මම දන්නා දේ ලිව්වම ඔයාල පිළිගනිද නැද්ද නොදනී. පිළිගන්න කෙනෙක්ට දැනුවත් වෙන්න ලියන්නම්.
අපිට හැදෙන බොහෝ ලෙඩ රෝගවලට මුලික බලපෑම වෙන්නේ අපි කරලා තියෙන පිං පව්.
මගේ යාලුවෙක්ට ඔය ලෙඩේ තියෙනවා කියල රාගම රෝහලෙන් කියල තිබුන. අක්මාවෙන් කෑල්ලක් අරගෙන test කරලයි කියල තිබුනේ. ඌට වයස 28ක් විතර. ලස්සන කොල්ලෙකුයි කෙල්ලෙකුයි දරුවෝ විදියට ඉන්නවා. යාලුවා මේක අහල පුදුම විදිහට මානසිකව වැටුනා.
මට බලන් ඉන්න බැරි තැන දන්නා හාමුදුරුවෝ නමක් මුණගැහිලා විස්තරේ කිව්වා. යාලුවත් එක්කගෙන ගියා. අතේ නාඩි අල්ලලා කිසිම ලෙඩක් නෑ. බයවෙන්න එපා. මාස තුනක් යනකොට රෝහලෙන් ලෙඩේ නෑ කියාවි කිව්වා. බෙහෙත් බොන්නත් එපා කිව්වා. හාමුදුරුවෝ වෙදකම් කරන කෙනෙකුත් නෙවෙයි. ඒත් දවසක් දළදා මාලිගාවට එක්කගෙන ගියා. එතනදිත් විශේෂ දෙයක් කලේ නෑ. සාමාන්‍ය විදිහට වැඳලා ආවා. මාසෙකින් නැවත ටෙස්ට් එකක් තිබුන. දොස්තරවරු සිංහල බෙහෙත් බිව්වද ? අපේ බෙහෙත්වලට මොකද කරේ වගේ ප්‍රශ්න අහල නැවත මාසෙකින් එන්න කියල බෙහෙත් දීල තිබුන. ඒ බෙහෙත් බිව්වෙත් නෑ. ඔය විදිහට තව මාස දෙකකින් ගියාම "ඔයාට ලෙඩේ නෑ. මොකද උනේ හිතාගන්න බෑ" කිව්වලු.
යාලුවා අදටත් නිරෝගියි. මොකද උනේ අදටත් මට ගැටලුවක්. අර හාමුදුරුවෝ පෙර සංසාරේ හෙළ වෙදකම කරපු කෙනෙක් බව හා උදව් බලාපොරොත්තු වෙන අයට පමණක් හැකි පමණින් උදව් කරන බව පසු කලෙක දැනගත්ත.
(මේ වගේ වෙනත් අත්දැකීම් තියෙනවා. අවශ්‍ය වෙලාවට ලියන්නම්)
තාත්තටත් පිං අතේ වැඩ කෙරෙව්වොත් යහපතක් වෙන්න පුළුවන් කියල හිතෙනවා.