තාත්තයි-පුතයි බීමතින් ඇවිත් කාමර කුලියට දෙන තැනකින් කාන්තාවන් ඉල්ලා යකා නටලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    පිළියන්දල මාවිත්තර කොට්ටාව පාරේ කාමර කුලියට ලබා දෙන ස්ථානයකට බීමතින් කඩා වැදී කාන්තාවන් ලබා දෙන ලෙස ඉල්ලා එහි හිමිකාරියකට සහ සේවකයන් දෙදෙනාට පහර දී දේපොළවලට අලාභ හානි කර රන් භාණ්ඩ සහ දේපොළ කොල්ලකෑ පිය පුතු දෙපළක් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය පවසයි.



    එම සැකකරුවන් විසින් පැමිණිලිකාරිය ගෙල බැඳ සිටි පවුම් දෙකහමාරක් බර රන් මාලය, ලාච්චුවේ තිබූ රුපියල් 26,500ක මුදලක් හා ඩී.වී.ආර්. යන්ත්‍රයක් කොල්ලකා ඇතැයි පොලීසිය පවසයි.

    ඉකුත් 01 වැනිදා රාත්‍රියේදී මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මෝටර් රථයකින් පැමිණ තිබූ සැකකාර පිය පුතු දෙපළ කාමර කුලියට ලබා දෙන හෝටලයට කඩා වැදී කාන්තාවන් ලබා දෙන ලෙස ඉල්ලා හිමිකාරියට තර්ජනය කරමින් අත රැඳි යකඩ පොලුවලින් පහර දෙමින් කලහකාරි ලෙස හැසිරී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.



    මෙම ස්ථානයෙන් කාන්තාවන් නොසපයන බවත් කාමර පමණක් කුලියට ලබා දෙන බවත් පැවසීමෙන් අනතුරුව සැකකරුවත් දෙදෙනා එහි සී.සී.ටී.වී. කැමරාවලට සහ දේපළවලට පහර දෙමින් පිළිගැනීමේ කවුළුවේ සිටි හිමිකාරියට සහ සේවකයකුට යකඩ පොල්ලෙන් පහරදී හෝටලයේ ඉදිරිපිට රැඳී සිටි තවත් සේවකයකුට තර්ජනය කරමින් දණ ගස්වා තිබූ බව පොලීසිය පවසයි.

    සැකකරුවන් එලෙස පැමිණ කලහකාරී ලෙස හැසිරෙන අයුරු පුද්ගලයකු ජංගම දුරකතනයෙන්ද වීඩියෝ කර තිබූ අතර පැමිණිලිකාරිය පැමිණිල්ල සමඟ එය පොලීසිය වෙත ඉදිරිපත් කර තිබිණි.

    අත්අඩංගුවට ගත් සැකකාර පිය පුතු දෙපොළ පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    කැස්බෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,992
    13,152
    113
    අඩෝ මචන් සැපක් ගමු කියලා බාර් එකේ සෙට් වෙච්ච කොල්ලෙක් එක්ක බඩු පොට් එකක් කුඩුකරලා පොලීසි කූඩුවෙදි වෙරි බැස්සම.



    බුදු තාත්තෙ බොන්නෙපා....
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    1714883426671-png.229262
     
    • Haha
    Reactions: SLK_sri

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,823
    17,047
    113
    රන් භාණ්ඩ සහ දේපොළ කොල්ලකෑ

    Yako badu gahanna gihin mankolla kaala. E madiwata thattai puthai ekata badu gahanna gihin tiyenne
    E pawule ammai akkai ekatada danne na wesakame yanneth 🤣
     
    • Haha
    Reactions: SLK_sri

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    පිළියන්දල??? තාත්තයි පුතයි ??

    @hancok @scurvy උබලා නෙමෙයි නේද :rofl: මට මේක දකිද්දිම මතක් උනේ වලතරයාව. වලතරය ෆුඩ් සිටී ගිහින් සීනි 500ක් අරන් ඒක බිල් කරගන්න ෆුඩ් සිටි පාමසියට ගිහින්. එතන එකා බෙහෙත් විතරයි බිල් කරන්නෙකියලා, මූ ඌටත් බැනලා හෙන ටෝක් වගයක් දීලා ඇවිත් තිබුනා. මේකත් ටීකක් ඒවගේම සිද්දියක්.
     
    Last edited: