තවමත් කඩේ යන හඳුනාගත් බෛ ජීවිත
1. පතිරණ type බෛයා
" පෙට්‍රල් 300 වුනත් අපි ස'ට,
ලෝකේ හැමතැනම කරන්ට් කපනවා,
මුළු ලෝකෙටම ව්‍යසනයක් තියෙනවා,
කන්න නැතත් ඉන්න රටක් තියෙනවා " වැනි රුවන්වැකි කියන්නේ මේ ටයිප් බෛයන්ය. සුදු හුණු ගෑමේ අති දක්ෂයින් ය.
2. කළගුණ බෛයා
30 වසරක කුරිරු යුද්ධයෙන් 2009දී රට මුදාගත් මහින්ද මහත්තයාට ගරු කිරීමක් ලෙස 2065දීත් මහින්ද මහත්තයාගේ් මුණුබුරාට පවා ඡන්දය පාවිච්චි කරන බෛයෙකි. රටේ යහපතට වඩා කෙලෙහිගුණ සැලකීම උතුම් කොට සලකයි.
3. දාර්ශනික බෛයා
රටක සාර්ථකත්වය පොදු ජනතාව මත රඳා පවතින්නක් බව නිතරම උලුප්පා දක්වයි. මිනිසෙකු ටොපී කොලයක් බිම දමා යන post එකක් ආධාරයෙන් මේ රට විනාශ කරන්නේ පොදු ජනතාව බව highlight කර, එනයින් බෛ පක්ෂය විසින් රටේ කිසිදු විනාශයක් සිදු නොකරන බවටත් තර්ක කරති. රට හදන්න කලින් තමන් හැදිය යුතු බවත්, ඔබ ටොපී කොලයක් බිම දමන්නේ නම් ආණ්ඩුවේ වංචා දූෂණ පිලිබඳ කතා කිරීමට අයිතියක් නැති බවටත් තර්ක ගොඩනගති.
4. විකල්පless බෛයා
මේ රට ගොඩනැගීමට වෙනත් කිසිදු විකල්පයක් නැති බවට තර්ක කරන බෛයා ය. ස' fail නිසා වෙනත් කිසිදු අයෙකුට pass විය නොහැකි බවට තරයේ විශ්වාස කරයි. වෙනත් විකල්පවල අඩුපාඩු නිතරම දකියි. "කවුරු ආවත් ඔච්චරයි" වාක්‍යය නිරතම ජප කරයි.
5. ජෙප්පො ඇලජික් බෛයා
88/89 කාලයේ ආච්චිගේ නැතිවූ හැඳුනුම්පත ගැන තවදුරටත් කම්පාවෙන් ජීවත් වේ. පවතින විදුලි අර්බුදයට මුල වසර 30කට පෙර ජෙප්පන් විසින් ට්‍රාන්ස්පෝමර් ගිනි තැබීම බව තරයේ විශ්වාස කරයි.
තවද 88/89දී වැඩිපුරම අපහසුතාවයට ලක්වී ඇති බහුතරයක් බෛයන් 1990න් පසු උපත ලද අය වීමද විශේෂත්වයකි.
ඉතින්,
ඔය ආකාර 5න්ම ඉන්නේ තඩි බෛයො.



ඔයාලගෙත් listවල ඇති.
ඔය කියපු නිර්ණායක එක්ක හඳුනාගන්න අමාරු වෙන එකක් නෑ.
තව දන්න ආකාර තියෙනවානම් කොටන් යන්න.

- ගිහාන් මායාදුන්න -