තාත්තට සිරෝසිස් හැදුනා 💔

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    හෙල සුවය සින්හල නිලවෙදකම, ඩොක්ටර්ස්ල සෙට් එකක් ඉන්නෙ.
    මේ නම්බර් එකට කෝල් එකක් දීල විස්තරේ කියල අහල බලපන්. 0112 412 943 or 0713420212
     
    • Like
    Reactions: JohnSnow

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අපේ තාත්තටත් සිරෝසිස්. එයා නම් drinks ගොඩක් ගත්ත කෙනෙක්. Alcoholic liver disease කියලා කිව්වේ. 50% කට වඩා ඩැමේජ් කියලා කිව්වා. Doctorsලා අණුමාන කරපු විදිහට 60% වලට කිට්ටු වගේ කියලා කිව්වේ. දැනට අවුරුදු 3ක් වෙනවා දැනගෙන.

    මුල් අවුරුද්දේ මෙන්න මේ රෝග ලක්ෂණ තිබුනා;

    අධික තෙහෙට්ටුව හෝ වෙහෙස දැනීම, දුර්වලකම, ආහාර රුචිය නැති වීම, උදරය ඉදිමීම, පාදවල වළලුකරයේ හෝ කකුල් ඉදිමීම, සිහි මදිකම. ඒත් මට hospital එකෙන් තාත්තා ඉන්නේ මොන ස්ටේජ් එකේද කියලා කිව්වේ නෑ. බොන එක නවත්තන්න කිව්වා. මස් දෙන්න එපාකිව්වා. Fats තියෙන කෑම දෙන්න එපා කිව්වා. පුළුවන් තරම් එළවළු පලතුරු දෙන්න කිව්වා.

    දැන් මේවෙනකොට කෑම එහෙම කනවා, මුලින් තිබ්බ තෙහෙට්ටු ගතිය ටිකක් විතර අඩුවෙලා තියෙනවා. බඩ නම් පුරෝ දාලා වගේ තාමත්. කකුල් ඉදිමිල්නම් අඩු නෑ. සමහර වෙලාවට කල්පනාව නැතිවෙන ගතිය තියෙනවා. තාත්තාට දැන් 70ව පැනලා. exercise එහෙම කරවනවා. තාත්තාගේ ප්ලේට්ලට් එහෙම පට්ටෙට අඩුයිබන්! මේකේ හැටි කියලා තමයි කියන්නේ! තව හිමෝග්ලොබින් එහෙම අඩුවෙනවා! හරි අවුල් බන් මෙහෙම හිටියාට! :(
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    මචං මගේ තාත්තටත් තිබ්බේ ඕක 2017 අදුනගද්දී decompensated cirrhosis ඒ කියන්න final stage එක .
    2020 may වල නැති උනා
    මේ doctor ට තමයි පෙන්නුවේ Prof. JANAKA DE SILVA ( Durdans Hospital )
    මෙගේ තාත්තගේ ජිවිතේ 3න් පාරක් බේරලා දුන්නේ මේතුමා . මෙය තමයි ලංකාවේ හොදම කෙනා මම හිතන විදිහට .
    අන්තිම කාලේදී සිනි අඩුවෙනවා තාත්තගේ සිනි 5 ට බැස්ස එතේ prof janaka de silva බේරලා දුන්නා
    අතිමට kidny නරක උනා.

    සිංහල බෙහෙත් කරන්න යන්න එපා !!!!
     

    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    මම දන්නා දේ ලිව්වම ඔයාල පිළිගනිද නැද්ද නොදනී. පිළිගන්න කෙනෙක්ට දැනුවත් වෙන්න ලියන්නම්.

    අපිට හැදෙන බොහෝ ලෙඩ රෝගවලට මුලික බලපෑම වෙන්නේ අපි කරලා තියෙන පිං පව්.

    මගේ යාලුවෙක්ට ඔය ලෙඩේ තියෙනවා කියල රාගම රෝහලෙන් කියල තිබුන. අක්මාවෙන් කෑල්ලක් අරගෙන test කරලයි කියල තිබුනේ. ඌට වයස 28ක් විතර. ලස්සන කොල්ලෙකුයි කෙල්ලෙකුයි දරුවෝ විදියට ඉන්නවා. යාලුවා මේක අහල පුදුම විදිහට මානසිකව වැටුනා.

    මට බලන් ඉන්න බැරි තැන දන්නා හාමුදුරුවෝ නමක් මුණගැහිලා විස්තරේ කිව්වා. යාලුවත් එක්කගෙන ගියා. අතේ නාඩි අල්ලලා කිසිම ලෙඩක් නෑ. බයවෙන්න එපා. මාස තුනක් යනකොට රෝහලෙන් ලෙඩේ නෑ කියාවි කිව්වා. බෙහෙත් බොන්නත් එපා කිව්වා. හාමුදුරුවෝ වෙදකම් කරන කෙනෙකුත් නෙවෙයි. ඒත් දවසක් දළදා මාලිගාවට එක්කගෙන ගියා. එතනදිත් විශේෂ දෙයක් කලේ නෑ. සාමාන්‍ය විදිහට වැඳලා ආවා. මාසෙකින් නැවත ටෙස්ට් එකක් තිබුන. දොස්තරවරු සිංහල බෙහෙත් බිව්වද ? අපේ බෙහෙත්වලට මොකද කරේ වගේ ප්‍රශ්න අහල නැවත මාසෙකින් එන්න කියල බෙහෙත් දීල තිබුන. ඒ බෙහෙත් බිව්වෙත් නෑ. ඔය විදිහට තව මාස දෙකකින් ගියාම "ඔයාට ලෙඩේ නෑ. මොකද උනේ හිතාගන්න බෑ" කිව්වලු.

    යාලුවා අදටත් නිරෝගියි. මොකද උනේ අදටත් මට ගැටලුවක්. අර හාමුදුරුවෝ පෙර සංසාරේ හෙළ වෙදකම කරපු කෙනෙක් බව හා උදව් බලාපොරොත්තු වෙන අයට පමණක් හැකි පමණින් උදව් කරන බව පසු කලෙක දැනගත්ත.

    (මේ වගේ වෙනත් අත්දැකීම් තියෙනවා. අවශ්‍ය වෙලාවට ලියන්නම්)

    තාත්තටත් පිං අතේ වැඩ කෙරෙව්වොත් යහපතක් වෙන්න පුළුවන් කියල හිතෙනවා.

    පින pawa anuwa jiwithai ආයුව තිරණය වන බව සැබෑය. එහෙත් බුදු රජාණන් වහන්සේ දේවදත්ත පෙරලු ගල් නිසා අතිවු තුවාලයට බෙහෙත් කල බව අසා ඇත.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    තාත්තට සිරෝසිස් හැදුනා බං ..
    මොනව කරන්නද කියල හිතාගන්න බෑ..
    ස්ටේජ් 3 කියල තමා හිතන්නේ..
    මොකද බඩ ඉදිමෙනවා.. තව කකුල් දෙක ටිකක් ඉදිමිලා තියෙන්නේ..
    බීල නැතුව නිකන් හැදෙන එක කියල කියන්නේ..
    ඒත් තාත්තා ඩ්‍රින්ක් එකත් දැම්මා ටිකක්..

    කවුරුහරි ඉන්නවද බන් මේ ලෙඩෙත් එක්ක අත්දැකීම තියෙන අය.. අනික ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට යන්න බැරි වෙයි නේද?
    සිංහල බෙහෙත් කරන්නත් හිතෙනවා බන්? තියෙනවට වඩා සවුත්තු වෙයිද ?


    තාත්තා ටිකක් වීක් උනා මෙකෙන් පස්සෙ.. අනික අවුරුදු 60ක් දැන් වයස... තව හාට් පේශන්ට් කෙනෙක්...

    මාර අවුල් බන් මේක දැනගත්තම..හොදට දුවල පැනල වැඩ කරල හිටපු මනුස්සය...😓
    Ape thaatath haduna bn non alcoholic cirrhosis thaatanan nathi una hariyata lede hadunagena auradakin. Dr. N M M Nawarthana sir thama baluwe. Nawaloka Hospital enawa. Colombo General hospital eke Dr kenek eheta yanath puluwan. Baya karanawa neamai machan bade wathura ain karanawa kiyanne tikak serious. Bada idimenawa kiyanne bade wathura hadenawa. samaharu godak duk widinawa bn aurudu 5,6. akmawak badda kereema ara wena mukuth karana ba hoda karaganna. paalanaya karanna nan beheth denawa. tika kalekin galanale gedi enawa ewa banding karana one lee wamane yanakan inna epa dr kenek hamba wela checkup tika karaganna. endoscopy and chronoscopy. toilet yaddi lee yai eka thama danagana ekama widiya test karan nathuwa badawale gedi thiyenawa kiyala. Man deyak kiyanan bn uba kohoma hithata ganeeda dan na duk widala nathi wenwata wada eka para nathi wena eka thaage pinak. mea ledea hadila pad dagena mathake nathi wela minissu marenne. ethakota therenwa bn kochara dukakda kiyala.
     
    Last edited:

    PickelRick

    Active member
  • Apr 25, 2020
    194
    157
    43
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව මචන් උබේ තාත්තට...!
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ගොඩක් අය non alcoholic cirrhosis ගැන දන් නෑ. පොඩක් දන්න විදියට කියනන්. cirrhosis ගොඩක් අය හිතන්නේ බොන අයට විතරයි හැදෙන්නේ කියලා නෑ non alcoholic cirrhosis ගැහැණු, පිරිමි දෙගොල්ලන්ටම හැදෙනවා. ඒක හැදෙන්නේ ගොඩක් වෙලාවට fatty liver මේදය අක්මාවේ තැන්පත් වෙලා දීර්ඝ කාලයක් තිබීම, තවත් ඒවා තමා රසායනික ද්‍රව්‍ය ඇගට අතුල් වීමෙන්, සමහරු කියනවා දීර්ඝ කාලීනව අරිෂ්ට බිව්වාමත් එනවා කියලා. මුලිම්ම රෝග ලක්ෂණ පටන් ගන්නේ අක්මාව ඉදිමිලා නෙමෙයි. කුෂ්ඨ, හම වේලිලා, කැසීම්, කකුල් ඉදිමීම්, නිතර මලපහ යෑම, ඒකට හේතුව තමා අක්මාව දුර්ර්වල වෙලා නිසා අක්මාවෙන් වෙන්න ඕන දේ වෙන් නෑ. අහිතකර ද්‍රව්‍ය අක්මාවෙන් පෙරා වෙන් කර බැහැර කරන්න බැරි නිසා ශරීරයේ කොහෙන් හරි පිට කරනවා මොලෙන් දෙන සංඛ්‍යාවෙන්. රෝග ලක්ෂණ වෙන්නේ බඩ ඉදිමීම එයට හෙතුව මුලු අගේම තියෙන වතුර බඩට එනවා ලීටර් 4,5, ලේ වමනය යාම ඒක වෙන්න පුලුවන් ගල ගන්ඩය ගාවින් ඉදිමීම් අවිත් ලේ පිපිරිලා පිපෙරෙනවා මාරාන්තික වෙන්න පුලුවන් ඒක නිසා අක්මා රෝගියෙක් මාස 6 කට සැරයක් endoscopy and chronoscopy කරන්න ඕනේ., කෑම අපිරිය වෙනවා ජීරනය සිද්ද වෙන් නෑ හරියට, සිහි මද ගතිය, ශරීරයම පන නැති ගතියක් එනවා. වැලකෙන්න තියෙන එකම ක්‍රමය කෑම බීමෙන් පරිසන් වෙන එක. exercise කරන්න ඕනේ අවම 30 min අවු 30 පැන්නම liver scan පරීක්ෂණ කරන්න අවු-1 සැරයක් වත්. ගොඩක් අය දුක් විදලා මැරෙන්නෙ ඒක නිසා පරිස්සන් වෙන්න. cirrhosis අංක 2 ඉස්ථානයේ තමා තියෙන්නේ බයානකම බෝනොවන රෝග අතර. අක්මා බද්දයකින් විතරයි සුව කරන්න පුලුවන් ඒත් අක්මා බද්දයක් කෝටි ගානක් යන වැඩක්.
     
    Last edited: