තාත්තයි පුතයි💕 Bruce Lee and Brandon Lee

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    ⛔
    පුතා මිය ගියේ වයස අවුරුදු 28 දී
    ⛔
    තාත්තා මිය ගියේ වයස අවුරුදු 32 දී
    ⛔
    බෲස් මැරෙනකොට Brandon ට අවුරුදු 8 යි..
    මරණ දෙකම අභිරහස්
    🕯️

    Crow චිත්‍රපටය රූගත කිරීම් අතරතුර ගිනි අවියක් පත්තු වීමෙන් තමා Brandon මිය ගියේ කියලා කියනවා...ඒකත් බොරු උණ්ඩ වෙනුවට ඇත්ත උණ්ඩ මාරු කරලා දාලා තියෙනවා කියලත් කියනවා...මේ මරණයෙන් පස්සෙ හැමෝම අතර කතාවක් ගියා බෲස් ලීගේ පවුලේ පිරිමි හැමෝටම ලොකු සාපයක් වැදිලා කියලා..
    ▶️
    Bruce මිය ගියේ මොළයේ ඉදිමීමකින්..ශරීරයට දරාගත නොහැකි අන්දමේ ව්‍යායාම සිදුකිරීමෙන් ඇති වූ කොන්දේ අමාරුවට ගත් වේදනා නාශක විෂ වීමෙන්..
    ▶️
    බෲස්ලීගේ අවසාන චිත්‍රපටය වන්නෙ Enter the dragen නම් චිත්‍රපටය යි..මේ චිත්‍රපටය රූගත කරන කාලයේදී 1970 මැයි 10 වෙනිදා බෲස්ලි හදිසියේ අසනීප වීමෙන් හො කොං බැප්ටිස්ට් රෝහල වෙත ගෙන එනවා..මෙහෙ දී බෲස්ලි ව පරික්ෂා කරන වෛද්‍යවරුන් ඔහුගේ මොළයේ මස්තිෂ්කය තරලය ඉදිමි ඇති බව හදුනා ගන්නවා..ඒ වගේම අබ්‍යන්තර ඉදිමීම අඩුවීමට මැන්ටෝල් නම් ඖෂධය ලබා දෙනවා..
    ♓
    බෲස්ලීගේ ශරීරය පරික්ෂා කරපු වෛද්‍යවරුන් බෲස්ලි ගේ ආදරණීය බිරිඳ ලින්ඩා ලී ට පැවසූයේ "ඔබගේ සැමියාගේ ඇගේ ඇත්තෙ මැජික් මසල්ස්" කියා ය.
    ඉන්පසු තමන්ගේ නිවසට පැමිණෙන බෲස්ලි සුපුරුදු පරිදි තම වැඩ රාජකාරි සිදුකරගෙන ගියා..
    ▶️
    බෲස්ලීගේ සටන් ක්‍රම ගැන ඇති උනන්දුවම බෲස්ලි ව නිදන්ගත රෝග තත්වයන්ට ඇද දැමුවා.... ඔහු ගේ කුඩා සිරුරට දරාගැනීමට නොහැකි වෙන ලෙස ව්‍යායාම් සහ සටන් පුහුණුව ඔහු සිදු කලා..
    ▶️
    1970 වසරේ බෲස්ලි උදෑසනක තම ගෙවත්තේ එක්තරා අධික බරක් එසවීමට යාමෙන් ඔහු අසනීප වෙනවා..අධික කොන්දේ වේදනාව නිසා ඔහු ට වෛද්‍යවරුන් සටන් පුහුණු ව මුලු මනින්ම තහනම් කරනවා..මේ අසනීපය නිසා බෲස්ලි මාස 6ක් එකතැන් වෙනවා..පසුව බෲස්ලි විසින් තමාටම අනන්‍ය වූ ව්‍යායාම් සටහනක් සකස් කරගත් අතර ඒ අනුව තම ව්‍යායාම් සිදු කරනවා..ඒත් මේ වැඩේ ට බෲස්ලි ගේ බිරිඳ ලින්ඩා නම් කැමති උනේ නෑ...ඒ වගේම මේ නිසා දෙදෙනා අතර අඩදබරද ඇති උනා..
    ▶️
    1973 ජූලී 20..එදා තමයි දවස ..බෲස්ලි ලෑස්ති උනේ ජේම්ස් බොන්ඩ් චරිතයට පන පෙවූ ජනප්‍රිය නළු ජෝනිස් ලෙසන්බි සමග රෑ කෑමකට යන්න....
    නමුත් එදා රෑ 7.30 පමණ බෲස්ලි ට ඇති වූ අධික වේදනාවෙන් යුතු හිසේ කැක්කුම නිසා එම ගමන යෑම නතර කිරිමට බෲස්ලි ට සිදු වුනා..හිසේ රුදාවට වේදනා නාශක පෙති කිහිපයක් පානය කල බෲස්ලි විවේක ගැනීමට තම නිදන කාමරයට ගොස් දොර වසා ගත්තා....එය මේ සටන් රජු ගේ අවසන් නින්ද විය.. නැවත ඔහු කිසි දින අවදිවෙන්නෙ නැත...
    සිහිමුර්ජා තත්වයේ සිටි බෲස්ලි ව රෝහල් ගත කිරීමෙන් පසුව ඔහු මිය ගොස් ඇතිබව ලොවටම ප්‍රසිද්ධ කලා.
    බෲස්ලි ගේ මරණ පරික්ෂනය පැවැත්වීමට විවිධ රටවල් වල වෛද්‍ය පරීක්ෂකවරුන් පැමිනි අතර මරණ පරික්ෂනය දවස් 9ක් පැවැත්වූවා..
    අවසන් තීන්දුව වූයේ වේදනාව සමනය සඳහා දුන් බෙහෙතෙහි අඩංගු යම් රසායනික ක්‍රියාකාරීත්වයක් නිසා මොළය ඉදිමීමෙන් සිහිමුර්ජා වී බෲස් ලී ගේ මරණය සිදු වූ බවයි.
    ඔහුගේ මොළයෙහි බර ග්‍රෑම් 1400 සිට ග්‍රෑම් 1675 දක්වා වැඩිවී තිබු බවද සොයා ගැනිණි. ඔහුගේ මරණය පිළිබඳ හොංකොං හෝ අමෙරිකානු රටවල
    මෙන්ම ලෝකය පුරාම විවිධ කටකතා පවතී. ඒ මරණය අභිරහසක්ම විය..
    ඉතින් අවාසනාවට පුතාට යන්න වුනෙත් තාත්තා වගේම අඩු වයසෙන්
    🫤
    😓
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    මම අහලා තියෙනවා කුන්ඩලීනි වල පෙකනිය හරියේ තියෙන චක්ති ච්ක්‍රය එහෙ මෙහෙ කරලා එක එක විශ්මිත දේවල් කරන අයගේ ආයු කාලය අඩු වෙනවා කියලා
     
    • Like
    Reactions: caltonhp

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,337
    113
    මොනව වුනත් ලෙජන්ඩ් එකක්. හිටිය නං සමහර අයගේ ජීවිත කතා වෙනස් වෙන්න තිබ්බ.

    අනිත් දේ. මොනම දෙයක්වත් අවශ්‍ය ප්‍රමාණයට වඩා හොඳ නැත.