තැන්පතුකරුවන් රවටා මූල්‍ය ආයතනයක ලොක්කා පැන යයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    තැන්පතුකරුවන් රවටා මූල්‍ය ආයතනයක ලොක්කා පැන යයි

    තැන්පතුකරුවන් රවටා මූල්‍ය ආයතනයක ලොක්කා පැන යයි​

    July 27, 2023 08:55 pm







    කුරුණෑගල පිහිටි ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් නම් මූල්‍ය ආයතනය මගින් වෛද්‍යවරුන් හා විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් 8,000ගෙන් පමණ රුපියල් කෝටි 990ක මුදලක් වංචා කර ඇතැයි මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අනාවරණ කරගෙන තිබේ.
    මේ වනවිට එහි හිමිකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අදාළ කොට්ඨාසය අනාවරණ කරගෙන ඇත්තේ වෛද්‍යවරුන් හා විශ්‍රාමික හමුදා සෙබළුන් රැසක් මෙම ජාවාරමට හසුවී ඇති බවය.
    එමෙන්ම අදාළ මූල්‍ය සමාගම මගින් වංචාකර ඇති මුදල රුපියල් කෝටි 990ක් පමණ වන බවද මේ වනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත.
    අදාළ සමාගම ආරම්භයේදී මසකට සියයට 6ක පොලියක් ලබාදී ඇති අතර පසුව එම පොලී මුදල් ලබාදීම පැහැර හැර තිබේ.
    මේ වනවිට එය මහ බැංකුව මගින් තහනම් කර ඇති අතර අනතුරුව එහි අධ්‍යක්ෂවරයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.
    ඒ පිළිබඳව විමසීම සඳහා තැන්පත්කරුවන් අදාළ පුද්ගලයාගේ නිවසට ගොස් ඇති අවස්ථාවලදී එහි සිටි ඔහුගේ ආරක්ෂකයින් තමන්ට තර්ජනය කළ බව තැන්පත්කරුවන් පවසයි.
    තවත් විශ්‍රාමික හමුදා සෙබළෙකු එහි කළමනාකරු ලෙස කටයුතු කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකය.
    එමෙන්ම තැන්පත්කරුවන් තැන්පත් කළ මුදල්වලින් අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයා කුරුණෑගල වැව රවුමේ ඇතුළු ප්‍රදේශ රැසක සුඛෝපභෝගී නිවාස හා ඉඩම් මිලදීගෙන ඇති බව සිදුකළ විමර්ශනවලදී පොලීසිය අනාවරණ කරගෙන තිබේ.
    ඒ අනුව විමර්ශන නිලධාරීන් මේ වනවිට ඔහුට විදෙස් ගමන් තහනමක්ද අධිකරණය මගින් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඉයෝව් ඉයෝව් 🫢🫢

    මේ වනවිට එය මහ බැංකුව මගින් තහනම් කර ඇති අතර

    මහ බැංකු හොරා පොනිල්ගෙ කොටස හම්බවෙන්න ඇති. ඊට පස්සෙ බයියන්ව චූන් කරන්න බොරුවට තහනං කරනවා. 😂😂
    ------ Post added on Jul 28, 2023 at 6:07 AM
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    හෙට අලුත් එකක් දැම්මත් ආයේ සිංහලු අහුවෙනවා. දැන් කොයි කාලේ ඉදන්ද මේවගේ ඒවා වෙන්නේ. තාම පාඩමක් ඉගෙන ගෙන නැ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    හෙට අලුත් එකක් දැම්මත් ආයේ සිංහලු අහුවෙනවා. දැන් කොයි කාලේ ඉදන්ද මේවගේ ඒවා වෙන්නේ. තාම පාඩමක් ඉගෙන ගෙන නැ.
    මේ රටේ ඉන්න බහුතරයක් පල් බූරුවන්ට් ඕනෙ මහන්සි වෙන්නේ නැතුව එක රැයෙන් සල්ලි හම්බ කරන්න. කැපවීමක් කරලා කාලයක් වැය කරලා ස්කිල් එකක් හදාගෙන සල්ලි හම්බ කරන්න කැමති එවුන් ඉන්නේ අතලොස්සයි. ඉතින් ගිහිල්ලා තැන් තැන් වල සල්ලි මවලා දෙනවා කියන උන්ට අතේ තියෙන සේසතම පූජා කරනවා. ඊටපස්සෙ ලජ්ජාවට ඒක කියන්නෙත් නෑ. අහු උනා කියලා පිලිගන්න කැමතිත් නෑ. ආයෙම ඒ වගේ හොරෙකුට අහුවෙනවා. මෝඩ හැත්ත.

    බලපන් ඔය රට යන එක උනත් හරි පාරෙ මහන්සි වෙලා යන්න හ්දන එවුන් අඩුයි. ගොඩක් එවුන් හදන්නෙ හොර පාරෙ යන්න.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    මේ රටේ ඉන්න බහුතරයක් පල් බූරුවන්ට් ඕනෙ මහන්සි වෙන්නේ නැතුව එක රැයෙන් සල්ලි හම්බ කරන්න. කැපවීමක් කරලා කාලයක් වැය කරලා ස්කිල් එකක් හදාගෙන සල්ලි හම්බ කරන්න කැමති එවුන් ඉන්නේ අතලොස්සයි. ඉතින් ගිහිල්ලා තැන් තැන් වල සල්ලි මවලා දෙනවා කියන උන්ට අතේ තියෙන සේසතම පූජා කරනවා. ඊටපස්සෙ ලජ්ජාවට ඒක කියන්නෙත් නෑ. අහු උනා කියලා පිලිගන්න කැමතිත් නෑ. ආයෙම ඒ වගේ හොරෙකුට අහුවෙනවා. මෝඩ හැත්ත.

    බලපන් ඔය රට යන එක උනත් හරි පාරෙ මහන්සි වෙලා යන්න හ්දන එවුන් අඩුයි. ගොඩක් එවුන් හදන්නෙ හොර පාරෙ යන්න.
    සිරාවට, වෙන රටවල මේවගේ පොලි දෙන්නේ නැ, උපරිම 3%, 4% වගේ එකත් FD දැම්මොත් විතරයි. උන් බලන්නෙම මොනවා හරි business එකකට දාලා profit එකක් ගන්න. ලංකාවේ අය ගෙදර ඉදන් සල්ලි ඩබල් කරන්න බලනවා. අනික 20% 30% පොලි දෙනවා කියන්නේ උන් ඊට වැඩිය රේට් එකකට ඉන්වෙස්ට් කරන්න ඕනෙනේ. අපේ උන්ට ඔය සරල දේ තේරෙන්නේ නැ.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Mehemaye wenne mulin owaye dana unta salli gewanawa hariyata ethin un e hambawena ewagen gon part dada pampori gagaha ranganawa ethin meka balan enna unta enna baruwa thamange thiyena sesathama owaye danawa anna ethakota badu finish arun salli aran paninawa.Godak welawata owata muinma ahuwena un yantham salli tikawath beragannwa but athi labayak na.Ara passe ahuwena unta nam sathayak na.
     

    Similar threads