ත්‍රී'මලේ නාවික හමුදා මූලස්‌ථානයට එජා කණ&#3530

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ත්‍රී'මලේ නාවික හමුදා මූලස්‌ථානයට එජා කණ&#3530

    කීර්ති වර්ණකුලසූරිය

    මෙරට ආරක්‍ෂක හමුදා ඉතිහාසයේ මුල්වරට ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය එක්‌සත් ජාතින්ගේ කණ්‌ඩායමක්‌ විසින් පරීක්‍ෂා කරනු ලැබ තිබෙන අතර එහි වධකාගාරයක්‌ තිබූ බවට ප්‍රකාශයක්‌ද සිදු කර තිබේ.

    මෙම එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම නාවික හමුදා මූලස්‌ථානයට රැගෙන ආවේ රහස්‌ පොලිස්‌ නිලධාරීන් බව ඉහළ පෙළේ නාවික හමුදා ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ඉමහත් නොසතුටකිනි.

    ලොව කිසිම රටක්‌ තම කවර හෝ ආරක්‍ෂක කඳවුරක්‌ විදේශ කණ්‌ඩායමකට පරීක්‍ෂා කිරීමට ඉඩ නොදෙන බවද ඔවුහු පවසති. අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම මෙම ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය පරීක්‍ෂාවට ලක්‌ කර ඇත්තේ ද්‍රවිඩ දේශපාලනඥයන් කිහිප දෙනකු විසින් ද්‍රවිඩ ජාතිකයන් එකී ස්‌ථානයේ රඳවා සිටින බවට කළ පැමිණිල්ලක්‌ මතය. එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායම පරීක්‍ෂාවට ලක්‌ කළේ නාවික හමුදා මූලස්‌ථානයේ පැරණි බිල්ඩිමක්‌.s මෙබඳු පරීක්‍ෂණයක්‌ තම නාවික හමුදා ඉතිහාසයටම සිදු වු මුල්ම වතාව මෙයයි යෑයි නාවික හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය
    .

    http://www.divaina.com/2015/11/20/news11.html
    :no::no: