එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි තාලපුට නම් නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්ස්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “වහන්ස, යම් ඒ නළුවෙක් රඟ මැද, නැටුම් මැද, ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයා සතුටු කරවා ද, ඇලුම් කරවා ද, හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’යි. මෙය මා විසින් පෙර විසූ ඇජර පැජර නළුවන් කියද්දී අසන ලදී. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සෙක් දැ?” යි.
“ගාමිණී, කම් නැත. මෙය තිබේ වා. මෙය නහමක් මා පුළුවුස්ව” යි. දෙවන වටදු තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “වහන්ස, යම් ඒ නළුවෙක් රඟ මැද, නැටුම් මැද, ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයා සතුටු කරවා ද, ඇලුම් කරවා ද, හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’යි. මෙය මා විසින් පෙර විසූ ඇජර පැජර නළුවන් කියද්දී අසන ලදි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සෙක් දැ?” යි. “ගාමිණී, කම් නැත මෙය තිබේ වා. මෙය නහමක් මා පුළුවුස්ව” යි. තෙවන වට දු තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “වහන්ස, යම් ඒ නළුවෙක් රඟ මැද, නැටුම් මැද, සැබෑවෙනුත් බොරුවෙනුත් ජනයා සිනා ගන්වා ද, ඇලුම් කරවා ද, හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’යි. මෙය මා විසින් පෙර විසූ ඇජර පැජර නළුවන් කියද්දී අසන ලදි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සෙක් දැ?” යි.
ගාමණී මම "ගාමණී, කම් නැත, මෙය තිබේවා. මෙය නහමක් මා පුළුවුස් ව” යි තොපගෙන් ඒකාන්තයෙන් නො ලබමි. යලිදු තොපට මම විසඳන්නෙමි. ගාමිණී, පෙර සත්ත්වයෝ නො පහ වූ රාග ඇතියහ. රාග බැඳුමෙන් බැඳුණාහ. ඔවුන්ට නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු ඇලුම් කටයුත්තාහු නම්, ඔවුන් බෙහෙවින් රාග සහිත වීම පිණිස එළවා දක්ව යි. ගාමිණී, පෙර සත්ත්වයෝ නො පහ වූ දෝස ඇතියහ. දෝස බැඳුමින් බැඳුණහ. ඔවුන්ට නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු දෝසයට කරුණු වෙති නම් ඔවුන් බෙහෙවින් දෝස සහිත වීම පිණිස එලවා දක්වයි. ගාමිණී, පෙර සත්ත්වයෝ නො පහ වූ මෝහ ඇතියහ. මෝහ බැඳමෙන් බැඳුණහ. ඔවුන්ට නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු මෝහයට කරුණු වෙත් නම් ඔවුන් බෙහෙවින් මෝහ සහිත වීම පිණිස එලවා දක්වයි.
හේ තෙමේ මත් වූයේ පමා වූයේ මෙරමා මත් කරවා පමා කරවා කාබුන් මරණින් මතු පහාස නම් නිරයෙක් වේ නම් එහි උප දී. ඉදින් ඔහුට “යම් ඒ නළුවෙක් රඟ මැද නැටුම් මැද සැබෑවෙනුත් බොරුවෙනුත් ජනයා සිනා ගන්වා ද ඇලුම් කරවා ද හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස නම් දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය” යි මෙබඳු දිටෙක් වේ නම් ඒ ඔහුගේ මිසදිටු වේ. ගාමිණී, මිසදිටු ගත් පුරිස පුඟුල්හට නිරය හෝ තිරිසන් යෝනිය හෝ දෙගති අතුරෙන් එක්තරා ගතියක් කියමි යි.
මෙසේ වදාළ කල්හි තාලපුට නටගාමිණී තෙමේ හැඬී ය. කඳුලු හෙළී ය. ගාමිණී මම “ගාමිණී, කම් නැත මෙය තිබේවා, මෙය නහමක් මා පුළුවුස්ව” යි මෙය තොපගෙන් නො ලදිමි.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට යමක් වදාළ සේක් නම් මේ ගැන මම නො හඬමි. වහන්ස, වැලිදු ‘යම් ඒ නළුවෙක් රඟ මැද නැටුම් මැද සැබෑවෙනුත් බොරුවෙනුත් ජනයා සිනා ගන්වා ද ඇලුම් කරවා ද හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි පෙර විසූ ඇජර පැජර නළුවන් විසින් මම දිගුකලක් මුළුල්ලෙහි මුළා කරන ලද්දෙමි. රවටන ලද්දෙමි. වරද්දන ලද්දෙමි.
වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. වහන්ස යම් සේ යටිකුරු වූවක් හෝ උඩුකුරු කරන්නේ ද, වැසුණු දෙයක් හෝ වැසුම් හරින්නේ ද, මංමුළා වූවකුට හෝ මඟ කියා දෙන්නේ ද, ඇස් ඇත්තෝ රූ දකින්නාහ යි අඳුරෙහි හෝ තෙල් පහනක් දරන්නේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් නයින් දහම් පවසන ලදි. වහන්ස, මේ මම භාග්‍යවතුන් වහන්සේත්, දහමත්, බික් සඟනත් සරණ යෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ලඟ පැවිද්ද ලබන්නෙමි. උපසපුව ලබන්නෙමි යි. තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ ලඟ පැවිද්ද ලදි. උපසපුව ලදි. උපසපන් වූ නොබෝ කල් ඇති ආයුෂ්මත් තාලපුට තෙරණුවෝ එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නාහු ... ආයුෂ්මත් තාලපුට තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ යි.