තැපෑල ස්කෑන් කෙරේ
තැපෑල මඟින් හුවමාරු කෙරෙන සියලූ පාර්සල් ස්කෑන් පරීක්ෂාවකට ලක්කිරීම සඳහා පහසුකම් සංවර්ධනය කිරීමට තැපැල් සේවා අමාත්‍යංශ්‍ය තීරණය කර තිබෙනවා. මත්කුඩු හෝ වෙනත් නීති විරෝධී ද්‍රව්‍ය තැපෑල මඟින් හුවමාරු කිරීම වළක්වාලීම එහි අපේක්ෂාවයි. රංගන ශිල්පිණියක වන ඇන්ජලා සෙනෙවිරත්න මහත්මියගේ නමට තැපෑලෙන් ලැබුණු පාර්සල් කිහිපයක තිබී ඉකුත් දා මත්කුඩු සොයා ගැනුණා. එවැනි දේ නැවත නැවතත් සිදුවීම වළක්වාලීමට කුමක් කළ යුතුදැයි ඊයේ සාකච්ඡාවක් පැවති බවයි තැපැල් සේවා අමාත්‍යංශය පවසන්නේ. තැපෑලට භාරදෙන සෑම පාර්සලයකටම හා ලිපියකටම කේත අංකයක් ලබාදීමටද එහිදී තීරණය කර තිබෙනවා. එලෙස ලබාදෙන කේත අංකය පරිඝනක ගත කෙරෙන අතර එමඟින් අදාළ පාර්සලය හෝ ලිපිය කුමන ස්ථානයක තිබේදැයි හඳුනාගත හැකියි.
මේ අතර ඇන්ජලා සෙනෙවිරත්න මහත්මියගෙන් ඊයේ සවස පැය 03 ක් පමණ ප්‍රශ්න කළ බව පොලීසිය පවසනවා. අත්සන් සැසදීමක්ද සිදුකළ බවයි පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ. එහෙත්, මත්කුඩු ජාවාරමට ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය සෘජු ලෙස සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නැහැ.
dan ebay walin badu genath hamarai wage

දෑන් යමන්කො ගේන්න... 