තාපස කකුළුවන්ගේ නිවාස හුවමාරුව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කකුළු විශේෂ බර ගානක් ලෝකේ ඉන්නවා.අද අපි කතා කරන්න යන්නේ තපස් කකුළුවෝ ගැන.මුන්ගේ තියෙන විශේෂත්වය තමයි පිට සැකිල්ල අනිත් කකුළුවන්ට වඩා හුගක් මෘදුයි.තාපස කකුළුවන්ට වතුරේ හරි ගොඩබිම හරි ජීවත් වෙන්න පුලුවන්.

    සමහර වෙලාවට මුන් සැබෑ කකුළුවෝ නෙමෙයි කියලත් කියනවා.හේතුව තමයි සත්‍ය කකුළුවන්ට උදරය ආරක්ෂා කරගන්න පුලුවන් දැඩි පිටකටුවක් තිබීම.මේ ආරක්ෂාව තාපස කකුළුවන්ට නෑ.

    nDjsfW6.jpg

    ගෙයක් නැති තාපස කකුළුවෙක්

    ඉතින් උන්ගේ ඇග මෘදු නිසා පහසුවෙන් කාගේ හරි කෑම පිගානට යන්න පුලුවන්.මෘදු පිට සැකිල්ල නිසා අව්වට හුගක් වෙලා නිරාවරණය වුනත් උන් මැරෙන්න ඉඩ තියෙනවා.ඉතින් මේකට විසඳුම විදියට තාපස කකුළුවෝ කරන්නේ ගොලුබෙලි කටු වගේ ශක්තිමත් පිටකටුවක් ණයට ගන්න එක.

    මුහුදු ගොලුබෙල්ලෝ අත ඇරලා දාපු කට්ටයක් තමයි උන් තෝරගන්නේ.හැබැයි මේ කට්ට උන්ගේ උදරයේ සයිස් එකට සමාන ඉඩකඩක් තියෙන එකත් වෙන්න ඕනේ.ඒ හින්දා උන්ට ගෙයක් හොයාගන්න එක ලේසි වැඩකුත් නෙමෙයි.

    aQ8FpIm.jpg

    ගොලුබෙලි කටුවක් නිවහන කරගත් තාපස කකුළුවෙක්

    මේක කටුව උගේ ජංගම නිවහන බවට පත් වෙනවා.ඌ කොහේ ගියත් මේ කට්ටත් උස්සගෙන තමයි.තාපස කකුළුවා කිව්වට මුන්ගේ විශේෂ බර ගාණක් ඉන්නවා.ඒ හින්දා විශේෂය අනුව ජීවත් වන කාල සීමාවත් තීරණය වෙනවා.සාමාන්‍යයෙන් මුන් අවුරුදු 12-70 අතර කාලයක් ජීවත් වෙනවලු.

    ඔච්චර කල් ජීවත් වෙනවා නම් මූ හැමදාම එක විදියට ඉන්න විදියක් නෑනේ.ඔව්.මූ ජීවිත කාලය තුල දිගටම වර්ධනය වෙනවා.මෙතෙන්දී තමයි තාපස කකුළුවන්ගේ නිවාස ප්‍රශ්නය ආරම්භ වෙන්නේ.ඇග ලොකු වෙන්න වෙන්න අර කටුව මූට මදි වෙනවා.ඊට පස්සේ ඉතින් ඇඟේ සයිස් එකට හරියන අලුත් කටුවක් හොයන්න පටන් ගන්නවා.ඔන්න ඔතනදී තමයි තාපස කකුළුවන්ගේ නිවාස සඳහා සටන් ආරම්භ වෙන්නේ.බෙලි කටු වෙනුවෙන් සටනකින් පැරදුනොත් ඉතින් ඒ කකුළුවා වැඩි කල් ජීවත් වෙන්නේ නෑ.කොහොම හරි කටුවක් හොයාගන්න වෙනවා.

    නිවාස ප්‍රශ්නය උග්‍ර වුනොත් ගොලු බෙලි කටු වෙනුවට විකල්පයක් හොයන්න උන්ට සිද්ධ වෙනවා.පහල වීඩියෝ ක්ලිප් එකේ තියෙනවා එහෙම අවස්ථාවකදී තාපස කකුළුවෝ මොකක්ද ගන්න පියවර කියලා.

    ඔව් උන් ටින්,බෙලෙක්ක වුනත් නිවාස විදියට පාවිච්චි කරනවා.

    IABzpRs.jpg

    7bQfIrf.jpg

    ජීවිතේ රැක ගන්න ඕන දෙයක් ඉතින්..

    දැන් තමයි අපි ත්‍රෙඩ් එකේ මාතෘකාව අදාල කතාව කියන්න යන්නේ.

    අපි හිතමු ගොලු බෙලි කටුවක් මුහුදු වෙරළට ගසාගෙන එනවා කියලා.ඕක දකිනවා එක තාපස කකුලුවෙක්.ඌත් ඉන්නේ අලුත් කටුවක් හොය හොය.ඒත් ලගට ඇවිත් අතපත ගාලා බලද්දි තමයි තේරෙන්නේ ඒ කටුව තමන්ගේ සයිස් එකට වඩා හුගක් ලොකු බව.

    මූ ඉතින් එහෙම වුනා කියලා වැඩේ අතඇරලා දාන්නේ නෑ.අලුත් කටුව ලඟට වෙලා බලා ඉන්නවා.ඔන්න ඉතින් කකුළුවෝ එකා දෙන්නා මතුවෙනවා .උනුත් තමන්ගේ වෙරළ පුරා ඇවිදිනවා අලුත් කට්ටක් හොයමින්.ඔහොම එන අලුත් කකුළුවන්ටත් මේ කටුවේ සයිස් එක ෆිට් වෙන්නේ නැත්නම් උනුත් කරන්නේ පළවෙනි කකුළුවා ඒ කිට්ටුවට වෙලා බලන් ඉන්න එක.

    මුන් මෙහෙම බලන් ඉන්නේ අලුත් කට්ටට හරි යන ඇගක් තියෙන ලොකු තාපස කකුලුවෙක් එනකම්.

    මේ කකුළුවෝ සෙට් එක ඊට පස්සේ හිතා ගන්න බැරි විදියේ වැඩක් කරනවා.තමන්ගේ කටුවලට සයිස් එකේ හැටියට පොඩි එකාගේ ඉදලා ලොකු එකා වෙනකම් පෙළ ගැහෙනවා.පෝටෝ එකේ පේනවානේ උන් එකෙකුට එකෙක් හේත්තු වෙලා පේළියට ඉන්න විදිය.

    pj54r0o.jpg

    ඒත් තවම අලුත් කට්ටට ෆිට් වෙන සයිස් එකේ කකුළුවෙක් ඇවිත් නෑ.ඌ එනකම් අනිත් උන් සුවච කීකරු ලමයි ටිකක් වගේ පෙළ ගැහිලා ඉන්නවා.කටුවට ෆිට් වෙන එකා ඇවිත් පේළියේ මුලට එකතුවෙනවා.දැන් අනිත් උන් උගේ පස්සේ.ඌ මුලින්ම අර අලුත් කටුව පරීක්ෂා කරලා බලනවා තමන්ගේ සයිස් එකට ෆිට් වෙනවද කියලා.සයිස් එක ෆිට් නම් ඌ පරණ කටුවෙන් අයින් වෙලා අලුත් කටුවට මාරුවෙනවා.ඒත් එක්කම හිස් වුන කටුවට පිටුපස්සෙන් හිටිය කකුළුවා බැසගන්නවා.මේක ප්‍රතික්‍රියා දාමයක් වගේ පස්සෙන් පස්සට සිද්ධ වෙනවා.

    yaRHbgP.jpg

    ඔය විදියට පේලියේ හිටිය කකුළුවෝ ඔක්කොටම අලුත් පිටකටුවක් ලැබෙනවා.පේළියේ අන්තිමට අලුතෙන් ලොකු සයිස් කකුළුවෙක් එහෙම ආවොත් මේ වැඩේ ගැස්සෙන්නත් පුලුවන්.පේළිය පැනලා අන්තිමට වලිත් යනවා.මිනිස්සු වගේ තමයි ඉතින්.

    මේ තියෙන්න ඔය සිද්ධිය හරි අපූරුවට විස්තර කරලා..

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344

    මෙන්න පෝස්ට්
    පට්ට පට්ට