තායිලන්තයට ජනමාධ්‍යවේදීන් අවශ්‍යයි...!!!

applekukka

Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    තායිලන්තයට ජනමාධ්‍යවේදීන් අවශ්‍යයි...!!!

    ගුහාවක හිරවුණු ළමුන් පිරිසක් බේරාගැනීමේ දැවැන්ත මෙහෙයුමක් දැන් අද දක්වාම තායිලන්තයේ ක්‍රියාත්මක වෙමින් පවතී. එය මෙතෙක් ලොව ක්‍රියාත්මක කෙරුණු අසීරුම හා බිහිසුණුම ගලවාගැනීමේ මෙහෙයුම විය හැකියැයි තතු දන්නෝ කියති. මේ මෙහයුමට දායකත්වය දුන් නිලධාරියකු සිය ජීවිතයෙන් සමුගත්තේ මෙහෙයුමට සහභාගී වී සිටිය දී ය.
    එසේ වුව ද තායිලන්තයේ මාධ්‍ය මේ මෙහෙයුම වාර්තා කළ යුතු ආකාරය දන්නේ නැත.
    1. ඔවුන් දරුවන්ගේ දෙමාපියන් අඬා වැටෙන අයුරු පෙන්වන්නේ නැත
    2. මියගිය නිලධාරියාගේ පවුලේ අය කියන දේ සහ අවසන් කටයුතු කරන නිවසට රටේ නායකයන් ගිය ආකාරය පෙන්වන්නේ නැත.
    3. ඒ රටේ කිසිම මාධ්‍යවේදියකු මෙතෙක් මෙහෙයුමට සම්බන්ධ වී ගුහාව තුළට ගොස් නැත.
    4. ගුහා විවරයේ සිට ඇතුලට යන්නට මාධ්‍යවේදීන් පොරකන බවක් පෙනෙන්නට නැත.
    5. තායිලන්ත විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් ඉන්ටර්විව් කර නැත.
    6. කොමිසමක් පත්කරන්නේ නැද්දැයි ජනමාධ්‍ය තායිලන්ත රජයෙන් මෙතෙක් ප්‍රශ්න කර නැත.
    7. තායිලන්තයේ බෝධි පූජා ආශිර්වාද පූජා කරන ආකාරය මෙතෙක් මාධ්‍ය මගින් පෙන්වා නැත
    8. දරුවන් හිරවීමේ වගකීම රටේ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයා පවරා නැත
    9. පුහුණුකරුගේ නිවස කුඩුකරනවා පෙන්වා නැත
    10.රටේ ජනාධිපතිවරයාගෙන් මින් පසු පාසල් ක්‍රීඩකයන්ට කෝච් සමග යන ඒන ගමන් තහනම් කරනවාදැයි අසා නැත
    11. ගුප්තවිද්‍යාචාරීන් හා නක්ෂත්‍රකරුවන් ගෙන්වා දරුවන් බේරාගන්නා දිනය අසමින් සජීවී රූපවාහිනී වැඩසටහන් පවත්වා නැත
    12. ගුහාව තුළට යන්නට දෙන්නේ නැතැයි තායිලන්තයේ මාධ්‍යවේදින ජනමාධ්‍ය නිදහස ඉල්ලා උද්ඝෝෂණ කර නැත.
    13. ඉදිරියේ දී ගුහාතුලට යන ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මාධ්‍ය සංවිධාන ආරක්ෂක උපකරණ බෙදා ෆේස්බුක් අප්ඩේට් දමා නැත

    තායිලන්තයේ ජනමාධ්‍යවේදීන්ට මෙවන් අවස්ථාවක් වාර්තාකරන ආකාරය කියා දීමට අපේ රටේ මාධ්‍යවේදීන් රැසක් වහාම තායිලන්තයට යැවීමට අවශ්‍යව ඇත.
    (මේ සිද්ධියේ දී තායිලන්ත මාධ්‍ය හැසිරෙන ආකාරය අපේ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට ආදර්ශයක් වේවා !)

    Facebook.com
     
    Last edited:
    • Like
    Reactions: SadSandun