මැයි 9 පොහොට්ටු මැරයො ගෝටාගෝගමට ගැහුවම අනෙක් පැත්තට ඔටෝ ආව ප්‍රතිප්‍රහාරය ආශ්චර්යයක්. කොහෙත්ම පුරෝකථනය කල නොහැකි දෙයක්. දේශපාලකයන්ට තමන්ට ඕන ඕන පිස්සු කෙලලා යහතින් ඉන්න බැරි බව පොලොවෙ යතාර්ථයක් විදිහට පිහිටවුනෙ උන්ගෙ ගෙවල් ගිනිගැනීමෙන්. කපුටු තටු එල්ලන්න තර්ජනය කරපු, රට බංකොලොත් වෙනකොට පාරවල් හදන්න බජට් එකෙන් සල්ලි වෙන්කරගත්තු ජොන්ස්ටන්ලාගෙ රැස් බැස්සෙ එහෙම.
ඊයෙ වෙච්ච සිද්ධිය ආයෙත් ආශ්චර්‍යයක් තමයි. මිනිස්සු කීයක් ආවද කියල දන්නෙ නැති වුනත් ගෙදරින් එලියට බැහැගන්න අමාරු වෙලාවල කිලෝමීටර් සිය ගණන් සමහරු පයින්, බයිසිකලෙන්, ලොරියෙන්, ට්‍රේන් බලෙන් අරගෙන, කන්ටේනර්වලින් අමාරුවෙන් එනකොට ඒ එන්නෙ සටන් පාඨයක් දෙකක් කියල ආයෙ සතුටෙන් විසිර ගිහිං හවසට රන් දෙපැය බලන්න නෙමෙයි බව පැහැදිලි වෙන්න එපැයි. ඒකෙදි රටේ ජනාධිපති අගමැති ඉල්ලා අස්වෙන තැනටම වැඩේ එනව.
ඒ වුනාට වැඩේ ඉවර නෑනෙ.
මේක ඉවර වෙන්න ඕනෙ. මුන්ට ඉල්ලා අස්වෙන්න 13 වෙනකං ඉන්න ඕනෙ මොකද නැකතටද දන්නෙ නෑ ඒකත් කරන්න ඕනෙ. මේ යන්නෙ කල් මැරීමේ සුපුරුදු උපක්‍රමය. පාර්ලිමේන්තුව වටලලා තියෙද්දිත් මුං කරේ නියෝජ්‍ය කතානායක තේරීම. පහුගිය මාස දෙකේ රනිල් කරෙත් මේක. මෙයාලට වෙන කිසිවක් කල නොහැකියි ඒත් හදාගත්ත පැල දාලා යන්නත් අමාරුයි.
රනිල්ගෙ ගෙදර ගිනි තිබ්බෙ අරගලයෙ කොටස්කාරයො කියල (ඇත්ත එහෙම නොවෙන්න පුළුවන් වුනත්) අපි පිළිගන්න ඕනෙ. යකෝ ලක්ෂ ගාණක් මිනිස්සු ඇවිත් ඉමෝෂන්ස් පැෂන්ස් නහුතෙට නැගලා, ඒ මදිවට සෙට් පිටින් හවසට බොන එකෙත් ඔහොම එක සිද්ධියක් විතරක් වෙලා ඕක ඉවර වීම මාර සීන් එකක්. ලංකාවෙ සාමාන්‍යෙන් වැඩ වෙන හැටියට අන්-රියලිස්ටික් ලෙවල් එකේ සාමූහික විනයක් ඒක. රනිල් කියන්නෙ ලංකාවෙ මෑත හිටපු විනාශකාරීම දේශපාලකයො තුන්කට්ටුවෙන් කෙනෙක්. ඌ ඉතිහාසෙ කල කී දේවල් ලිස්ට් එක අරගෙන බැලුවම තේරෙනව ඒක.
මැයි නවවෙනිදා ආව රැල්ල රනිලා අගමැති වෙලා ගෲෂාවෙක් ගැන කියල නිවල දැම්මා. ඒ වෙලාවෙ ප්‍රතිප්‍රහාරය එල්ල කල මිනිස්සු අද හිරේ. ඒකයි රනිලගෙ කාර්‍යභාරය. ජුලි නවවෙනිදා ආව රැල්ල රනිලගෙ ගේ ගිනිතිබ්බ එකෙන් නිවන්න තමා දැන් ප්ලෑන් එක. උගෙ ගේ ගිනිගත්ත දුමාරෙ වැදිලා හොටු පෙර පෙර අඬන උන්ට නම් කියන්න තියෙන්නෙ මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඕක නෙමෙයි.
රටේ මිනිස්සුන්ගෙ බලය භෞතිකව පෙනී සිටින අවස්තාවක් මේක. මේක සාර්ථකව කෙලවර වෙන්න ඕනෙ ඒකෙ ප්‍රකාශිත අවම අරමුණු හෝ ඉෂ්ට කරගෙන (ගෝටා රනිල් ගෙදර යාම). නැත්තං අපිට ආයෙත් වෙන්නෙ මුන්ගෙ රජවාසල කවටකම් පිහි ඇනීම් බෙලි කැපීම් ප්‍රේක්ෂකයො වගෙ ආයෙ බලාගෙන ඉඳල තව මාසෙකින් ලොරි වල එල්ලිල කොළඹට බඩගාන්න.
ගෝඨා අස්වෙනව කිව්වට ඇත්තටම කිසිවක් හරියාකාරව කියල නෑ. කථානායකගෙ ලියුමෙ ගොඩක් අවුල් සහගත තැන් තියෙනව. මම හිතන්නෙ තාම අයින් වීම ගැන ගෝඨ අතීරණෙන් ඉන්නෙ. තව පැය 72 ට වඩා තියෙනව පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දෙන්න. අයින් වෙනකම් මිනිස්සු එහෙ මෙහෙ වෙන එක ගැන නැවත වරක් හිතන්න ඕනෙ. කොළඹ අවට පදිංචි උන්ට තමයි ඇදගෙන යන්න වෙන්නෙ.
කලින් ප්‍රොටෙස්ට් අවසානයෙදිත් ඔය වගේම good cop bad cop ලයින් දුන්න නේද. මිනිස්සු එපා වෙලා ගෙවල් වලට ගියායින් පස්සෙ ආපහු සුපුරුදු සෙල්ලම.
ගෝඨා ඇත්තටම අයින් උනත් එතනින් එහා ඇක්ටින් පීරියඩ් එකෙන් පස්සෙ ජනාධිපතිවරයෙක්ව පත් කරගැනීමෙදි කැන්ඩිඩේට්ස්ල කීප දෙනෙක් ඉදිරිපත් උනොත් පාර්ලිමේන්තුව සීක්‍රට් බැලට් එකකින් නව ජනාධිපතිවරයෙක් පත් කරගන්නව. එතනදි ආපහු මැන්ඩේට් එකේ වැඩි බරක් ලැබෙන්නෙ පොහොට්ටුවටමයි. මේ අධික කුටික පාර්ලිමේන්තුව ලෙවල් කරගෙන වැඩ කරන් යාම තමා ඇත්ත අභියෝගය. ජනතාව එකතු වෙලා ගෝඨගෙන් රට බේරගන්න එක කරාට පස්සෙ එකී ජනතාවගෙන් රට බේරගන්න ක්‍රමවේදයකුත් ඕනෙ. අරගලය තියෙන්නෙ නායකයොන්ට එරෙහිව වගේම ජනතාවටත් එරෙහිව.
කෙසේ වෙතත් තව මාස කීපයක් නායකයෙක් පිළිබඳ මේ ඩිස්කෝර්ස් එක පවත්වගෙන යන්න වෙනව. පිං නායකයොන්ට ආපහු රටවල් දෙන්න උවමනා නැහැ.

Last edited: