"ගමේ බංඩයියලාට ඇසිලින්ලාට නොලැබෙන නමුත් ජැක්සන්ට ලැබෙන හත්මාසේ රාජපක්ෂ සුවසේවය" යන ලිපිය කියවීමෙන් පසු එයට පහත කරුණ එකතු කිරීමට සිත් වුනෙමි. ජැක්සන්ගේ වංචා සහගත ක්‍රියාවන් එලෙසම ඔහුගේ පුතුන්ටද පිහිටා ඇත. මාධ්‍ය ඉදිරියේදී ඔවුහු ජැක්සන් වෙනුවෙන් කදුළු සලති. නමුත් තම පියා රෝගී බව රාත්‍රිය වනවිට ඔවුනට අමතකය. රාත්‍රී සාද පවත්වන ඔවුන් මැදියමේ ගෙවල් වලට යන්නේ හොඳින් මත් වූ පසුවය.
මේ පිළිබඳ නිවරද්‍යතාව තහවුරු කර ගැනීම අවශ්‍ය අයෙකුට සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම, මිල්රෝයි ඔටෝ ආයතනය හෝ බොරැල්ල පොලිසිය මගින් එය දැන ගත හැකිය. සියලු සම්මත මාධ්‍යය ද 'ගමේ බංඩයියලාට ඇසිලින්ලාට නොලැබෙන නමුත් ජැක්සන්ලාට පමණක් ලැබෙන' වරප්‍රසාදයක් ලෙස මේ ගැන මුණිවත රකිති.
සජිත ඇන්තනිගේ කෙරුවාව..
හොඳම උදාහරණය මීට සති කිහිපයකට පෙර සජිත ඇන්තනි බීමතින් රිය පදවා බොරැල්ලේදී සිදුකළ අනතුරය. CBI-3822 දරණ BMW මෝටර් රථය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් කොන්ක්‍රීට් කණුවක වැදී දැඩි අලාභ හානියට පත්විය. අනතුරට පසු පලාගිය සජිත රියදුරු වෙනුවට වෙන කෙනෙකු ඉදිරිපත් කෙළේය. අනතුර තක්සේරු කළ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම රථය Total Loss ලෙස නම් කළ අතර අනතුර සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කෙළේය.බඩු මාට්ටු..
විමර්ශනයේ දී ඔවුනට අනාවරණය වුයේ අනතුරට පසු රියදුරු මාරු කර ඇති බව සහ අනතුර සිදුවන අවස්ථාවේ සජිත ඇන්තනි දැඩි ලෙස මත්පැන් පානය කර සිටි බවයි. සාක්ෂි සමගම ඔවුන් එය ඉදිරිපත් කිරීම හේතුවෙන් සජිතට එය පිළිගැනීමට සිදුවිය. එම හේතුව නිසාවෙන් රක්ෂණ වන්දි නොලැබී යන බව දැනගත් ඔහු එතැන් පටන් ඔහුගේ ජනප්‍රියත්වය සහ බලවත් සම්බන්ධතා යොදා ගනිමින් ලක්ෂ 160 වෙනුවට එයින් භාගයක් හෝ ගෙවා වාහනය නැවත අලුත්වැඩියා කරදෙන මෙන් සෙලින්කෝ ආයතනයට බලපෑම් කිරීම ආරම්භ කෙළේය. අවසානයේ ඒ බලපෑම්වලට බිය වූ සෙලින්කෝ ආයතනය එවැනි අනතුරකදී 'ගමේ බංඩයියලාට ඇසිලින්ලාට නොලැබෙන නමුත් ජැක්සන්ලාට පමණක් ලැබෙන' විශේෂ වන්දි ක්‍රමයක් යටතේ කැලණිය කොහොල්විල පිහිටා ඇති 'මිල්රෝයි ඔටෝ' ආයතනයේ මේ වනවිට අලුත්වැඩියා කරමින් පවතී.මේ පිළිබඳ නිවරද්‍යතාව තහවුරු කර ගැනීම අවශ්‍ය අයෙකුට සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම, මිල්රෝයි ඔටෝ ආයතනය හෝ බොරැල්ල පොලිසිය මගින් එය දැන ගත හැකිය. සියලු සම්මත මාධ්‍යය ද 'ගමේ බංඩයියලාට ඇසිලින්ලාට නොලැබෙන නමුත් ජැක්සන්ලාට පමණක් ලැබෙන' වරප්‍රසාදයක් ලෙස මේ ගැන මුණිවත රකිති.