුන්ට තිබෙන. තමා ලක්ෂවාරයක් තරම් ඉපදී මිය ගිය සැටි ඔවුන්ට පෙනෙන අතර, ඒ භවයන් හිදී ඔවුන් තමන් සතුටින් සහ දුකින් ජීවිත ගත කල සැටි ඔවුන්ට පෙනෙනවා. භවයන්ගේ අවසානයක් දැකිය නොහැකි කල ඔවුන් මෙසේ පවසනවා: 'මම සහ ලෝකය අනන්තයි. එහි කෙලවරක් නැත. ලෝකය කදු මුදුනතක් සේ නොසෙල්වෙයි. එය නොසැලෙන ස්ථම්භයක් බදුය. සත්වයෝ ඉපදෙති මැරෙති, එහෙත් ලෝකය සහ මමත්වය අනන්තය තෙක් වෙනස් නොවෙයි.' ,


    භික්ෂූණි, මෙය තථාගතයන් අවබෝධ කොටගෙන ඇත. බ්‍රාහ්මණයින් තම අත්දැකීම මත පමනක් විශ්වාස කරන මෙම කරැණ සත්‍ය නොවේ. තථාගතයින්, බ්‍රහ්මණයින්ගේ මෙම විශ්වාසය අතික්‍රමණය කර එයින් නිදහස් ව ඇත. එහෙයින් තථාගතයින් තමා තුල පූර්ණ ශාන්තිය සොයාගෙන ඇත. හැගීම් වල උත්පත්තිය සහ බිදී යාමද, ඒවායෙහි ඇති සුඛය සහ දුක්ඛයද, ඒවායින් මිදෙන ආකාරයද අවබෝධ කොටැගන ඇති අතර, එම හැගීම් වලට නොඇලී සිටීමෙන් තථාගතයින් ඒවායින් මිදී ඇත, භික්ෂූණි.."


    මතුවට..


    More @http://simpletipitaka.blogspot.com/
     
    Last edited: