තායිලන්ත සංචාරයේ අත්දැකීම්
අපි කීපදෙනෙක් පුහුණුවක් සඳහා තායිලන්තයේ දින 12 ක සංචාරයකට ගියා. ඒකෙදි අත්විදපු අත්දැකීම් ටිකක් ඔයාල එක්ක බෙදා ගන්නයි මේක ලියන්නේ.
පරිසරය
තායිලන්තයේ වටපිටාව හරිම ලස්සනට හදල තියනවා. පාර දෙපැත්තෙම ලස්සනට ගස් වවල ඒවා කප්පාදු කරල හොදට නඩත්තු කරනවා. තායිලන්ත අග නගරය වන බැංකොක්වල තට්ටු ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් තියනවා. බැලූ බැලූ අත ගොඩනැගිලි. එම නගරයෙන් උපයන අතිවිශාල ආදායමෙන් තමයි රටටම දුවන්නේ. අනෙක් පළාත් සාමාන්‍ය කාෂිකාර්මික නගර විදිහට තියනවා.
අවංකකම හා ආචාරශීලී බව
තායිලන්ත ජාතිකයන් හරිම ආචාරශිලීයි. ඒවගේම අවංකයි. අනෙත් අයත් අවංකයි කියල ඒ අය විශ්වාස කරනවා. හොදම උදාහරණය තමයි සාප්පුවකට යන කොට ගමන්මළු කවුන්ටර්වල තියල යන්න ඕනෙ නෑ. අපි බඩු තෝරණ විට සේවකයන් පස්සෙන් කැරකෙන්නෙත් නෑ. අපට ඕනෙ විදිහට බඩු තෝරගෙන කවුන්ටරයට මුදල් ගෙවල ගන්නයි තියෙන්නේ. කවුන්ටර් තියෙන්නේ ගොඩක් ඈතින්. අපට ඕනෙ නම් බලල මොකුත් ගන්නේ නැතුව යන්නත් පුළුවන්. අපි වංචාවක් කරන්නේ නෑ කියල එයාල විශ්වාස කරනවා. විශාල සාප්පු සංකිර්ණවල CCTV කැමරා හයි කරල තියනවා. ඒත් එයාල ඒවා දිහා බලාගෙන ඉන්නේ නෑ. Phone එකේ හරි computer ගේමක් හරි play කරමින් ඉන්නවා. ඊලග වැදගත්ම දේ තමයි. ඉතිරි සල්ලි දෙන එක. ලංකාවේ වගේ නෙමෙයි. අන්තිම බාත් එකටම ගනන් බේරනවා. උදා. ටැක්සියකට බාත් 39 ක් බිල ගෙවන්න උනොත් බාත් 40 ක් දුන්නහම ඉතිරි බාත් එක ආපසු දෙනවා. සාප්පුවලත් එහෙමම තමයි.
ප්‍රවාහනය
ගමන් බිමන් සඳහා බෝට්ටු, ටැක්සි, බස් හා ට්‍රේන් යොදා ගන්නවා. අපි නැවතිල හිටියේ බැංකොක්වල හෝටලයක. එතන ඉදල ඇල මාර්ග දිගේ පට්නම්වලට ෂොපින් යන්න බෝට්ටු සේවයක් තියනවා. සුළු ගමන් ගාස්තුවක් තමයි ගන්නේ. ඒවායේ ටිකට් කඩන්නේ ගෑනු අය. විනාඩි 10 න් 10 ට දෙපැත්තටම බෝට්ටු යනවා.
ටැක්සිවලට තියෙන්නේ AC කරපු හොදම වාහන. එකක 4 දෙනෙක් යන්න පුළුවන්. ඒකෙත් අය කරන්නේ 4 දෙනෙක් බස් එකෙන් යන්න යන ගමන් ගාස්තුවම තමයි. විනාඩියක් දෙකක් ඇතුළත ටැක්සියක් හොයා ගන්න පුලුවන්. කොයිවෙලේත් පාරේ එහාට මෙහාට යනවා. ඒවායේ සෙනග යන්නේ නැති වෙලාවට රතු ලයිට් එකක් දාගෙන යනවා. එතකොට පහසුවෙන් හොයා ගන්න පුළුවන්.
පාරවල් නම් කරල තියෙන්නේ අපූරු ක්‍රමයකට. අපේ ගෙවල්වලට වගේ පාරවල්වලටත් නොම්බරයක් තියනවා. ඊට පස්සේ තමයි නම ගහල තියෙන්නේ. ඒනිසා හොයා ගන්න ලේසියි.
පාරේ ලොකු ටැෆික් එකක් තියනවා . ඒ වුනාට කව්රුවත් හෝන් ගහල කලබල කරන්නේ නෑ හැම වෙලාවෙම gap එකක් තියාගෙන තමයි යන්නේ. අපි හිටපු දවස් 12 ටම එකම හෝන් සද්දයක්වත් ඇහුනේ නෑ.
භාෂාව
තායිලන්තේ පාවිච්චි කරන්නේ තායි භාෂාව. ඉංග්‍රීසිවලට ලොකු තැනක් නෑ. ගොඩක් දෙනෙක් ඉංග්‍රීසි දන්නෙත් නෑ.
කෙටියෙන් තමයි ලිව්වේ. ඒත් විස්තර දිග වැඩි වුනාද දන්නේ නෑ.

Last edited: