Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්රිමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුළුස්සා වැල්ලවායකොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින්පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණවල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේජ්ච ලෙස මරා දමාතිබුණි.

1981 දී රාගම දී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්ය විද්යාලයට එරෙහි සටනේ නියමුවකු වූ තී්රමා අංකුර කවියෙකි.චිත්ර ශිල්පියෙකි.ඒ හැමටම වඩා ඔහුසැබෑ මිනිසෙක් විය.

පද්මසිරි ත්රිමාවිතාන දකුණේ අම්බලන්ගොඩ කහව ගල්දූව ගමේ දී 1964 පෙබරවාරි මස 29 දින උපත ලැබීය. ඔහුගේ පියා ගාල්ල උසාවියේ භාෂා පරිවර්ථකයෙකු ලෙස සේවය කළේය. මලනුවන් තිදෙනෙකුට හා එක් නැගනියකට වැඩිමහල් සොහොයුරා වූ පද්මසිරි ත්රීමාවිතාන ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පිරි අහිංසක පවුලක, මවගේ පියාගේ හාසොයුරු සොයුරියන් සිවු දෙනෙකුගේ දහසක් පැතුම් ඉටු කරන්නට සිටි එකම බලාපොරොත්තුව විය.

මූලික අධ්යාපනය අම්බලන්ගොඩ, මාදම්පාගම ගා/රොන්නදූව විද්යාලයෙන් සහ කහව ගා/වේරගොඩ විජයබා විද්යාලයෙන්හැදෑරූ ඔහු ද්විතීයික අධ්යාපනය සඳහා ගාල්ල මහින්ද විද්යාලයට ඇතුළත් විය. ඉන් අනතුරුව උසස් අධ්යාපනය සදහා 1985 වසරේ කොළඹ විශ්වවිද්යාලයීය වෛද්යපීඨයට ඇතුළත් වීමට වරම් ලැබීය. ඔහු බ්ලොම් ශිෂ්ය නේවාසිකාගාරයේ නැවතී සිටියේය.

ජීවිතයේ දිගුගමන් මඟ වසනාවන්ත සාර්ථක එකක් කර ගන්නට වසර 15 කට ආසන්න කාලයක ප්රාථමික අධ්යාපනය ජයගෙන ජීවිතයේ ප්රාර්ථනා ඉටු කරගන්නට පා තැබූ බුද්ධියේ තෝතැන්න අවසනාවන්ත ලෙස ජීවිතයේ අවසන් භාගය තීන්දු කරාවි යැයි ඔහුනොසිතන්නට ඇත.

වර්ෂ 1977 දී බලයට පත් ජයවර්ධන රජය එතෙක් පැවති රාජ්ය ඒකාධිකාරී ධනවාදී ආර්ථික ක්රමය වෙනස් කර විවෘත ආර්ථික ක්රමය හදුන්වාදෙමින් පොදු මහජන සේවාවන් ක්රමයන් පෞද්ගලීකරණය කිරීම ඇරඹීය.ඉනික්බිති අධ්යාපනය පෞද්ගලීකරණය කරවීමේ අරමුණ ඇතිව 1978 අංක 16 දරණ විශ්වවිද්යාල සංශෝධන පනත ගෙන එන ලදි. මෙම පනත සම්මත කරගෙන 1978 මාර්තු 29 වන දින උසස් අධ්යාපන අමාත්යාංශය ලෙස තනි අමාත්යාංශයක් වශයෙන් තිබූ අමාත්යාංශය එතැන් සිට අමාත්යාංශ දෙකක් බවට පත් විය.

මෙම පනතෙහි විශ්වවිද්යාලප්රතිපාදන කොමිසම පිළිබඳ සඳහන් කර තිබුණේ මෙසේය විශ්වවිද්යාල කොමිසම් සභාව සභාපතිවරයෙකු හා වෙනත් සාමාජිකයන් හතර දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් සියළු දෙනාම ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය.” මේ අනුව සෘජු ලෙසම විශ්වවිද්යාල පද්ධතියට ජනාධිපතිවරයාගේ බලපෑම් ඇති වීම ආරම්භ විය.

මෙලෙස 1978 අංක16 දරණ විශ්වවිද්යාල පනත මඟින් නව ප්රතිසංස්කරණ ඇති කළ පසු එහි 25 වන වගන්තිය යටතේ සැකසූ විශේෂ විධිවිධාන මඟින් අධ්යාපන පාඨමාලාපැවැත්වීමේ පිළිගත් ආයතන නිර්වචනය කරන ලදි. මේ අනුව එම ආයතන ලියාපදිංචි කරනආකාරය, එම ආයතනයන්හී අධ්යාපනය සඳහා වන අධ්යයන හා අනධ්යයන කාර්ය මණ්ඩල, ඒවායේ භෞතික සම්පත්වල පහසුකම් සහ අදාල විභාග, පාඨමාලා ගාස්තු පාඨමාලා වෙනත්ආයතන සහ අනුබද්ධ කිරීම් ආදී සියලූ කොන්දේසි එම විධිවිධාන වල අඩංගු විය. මේඅනුව විශ්වවිද්යාල පනතේ පිළිගත් ආයතන ලෙස අර්ථ දක්වා තිබුණේ පෞද්ගලික විශ්වවිද්යාල බව සිසුන් සහ ජනතාව තේරුම් ගන්නට විය.

ඒඅනුව රාගමතලගොල්ලේ පිහිටි රජයේ රෝහලක්, එහි හෙක්ටයාර් 14 ක ඉඩම සමඟ පෞද්ගලික වෛද්යවිද්යාලයට පවරා දෙන ලදි. තලගොල්ල රෝහල ද වසා දමන ලද අතර රාගම උතුරු කොළඹමහ රෝහලේ වාට්ටු, රසායනාගාර සහ සේවක මණ්ඩල පහසුකම් මෙම පෞද්ගලික වෛද්ය විද්යාලයේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු සඳහා පවරා දෙන ලදි. ඒ 1981 සැප්තැම්බර් 09 වැනදාය. මුදලට අධ්යාපනය විකිණීම තුළින් නිදහස් අධ්යාපනයට මළගම කැඳවීම මේ ක්රියාවලියේ අරමුණ විය. නමුත් ඊට එරෙහිව ඉමහත් කැපවීමෙන් හා ජීවිත පිරිත්යාගයෙන් කටයුතු කරන්නට ලාංකීය ශිෂ්ය ව්යාපාරය සමත් විය.

අධ්යාපනය වරප්රසාද ඇති පන්තියට පමණක් සීමා කිරීමට එරෙහිව ශිෂ්යවිරෝධය රළ ගසමින් නැඟී ආවේය. පංති වර්ජන සහ විරෝධතා නොකඩවා දක්නට ලැබිණි.

මේ ක්රියාවලියෙන් නිදහස් අධ්යාපනයට වන හානිය මනාව තේරුම් ගත්ශිෂ්යයන් අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ නායකත්වයෙන් යුතුවපෞද්ගලික වෛද්ය විද්යාලයට එරෙහිව විරෝධය පළ කිරීම ආරම්භ කරන ලදි. නමුත් එය ජනතාව අතර පැතුරුණු පළල් විරෝධයක් නොවීය. 1980 වැඩ වර්ජනය පරාජය වීමෙන් පසු සමස්ථ සමාජයම එළඹ සිටි නිද්රාශීලීභාවය එයට ප්රධාන හේතුවක් විය. 1983 දී පෞද්ගලික වෛද්ය විද්යාල සිසුන් තම දෙවන වසර විභාගය සඳහා කොළඹ වෛද්ය පීඨයේ සිසුන් සමඟ එකම විභාගයකට පෙනී සිටීමට ගත් උත්සාහය වැළැක්වීමටබහුතරයක් සිසූහු පෙළ ගැසුනාහ.

ඔවුන්ගේ උත්සාහය වූයේ පෞද්ගලික වෛද්ය විද්යාලය කොළඹ වෛද්ය පීඨයෙන් ස්වායත්ත කිරීම පමණි. නීතිඥ කොල්වින් ආර් ද සිල්වා හා බැටී වීරකෝන් මඟින් පෞද්ගලික වෛද්ය විද්යාල සිසුන් කොළඹ වෛද්යපීඨයේ විභාගයට වාඩිවීම උසාවි නියෝගයකින් නතර කිරීමට ඔවූහු උත්සාහ කළහ.නඩුව ඉවතලන ලද අතර ඇපෑලද පරාජය විය. සිසුන් පන්ති වර්ජනය කර විභාග වර්ජනය කර සිටියහ.

ලාංකීය ඉතිහාසයේ කලූ පැල්ලමක් වූ 1983 කළු ජූලිය එළඹියේ මේඅතරය. එමගින් පැණවූ හදිසි නීතිය මඟින් ශිෂ්ය සභාව තහනම් වූ අතර කළුජූලියෙන් පසු එළඹි භීෂණය වෛද්ය සිසුන්ගේ අරගලයේ තිබුණු දීප්තිය නිවාලීය.මේ අතර දෙමාපිය සංගමයක් බිහිවූ අතර ප්රශ්නය විසදීම තමන්ට භාර දී විභාගයට වාඩි වන ලෙස ඉල්ලීම් කෙරිණි.

1987 වසර එළබිණි. එය තීරණාත්මක වසරක් විය. ඒ රාගම පෞද්ගලික වෛද්ය විද්යාලයේ සිසුන් පළමුවරට අවසාන වසර විභාගයට වාඩිවීමට නියමිතව තිබූ වසරයි.

ඔවුනට කොළඹ වෛද්ය පීඨයේ අවසන් වසර විභාගයට වාඩිවීමට පීඨයේ හා රටේ පාලකයන් අවස්ථාව සලසා දී තිබුණි. ඒ අනුව අධ්යාපන සුදුසුකම් රහිතව මුදලට පෞද්ගලික වෛද්යවිද්යාලයට අතුලූ වූ ඔවුනට කොළඹ වෛද්ය පීඨයේ උපාධිය හිමිකරදීමට ඔවූහුඋත්සාහ කළහ. මේ කඩඉම ලාංකීය ශිෂ්ය ව්යාපාරයට පැහැදිළිවම අභියෝගයක් විය. මෙකී උණුසුම වඩාත් තීව්ර වූයේ 1987 දී අත්සන් කෙරුණු ඉන්දු-ලංකා ගිවිසුම මඟිනි. ඊට එරෙහිව මුල්ම වෙඩි මුරය පත්තු වූයේ සරසවි තුළිනි. 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ දා පිටකොටුවේදී සරසවි සිසූහු ගණනාවක් දිවි පීදූහ.

එම අවසාන වසර විභාගය යෙදී තිබුණේ 1987 ජූලි 30 දිනය. මෙම අභියෝගයට අභීතව මුහුණ දීමට අන්තර් වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී කමිටුව තීරණය කළ අතර ඒඅනුව කෙටි කළකින් බොහෝ දේ සංවිධානය කිරීමට ඔවුන්ට සිදු විණ. රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමයේ සහයෝගය ලබා ගැනීමට අන්තර් වෛද්ය පීඨ ශිෂ්යක්රියාකාරී කමිටුවට හැකි විය. දිවයින පුරා විසිරී සිටින සියළු වෛද්යවරුන් හමු වී කරුණු පැහැදිළි කර වෛද්ය වැඩ වර්ජනයට ඔවුන් කැමති කරවාගත හැකි විය. 1987 ජූලි මාසය විරෝධතා මාසය ලෙස නම් කෙරුණු අතර 1987 ජූලි 13 දින වෛද්යවරුන්ගේ වැඩ වැරුම ඇරඹිණ.

රජය ප්රශ්නය විසදීම පසෙක තබා වෛද්යවරුන් මර්ධනය කර වර්ජනය නතර කිරීමට උත්සාහ කළේය. අනවශ්ය සේවා නියෝග පනවන ලදි. වෛද්යවරුන් රජයේ සේවය අතහැර ගියා සේ සළකා දේපළ රාජසන්තක කරන බවට තර්ජනය කෙරුණි. වෛද්ය පීඨයේ සිසුන් රටපුරා ඇවිදිමින් වෛද්යවරුන් දිරිමත්කරමින් කටයුතු කළ නිසා මේ තර්ජන වෛද්ය වැඩවැරුම නතර කිරීමට ප්රමාණවත්නොවිණි. ඉතිහාසයේ දීර්ඝතම වැඩවර්ජනය දින 27 කට පසු ජයග්රහණය පෙනි පෙනී අතහැර දැමුණි. එහෙත් එම වෛද්ය වැඩ වර්ජනය වෛද්ය ශිෂ්ය අරගලයට ලබා දුන් පිටුබලය අපමණය. ඉගැන්වූ පාඩම් බොහෝය. වෛද්ය වර්ජනය ඇරඹෙන විට වෛද්ය ශිෂ්ය අරගලය ඉතා පටු සීමාවන්ට කොටු වී තිබුණි.

රජයේ අධ්යාපනයපෞද්ගලීකරණ ප්රතිපත්තියට එරෙහි වනු වෙනුවට කොළඹ වෛද්ය පීඨයේ ගෞරවණීයඋපාධිය පෞද්ගලික වෛද්ය සිසුන්ට ලබා නොදීම එහි අරමුණ විය. සත්ය වශයෙන්මඅරගලය ඇරඹිය විය යුතුව තිබුණේ නිදහස් අධ්යාපනය රැක දීමට නම් පෞද්ගලික වෛද්ය විද්යාලයක් නොතිබිය යුතුය යන්න අවධාරණය කරමිනි. හුදෙකලා වෛද්ය වර්ජනය පරාජය වීමෙන් පසු සියලූ දෙනාටම මෙම සත්ය පසක් විය. ජනතාවට සැකයකින් තොරව බද්ධ විය හැකි ජනතාවාදී සටන් පාඨයක් ඉදිරිපත් වූයේ ඉන් පසුවයි. “පෞද්ගලික වෛද්ය විද්යාලය ජනසතු කරව්” යන්න එම සටන් පාඨය විය.

පද්මසිරි ත්රීමාවිතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේඇතුලූ ශිෂ්ය ව්යාපාරයේ නායකයෝ අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයයටතේ 40 ලක්ෂයක ශිෂ්ය ප්රජාවගේ අයිතිය රැක ගැනීම වෙනුවෙන් නොපැකිලිව නැගී සිටියහ.

වසා දැමුනු වෛද්ය පීඨ නේවාසිකාගාරයෙන් එළියට පැමිණිතී්රමා නැවත පිටත්ව ගියේ තම පරපුර මුහුණ දෙන අභියෝගයන්ට පිළියම් සෙවීම සඳහාය. ඔහු රත්නපුර ශිෂ්ය ක්රියාකාරී කමිටුවේ ප්රධානියෙක් විය ඇතැම්විට ස්වකීය ජීවිතය අහිමි වන බව දැන දැනම ත්රීමා හිකකඩුවේ සිට රත්නපුරයේ ජනතාව දැනුවත් කිරීම සඳහා නික්ම ගොස් තිබුණි.

වෛද්ය සිසුන්ගේ අරගලයවසරක් පුරා නොකඩවා ඇදී ආවේය. අරගලය උත්සන්න කිරීම වස් වෛද්ය පීඨ සිසුන්වර්ෂ පූර්ණ සංවත්සරයට සූදානම් වූහ. වෛද්ය අධ්යාපනය නැවතී වසරයි, පෞද්ගලිකවෛද්ය විද්යාලය ජනසතු කරව්” යන සටන් පාඨය පොස්ටර් ලක්ෂ ගණනින් අතින් ඇදරට පුරා ඇලවීමට වෛද්ය සිසුන් ක්රියා කළහ.කෲර මර්ධනය එළඹියේ ඉන්අනතුරුවයි. ත්රීමාවිතාන සොයුරා, රංජිත් පෙරේරා, ඞී. ඞී. බන්දුවර්ධන යනසොයුරන් සමඟ රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැරගනු ලැබීය. පසුව වද බන්ධනයට ලක් කර එදින රාත්රියේ දී පුළුස්සා වැල්ලවායකොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින්පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණවල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේජ්ච ලෙස මරා දමාතිබුණි.

[QUOTE="leeroxxroxx, post: 27635294, member: 419938"] පුළුස්සා වැල්ලවායකොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින්පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණවල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේජ්ච ලෙස මරා දමාතිබුණි. 1981 දී රාගම දී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්ය විද්යාලයට එරෙහි සටනේ නියමුවකු වූ තී්රමා අංකුර කවියෙකි.චිත්ර ශිල්පියෙකි.ඒ හැමටම වඩා ඔහුසැබෑ මිනිසෙක් විය. පද්මසිරි ත්රිමාවිතාන දකුණේ අම්බලන්ගොඩ කහව ගල්දූව ගමේ දී 1964 පෙබරවාරි මස 29 දින උපත ලැබීය. ඔහුගේ පියා ගාල්ල උසාවියේ භාෂා පරිවර්ථකයෙකු ලෙස සේවය කළේය. මලනුවන් තිදෙනෙකුට හා එක් නැගනියකට වැඩිමහල් සොහොයුරා වූ පද්මසිරි ත්රීමාවිතාන ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පිරි අහිංසක පවුලක, මවගේ පියාගේ හාසොයුරු සොයුරියන් සිවු දෙනෙකුගේ දහසක් පැතුම් ඉටු කරන්නට සිටි එකම බලාපොරොත්තුව විය. මූලික අධ්යාපනය අම්බලන්ගොඩ, මාදම්පාගම ගා/රොන්නදූව විද්යාලයෙන් සහ කහව ගා/වේරගොඩ විජයබා විද්යාලයෙන්හැදෑරූ ඔහු ද්විතීයික අධ්යාපනය සඳහා ගාල්ල මහින්ද විද්යාලයට ඇතුළත් විය. ඉන් අනතුරුව උසස් අධ්යාපනය සදහා 1985 වසරේ කොළඹ විශ්වවිද්යාලයීය වෛද්යපීඨයට ඇතුළත් වීමට වරම් ලැබීය. ඔහු බ්ලොම් ශිෂ්ය නේවාසිකාගාරයේ නැවතී සිටියේය. ජීවිතයේ දිගුගමන් මඟ වසනාවන්ත සාර්ථක එකක් කර ගන්නට වසර 15 කට ආසන්න කාලයක ප්රාථමික අධ්යාපනය ජයගෙන ජීවිතයේ ප්රාර්ථනා ඉටු කරගන්නට පා තැබූ බුද්ධියේ තෝතැන්න අවසනාවන්ත ලෙස ජීවිතයේ අවසන් භාගය තීන්දු කරාවි යැයි ඔහුනොසිතන්නට ඇත. වර්ෂ 1977 දී බලයට පත් ජයවර්ධන රජය එතෙක් පැවති රාජ්ය ඒකාධිකාරී ධනවාදී ආර්ථික ක්රමය වෙනස් කර විවෘත ආර්ථික ක්රමය හදුන්වාදෙමින් පොදු මහජන සේවාවන් ක්රමයන් පෞද්ගලීකරණය කිරීම ඇරඹීය.ඉනික්බිති අධ්යාපනය පෞද්ගලීකරණය කරවීමේ අරමුණ ඇතිව 1978 අංක 16 දරණ විශ්වවිද්යාල සංශෝධන පනත ගෙන එන ලදි. මෙම පනත සම්මත කරගෙන 1978 මාර්තු 29 වන දින උසස් අධ්යාපන අමාත්යාංශය ලෙස තනි අමාත්යාංශයක් වශයෙන් තිබූ අමාත්යාංශය එතැන් සිට අමාත්යාංශ දෙකක් බවට පත් විය. මෙම පනතෙහි විශ්වවිද්යාලප්රතිපාදන කොමිසම පිළිබඳ සඳහන් කර තිබුණේ මෙසේය විශ්වවිද්යාල කොමිසම් සභාව සභාපතිවරයෙකු හා වෙනත් සාමාජිකයන් හතර දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් සියළු දෙනාම ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය.” මේ අනුව සෘජු ලෙසම විශ්වවිද්යාල පද්ධතියට ජනාධිපතිවරයාගේ බලපෑම් ඇති වීම ආරම්භ විය. මෙලෙස 1978 අංක16 දරණ විශ්වවිද්යාල පනත මඟින් නව ප්රතිසංස්කරණ ඇති කළ පසු එහි 25 වන වගන්තිය යටතේ සැකසූ විශේෂ විධිවිධාන මඟින් අධ්යාපන පාඨමාලාපැවැත්වීමේ පිළිගත් ආයතන නිර්වචනය කරන ලදි. මේ අනුව එම ආයතන ලියාපදිංචි කරනආකාරය, එම ආයතනයන්හී අධ්යාපනය සඳහා වන අධ්යයන හා අනධ්යයන කාර්ය මණ්ඩල, ඒවායේ භෞතික සම්පත්වල පහසුකම් සහ අදාල විභාග, පාඨමාලා ගාස්තු පාඨමාලා වෙනත්ආයතන සහ අනුබද්ධ කිරීම් ආදී සියලූ කොන්දේසි එම විධිවිධාන වල අඩංගු විය. මේඅනුව විශ්වවිද්යාල පනතේ පිළිගත් ආයතන ලෙස අර්ථ දක්වා තිබුණේ පෞද්ගලික විශ්වවිද්යාල බව සිසුන් සහ ජනතාව තේරුම් ගන්නට විය. ඒඅනුව රාගමතලගොල්ලේ පිහිටි රජයේ රෝහලක්, එහි හෙක්ටයාර් 14 ක ඉඩම සමඟ පෞද්ගලික වෛද්යවිද්යාලයට පවරා දෙන ලදි. තලගොල්ල රෝහල ද වසා දමන ලද අතර රාගම උතුරු කොළඹමහ රෝහලේ වාට්ටු, රසායනාගාර සහ සේවක මණ්ඩල පහසුකම් මෙම පෞද්ගලික වෛද්ය විද්යාලයේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු සඳහා පවරා දෙන ලදි. ඒ 1981 සැප්තැම්බර් 09 වැනදාය. මුදලට අධ්යාපනය විකිණීම තුළින් නිදහස් අධ්යාපනයට මළගම කැඳවීම මේ ක්රියාවලියේ අරමුණ විය. නමුත් ඊට එරෙහිව ඉමහත් කැපවීමෙන් හා ජීවිත පිරිත්යාගයෙන් කටයුතු කරන්නට ලාංකීය ශිෂ්ය ව්යාපාරය සමත් විය. අධ්යාපනය වරප්රසාද ඇති පන්තියට පමණක් සීමා කිරීමට එරෙහිව ශිෂ්යවිරෝධය රළ ගසමින් නැඟී ආවේය. පංති වර්ජන සහ විරෝධතා නොකඩවා දක්නට ලැබිණි. මේ ක්රියාවලියෙන් නිදහස් අධ්යාපනයට වන හානිය මනාව තේරුම් ගත්ශිෂ්යයන් අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ නායකත්වයෙන් යුතුවපෞද්ගලික වෛද්ය විද්යාලයට එරෙහිව විරෝධය පළ කිරීම ආරම්භ කරන ලදි. නමුත් එය ජනතාව අතර පැතුරුණු පළල් විරෝධයක් නොවීය. 1980 වැඩ වර්ජනය පරාජය වීමෙන් පසු සමස්ථ සමාජයම එළඹ සිටි නිද්රාශීලීභාවය එයට ප්රධාන හේතුවක් විය. 1983 දී පෞද්ගලික වෛද්ය විද්යාල සිසුන් තම දෙවන වසර විභාගය සඳහා කොළඹ වෛද්ය පීඨයේ සිසුන් සමඟ එකම විභාගයකට පෙනී සිටීමට ගත් උත්සාහය වැළැක්වීමටබහුතරයක් සිසූහු පෙළ ගැසුනාහ. ඔවුන්ගේ උත්සාහය වූයේ පෞද්ගලික වෛද්ය විද්යාලය කොළඹ වෛද්ය පීඨයෙන් ස්වායත්ත කිරීම පමණි. නීතිඥ කොල්වින් ආර් ද සිල්වා හා බැටී වීරකෝන් මඟින් පෞද්ගලික වෛද්ය විද්යාල සිසුන් කොළඹ වෛද්යපීඨයේ විභාගයට වාඩිවීම උසාවි නියෝගයකින් නතර කිරීමට ඔවූහු උත්සාහ කළහ.නඩුව ඉවතලන ලද අතර ඇපෑලද පරාජය විය. සිසුන් පන්ති වර්ජනය කර විභාග වර්ජනය කර සිටියහ. ලාංකීය ඉතිහාසයේ කලූ පැල්ලමක් වූ 1983 කළු ජූලිය එළඹියේ මේඅතරය. එමගින් පැණවූ හදිසි නීතිය මඟින් ශිෂ්ය සභාව තහනම් වූ අතර කළුජූලියෙන් පසු එළඹි භීෂණය වෛද්ය සිසුන්ගේ අරගලයේ තිබුණු දීප්තිය නිවාලීය.මේ අතර දෙමාපිය සංගමයක් බිහිවූ අතර ප්රශ්නය විසදීම තමන්ට භාර දී විභාගයට වාඩි වන ලෙස ඉල්ලීම් කෙරිණි. 1987 වසර එළබිණි. එය තීරණාත්මක වසරක් විය. ඒ රාගම පෞද්ගලික වෛද්ය විද්යාලයේ සිසුන් පළමුවරට අවසාන වසර විභාගයට වාඩිවීමට නියමිතව තිබූ වසරයි. ඔවුනට කොළඹ වෛද්ය පීඨයේ අවසන් වසර විභාගයට වාඩිවීමට පීඨයේ හා රටේ පාලකයන් අවස්ථාව සලසා දී තිබුණි. ඒ අනුව අධ්යාපන සුදුසුකම් රහිතව මුදලට පෞද්ගලික වෛද්යවිද්යාලයට අතුලූ වූ ඔවුනට කොළඹ වෛද්ය පීඨයේ උපාධිය හිමිකරදීමට ඔවූහුඋත්සාහ කළහ. මේ කඩඉම ලාංකීය ශිෂ්ය ව්යාපාරයට පැහැදිළිවම අභියෝගයක් විය. මෙකී උණුසුම වඩාත් තීව්ර වූයේ 1987 දී අත්සන් කෙරුණු ඉන්දු-ලංකා ගිවිසුම මඟිනි. ඊට එරෙහිව මුල්ම වෙඩි මුරය පත්තු වූයේ සරසවි තුළිනි. 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ දා පිටකොටුවේදී සරසවි සිසූහු ගණනාවක් දිවි පීදූහ. එම අවසාන වසර විභාගය යෙදී තිබුණේ 1987 ජූලි 30 දිනය. මෙම අභියෝගයට අභීතව මුහුණ දීමට අන්තර් වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී කමිටුව තීරණය කළ අතර ඒඅනුව කෙටි කළකින් බොහෝ දේ සංවිධානය කිරීමට ඔවුන්ට සිදු විණ. රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමයේ සහයෝගය ලබා ගැනීමට අන්තර් වෛද්ය පීඨ ශිෂ්යක්රියාකාරී කමිටුවට හැකි විය. දිවයින පුරා විසිරී සිටින සියළු වෛද්යවරුන් හමු වී කරුණු පැහැදිළි කර වෛද්ය වැඩ වර්ජනයට ඔවුන් කැමති කරවාගත හැකි විය. 1987 ජූලි මාසය විරෝධතා මාසය ලෙස නම් කෙරුණු අතර 1987 ජූලි 13 දින වෛද්යවරුන්ගේ වැඩ වැරුම ඇරඹිණ. රජය ප්රශ්නය විසදීම පසෙක තබා වෛද්යවරුන් මර්ධනය කර වර්ජනය නතර කිරීමට උත්සාහ කළේය. අනවශ්ය සේවා නියෝග පනවන ලදි. වෛද්යවරුන් රජයේ සේවය අතහැර ගියා සේ සළකා දේපළ රාජසන්තක කරන බවට තර්ජනය කෙරුණි. වෛද්ය පීඨයේ සිසුන් රටපුරා ඇවිදිමින් වෛද්යවරුන් දිරිමත්කරමින් කටයුතු කළ නිසා මේ තර්ජන වෛද්ය වැඩවැරුම නතර කිරීමට ප්රමාණවත්නොවිණි. ඉතිහාසයේ දීර්ඝතම වැඩවර්ජනය දින 27 කට පසු ජයග්රහණය පෙනි පෙනී අතහැර දැමුණි. එහෙත් එම වෛද්ය වැඩ වර්ජනය වෛද්ය ශිෂ්ය අරගලයට ලබා දුන් පිටුබලය අපමණය. ඉගැන්වූ පාඩම් බොහෝය. වෛද්ය වර්ජනය ඇරඹෙන විට වෛද්ය ශිෂ්ය අරගලය ඉතා පටු සීමාවන්ට කොටු වී තිබුණි. රජයේ අධ්යාපනයපෞද්ගලීකරණ ප්රතිපත්තියට එරෙහි වනු වෙනුවට කොළඹ වෛද්ය පීඨයේ ගෞරවණීයඋපාධිය පෞද්ගලික වෛද්ය සිසුන්ට ලබා නොදීම එහි අරමුණ විය. සත්ය වශයෙන්මඅරගලය ඇරඹිය විය යුතුව තිබුණේ නිදහස් අධ්යාපනය රැක දීමට නම් පෞද්ගලික වෛද්ය විද්යාලයක් නොතිබිය යුතුය යන්න අවධාරණය කරමිනි. හුදෙකලා වෛද්ය වර්ජනය පරාජය වීමෙන් පසු සියලූ දෙනාටම මෙම සත්ය පසක් විය. ජනතාවට සැකයකින් තොරව බද්ධ විය හැකි ජනතාවාදී සටන් පාඨයක් ඉදිරිපත් වූයේ ඉන් පසුවයි. “පෞද්ගලික වෛද්ය විද්යාලය ජනසතු කරව්” යන්න එම සටන් පාඨය විය. පද්මසිරි ත්රීමාවිතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේඇතුලූ ශිෂ්ය ව්යාපාරයේ නායකයෝ අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයයටතේ 40 ලක්ෂයක ශිෂ්ය ප්රජාවගේ අයිතිය රැක ගැනීම වෙනුවෙන් නොපැකිලිව නැගී සිටියහ. වසා දැමුනු වෛද්ය පීඨ නේවාසිකාගාරයෙන් එළියට පැමිණිතී්රමා නැවත පිටත්ව ගියේ තම පරපුර මුහුණ දෙන අභියෝගයන්ට පිළියම් සෙවීම සඳහාය. ඔහු රත්නපුර ශිෂ්ය ක්රියාකාරී කමිටුවේ ප්රධානියෙක් විය ඇතැම්විට ස්වකීය ජීවිතය අහිමි වන බව දැන දැනම ත්රීමා හිකකඩුවේ සිට රත්නපුරයේ ජනතාව දැනුවත් කිරීම සඳහා නික්ම ගොස් තිබුණි. වෛද්ය සිසුන්ගේ අරගලයවසරක් පුරා නොකඩවා ඇදී ආවේය. අරගලය උත්සන්න කිරීම වස් වෛද්ය පීඨ සිසුන්වර්ෂ පූර්ණ සංවත්සරයට සූදානම් වූහ. වෛද්ය අධ්යාපනය නැවතී වසරයි, පෞද්ගලිකවෛද්ය විද්යාලය ජනසතු කරව්” යන සටන් පාඨය පොස්ටර් ලක්ෂ ගණනින් අතින් ඇදරට පුරා ඇලවීමට වෛද්ය සිසුන් ක්රියා කළහ.කෲර මර්ධනය එළඹියේ ඉන්අනතුරුවයි. ත්රීමාවිතාන සොයුරා, රංජිත් පෙරේරා, ඞී. ඞී. බන්දුවර්ධන යනසොයුරන් සමඟ රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැරගනු ලැබීය. පසුව වද බන්ධනයට ලක් කර එදින රාත්රියේ දී පුළුස්සා වැල්ලවායකොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින්පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණවල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේජ්ච ලෙස මරා දමාතිබුණි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom