ත්‍රිපෝෂ නිෂ්පාදනය යථාතත්වයට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    602140ddbf2a5_Thriposha.jpeg


    (LNW): මේ වනවිට ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදු කරන බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසයි .

    ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ , දැනට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවයි .

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , ත්‍රිපෝෂ සමාගම සඳහාම ගොවීන් ලවා බඩ ඉරිඟු වග කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබුණු පසු එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්ය.

    මේ අවුරුද්දේ මේ වන විට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 37කට වැඩි ප්‍රමාණයක් ගම්මානවලට බෙදාහැර ඇති අතර ඉදිරි මාස තුනක කාලයක් සඳහා අවශ්‍ය බඩ ඉරිඟු හා සෝයා බෝංචි ලෝක අහාර සංවිධානය විසින් ලබා දෙමින් පවතින බව සමාගම පවසයි .

    ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ, වසර 50ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රිලංකාවේ මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට, දරුවන්ට ලබාදෙන බොහොම පෝෂ්‍යදායි ආහාරයක් වන ත්‍රිපෝෂ සහ සුපෝෂ පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බෙහෙත් අරන් මැරිලා ඉවරවෙන්න ලැබුනේ නෑ
    දැන් ත්‍රිපෝස චුට්ටක් කාලා මැරෙනවා 😄
     
    • Like
    Reactions: NRTG and Any.key

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,901
    1
    51,902
    113
    ප*යාගල
    sorry.com
    ඔව්ව ලමයින්ට දෙන උන් පොඩ්ඩ්ක් හොදට බලල දීපල්ලා.දැන්ම දෙන්න එපා මොන කරුමයක් පාත් වෙයිද කියන්න බෑනෙ
     
    • Like
    Reactions: haunte and NRTG